Language Switcher

V2025

අද (26) කොරෝනා ආසාදිතයන් බිංදුවයි : 552ක් එළියේ ඉන්න පුළුවන් -GOMA

අද (25) දින මෙතෙක් මෙරට කිසිඳු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවකු පිළිබඳ රජයේ නිල තොරතුරු වාර්තා වුයේ නැත.

ඒ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ 84/2020 නිල නිවේදනය හරහා ද තහවුරු කර ඇති අතර ඒ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවසූ බව සඳහන් කරමින්ය.

ඒ අනුව මෙතෙක් මෙරට වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 102ක් වන අතර ඔවුන් සියළු දෙනා ඊයේ (24) දිනය වන විට වාර්තා වූවන්ය.

කොවිඩ් 19 ආසාදිතයන් 552ක් සැරිසරනවා : අප්‍රේල් 7 වන විට වාර්තාගත වැඩිවීමක් - GOMA 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයන්  552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවටත්  අනුමාන කරන බවය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කරන අතර එහෙයින් මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ද රජයට ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන අතර හැකි තරම් ජනතාව සංසරණය වීම වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ සම්පුර්ණ නිවේදනය මෙම පුවත අවසානයේ දක්වා ඇත.

කොරෝනා අවසානය ගැන විමල්ගෙන් සහතිකයක් : රට විරුවන්ට සැර චෝදනාවක් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉහත අනතුරු හැඟවීම කරන පසුබිමේ අමාත්‍ය විමල් වීරවංශ උපුටා දක්වමින් සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ  කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ හරහා සාර්ථකව ඉදිරි සති කිහිපයේදී එය සම්පූර්ණයෙන්ම මැඩපවත්විය හැකි බව ඇමති විමල් වීරවංශ පැවසු බවය.

ඒ සඳහා ජනතාව තම තමන්ට පැවරී ඇති සටන් නිසි ලෙස ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසු බවත් ලොව පුරා රටවල් ගණනාවක කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී ඊට ආණ්ඩුව මුල සිටම සැලසුම් සහගතව කටයුතු කල බවත් පැවසු බවත් එහි දැක්වෙයි.

තවද  විදේශයන්හි සිටි පැමිණි ඇතැම් පිරිස් වගකීම් රහිතව කටයුතු නොකලානම් කොරෝනා තත්ත්වය මේ තරම් හෝ රටට බල නොපාන බවත් විමල් වීරවංශ ඇමති පැවසු බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. 

GMO latter 2020.03.25