කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ දෙවැනි ශ්‍රී ලාංකිකයත් මිය යයි !

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ දෙවැනි ශ්‍රී ලාංකිකයත් මිය යයි !

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේ දී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ. 

එසේ මියගොස් ඇත්තේ, හෙන්රි ජයවර්ධන නමැති 70 හැවිරිදි අයෙකි. 

මොහු මෙරට සිටියදී අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර විශ්‍රාම ලබාගැනීමෙන් පසු ඔහු සිය බිරිඳ සමග ලන්ඩනයට ගොස් ඇත. ඒ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරට වාසය කළ හෙයින් ඔවුන් සමග විශ්‍රාම සුවය ගත කිරීම සඳහාය.

කෙසේවුවද මොහු මියගොස් ඇත්තේ කුලී නිවසක පදිංචිව සිටියදීය. අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහුගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා හෙන්රි ජයවර්ධනය.  

ඊයේ දිනයේ 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න