සජිත් තීන්දුවක් ගනියි : නැවත දන්වන තුරු සමගි ජන බලවේගයේ රැස්වීම් අත්හිටුවයි !

සජිත් තීන්දුවක් ගනියි : නැවත දන්වන තුරු සමගි ජන බලවේගයේ රැස්වීම් අත්හිටුවයි !
රටේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුකොටගෙන නැවත දන්වන තුරු සියලු මහජන රැස්වීම් අත්හිටුවීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  තීරණය කොට තිබේ.
 
ඒ බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද (15) සිය ෆේස් බුක් පිටුවේ ද සටහනක් යොදවා තිබේ.
 
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
මීට සති පහකට පෙරාතුව චීනයේ වූහාන් වලින් කොරොනා ආසාදනය වාර්තා වන අවස්‍ථාවේදීම එහි අවදානම පිළිබදව එවකට විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් අවධාරණය කරනු ලැබීය . කෙසේ වෙතත් මේ වනවිට එකී තත්වය වෙමින් අපේ මව්බිමද අවදානමකට ලක්ව සිටී.
 
මේ අවස්‍ථාවේ සියල්ලට වඩා සමස්ත ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබාවය වෙනුවෙන් ගතහැකි සහ ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් නිදුක් නිරෝගී සුවපත් ශ්‍රීලංකාවක් වෙනුවෙන් සියලු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව එක්වීම අත්‍යාවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කරයි.

FB IMG 1584253242331

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න