Language Switcher

V2025

පොහොට්ටුවෙන් පිබිදෙන ඊළම - ආර්. සම්බන්ධන්ට පසු වදනක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පසුගිය පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ කතාව ජනවාරි 8 වෙනසින් පසුව ඇතිවුණු මෙරටේ දේශපාලන ගමන් මඟ තුළ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන්නකි.

මැතිවරණ ප්‍රතිඵලය

සිය ප්‍රකාශයේ ආරම්භයේදීම පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රථිපල ගැන නැවතත් සිහිපත් කරදෙන සම්බන්ධන් මහතා මෙහිදී පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව එකතු කළ බැලූ විට මේ පක්ෂ තුන එක්ව 45.99 % ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.69 % ක, එනම්, අනෙක් පක්ෂ තුන එකතු කළ විට එන ප්‍රතිශතයට වඩා 2 % ක් අඩුවෙන් ලබාගෙන ඇති බවත්ය.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණට 4.32 % ක ප්‍රතිශතයක්ද ද දෙමළ ජාතික සන්ධානයට 4.07 % ක ප්‍රතිශතයක්ද ද ලැබී ඇත. මෙම පක්ෂ දෙක ලබාගත් ඡන්ද ප්‍රතිශතයක්දයනුත්, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ තුන ලබාගත් ඡන්ද ප්‍රතිශතයක්දයන් එකතු කළහොත් එහි එකතුව 55.31 % ක් වන බවත්, තවත් අයුරකින් පවසන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහි පක්ෂ 55.31 % ක් ලබාගෙන ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන්නේ 44.69 % ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

වැදගත් ප්‍රශ්නයක් !

මෙම ඡන්ද ප්‍රථිපල සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කරන එතුමා ආණ්ඩුවේ අස්ථාවරත්වය ගැන වහසි බස් දොඩන පිරිසට අවධාරණය කර සිටින්නේ පාර්ලිමේන්තුව පිහිටවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රකාශිත වූ ඡන්ද වලින් බවය. ඒ නිසාම මෙරට පැවැත්වූ පළාත් පාලන මැතිවරණයක ප්‍රථිපල මත පදනම් වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීති පද්ධතිය වෙනස් කළ නොහැකි බැව් ද විපක්ෂ නායකවරයා පවසා සිටියි. ඉන්දිරා ගාන්ධි මැතිනිය මැතිවරණ ජයග්‍රහණය ගැන පවසමින් වරෙක පවසන්නේ මැතිවරණයකින් ජය ලැබීම හෝ පරාජය වීම, රටක් ශක්තිමත් කිරීමට යන ගමනේදී වඩා අඩු වැදගත්කමකින් යුතු කරුණක් වී ඇති බවයි.

මෛත්‍රී ප්‍රතිපත්තිය මතකද?

දිගු කාලයක් පුරා පැවති දූෂිත පාලනය පරාජය කිරීමට 2015 ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව යහපාලනය උදෙසා ජනවරමක් ලබාදීමට උත්සුක විය. එහිදී දශක තිහකටත් වඩා පැවති යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරේ මෙන්ම දකුණේ ජනතාව වෙනුවෙන් ද මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිතුමා ප්‍රතිඥාවක් ලබාදී සිටියේය. ඒ සංහිඳියාවයි. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බව දක්වා ඇත්තේ මෙලෙසිනි.

‘‘සංස්කෘතික හා ආගමික නිදහස හා සංහිඳියාව - මෙරට සියලු ජන කොටස් වලට ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගනිමින් තම සංස්කෘතිය, භාෂාව හා ආගම වර්ධනය කිරීමට හා සුරක්ෂිත කිරීමට ඇති අයිතිය තහවුරු කරමි."

අන්තවාදයට එරෙහි ප්‍රතිපත්තිය

අන්තවාදී ආගමික කල්ලි වල ක්‍රියාකාරිත්වය නිසා රට තුළ ආගමික නොසන්සුන්කම් වර්ධනය වෙමින් පවතී. මෙම තත්ත්වය තුළ අන්තවාදී කණ්ඩායම් අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වෙමින් සිය වැඩකටයුතු ව්‍යාප්ත කරමින් සිටිති.

මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා, සියලු ආගම් වල අන්තවාදී පිරිස් වලට ඉඩකඩ නොලැබෙන පරිදි ආගමික සහජීවනය වෙනුවෙන් ක්‍රියාකරන හා අන්තවාදයට එරෙහිව සෘජුව ක්‍රියාකරන ආගමික නායකයින්ගෙන් සමන්විත වන ප්‍රාදේශීය හා ජාතික මණ්ඩල ස්ථාපිත කරන්නෙමි. එම මණ්ඩල වලට ආගමික ස්ථාන ආශ්‍රිතව ගැටළු පිළිබඳ විමර්ශනය කර අවසන් නිගමන ලබාදීම සඳහා බලය පැවරේ. ප්‍රාදේශීය මණ්ඩල වලදී නිරාකරණය නොවන ගැටළු පිළිබඳ අවසන් තීරණය ජාතික මණ්ඩලය වෙත පැවරේ.

තවද ආගමික නිදහසට බාධා වන අයුරින් රාජ්‍ය නායකයාගේ පවුල් මෙහෙයවීමෙන් මෑත කාලයේදී සිදුකළ හා සිදුවූ අත්තනෝමතික ක්‍රියා , රටටත් ආගමටත් බරපතල අවමානයක් ගෙන දෙනු ලැබීය. එම තත්ත්වය වහාම වෙනස් කිරීම උදෙසා කඩිනම් පියවර ගන්නෙමි. ඒ අනුව, සියලු ආගම් වල ජනතාවට තමන්ගේ ආගමික ඇදහිලි සඳහා ඇති නිදහස සහතික කරන්නෙමි.‘‘ යන්නයි.

අන්තවාදී කල්ලි නාමාවලියට දේශපාලන පක්ෂත් එකතුවෙයි?

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති අන්තවාදී කල්ලි යන නාමය අතරට අන්තවාදී දේශපාලන පක්ෂ යන්න ද නුදුරේදීම ඇතුළත් කිරීමට සිදුවෙනු ඇතැයි යන ගැටළුව පැනනගින්නේ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණ සමයේදී ගෙනගිය ප්‍රචාරක වැඩපිළිවෙල තුළ ඔහු සිදුකළ ප්‍රකාශ විමසා බලන විටදීය. ආර්. සම්බන්ධන් මහතා සිය කතාවේදී උපුටා දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අතරතුර පැවසූ ප්‍රකාශයක් මෙහිදී නැවතත් සිහිපත් කළයුතුය.

යුද්ධය අවසන් කළ ජනාධිපතිට යුද්ධය නැතුව බැරිද ?

ඒ “මේ මැතිවරණයේ ප්‍රථිපල මත ඇතැම් විට දෙමළ ඊළම බිහිවෙන්න වුනත් පුළුවන්‘‘ යන්නයි. දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ තවදුරටත් ඊළමක් ගැන නොසිතන වටපිටාවක දකුණේ ජනතාවට නැගෙන ප්‍රශ්නය වී තිබෙන්නේ නැවතත් යුද්ධයක් අවශ්‍ය වී තිබෙන්නේ යුද්ධය අවසන් කළ ජනපතිටම දැයි යන්නයි. මෙහිදී දැකගත හැකි අතිශය ලැජ්ජා සහගත කරුණ වී තිබෙන්නේ ඔහු යළි සිය බලය පැතිරවීමට උත්සහ දරන්නේ පන්සල හා භික්ෂූව මූලික කරගත් සිංහල බෞද්ධ විඥානයක් පෙරටුකරගත් ජාතිකවාදී බලවේගයක් හරහා වීමයි. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට බලයට ඒමට නැවත අවශ්‍ය වී තිබෙන්නේ සිංහල ජාතිකවාදී බලවේග උත්තේජනය කර ඊට එරෙහි බලවේග තුළින් පැනනැගෙන අවිගත් නැගිටීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම හරහා දැයි යන්න මේ දෙස විමසිල්ලෙන් බලන කාට වුවද නැගෙන ප්‍රශ්නයකි.

සංඝ දේශපාලනය

වරෙක ප්‍රභාකරන් ඉන්දීය මාධ්‍යවේදිනී ඇනිටා ප්‍රතාප් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ, ‘වර්ගවාදී රාජ්‍යක් බිහිකිරීමට බෞද්ධ භික්ෂූන්ගේ උග්‍ර ජාතිවාදය දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා. සංඝයා වහන්සේලා මෙරට දේශපාලන ප්‍රවණතා නිර්මාණය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදී තිබෙනවා වගේම, සිංහල ජනතාව අතර දමිළ විරෝධී හැඟීම් ඇතිකිරීමට ඔවුන් දැඩි පෙළඹවීම් කර තිබෙනවා‘ යන්නයි. මේ වෑයම සංහිඳියාවේ නාමයෙන් ප්‍රභාකරන් වීරයෙකු කරවීමට දරන වෑයමක් නොව මීට දශක තුනකට පමණ පෙරදී උතුරේ අවිගත් කොටස් බෞද්ධ සංඝයා වහන්සේලාව, ඔවුන්ගේ ඇසින් දුටු ආකාරය ගැන පැවසීමට දරන ලද වෑයමක් පමණි.

යථාවත් වන යුද්ධයක් ගැන වූ රාජපක්ෂගේ සිහිනය

ක්‍රමයෙන් විකාශනය වී පැමිණි මේ සිංහල බෞද්ධ ජාතිකවාදී අදහස ‘මේ ගෞතම බුද්ධ රාජ්‍ය යයි ‘ යන්න යුධ ජයග්‍රහණයෙන් අනතුරුව දකුණෙන් උතුරට ඇදුණු රජයේ බස් රථ වල පවා එකල සුලබ දැකගත හැකිවූ ස්ටිකරයක් වීම තුළ පවා නැවතත් හඳුනාගත හැකිය. පසුගිය මැතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා යළිත් ආමන්ත්‍රණය කරන්නේ ඒ විඥානයටමය. යුද්ධය අවසන් කළ බවට ජනතා පැසසුම් ලබන පාලකයාම, යුද්ධයේ ගිනි පුපුරු අමතක නොකර යළිත් දිනෙක යථාවත් වන යුද්ධයක් ගැන වූ සිහිනය ප්‍රසිද්ධියේ දකින බව මෙමගින් දැකගත හැකිය. එවැනි පසුබිමක ඉන්දිරා ගාන්ධි මැතිනිය පැවසූවාක් මෙන් රට තුළ සිදුවන මැතිවරණ ජය, පරාජය රටක් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට නොදෙවෙනි කරුණු බව නැවතත් සිහිපත් කළයුතුවේ.

නැවතත් ඊළමක් බිහිවනු ඇති බවට පවසන මහින්ද රාජපක්ෂ මහතා ඊට හේතු වශයෙන් ගෙනහැර දක්වන්නේ, ‘ගොනුකරමින් පවතින නව ව්‍යවස්ථාවක ප්‍රථිපලය වශයෙන් එය සිදුවිය හැකි බවයි.‘

යෝජිත ව්‍යවස්ථාව ගැන වපුරණ මිත්‍යා අදහස

යෝජිත නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුතු මෙහෙයුම් කාරක සභාවක් පිහිටවනු ලැබූ අතර මේ අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආදීන් ද ඇතුළත්ය. මෙහෙයුම් කමිටුවට සහය දීම සඳහා අනු කාරක සභා 06 ක් පිහිටවූ අතර මෙහි රාජ්යද මුදල් අනුකාරක සභාවේ සභාපති වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මහතාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන නොදැනුවත්වී සිටින්නට කිසිසේත්ම හේතුවක් නැත.

රාජපක්ෂලාගේ දෙබිඩි හැසිරීම

මෙහිදී හාස්‍යට තුඩු දෙන කරුණ වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී ගන්නා තීරණ වලට සිය එකඟතාව පළකරන පිරිස් ජනතාව අතරට ගොස් මැතිවරණ වේදිකාවේදී වෙනත් මතවාද නිර්මාණය කිරීමයි. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ, ඔහු නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බෙදිය නොහැකි තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැන කතා කළ බවත්, උතුරේ හෝ නැගෙනහිර කොතැනකවත් රට බෙදීම ගැන වූ කිසිම ප්‍රචාරක වැඩපිළිවෙලක් නොකෙරුණු බවත්ය. එවැනි වාතාවරණයකදී මහින්ද රාජපක්ෂ මහතා ‘මේ ඡන්දයෙන් පසුව ඊළම නිර්මාණය වෙන බව‘ පැවසීම ආත්ම වංචාවක් මෙන්ම දකුණේ සිංහල ජනතාවට කළ වංචාවක් ද බව සම්බන්ධන් මහතා පවසයි.

පොහොට්ටුවේ පිපෙන දෙමළ ඊළම

සිය විශේෂ ප්‍රකාශය අවසන් කිරීමට මත්තෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ‘‘මම කැමතියි මේ රටේ සියලු දෙනාට දැනුම් දෙන්න, මේ වෛරී සහගත, ද්වේශ සහගත, සත්‍යයෙන් තොර, අසත්‍ය ප්‍රචාරණය කරන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පෙරමුණ පක්ෂය මේ න්‍යාය පත්‍රයම ඉදිරියට ගෙන ගියහොත් ඊළම බිහිවෙන්නේ ඔබලාගේ නෙළුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති. ඒ නිසා කරුණාකරලා ඒ වගේ අසත්‍ය . ප්‍රචාර තුළින් සිල්ලර වාසි ලබාගැනීමට ඔබට ඇති ආශාවන් මැඩපවත්වා ගන්න‘‘ යන්නයි.

මාර යුද්ධය සහ ධර්ම රාජ්‍ය

නිර්මාල් රංජිත් දේවසිරි මහතා New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka නමින් කළ පර්යේෂණයේදී පෙන්වා දෙන්නේ, 1956 දියත් වූ මහජන එක්සත් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් භික්ෂු පෙරමුණ ‘මාර යුද්ධය‘ නමින් ද, ජාතික හෙළ උරුමය 2004 දී ‘ධර්ම රාජ්‍යය ‘ නමින් ද සිය මැතිවරණ ව්‍යාපාරයේදී යොදාගත් බවයි. සැබැවින්ම, යුධ ජයග්‍රහණය පවා සිංහල බෞද්ධ දේශපාලන පරිකල්පනය හිමිකරගත් සුවිශේෂී ජයග්‍රහණයක් බව ඔහු සිය පර්යේෂණයේදී දක්වා ඇත. එසේනම්, මහින්ද රාජපක්ෂ මහතා නැවතත් උත්කර්ෂයට නංවන්නේ ඒ අදහසමය. සම්බන්ධන් මහතා පවසන අන්දමට පොදුජන පෙරමුණේ න්‍යාය පත්‍රය මෙලෙසම වුවහොත් නෙළුම් පොහොට්ටුව - ඊළම ලෙස පිපෙනු ඇත යන්න ද හුදෙක් පුහු අනාවැකියක්ම නොවනු ඇති බව නිසැකය.

ඒ පොහොට්ටුවේ සහ මේ පොහොට්ටුවේ වෙනස

මඩ ගොහුරුවක පිපෙන සැබෑ පොහොට්ටුවක් මඩ අතර නොගෑවේ. නමුත්, මහින්ද රාජපක්ෂ මහතා ගෙන එන්නට වැර දරන නෙළුම් පොහොට්ටුව වූ කලී සමස්ත රටම යළි යළිත් මඩ ගොහොරුවකට ඇද දමන්නක් වනු ඇත යන්න පැහැදිලිය. තවමත් රාජපක්ෂවාදීන් දකින්නේ ඒ වියරු සිහිනය බව සක් සුදක් සේ පැහැදිලි වන්නේ පසුගිය පෙබරවාරි 21 වන දින දියතලාවේ දී සිදුවූ පිපිරීමෙන් පවා යුද්ධයේ ගිනි පුපුරු මේ ආණ්ඩුව සමයේදී යළි ඉස්මතු වන පැවසීමට ඔවුන් ගත් උත්සහය තුළය.

නැවත ලේ ගලායාමට ඉඩදෙනවාද ?

එදා භාෂා පනත ගෙන එන අවස්ථාවේදී කොල්වින් ආර් ද සිල්වා මහතා පවසන්නේ, මෙහි ප්‍රථිපලයක් ලෙස ‘කුඩා එක් රාජ්‍යක් වෙනුවට දෙකඩ වීමෙන් ලේ ගලන රාජ්‍ය දෙකක් බිහිවිය හැකි බව‘ යි. ඉන් වසර කිහිපයකට පසු උතුරේ මෙන්ම දකුණේදී ද සිදුවූ ඒ ලේ ගැලීම් දුටු අප යළිත් එවැනි රටක් දැකීමට කිසිසේත්ම සූදානම් නැති බව පැහැදිලිවම පැවසිය යුතුය. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් පුබුදුවන්නට වෙර දරන නෙළුම් පොහොට්ටුවේ අනාගතය තීරණය කිරීම මේ රටේ බුද්ධිමත් ඡන්දදායකයින්ට භාරය.

වෙහෙසිය යුත්තේ කුමකටද ?

සිංහල බෞද්ධ ජනවිඥානය ගැන සඳහනක් කරන ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ප්‍රකාශයකින් මේ සටහනේ නිමාව සනිටුහන් කරනු කැමැත්තෙමි. සිංහල ජනවර්ගයාගේ විඥානය ජනවර්ගය, ආගම හා දේශය යන අංග තුනම එකට වෙලී තිබෙන අන්දමින් බැඳී ඇති අතර මේ නිසා හැමවිටම අන් ජනකොටස් වල අයිතීන් නැතිකර දැමීමට මෙන්ම මෙරට තුළ සිංහල බෞද්ධයින්ගේ අයිතීන් සුරැකීමට මෙම විඥානය යොමුවී ඇති බව ඇගේ විශ්වාසයයි. මෙහිලා යොදාගත හැකි විසඳුමක් ලෙස ඇය ඉදිරිපත් කරන්නේ මෙරට තුළ වාසය කරන සියලු ජනකොටස් සාධාරණත්වය හා සමානාත්මතාව මත පදනම් වූ එකමුතු සමාජයක් ලෙස සිය කැමැත්තෙන්ම ජීවත්වීමට නම් සිංහල බෞද්ධ විඥානයේ පටු අදහස් ඉක්මවා යන ශ්‍රී ලාංකීය විඥානයක් බිහිවිය යුතු බවයි.