ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකටත් කොරෝනා : UL 503 පිරිස නිරෝධායනයට !

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකටත් කොරෝනා : UL 503 පිරිස නිරෝධායනයට !

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. 

ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.

එසේම ඇය සමග සමීපව අසුරුකළ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග  පවසයි.

එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.

මේ අතර ආසාදනයට ලක්ව ඇති ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.

මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයකු පැවසුයේ, තම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්වය ගැන නිරන්තර සෝදිසියකින් සිටින බවයි.

ගුවන්   නියමුවකුටත්  මීට පෙර  කොරෝනා !

මිට ඉහතදී  ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම අවස්ථාවේදී නිවේදනය කර සිටියේය.

ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී තිබිණ.

එලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටි ගුවන් නියමුවා රාජකීය - තෝමියන් වාර්ෂික ක්‍රිකට් මහා තරගය නැරඹීමට ද ගොස් තිබු බව ද වාර්තා විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න