අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීම : රැඳවියන් දෙදෙනෙක් මරුට (Update)

 අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීම : රැඳවියන් දෙදෙනෙක් මරුට  (Update)

update -අනුරාධපුර බන්ධනාගාරයේ සිදුකළ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇත.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මේ වන විට තවත් සිව් දෙනකු අනුරාධපුර  රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

- අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ කිසිඳු රැඳවියෙකු පළාගොස් නොමැති බව වාර්තා වෙයි.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසන්නේ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරුකර ඇති බවය.

--

අනුරාධපුර බන්ධනාගාරය තුළ අද (21) සිදුකර ඇති වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර පවසයි.

එසේම තවත් රැඳිවියන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් ඔහු පවසා සිටියි.

අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් අද සවස් කාලයේ ඇති වී ඇති අතර ඒ කොරෝනා රෝගියෙකු බවට සැකකෙරෙන රැඳවූවෙකු මීට දින කිහිපයකට පෙර මෙම බන්ධනාගාරයෙන් හඳුනාගැනීමත් සමඟය.

පසුව ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර කෙසේ වුවත් මේ සිදුවීම සමඟ බන්ධනාගාරයේ රැඳවූවන් අද නොසන්සුන්කාරී ලෙස හැසිරීමට ගෙන ඇත.

බන්ධනාගාරය තුළ ගින්නක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනයට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න