Language Switcher

V2025

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන මෙන් මැතිවරණ කොමිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපියට අධිකරණයෙන් ආණ්ඩුවේ තනතුරක් දැරීමට නුසුදුස්සෙකු කළ ඔහුගේ ලේකම්, පී.බී. ජයසුන්දර මහතා යවා ඇති පිළිතුරෙන් කුමන තත්ත්වයක් යටතේ හෝ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ වුවමනාව බව පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන මෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කෙළේ රටේ දැනට පවතින තත්ත්වය යටතේ මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය අසීරු නිසා බව පැහැදිලිය. කොරෝනා වසංගතය රට පුරා පැතිර යෑමට පෙර ද නාමයෝජනා පත්‍ර ලබා ගැනීම සහ මැතිවරණය පැවැත්වීමට ලබා දුන් කෙටි කාලය ඇතුළත එම කටයුතු සම්පාදනයට මහත් වෙහෙසක් ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවස්ථා කීපයකදීම පෙන්වා දුන්නේය. ඒ අලුත් අවුරුදු කාලසීමාව තුළ රජයේ සේවකයන් බොහෝ දෙනකු දීර්ඝ නිවාඩු ගැනීමේ ප්‍රවණතාව නිසාය.

කෙසේ වුවත් ජනාධිපති ලේකම්ගේ ලිපියේ අන්තර්ගතය මෙන්ම එහි ස්වරයෙන් කියවෙන්නේ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යක් බවත් තමන් ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වාදීම අනවශ්‍ය මැදිහත්වීමකි යන්නයි. ඇත්තෙන්ම ව්‍යවස්ථාපිත නීතිය සහ පිළිගත් සම්ප්‍රදායන් අනුව ආණ්ඩුවේ ප්‍රධාන ආයතන තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කටයුතු කරන්නේ නම් එකිනෙකාගේ කාර්යන් සහ ක්‍රියා පටිපාටි තවෙකෙකු පෙන්වා දීමට අවශ්‍ය නොවේ. එහෙත් අවාසනාවකට මෙන් ලංකාවේ භාවිතාව ඊට හාත්පසින්ම වෙනස් බව පුරවැසියන් වශයෙන් අපි දනිමු. සරල නිදර්ශනයක් වශයෙන් මෙවැනි ආපදා අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා ආපදා කළමනාකරණ පනතක් මගින් ආයතන ව්‍යුහයක් සම්මත කර තිබුණ ද වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරන්නේ එම ආයතන සම්පූර්ණයෙන්ම අමතක කර දමා තමන්ට රිසි සේ පත් කර ගත් කාර්ය සාධක බලකා මගිනි. මෙවැනි වසංගත රෝග පැතිර යෑමේ අවදානමක් පවතින විට ඒ පිළිබඳ විශේෂඥතාවක් ඇති වෛද්‍ය වෘත්තිකයන්ට හෝ එම කාර්ය සාධක බලකාවල ප්‍රමුඛතාවයක් ලබාදී නැත. මේ නිසා මේ රටේ සිටින වසංගත රෝග විශේෂඥයන්ට තම උපදෙස් යෝජනා මාලාවක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය.

මින් පැහැදිලි වන්නේ රාජපක්ෂ (ගෝඨාභය සහ මහින්ද) ආණ්ඩුව පවතින නීති නොසලකා තමන්ට රිසිසේ කටයුතු කිරීමට සූදානම්ය යන්නයි. කොරෝනා වසංගතය මේ රටේ පැතිර යෑමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය තම වැඩ කටයුතුවලට මැදිහත් නොවිය යුතුයැයි අනතුරු හැඟවීම් කර තිබිණ. මාර්තු දෙක වන විට මෙම වසංගතය ලෝකය පුරා පැතිර යෑමේ අවදානමක් තිබු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සුදුසු නොවන බව සැලකිය යුතු කණ්ඩායමක් දැරූ මතය විය. එහෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගෙන තමන්ට රිසි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ පරම බලාපොරොත්තුව නිසා ඒ ගැන කිසිම තැකීමක් කෙළේ නැත. ජනාධිපති තමාට පැවරී ඇති බලතල අනුව පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර දැන් වගකීම ඇත්තේ මැතිවරණ කොමිසම වෙත බව පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තු මැතිවරණ නීතිය අනුව කටයුතු කිරීමට නොහැකිනම් එහි වරද ඇත්තේ එම කොමිසම වෙතය.

තර්කයක් අනුව මෙය නිවැරදියැයි පෙනෙන ආස්ථානයක් වුවත් එය වගකීමෙන් යුත් ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායක් නොවේ. පරමාධිපති බලය ජනතාව වෙත පවතින අනුලංඝණීය අයිතියක් වශයෙන් සලකන රටක තීරණ ගැනීමේ ඒකාධිකාරී බලය ආණ්ඩුව කරවන අය මත පමණක් පවතින්නේයැයි සිතිම මහත් මුළාවකි. රටක විපක්ෂයට ද ජනතාව වෙනුවෙන් අදහස් දැක්වීමේ අයිතියක් මෙන්ම වගකීමක් ඇති බව පිළිගැනෙන්නේ ඔවුන් ද ජනතා පරමාධිපති බලය නියෝජනය කරන නිසාය. ආණ්ඩුව විසුරුවා හැරීම නිසා එම අයිතිය අහෝසි වී ඇතැයි තර්ක කළ හැකි වුවද මෙවැනි ආපදාවකදී වැදගත් වන්නේ සියලු ජන කොටස්වල අදහස් ලබා ගැනීම ය. එසේ නැතිව තම පටු දේශපාලන වුවමනාව පෙරටු කර ගැනීම පවතින තත්ත්වය යටතේ මහත් අනතුරකට අත වැනීමකි.

අනෙක් අතට කෙසේ හෝ මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමෙන් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් ලැබෙන්නේද යන්න සැකසහිතය. මෙම වසංගත තත්ත්වය ඇතිවීමටත් පෙර සිට වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය, දැන් ඉහවහා ගිය තත්ත්වයකට පත්ව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමත් සමග ආදායම් බදු කපා හැරීම නිසා රජයේ ආදායම් තත්ත්වය පිරිහීම (පසුගියදා එම තීරණය වෙනස් කළ බවට තොරතුරු පළවිය.) කොරෝනා වසංගතයට පෙර සිටම පැවති තත්ත්වයකි. ඉන් පසුව ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය කඩා වැටිණ. ඇඟලුම් කර්මාන්තයට චීනයෙන් ආනයනය කළ අමුද්‍රව්‍ය නැවතීමෙන් මුහුණ දී තිබුණ අර්බුදය වඩාත් උග්‍ර වූයේ වසංගත තත්ත්වය නිසා එම කම්හල් වසා දැමීමෙනි. අපගේ අපනයන වෙළෙඳපොළ වන යුරෝපයේ උද්ගතව ඇති තත්ත්වය නිසා අපනයනය ද පවතින්නේ අවදානම් තත්ත්වයකි.

සංචාරක කර්මාන්තය මුහුණ දී ඇත්තේ එවැනිම අර්බුදයකට ය. කොරෝනා වසංගත තත්ත්වය පහව ගියද සංචාරක කර්මාන්තය පෙර පැවති තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගතවනු ඇත. ඒ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන රටවල් ද ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති නිසාය.

මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ මුදල් තත්ත්වය දරුණු ලෙස පිරිහීම ය. එය වැළැක්වීමට ගෙන ඇති පියවර සියල්ල අසාර්ථකව ඇත. විදෙස් මුදල් ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් නිකුත් කළ ඩොලර් දශ ලක්ෂ 220ක් වූ සංවර්ධන බැඳුම්කරවලින් මිලදී ගෙන ඇත්තේ ඩොලර් දශ ලක්ෂ 22ක් පමණි. ඉන් පැහැදිලි වන්නේ විදේශ ආයෝජකයන් ආණ්ඩුව කෙරේ විශ්වාසයක් රඳවා නැති බවයි. සාමාන්‍ය තත්ත්වයක් යටතේ මෙවැනි බැඳුම්කර සඳහා දායකත්වය නියමිත ප්‍රමාණයටත් වඩා ඉහළ අගයක් ගනී.

එම නිසා ආණ්ඩුවට දේශීය වියදම් පියවා ගැනීමට ඇති තවත් විකල්පයක් වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. අලුත්ම මහ බැංකු වාර්තා අනුව මාර්තු මස වන විට රුපියල් බිලියන 170ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත. එමෙන්ම රටේ රන් සංචිතවලින් අඩක් පමණ විකුණා ඇති බව ද වාර්තා වේ.

මේ ආකාරයට ආර්ථිකය බිඳ වැටෙමින් පවතින අවස්ථාවක උපාධිධාරීන් 50,000කට සහ උසස් අධ්‍යාපන සුදුසුකම් නැති ලක්ෂයකට රජයේ පත්වීම් ලබා දීම ආර්ථික අර්බුදයට විසඳුමක් නොවේ. විරැකියා ප්‍රශ්නය විසඳීම ආණ්ඩුව සතු වගකීමක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් ආර්ථිකයට සෘජුව හෝ වක්‍රව දායකත්වයක් නොලැබෙන රැකියා අවස්ථා ලබා දීමෙන් දේශපාලන වාසියක් ලබා ගත හැකි වුවද එහි අවසාන ප්‍රතිඵලය ආණ්ඩුවේ වියදම් වැඩිවීම පමණි. එමෙන්ම පිරිහී ඇති රාජ්‍ය සේවය තවත් පිරිහීමට පත්වීමකි.

මහ මැතිවරණයක් පැවැත්වීමෙන් මේ ප්‍රශ්න කිසිවකට ස්ථිරසාර විසඳුම් ලබාගත හැකියැයි අනුමාන කිරීමට නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව මෙතෙක් ගෙන ඇති පියවර තහවුරු කරන්නේ ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් ඔහු වෙත නොමැති බවය. ආණ්ඩුවේ මර්මස්ථානවලට හමුදාවෙන් විශ්‍රාම ගිය සහ දැනට සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සහ හිතවතුන් පත් කිරීම මෙම ගැටලුවට විසඳුම් නොවේ. ඔහුට එම හැකියාව සහ දැක්ම නැති බව කොරෝනා වසංගතයට මුහුණ දී ඇති ආකාරයෙන්ම පෙනේ. මෙවැනි සෞඛ්‍ය ගැටලුවකදී එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නායකත්වය සහ මගපෙන්වීම අත්‍යවශ්‍ය වුවද ඔහු එය නොසලකා හැර දේශපාලන ව්‍යාපෘතිය පෙරට ගෙන ඇත. ඒ ගැන විවේචනය කරන අය සුපුරුදු ආකාරයට දඩයම් කිරීම නැවත භාවිතයට ගෙන ඇත.

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය යන ජන ගීය සිහිපත් වන්නේ මෙවැනි පරිසරයක ය. අද රට මුහුණ දී ඇති මරණ තුන වන්නේ දේශපාලන ව්‍යවස්ථා අර්බුදය, ආර්ථික අර්බුදය සහ කොරෝනා වසංගතයයි. මෙම මරණ තුනෙන් එකකින් හෝ ගැලවීමට ස්ථිරසාර විසඳුම් මාර්ග නොමැතිව බලය ලබා ගැනීමේ පටු දේශපාලන වුවමනාවෙන් කටයුතු කරන නායකයන්ටත් ඔවුන් කෙරේ විශ්වාසය රඳවා ඇති ජනතාවටත් අවසානයේ අත්වන්නේ මරණය ද?

මහින්ද හත්තක -රාවය