උතුරු පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරෙයි !

උතුරු පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරෙයි !

උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 වන යාපනය, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන අඟහරුවාදා (24) උදෑසන 6.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම දිස්ත්‍රික්ක වන 24 වනදා උදෑසන 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය එදින පස්වරු 2.00 ට නැවත පැනවෙන බවත් රජය සඳහන් කරයි.

මාර්තු  14 සහ 15 යන දිනවල ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි දේවගැතිවරයෙකු විසින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබියදී  යාපනයේ පල්ලියක පවත්වන ලද දේව මෙහෙයක් නිසා 150 කට අධික පිරිසක් COVID-19 වෛරසයට නිරාවරණය වන්නට හැකි බවට මතුව ඇති සැකය හේතුවෙන් උතුරු පළාතේ මෙසේ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව වී තිබේ.

මෙයින් පෙන්නුම් කරන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වුවන් හඳුනා ගැනීමට සහ විශේෂයෙන් ගුවන් තොටුපළ හරහා වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගන්නට සැලැස්මක් නොතිබීමේ අර්බුදයයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න