Language Switcher

V2025

ලංකාව යන්නේ ඉතාලියට උඩින් : පමාවී ගන්න තීන්දු තීරණවල වගකීම ගන්නේ කවුද ? GOMA

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් - 19 වෛරසය නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනයවූවන් ගෙන් සියයට 4 ක් මිය යාමේ තත්ත්වයක් මේ වන විට පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ සම්බන්ධව අදහස් දැක්වූ අතර වෛරසය ව්‍යාප්තවීම හමුවේ කැපකිරීම් කිරීමට සිදුවිය  හැකි බවත් ඔවුන් පවසයි.
මේ වන විට වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීම සිදුවෙමින් ඇති බවත් එබැවින් එම ප්‍රමාණය කොළඹ කොපමණද හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශවල  කොපමණද යන්න පැවසිය නොහැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත් අලුත්ගේ පවසා සිටියේ වෛරසය පැතිර යන අවස්ථාවේ ප්‍රමාදවී ගනු ලබන තීන්දු තීරණවල  වගකීම ගන්නේ කවුද යන්න  ප්‍රශ්නයක් වී ඇති බවය.

මේ වන විට නිරෝධායනය කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථාන ආශ්‍රිතව අඩුපාඩු රැසක් ඇති බවත් වෛද්‍ය , හෙද සහ අනෙකුත් කාර්‍ය මණ්ඩල වලට අවශ්‍ය මුහුණු ආවරණ වල පවා හිඟයක් ඇති බවත් ඔහු පැවසීය.

මරාගෙන මැරෙන්න සූදානමින් මෙන් රෝගීන් බැලීමට යාමට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වෙත  නොහැකි බවත් ඔහු එහිදී  අවධාරණය කර සිටියේය.

" පෞද්ගලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ නැතුව රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමට ගොස් ඔවුන් ස්පර්ශ වුණොත් , ප්‍රතිකාර කිරීමට යාමට සිදුවුණහොත් ඒ වෛද්‍යවරයා, හෙදිය හෝ අනෙක් කනිෂ්ඨ නිලධාරීන් දවස් 14ක් නිවෙස් වල තබා නිරෝධායනය කරන්න වෙනවා. කවුද එතකොට ප්‍රතිකාර කරන්නේ ? ඒ නිසා දැන් ඉල්ලීම් කර කර ඉන්න එක ප්‍රමාණවත් නෑ . තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න ඕන.

ඉතාලියේ වෛරසය පැතිරීම සිදුවී දින 23ක් ගියා ඒ රට ලොක්ඩවුන් (lockdown) කරන්න. ආසාදනය ව්‍යාප්තිය අතින් ඉතාලියට උඩින් ලංකාව ඉන්නෙ. අපේ තවම දවස් 9යි.

ඉතාලිය ජනගහනයට අනූව ICU බෙඩ් වැඩිම රටක්. අපේ වගේ නෙවෙයි. එච්චර පහසුකම් ඇති ඉතාලියේ තත්ත්වය මෙහෙම නම් අපි කොහෙන් කෙළවර වෙයිද ?මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටවලට දැඩි අවධානම් නිවේදන නිකුත්කර තියෙන්නේ.

රටම ලොක්ඩවුන් කරන්න විදියක් නැත්නම් එය  කිරීමට පෙර අඩුගානේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ටික  හඳුනාගෙන ඒ ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න කියලා අපි ඉල්ලනවා.

කාර්‍ය  සාධක බලකායට  කියලා දෙන්න වුණෙත් ජනාධිපතිට !

මෙහිදී මාධ්‍ය ඇමතු නලින් සොයිසා වෛද්‍යවරයා කොවිඩ් - 19 න් රට බේරා ගැනීමේ කාර්‍ය සාධන බලකායේ කටයුතු විවේචනය කර සිටියේය. එහිදී ඔහු පවසා සිටියේ ගුවන් තොටුපළ වැසීමේ වැදගත් කම කාර්‍ය සාධක බලකායට පැහැදිලි කරන්න ජනාධිපති ගෝඨාභය ට සිදුවූ බවය.

එමෙන්ම දඹදිව සිට ඊයේ අළුයම මෙරටට   පැමිණි වන්දනා නඩය කිසිදු නිරෝධායනය කටකටයුත්තකට යොමු නොකර ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස පවසා  නිවෙස්  වෙත යැවීමත් ඔහු දැඩිව විවේචනය කළේය.

නිරෝධායනයට ලක්නොකිරීම තුළ ප්‍රතිඵල ලැබීමට තවත් දින 14ක් යන බවත් ඔහු එහිදී සිහිපත් කළේය.

ලංකාවේ කොරෝනා ආසාදනයවූවන් හමුවූ ප්‍රදේශ මෙන්න !

ලංකාවේ දැනට කොරෝනා රෝගීන් වාර්තා වී ඇති ප්‍රදේශ සම්බන්ධ තොරතුරු අපට ලැබී ඇත.

එම තොරතුරු ඊයේ (19) පස්වරුව වන විට ලැබුණු දත්ත ඇසුරෙන් වන අතර ඊට අදාළ ලංකා සිතියම ද  පහත දැක්වෙයි.

මත්තෙගොඩ  

මත්තෙගොඩ  
බොරැල්ල (6)
‍මහර
උඩුබද්දාව
දුන්කන්නාව
ගල්කිස්ස 
ගාල්ල 
අකුරේගොඩ
රාජගිරිය 
බෞද්ධාලෝක මාවත
කන්දකාඩු (15)
මඩකලපුව (2)
ගල්කන්ද
මාරවිල 
රත්නපුර
වවිනියාව 
උඩුගම්පොල
කැළණිය
වත්තල ‍‍
නෙලුන්දෙණිය
කළුතර දකුණ
වයික්කාල (2)
මොරවක‍ (පිලියන්දල)
බණ්ඩාරගම 
බේරුවල 
මාලබේ ‍‍
දෙහිවල 
රත්මලාන
වත්තල
ජා ඇල
 
අදාළ සිතියම මෙසේය.
 FB IMG 1584646098442