කොරෝනා අස්සේ : කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේත් ගසා කෑමක් !

කොරෝනා අස්සේ : කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේත් ගසා කෑමක් !

කොවිඩ් 19 වෛරසයේ තර්ජනය හමුවේ කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදියන් පිරිසක් විසින් ගොවියන් සහ පාරිභෝගික ප්‍රජාව ගසා කන තත්ත්වයක් සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ රජය වහා මැදිහත්වී මේ තත්ත්වය මැඩලීමට කටයුතු කල යුතු බවය.

ඒ සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

රටම ව්‍යවසනකයට පත්ව ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයින් ගත කරනු ලබන්නේ ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට බව අප කවුරැත් දන්නා කාරණයි. මෙම අසීරැ අවස්ථාවේදී මෙරට පාරිභෝගිකයින් ගසා කන ආකාරය පිළිබදව අප විසින් මෙසේ කරැණු ඉදිරිපත් කරමු.

කොළඔ දී එළවලු අලෙවි වූයේ කිලෝ එක රැපියල් 400.00 ක් වැනි මිලකට වූ අතර කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ දිනයේදී මෙම එළවලු කිලෝ එකක් ‌ෙගාවියන් ගෙන් මිලදී ගෙන ඇත්තේ රැපියල් 12.00 – 30.00 මිලකටය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බවය.

රජය මේ අවස්ථාවේ මේ සදහා මැදිහත් වී ගොවියාට සාධරණ මිලක් ලබා දී පාරිභෝගිකයා අතට සාධාරණ මිලකට එළවලු ලබා දෙන්නේ නම් එය සාධණිය තත්වයක් බවට පත්වේ.

මේ පිළිබදව අදාල ප්‍රදේශයේ ගොවි සංගම් විසින් අප සංවිධානය දැනුවත් කර අතර මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවියාට හා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම සදහා පෙනී සිටින ලෙසයි.

ගොවි සංගමයේ දුරකතන අංකය  075-0651414

මෙයට, විශ්වාසි 

රංජිත් විතානගේ - සභාපති - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න