කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොවපුරා වසංගතයක් බවට පත්ව ඇති අවස්ථාවේ ඊට අවශ්‍ය මුහුණදීමට පොදු වැඩපිළිවෙළක් අවධාරණය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ ලිපිය තුළ එජාප නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්තියත් එළැඹෙන මැතිවරණ සමය සහ ඒ සමඟ එන සිංහල හින්දු අලුත් අවුරුදු සමය, පාස්කු සහ රාමසාන් ආදී උත්සව සමයක් වීමත් තුළ රාජ්‍ය - පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මෙන්ම සියළු ජනතාව පීඩාවට පත්වනු ඇති බවය.
එබැවින් සියළු දේශපාලන පක්ෂ නායකයන් සහ අදාළ ආයතන මෙන්ම අධිකාරීන් කැඳවා යෝජනා අදහස් ලබාගෙන කාටත් පිළිගත හැකි වැඩපිළිවෙළක් සැකසීම එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ යෝජනාව වී තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

රනිල් මැකෝටත් ලියයි !
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙතද එඑජාප නායකයා ලිපියක් යොමුකර ඇත.
එහිදී එජාප නායකයා පවසා ඇත්තේ රට තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වය හමුවේ එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසම ගැනීමට නියමිත සහ නිකුත් කිරීමට අපේක්ෂිත පියවර සම්බන්ධව දැනුවත් කරන ලෙසය.
හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසම වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.


