අප්‍රේල් 30න් පස්සේ එන අර්බුදය විසඳන හැටි : සජිත්ගෙන් සජීවී (වීඩියෝවක්)

අප්‍රේල්  30න් පස්සේ එන අර්බුදය විසඳන හැටි : සජිත්ගෙන් සජීවී (වීඩියෝවක්)

අප්‍රේල් 30 වෙනිදායින් පසුව රාජ්‍ය මුදල් හිඟයක් ඇති වන බැවින් එය  විසඳාගැන්මට පක්ෂ නායකයන් රැස්වී එකට සාකච්ඡා කර තීරණ ගතයුතු බව සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් පවසයි.

අද  (22) ෆේස්බුල් පිටුවේ වීඩියෝවක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබිණ.

රාජ්‍ය සේවක වැටුප් , රාජ්‍ය වියදම් , සංවර්ධන කටයුතු ආදී කිසිවක් කිරීමට අප්‍රේල් 30 වනදායින් පසුව නොහැකි බැවින් අත්තනෝමතික නොවී මේ සම්බන්ධව තීරණය ගතයුතු බවත් ඔහු පැවසීය.

එසේම මෙම වීඩියෝව ආරම්භයේදීම කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් රාජකාරීයේ නිරතව සිටින සියළු දෙනාට ගෞරව ස්තූතිය පළ කිකිරීමටද ඔහු ක්‍රියා කළේය.

තවද මේ වන විට ජාතික විද්වත් සභාවේ ලේකම් , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු වසංගත රෝග විශේෂඥ , ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කළාපීය උපදේශක , ප්‍රජා වෛද්‍ය  විශේෂඥ , දොස්තර නිහාල් අබේසිංහ කොරෝනා වෛරසය පාලනය සම්බන්ධව යෝජනා 8ක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනූව කටයුතු කිරීමට රජය මෙන්ම ජනතාව වෙත ද  ඔහු ආරාධනා කළේය.

එසේම මතුව ඇති අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත්නොකර කටයුතු කිරීමේ අවශ්‍යතාව ද සමගි ජන බලවේගය හී නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළ අතර එම වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න