කොරෝනා නිසා වහපු : ලංකාවේ පළවෙනි ගම මෙන්න !

කොරෝනා නිසා වහපු : ලංකාවේ පළවෙනි ගම මෙන්න !

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීම වෙනුවෙන් යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

යාපනයෙන් හමුවූ ප්‍රථම කොවිඩ් 19  වෛරසය  ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට මෙම ගම්මානයෙන් විශාල පිරිසක් සහභාගීවී සිටිම හේතුවෙන් වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන්   උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස්  හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් ඇතුළු ආරක්ෂක අංශ විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නාවඩි ගම්මානය වෙත කිසිවෙකු ඇතුළුවීම හෝ එයින් පිටවීම තහනම්කර ඇත. තවද ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි එක් පුද්ගලයකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෙනත් කිසිවෙකුට මෙම කාලසීමාව තුළ වයිරසය ආසාදනය ඇති බවට අනාවරණය නොවූ බව යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා සමඟ සාකච්ජා කළ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පමණක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති පුද්ගලයකු පමණක් සිටින බවත් පෙබරවාරි 02 වැනිදා සිට මාර්තු 23 වැනිදා අතර කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා වැළදි ඇති බවට සැක සහිතව රෝහලට ඇතුළත් කොට ඇති අතර අදාළ පිරිස තුළින් පස් දෙනෙකු හැර අනෙකුත් පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න