වැඩිම ආසාදිතයින් අද 142 යි : තත්ත්වය භයානකයි : ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා !

වැඩිම ආසාදිතයින් අද 142 යි : තත්ත්වය භයානකයි : ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා !

එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 20ක් වාර්තා කරමින් අද (31) මෙරට කොරෝනා ආසාදනයවූවන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ඉහළ යාම අඛණ්ඩව සිදුවුණහොත් එය ඉතා භයානක දිසාවකට යොමුවන තත්ත්වයක් බව සඳහන් කරන වෛද්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සමාජ දුරස්ථභාවය පමණක් නොව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද වෙනස් විය යුතු බවයි.

ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා - GOMA මේ අතර කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම කි‍්‍රයාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

ඔවුන් මේ බව සඳහන් කරන නිවේදනයක් නිකුත්කර ඇති අතර  පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අපේ‍්‍රල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති කි‍්‍රයාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප‍්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1585659463197

FB IMG 1585659466713

FB IMG 1585659470264

FB IMG 1585659456111

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න