රටම සෞඛ්‍යාරක්ෂිත කර මැතිවරණ පවත්වමු : සංඝරත්නය ජනාධිපතිට ලියා දන්වයි !

රටම සෞඛ්‍යාරක්ෂිත කර මැතිවරණ පවත්වමු : සංඝරත්නය ජනාධිපතිට ලියා දන්වයි !

දැනට කැදවා ඇති මහ මැතිවරණය කල් දමා රටම සෞඛ්‍ය ආරක්ෂිත රටක් බවට පත් කළ යුතු බව බුදුගල ජිනවංශ හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අවධාරණය කරයි.

ඒ "පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා රට සෞඛ්‍යාරක්ෂිත රටක් කර මැතිවරණවලට මුහුණ දෙමු" යන ශීර්ෂයෙන් යුතුව ලිපියක් යොමුකරමිනි.
නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර ඇති පසුබිමේ එය ලංකාව තුළ මැඩීමට අවශ්‍ය පියවර  සම්බන්ධව ද එහිදී අවධාරණය කර  ඇති අතර සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා ,
ජනාධිපති මන්දිරය,කොළඹ 01, 
ගරු ජනාධිපතිතුමනි,                                

පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා රට සෞඛ්‍යාරක්ෂිත රටක් කර මැතිවරණවලට මුහුණ දෙමු..රටේ මිලියන විසි දෙකක් පමණ ජනතාවගේ ආරක්ෂාව 69 ලක්ෂයක ජනතාවගේ වරමින් ඔබට භාරදී ඇත. ලෝකයේ රටවල් 154 ක්  දැනට කොරොනා රෝගයට  ගොදුරු වී ඇති අවස්ථාක මෙම දරුණ වසංගතය දුරු කිරීම සඳහා ලංකාව තුල සාර්ථක ක්‍රියාමාර්ගයක් තව දුරටත් ගත යුතුව ඇත.

ජාති, ආගම්, කුල, මල, ධනය, බලය, සහ දේශපාලන බේදයකින් තොරව ද, මෙම උවදුරට අප සැම මුහුණ දිය යුතු අවස්ථාවකි. දිනපතා කැබිනට් රැස්වීම් පවත්වමින් පාර්ලිමේන්තුව රැස් කර ප්‍රගතිය සමාලෝචනය කරමින් විපක්ෂයේ අදහස් ද රැගෙන එක මතයක සිට ක්‍රියා කිරිම ඉතා වැදගත්ය.

දැනට කැදවා ඇති මහ මැතිවරණය කල් දමා රටම සෞඛ්‍ය ආරක්ෂිත රටක් බවට පත් කළ යුතුය. මෙම උවදුර මැඩපැවැත්වීම සදහා ත්‍රිවිධ හමුදාව පමණක් නොව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ස්වෙච්ජා බලකායක් නිර්මාණය කර රටම නිරෝධායනයට සුදානම් කල යුතුය. දේශපාලන පක්ෂ වලට බලය ලබා ගැනීමට ඕනෑ  වුවද, ඊට ප්‍රථම රටේ මහජනතාගේ ජීවිතය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමකි.එම නිසා පහත සදහන් යෝජනා ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුවේ නිල කාලය මාස 06ක කාලයක් තිබියදී, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර, වහාම පාර්ලිමේන්තුව කැදවිය යුතුය.මාරාන්තික කොරෝනා වසංගත රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බැවින්, රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුය.තෙරුවන් සරණයි !

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න