ලංකාවේ කොරෝනා කේන්ද්‍රය මාතරට ගන්න : ඩලස්ලා කාංචනලා බරටම වැඩ !

ලංකාවේ කොරෝනා කේන්ද්‍රය මාතරට ගන්න : ඩලස්ලා කාංචනලා බරටම වැඩ !

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා වෛද්‍ය උපදෙස් අතර ප්‍රමුඛ වන්නේ ජනතාව ඒකරාශි වීම නැවැත්වීම වුවත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් එය මුලුමනින්ම උල්ලංඝනය කරමින් සිටියි.

පසුගිය 27 හෝ ඊට ආසන්න දිනයකදී මාතර ප්‍රදේශයේ සිදුවූ මේ ක්‍රියාකාරකම ඊට සාක්ෂි දරයි.

අපට ලැබුණු තොරතුරු අනූව නම් මේ ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතාවට පත්නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන කියමින් සිදුකළ ජනතාව ඇන්දීමකි.

එය ඇන්දීමක් වන්නේ සිදුකළ යුත්තේ කුමක්ද යන්න සහ ජනතාව නොකළ යුත්තේ කුමක්ද යන්න පැහැදිලිව සෞඛ්‍ය බලධාරීන් සහ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීමේ කාර්‍ය සාධක බලකාය නියෝග නිකුත්කර තිබියදී පවා මේ වැනි ජවුසම් දැමීමය.

IMG 20200329 WA0006

අහබුවකින් හෝ මරණය තමන්ට පමණක් නොව ගෙදර අයටත් ගෙනියන්න හැර  මේ පැමිණි කිසිවෙකුට අලුතෙන් කරන්න දෙයක් මේ වැනි හමුවකදී   නොලැබෙන බව පැහැදිලිය. 

ඒ අනූව සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අංශ උපදෙස් , විධාන අස්සෙන් රිංගා මෙහිදී සිදුව ඇත්තේ එළැඹෙන මහ මැතිවරණයට එකට මනාප සෙවීමට ගිවිස සිටින බව කියන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ කාංචන විජේසේකර මනාප සෙවීමට ජනතාව මරු කටට දැක්වීමකි.

මේ වන විට මේ පාර්ශව ඇතැම් ප්‍රදේශ වල ශබ්ද විකාශන යන්ත්‍ර පවා යොදාගෙන දේශපාලන වාසි ලැබෙන ආකාරයට කොවිඩ් 19 ව්‍යසනය පරිවර්තනය කරගෙන ඇති අතර එම කටයුතු අදටත් නිදහසේ සිදුවෙයි.

IMG 20200329 WA0007

එසේ කොරෝනා අස්සේ දේශපාලනය ඔබන්න පැමිණීම නිසා පසුගියදා අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වෙත බරපතළ ජනතා විරෝධයක් මතුව ඇති පුවතක් ගැන ද වාර්තා වෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වන විට අමාත්‍යවරයා වෙත විරෝධය දැක්වූ ජනතාව වෙත පොලිසිය යොදවා පීඩාවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවය.

පොහොට්ටුව කොහොමත් වැඩි බරක් තිබ්බේ මහ මැතිවරණයට !

පොදුජන පෙරමුණ ප්‍රබලයන් ගේ  මේ හැසිරීම අමුතු දෙයක් නොවේය. මන්ද කොවිඩ් 19 නැත්නම් නව   කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවට ආරම්භයේ සිට ඔවුන් මහ මැතිවරණය සඳහා වැඩි අවධානයක් යොමුකර තිබුණ නිසාය.

පළමු අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ මැතිවරණය කල් දැමිම කෙරෙහි උනන්දු නොවුණු අතර ඉන්පසුව ඒ වෙනුවෙන් මතය හැදීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පමණක් නොව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු කිහිපදෙනකුම අදහස් දක්වනු දකින්නට අසන්නට ලැබිණ.

කොරෝනා වෛරසය ගැන අවතක්සේරුව !

එහිදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සහ එහි භයානක තත්ත්වය සම්බන්ධව ආණ්ඩුවේ නිවැරැදි තක්සේරුවක් නොතිබූ බව දකින්නට ලැබිණ.

නැත්නම් අප්‍රේල් 25 ජන්දය තියෙනවා , දිනන්න පුළුවන් වෙලාවේ කල් දාන්න බෑ වැනි ප්‍රකාශ නිකුත්කරන්නට කිසිම ඉඩක් නැත.

දැන් ලකුණු හෙව්වට මේ හැකියාව රාජ්‍ය යාන්ත්‍රණයේය !

තවද මේ වන විට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය ගැන ලංකාවේ තත්ත්වය වර්ණනා කරමින් ඒ  මෙරට දේශපාලනඥයන්ගේ මාර සැලසුම් වැනි නින්දිත "ලකුණු " රැස්කිරීමේ උත්සාහයක් ද  පෙන්නුම් කරයි. 

එහෙත් මේ වන විට පවතින තත්ත්වය වන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය ක්ශේත්‍රයේ සහ රාජ්‍ය යාන්ත්‍රණය විසින් කරන අසීමිත  කැපකිරීම්, ස්වයං සිද්ධ මැදිහත්වීම් වල  ප්‍රතිඵල ප්‍රමාණයක් මිස අනෙකක් නොවේ.

ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට අධිකාරී බලය ඇති ආණ්ඩුව ප්‍රමුඛ දේශපාලන බලාධිකරය මේ හමුවේ අසාර්ථක බව තහවුරු කරන එක් නිදර්ශනයක් වන්නේ කොරෝනා පාලනය කිරීමට ජනතාව එකට රැස්වීම නවතා දෙන ලෙස සෞඛ්‍ය ක්ශේත්‍රය ඉල්ලන ඉල්ලීම ඉටුකිරීමේ සමත් භවක් පේනතෙක් මානයක නොපෙන්වීම ය.

ඩලස් සහ කාංචනලා මේ ඔප්පු කරමින් සිටින්නේ එය නොවේද ? 

IMG 20200329 WA0004

IMG 20200329 WA0005

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න