නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ඊයේ ( 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව මේ වන විට විසබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි.
ඒ අනුව පසුගිය 24 (ඊයේ ) බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ මගපෙන්වීම යටතේ බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
මෙහිදී දෛනිකව මහජනතාව බොහෝ පිරිසක් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මෙම රෝහල් පරිශ්‍රයන්හි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කරන ලදි.තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.
{gallery}kdu{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
