කොරෝනා කොළඹ ප්‍රදේශ වහයි :ඔබේසේකර පුර අරුණෝදය මාවත වහයි !

කොරෝනා කොළඹ ප්‍රදේශ වහයි :ඔබේසේකර පුර අරුණෝදය මාවත වහයි !

කොළඹ ඔබේසේකර පුර හී අරුණෝදය මාවත මුළුමනින්ම වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

අද  (29) එසේ සිදුකර ඇත්තේ එම මාවත පදිංචිව සිටි වැඩිහිටියන් 4ක් සහ දරුවන් දෙදෙනකු කොවිඩ් 19 වෛරසය පොසිටිව් බව අනාවරණය වීමත් සමගය.

මෙසේ වසා දැමුණු අරැනෝදය මාවතේ වන්දනාගමනක් සංවිධානය  කල බව කියන  දේව ගැතිවරයා හිතමිතුරන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වු බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන පවසයි.

අදාල පුජකවරයා දෙහිවල ප්‍රදේශයේ සිට කෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් එහිදී ඔහුගෙන් ලැබු තොරතුරැ වලට අනුව බස් රථ දෙකක් ගමනට සහභාගී වී ඇති බවබවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත්  පැවසීය.

ඉකුත් 13 වැනිදා සුරිය කන්ද උපදේශන මෙහෙයකට සහභාගී වී 15 වැනිදා පිරිස නැවත පැමින ඇති බවත් ඔහු සඳහන් කරයි.

ගමනට සහභාගී වු පිරිසගේ නාම ලේඛන සහ බස් රථ තොරතුරැ තමා වෙත ලබා දෙමින් නිලධාරින්ට හැකි සැම ආකාරයකටම සහය දැක්වීමට දේව ගැතිවරයා එකඟතාවය පල කල බවත් ඔහු පවසයි.

සිදුවීමට අදාල පරික්ෂණ කටයුතු  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ ගේ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ලහිරැ කරැනාරත්න විසින් සිදු කලහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න