නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීම සඳහා ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් සියළු දෙනාට මුහුණු ආවරණ ලබාදීමට කටයුතු කරන ලෙස සමස්ථ ලංකා ප්රවාහන සේවක සංගමය විෂය භාර අමාත්‍යවරයා වෙතින් ඉල්ලා ඇත.
සමස්ථ ලංකා ප්රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ ගේ අත්සනින් යුතුව මේ ලිපිය අද (15) විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමුකර ඇති අතර එහි පිටපත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති , ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත වෙත මෙන්ම අනෙක් සියළු වෘත්තීය සමිති වෙතත් යොමුකර ඇත.
එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
ගරු ප‍්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා,
ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය,
7 වන මහළ, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
ගරු ඇමතිතුමනි,
මගී ජනතාවගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සියලූම රියදුරු කොන්දොස්තර මහතුන් හට මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
මේ මොහොත වන විට අප රට තුල උද්ගත වී ඇති කොරෝනා වසංගතය නිසා ජනතාව ඉමහත් අසීරුතාවයන්වලට පත්වී ඇත. ශ‍්‍රී ලංගම සේවය කරනු ලබන රියදුරු කොන්දොස්තර මහතුන් දෙපළ දිනකට 1000 කට වඩා ජනතාව සමග අනිවාර්යයෙන්ම ඇසුරු කිරීමට සිදුවේ. බස් රථවල ගමන් කරන මගීන් පිළිබඳව විධිමත් අවබෝධයක් නොමැති නිසා ශ‍්‍රී ලංගම සේවකයින් ආරක්‍ෂා කර ගැනීම අපගේ වගකීමකි.
ආරෝග්‍ය ශාලාවල සේවය කරනු ලබන බොහෝ සේවකයින් මුඛ ආවරණ පැළඳ සිටිමින් සේවය කරයි. ඒ හා සමානවම ශ‍්‍රී ලංගම බස් රථවල සේවය කරන රියදුරු කොන්දොස්තර මහතුන්ද විශාල සේවාවක් ඉටු කරයි.
ගරු ඇමතිතුමනි,
මගී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ශ‍්‍රී ලංගම සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහාත් ශ‍්‍රී ලංගම සියලූම රියදුරු කොන්දොස්තර මහතුන් හට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට - විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය

