මාධ්‍යවේදී නුවන් නිරෝධ අත්අඩංගුවට !

 මාධ්‍යවේදී නුවන් නිරෝධ අත්අඩංගුවට !

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යයි චෝදනා කරමින්,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මාධ්‍යවේදී නුවන් නිරෝධ අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ බිරිඳගේ සොයුරියගේ කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ නිවසේ සිටියදීය.

 මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.

සැකකරුව අද(29) අළුත්කඩේ අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කර ඇත.

හේතුව මොකක් ද ? 'ගේමක් ඉල්ලලා'

මේ සම්බන්ධයෙන්  කළ සොයා බැලීමක දී වාර්තා වුයේ, ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක කොරෝනා ආසාදිත කාන්තාවක් සිටින බවට ඔහු විසින් සිය FB පිටුවේ කල සටහනක් සම්බන්ධයෙන් එම රෝහලේ බලධාරීන් විසින් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි.

අදාළ සටහන පළවීමෙන් පසු එල්ලවී තිබු විරෝධය හමුවේ ඔහු සිය FB පිටුවේ මාර්තු 26 දා මෙවැනි සටහනක් පළකර තිබිණ.

''  .........එක සම්බන්ධයෙන් පළකල පෝස්ට් එකට ඒකේ මාර්කටින් ටීම් එකේ ෆේක් ෆ්‍රොපයිල් වලින් දිගට හරහට කමෙන්ට් කරනවා. ටීම් එකේ ඉන්න දන්න හදුනන කීප දෙනෙක්ම කෝලුත් කලා. මම දැම්මේ මම ගාව තියෙන ඩොකියුමන්ට් වලින් ටිකයි. ඒ නිසා මගේ ප්‍රොපයිල් එකේ කුණුහරුප පලන්නේ නැතිව ඔයාලා ගත්තා කියන ලීගල් ඇක්ෂන් එක ඉක්මන් කරන්න. මම කලේ ඔයාලගේ සල්ලි වලින් යට කරන්න හැදුව දෙයක් සමාජ ගත කිරීමයි. එන්න අපි නීතිය ඉදිරියේ හමුවෙමු. ''

මාධ්‍යවේදියකු ලෙස ශ්‍රී ලංකා ජාතික රුපවහිනියේත් පුවත්පත් කිහිපයකත් සේවයකර ඇති නුවන් නිරෝධ,  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය අංශයේ සේවය කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ වත්මන් ආණ්ඩුව හා එහි ප්‍රධානින් දැඩි ලෙස විවේචනය කරන්නකු ලෙස ඔහු ප්‍රසිද්ධියක් උසුලයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න