නාත්තන්ඩියේ ගම් 06 ක් වහයි : දිස්ත්‍රික්ක 06ක දිගටම ඇඳිරි නීතිය !

නාත්තන්ඩියේ ගම් 06 ක් වහයි : දිස්ත්‍රික්ක 06ක දිගටම ඇඳිරි නීතිය !

මාරවිල - නාත්තන්ඩිය  ගම් 06 කට නැවත දැනුම්දීමක් සිසිදුකරන තුරු ඇතුල්වීම සහ පිටවීම තහනම් කර ඇත.

ඊයේ (28) මේ තීරණය ගෙන ඇති අතර ඒ සෞඛ්‍ය ක්ශේත්‍රයේ සහ පොලිසිය මැදිහත්වීම හරහා ය.

ඒ අනූව මාරවිල පොලිසිය පවසන්නේ ඉහළ නාත්තන්ඩිය , පහළ නාත්තන්ඩිය , මැද නාත්තන්ඩිය , මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යයන ගම් මෙසේ වසා ඇති බව ය.

දිගටම ඇඳිරි නීතිය !

මේ අතර කොළඹ  , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර , යාපනය යන දිස්ත්‍රික්ක වෙත දැන් පනවා ඇති  ඇඳිරි නීතිය නැවත දැනුම්දීමක් සිදුකරන තුරු දිගටම ක්‍රියාත්මක වන බව රජය පවසයි.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වලට දැන් පනවා ඇති ඇඳිරි නීතිය හෙට (30) උදෑසන 6.00 ට ඉවත් කර නැවත එදිනම 2.00 ට පැනවෙන බවත් රජය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න