ගාල්ල බන්ධනාගාරයේ පිරිසකට "ස්කයිප්" ඔස්සේ ඇප නියම වෙයි !

ගාල්ල බන්ධනාගාරයේ පිරිසකට "ස්කයිප්" ඔස්සේ ඇප නියම වෙයි !

ගාල්ල බන්ධනාගාරය තුල ඇති තදබදය අවම කිරිම සදහා සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු ඊයේ (25) ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට තිබෙන බව වාර්තා වෙයි.

එලෙස ඇප මත මුදා හැර ඇත්තේ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකි.

මෙලෙස ඇප මත මුදාහරින ලද රැඳවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැඳවියන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටියි.

පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වුයේ,  ඇප ලබාදීම සහ බන්ධනාගාර ගත කිරීමේ දිනයන් දීර්ඝ කිරීමේ කටයුතු වලදී රැඳවියන් බන්ධනාගාරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලෙසයි.

මෙසේ බන්ධනාගාර තුල ඇති තදබදය අවම කිරිම රජය තීන්දු කර ඇත්තේ කොරෝනා වෛරසය තර්ජනය සැලකිල්ලට ගනිමිනි.

කොවිඩ්19 ආසාදිත පුද්ගලයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බවට පැතිරගිය ආරංචියත් සමග මාර්තු 21දා ඇතිවූ ගැටුමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න