Language Switcher

V2025

වැනසෙන මිහිකතේ අසිරිය ලංකාවේ පළමු තොමුසුවේ ඉසිවර වෙදැදුරෙක් කැමරා කාචයෙන් ඔබ්බට ගෙනයයි……..

රට අතුරින්

හෙළදිව වැන්නක්..

එහි නුවර අතුරින් මාතර වැන්නක්.

එහි පාසල් අතුරින් සාන්ත

තොමසුව වැන්නක්..

කවුරුත් ලබත්ද?......

වනජීවීන්ගේ මනස්කාන්ත හා අති සංකීර්ණ ඉරියව් ඔබට පියවි ඇසින් සජීවීව දැකගන්නට ලැබීමට ඇති හැකියාව ඉතා අල්පය, වර්ථමානයේ සමස්ථ ශ්‍රී ලාංකේය දූපතම ආවරණයවන පරිදි ස්වාභාවික පාරසරික වනාන්තර, ගංඟා ඇළ දොළ, අතිවිශාල ජෛව විවිධත්වයක් ඇති මුහුද පත්ල, ආදී වශයෙන් පුරා දශක දෙකටට ආසන්න කාලයක් භාවනාවක් වන් පරිසර හිතකාමී ක්‍රියාවින්තයකට අග්‍ර මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකාවේ පළමු තොමසුවේ ආදිශිෂ්‍ය වෛද්‍ය වාසිරි රසූ ගජමන් නම් අසහාය සංවේදී පරිසර වේදී වෛද්‍යවරයා සුවිශේෂී පරමාදර්ශී චරිතයකි….

වෛද්‍ය වාසිරු රසූ ගජමන්ගේ ලොව දිනූ ඡායාරූප කරනයේ විශේෂත්වය කුමක්ද?.......

WhatsApp Image 2021 04 03 at 11.14.19 1මේ සොඳුරු ජීවකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිහිකතේ ජීවයට පණ පොවන සැබෑ පරිසර හිතකාමියකු වීමත්, ඔහුගේ අසාමාන්‍ය චායාරූපකරන විලාශය ලෝක වනජීවි චායාරූපකරන සංවිධාන අමන්දානන්දයට පත්කිරීමට ප්‍රභල සාධකයක් වී ඇත… 
ලොව පුරා වනජීවි පාරිසරික චායාරූප කරණයේ යෙදෙන ශිල්පීන් එම වෘත්තීය තුළම නියළීමත්, ප්‍රධාන වශයෙන් ඉතා විශාල වන සතුන්වන අලි,කොටි,වළසුන් වැනි විශාල සිවුපාවුන් පක්ෂීන්  පමනක් කැමරා කාචයට ග්‍රහණය කරගන්නා සන්දර්භයක වෛද්‍ය වාසිරි රසූ ගජමන් නම් අභිමානවත් ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ආදිශිෂ්‍ය, චායාරූප ශිල්පියා ගෝලීය වනජීවී චායාරූපකරනය උඩු යටිකුරු කරමින් උභය ජීවීන්, පක්ෂීන්,සර්පයින්,ඉතා කුඩා ප්‍රමාණයේ කෘමීන් හා මොලුස්කාවන්ද ගංඟා ඇළදොල මුහුදු ජීවින්ද ඇතුලුව සමස්ථ පාරිසරික පද්ධතීන් ආවරණයවන පරිදි මනරම් සංකලණයකින් යුතුව විශිෂ්ඨ චායාරූප ලභාගැනීම ඔහුගේ සුවිශේෂීත්වයට හේතු වී ඇත.

විශිෂ්ඨයාගේ කාළය රඳවා ගත් රූප පෙළහර මිහිකතේ අසිරියට කළ අභියෝග කවරේද?.........

වෛද්‍ය වාසිරි රසූ ගජමන් විසින් තම කැමරා කාචයට ග්‍රහණය කළ ලක්ෂයකට ( 100000 ) අධික චයාරූප අතුරින් තොරාගත් චායාරූප දෙසීයක් ( 200 ) පමණ ප්‍රංශය, ග්‍රීසිය හා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ චායාරූප ප්‍රදර්ශන තරඟාවලීන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මාන එකසිය පනහකට ( 150 ) අධික ප්‍රමාණයක් තරම් දිනා ගැනීමට ඒවායේ අන්තර්ගත සෞන්දර්‍යාත්මක වටිනාකම් සමත්ව ඇත….
එමෙන්ම එම විශිෂ්ඨ සම්මාන ඇගයීම් අතරේ රන් සම්මාන 20ක් ( Gold Meddles ) රිදී සම්මාන10ක් ( Silve Meddles ) ලෝකඩ සම්මාන 05ක් ( Bronze Meddles ) දිනාගත් මේ අසහාය සෞන්දර්‍යාත්මක චායාරූප ශිල්පියා සොභාදහමේ චමත්කාරය අත්විඳීමට සේන්ඳු වන්නේ තම වැඩිමහල් සොයුරා විසින් ත්‍යාගයක් ලෙස වර්ශ 2005 ලබාදෙන සාමාන්‍ය කැමරාවක් තුළින් වීම සුවිශේෂී වනු ඇත…

The Pearl රූප පුස්ථකයේ අසමසම සොඳුරු තැන්…….!!

වෛද්‍ය වාසිරි රසූ ගජමන් විසින් තම වෙදැදුරු ජීවිතය අන්තර්වාරයේම කාචගත කළ මනස්කාන්ත සේයාරූ 200ක් අඩංගු කලාත්මක කෘතියේ ඔබට අතිශය වැදගත් කරුණු නම් ඔහු විසින් සහජයෙන් උගත් චායාරූප කලාව තුළ ඒ ඒ සියලු සේයාරූ වලට පාත්‍රවන ජීවීන්ගේ අනුවර්ත නාමය, පෙළපත්නාමය,විද්‍යාත්මක නාමය මෙන්ම ඒ ඒ සේයාරූ ලභාගැනීමේදී භාවිතා කළ කැමරාවේ තාක්ෂණික ඇගයීම, අදාල චායාරූපය ලබාගැනීම පිණිස භාවිතා කරන ලද තාක්ෂණික ක්‍රමවේදය මේ සියල්ල අදාල චායාරූපය හා කිසිඳු ගුරුමුෂ්ඨියකින් තොරව ඉදිරිපත් කිරීමයි….
එමගින් ඡායාරූපකරණයට යම් ලැදියාවක් ඇති ඕනෑම පුද්ගලයකුට ඔහු මෙන්ම පාඨමාලා හැදෑරීමකින් තොරව ස්වයං හැදෑරීමකින් විශ්වයේ සොඳුරු, සෞන්දර්‍යාත්මක අසිරිය කාචගත කිරීමට ඉතා අගනා කාර්‍යක් සත්භාවයෙන් සමාජගත කොට ඇත..එළැබෙන අප්‍රේල් මස 30 සිකුරාදා සිට මැයි මස 02 ඉරිදා තෙක් උදෑසන 8.00සිට කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනයේදී ගෝලීය සම්මානයන්ට පාත්‍රවූ චායාරූප 200කින් සමන්විත The Pearl, කාළය රඳවා ගත් මිහිකතේ අසිරිමත් සේයාරූ එකතුව ඔබටත් විවෘත වනු ඇත….

 

සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

WhatsApp Image 2021 04 03 at 11.14.19

WhatsApp Image 2021 04 03 at 11.14.20

WhatsApp Image 2021 04 03 at 11.14.20 1

WhatsApp Image 2021 04 03 at 11.14.21

WhatsApp Image 2021 04 03 at 11.14.22

WhatsApp Image 2021 04 03 at 11.14.23

WhatsApp Image 2021 04 03 at 11.14.19 1