රනිල් සහ මහින්ද 'ඩීල්' එකක ! - රාජිත නොකියා කියයි

රනිල් සහ මහින්ද 'ඩීල්' එකක ! - රාජිත නොකියා කියයි

අගමැති ධූරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පැවසූ බවත්, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එජාපය යම් ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙන බවද අගමැතිධුරයෙහි වෙනසක් අවශ්‍ය නොවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අගමැතිවරයාට පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබෙන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු දුරකථන සංවාදයක් සිදුව ඇතිබව අනාවරණය කලේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ගජමිතුරු දේශපාලනයක් ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ලවී තිබියදීය.

එම ගජමිතුරු දේශපාලනය නිසා රාජපක්ෂවරුන්ට ආධාර උපකාර කලබවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් චෝදනා කල පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා අද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

 රාජිත කියන්නේ බොරු - නාමල්

 නාමල් ගේ ට්විටර් පණිවිඩය 

Capture151

 මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් නොවන ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් පැවැසූ බවට අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මේ හරහා ජාත්‍යන්තරත් ජනතාවත් නොමඟ යැවීමට කැබිනට් ප්‍රකාශකවරයා කටයුතු කරන බවයි.

ජනතා තීන්දුව පැහැදිලි බවත් රජය වෙනස්විය යුතු බවත් ඒ අනුව මහ මැතිවරණයක් කැඳවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න