කොරෝනා මර්දනයට : ධම්මිකගෙන් කෝටි 7ක් - දිලිත්ගෙන් හෝටලයක් !

කොරෝනා මර්දනයට : ධම්මිකගෙන් කෝටි 7ක් - දිලිත්ගෙන් හෝටලයක් !

කොවිඩ් 19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

මේ අතර ලංකාවේ අංක එකේ ‌කෝටිපතියා ‌ලෙස සැලකෙන ධම්මික ‌‌පෙරේරා  ‌රට පුරා පැතිර යන ‌කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා රුපියල් ලක්ෂ 700කට (‌කෝටි 7ක) අධික වටිනාකමකින් යුත් භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කර ඇති බව මව්රට වාර්තාවක දැක්වෙයි.

එහි දැඩී සත්කාර ඒකකයන්ට ලබා ‌දෙන හුස්ම ගැනීමේ උපකරණ 6ක්, දැඩි සත්කාර ඒකකයන්ට අවශ්‍ය ඇදන් 169ක් ඇතුලුව ඇදන් 485ක් ඇතුළත් බවත් දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න