Language Switcher

V2025

වෛද්‍යවරුන්ටත් කොරෝනා : අප්‍රේල් 10 දක්වා අවධානම් : මියගිය අයගේ දේහය ඥාතීන්ට නෑ !

වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර තවත් වෛද්‍යවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි.

අප්‍රේල් 7 වැනිදා දක්වා කාල සීමාව තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරනු ඇතැයිද ඔහු පවසයි.ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන ආකාරයට වෛරසය පැතිරීමේ තෙවන අදියර වන කණ්ඩායම් වශයෙන් රෝගය පැතිර ගිය තත්ත්වයක් දැනට පෙන්නුම් කරන අතර වෛරසය පැතිරීමේ සිව් වන අදියරට පැමිණිය හොත් භයානයක තත්ත්වයක් වෙයි.

අප්‍රේල් 10 දක්වා  රටට දැඩි අවධානමක් !

පවතින කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් අද සිට අප්‍රේල් මස 10 වන දා දක්වා කාල සිමාව දැඩි අවධානමක් සහික කාලසීමාවක් ලෙස හඳුනාගෙන තිබේ.අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෙම අවධානම් සහිත කාල සීමාව පිළිබඳ තීරණය මාධ්‍යයට පවසා තිබේ.

මියගිය ආසාදිතයාගේ දේහය ඥාතීන්ට නෑ !

90987168 2769360083113381 8501359455684788224 nමේ අතර ශ්‍රී ලංකාවේ මිය ගිය ප්‍රථම කොරෝනා අසාදිතයාගේ දේහය පවුලේ අය සඳහා ලබා නොදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන පවසයි. වකුගඩු බද්ධ කළ දියවැඩියා රෝගියකු වන 65 හැවිරිදි මෙම පුද්ගලයා අගොඩ බෝ වන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කරයි.කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මෙම පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා වේ.

මුද්‍රා තබා ඇති එම දේහය පවුලේ ඥාතීන්ට පමණක් සුළු වේලාවක් බැලීම සඳහා අවසර හිමිවනු ඇත.මෙලෙස මියගොස් තිබුණේ මෙරටින් හමුවූ සිව් වන කොරෝනා ආසාදිතයාය. ඔහු අවසන් වරට ජර්මනියේ සිට පැමිණි විදේශිකයන් පිරිසකට මාර්ගෝපදේශ සපයා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 

අගමැති ගෙන් ඉල්ලීමක් !

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය පළමු පුද්ගලයාගේ දිවිබේරා ගැනීම සඳහා IDH රෝහලේ වෛද්‍යවරුන් ඇතුලූ කාර්යය මණ්ඩලය දැඩි ප්‍රයත්නයක් දැරූ බව අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියි.

එම උත්සහයන් ව්‍යාර්ථ වුණේ අදාළ පුද්ගලයා හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබීම මෙන්ම ඔහු නිධන් ගත රෝගවලින් පෙළුනු නිසා බව අගමැතිවරයා කියා සිටියේ ගුවන් විදුලි නාලිකාවක් වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා සිය නිවෙස් තුළ රැඳී සිටිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙසයි අගමැතිවරයා, ජනතාවගෙන් යළි යළිත් ඉල්ලීමක් කළේය.