Language Switcher

V2025

යහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (2)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංකීර්ණ ප‍්‍රශ්නවලට සරළ උත්තර නැත. එහෙත් යම් සරළ තැනකින් පටන්ගත යුතුව තිබේ. එම ආරම්භය කෙතරම් සරළ එකක් විය හැකිව තිබිණි ද යත්, මුලින් එය තමන්ට නොවැටහුණේ මන්ද යන විමතියක් පවා, ආපසු ඒ දෙස හැරී බලද්දී කෙනෙකු තුළ ඇති විය හැකිය. පසුගිය රජය සමයේ සිදු වී යැයි කියන දූෂණ ක‍්‍රියා සහ අපරාධවලට සම්බන්ධ කිසිවෙකු, පවතින අධිකරණ ක‍්‍රමය තුළ කිසි දවසක නීතිය ඉදිරියට පැමිණවීමේ සහ නිවැරදිකරුවන් නම් නිදහස් කොට, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමේ හැකියාවක් නැති බවත්, ඒ සඳහා විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවත්, මේ ආණ්ඩුව බලයට පත්වී මාස හයක් ගතවීමටත් කලින් සිවිල් සංවිධාන විසින් රජයට පෙන්වා දෙන ලදි. එදා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙන්නාම, එම යෝජනාව එකහෙලා පිළිගත්හ.

මෙය, සංකීර්ණ ප‍්‍රශ්නයකට අත ගැසීමේ සරළ ආරම්භයක් විය හැකිව තිබුණි. ඒ සරළ ආරම්භය සඳහා මේ ආණ්ඩුවට අවුරුදු තුනහමාරක් ගියේය. අවුරුදු 23 ක කාලයක් තුළ ලංකාවේ අල්ලස් කොමිසම දූෂණ සිදුවීම් 75 ක් අධිකරණය ඉදිරියේ ගොනු කොට ඇතැයි කියැවේ. එහෙත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැන් පවසන පරිදි ඒ අතරින් වැරදිකරුවන් කිරීමට හැකියාව ලැබී ඇත්තේ 4 දෙනෙකු පමණි. පවතින ක‍්‍රමය තුළ, ශත වර්ෂ කාලකට ආසන්න කාලයක් තිස්සේ කළ හැකිව තිබී ඇත්තේ එපමණි. ප‍්‍රශ්නය මොන තරම් සංකීර්ණ ද යන්න එයින් පෙනේ.   නීතිය පසිඳලීමේ ආයතන ව්‍යුහය දූෂිතව ඇති බව පැහැදිළිව පෙනෙන්ට ඇති කාරණයකි. එම ව්‍යුහය තුළ, බලපුළුවන්කාර කමට විශේෂ රැකවරණයක්, නීතියට පිටින් නොව, නීත්‍යානුකූලවම ලබා ගත හැකිය. බැසිල් රාජපක්ෂගේ දූෂිත ක‍්‍රියා පිළිබඳ නඩු මාස හත අට වැනි දීර්ඝ කාලවලින් කල් තැබෙන්නේත්, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම අධිකරණය මගින්ම වළක්වනු ලබන්නේත්, මහජන ආයතනයක් වන සතොස පොදු දේපල ගණයට නොවැටෙන බවට තීන්දු කොට මහින්දානන්ද අලූත්ගමගේට ඇප ලබා දීමට අධිකරණයක් මගින්ම තීන්දු කරන්නේත්, එකී නෛතික හිඩැස් පාවිච්චියට ගනිමිනි. 

මීට අමතරව, පිළිගත් සම්මතයන් ගණනාවක් ද මේ ක‍්‍රමය විසින්ම බිහි කොට හදාවඩා ගනු ලැබේ. ඒවා බැලූ බැල්මට අහිංසක ය. පසුගිය සතියේ උතුරේ අධිකරණ ශාලාවක, භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් සුදු රෙදි ඇතිරූ විශේෂ ආසනයක් විනිසුරුවරයාගේම නියෝග මත පනවා තිබුණු බව මාධ්‍ය වාර්තා කෙළේය. එවැන්නක් විවේචනය කළ හැක්කේ මොන බෞද්ධයාටද? ඊටත් වඩා අර උතුරේ විනිසුරුවරයා හින්දු භක්තිකයෙකුත් වන විට, එම ක‍්‍රියාව තවත් ‘ගෞරවාන්විත’ වන බවක්, සැදැහැවත් බෞද්ධයන්ට හැඟෙ. එහෙත්, එම විශේෂ සැලකිල්ල අතු-ඉති ලා වැඩෙන විට, එය සමස්ත යුක්ති ධර්මයේ මූලික ධර්මතාවක් මහ පරිමාණව උල්ලංඝණය කෙරෙන තත්වයට කාලයාගේ ඇවෑමෙන් පත්වන බව යම් අවස්ථාවකදී අපට පෙනෙන්ට පටන් ගනී. භික්ෂුවක් නොවන, ගෝඨාභය, බැසිල් සහ අලූත්ගමගේ වැනි දේශපාලනික ගිහියෙකු අර කියන උතුරේ විශේෂ ආසනය ලද භික්ෂූන් වහන්සේගේ වරප‍්‍රසාදය වෙනත් මුහුණුවරකින් භුක්ති විඳින විට අපි කෑකෝගසමු. 

පසුගිය දිනවල, එක් තරුණ නීතිඥවරියක් ලංකාවේ අධිකරණයේ සහ පොලීසියේ දූෂණ පිළිබඳව කරන ලද විවෘත වූත්, එඩිතර වූත් විවේචනයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල මුල් තැනක් ගත්තේය. ඇය කියා සිටියේ, නීතිය ඉදිරියේ සමානත්වය කෙලසී ඇති බවයි. එක් විනිසුරුවරයෙකු හැන්දෑවට ගෙදරදී නොව, නඩු ඇසීමට නියමිත මොහොත් අධිකරණ ශාලාවේදීම බීමත්ව සිටි බවට ඈ චෝදනා කළාය. පසුගිය දා මේ නීතිඥවරිය පැයට කිලෝ මීටර් 117 ක වේගයෙන් රිය පැදවීමේ වරදට පොලීසියෙන් අල්ලා උසාවියට ඉදිරිපත් කරන ලදි. මේ නඩුව විභාගයට ගත් විනිසුරුවරයා නඩුව අසන අවස්ථාවේ බීමත්ව සිටි බවක් වාර්තාගතව නැත. එහෙත්, ඇය නීතිඥවරියක් ය යන කාරණය සැලකිල්ලට ගෙන, වරදට අවවාද කොට ඇගේ වරදින් ඇයව නිදහස් කිරීමට ඔහු පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. දැන්, ඇයම මීට සතියකට කලින් නිර්දය විවේචනයට ලක් කළ අර කියන දූෂිත ක‍්‍රමය තුළ ඇයම ප‍්‍රතිලාභිනියක් වී තිබීම ඇය විග‍්‍රහ කර ගනු ඇත්තේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි. 

මේ සියලූ කරුණු මා ගෙනහැර පෑවේ සුද්ද කිරීම මොන තරම් සංකීර්ණ සහ දුෂ්කර කාර්යයක් විය හැකිද යන්න පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමටයි. දේශපාලනික බලය පිළිබඳ කාරණය මගින් ඇති කෙරෙන මහ පරිමාණ ¥ෂණය සහ බලයේ අවභාවිතය එන්නේ මේ පරිසරය තුළයි. යහපාලකයන් ඒ ගැන යම් අවතක්සේරුවක සිටියේ යැයි මම සිතමි.  

ඊට අමතරව, තවත් සාධක දෙකක් තිබුණි. මේ රචනාව ආරම්භයේ දී කී පරිදි, ඒවා නම්, නියාලූව සහ උවමනාවයි. නියාලූව යන්නෙන් මා අදහස් කරන දේ පැහැදිළි කිරීම සඳහා එක උදාහරණයක් සෑහේ. යුද්ධය ජය ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගේ ප‍්‍රශ්නයට විසඳුමක් ඇත්තේ ආර්ථික සංවර්ධනය තුළ යැයි රාජපක්ෂලා විශ්වාස කළහ. ඒ අනුව, එම ජනතාවගේ ජාතික සහ සංස්කෘතික අවශ්‍යතාවන් හේතුවෙන් මතුව තිබූ දේශපාලනික ප‍්‍රශ්නය නොතකා, ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතාවන්ට මුල් තැන දීම පිළිතුරක් වෙතැයි රාජපක්ෂලා සිතූහ. ඒ ආකාරයෙන්ම රනිල් වික‍්‍රමසිංහත්, 2015 ජනවාරියේ දුන් ප‍්‍රධාන පොරොන්දුවක්, එනම්, දූෂණය සහ භීෂණය පිළිබඳ අතීත උරුමය පිළිබඳ වගවීම, වර්තමානයේ කඩිනමින් ඇති කිරීමට අපේක්ෂා කළ සමස්ත සීග‍්‍ර ආර්ථික සංවර්ධනයක් තුළ ඉබේ විසඳී යනු ඇතැයි හෝ මැකී යනු ඇතැයි සිතීය. ඔහු හොරුන් පස්සේ පැන්නුවේ නැත. රාජපක්ෂ සමයේ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම වැළැක්වීම සඳහා මැදිහත් වූ බවට නිශ්චිත සාක්ෂි නැතත්, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහි ධජය ඔහු අතට ගත්තේ නැත. විටෙක එය සාගල රත්නායකට දී අහක බලාගෙන සිටි අතර දැන් එය රංජිත මද්දුම බණ්ඩාරට දී අහක බලාගෙන සිටී.   මේ සාධක දෙකම, එනම්, අවතක්සේරුව සහ නියාලූව, බුද්ධිමය ඌනතාවක් නිසා මෙන්ම, අවසානයේ කියන ලද යම් ‘උවමනාවක්’ නිසා ද සිදුවිය හැකිය. මා සිතන පරිදි, අපට මේ වගේ ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු ලැබීම පසුපස ඒ කියන උවමනාව පිළිබඳ සාධකය අපට මුණගැසේ. ඔවුන්ගේ උවමනාව කුමක්ද? රාජපක්ෂ අතීතයෙන් කැඞී වෙන්වීමේ උවමනාවක් හෝ හැකියාවක් දෙන්නාගෙන් එක් කෙනෙකුටවත් නැති වීම එහිදී කැපී පෙනෙන ලක්ෂණයකි. එදා, විශේෂ අධිකරණයක අවශ්‍යතාව පිළිගෙන තිබියදීත්, ඒ සඳහා අවුරුදු තුනහමාරක් කා දමා ඇත්තේ, අන් සියල්ලට වඩා, අර කී උවමනාව නැති කම නිසා ය. තවත් නිදසුනකින් දක්වතොත්, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මෙතරම් පමා වී ඇත්තේ, මේ නායකයන් දෙන්නාටම එසේ කිරීමේ උවමනාවක් නොතිබුණු තත්වය තුළ ය.
 
2015 ජනවාරියේ ලංකාවේ පළමු වරට මැන්ඬේලා කෙනෙකු පිළිබඳ අපේක්ෂා දැල්වුණි. ඊට කලින් එවැනි අපේක්ෂාවක් ඇති කර ගැනීමට තරම් හේතුවක් තිබී නැත. හේතුව, පක්ෂ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන දේශපාලඥයන් මිස ජාතික න්‍යාය පත‍්‍රයක් උඩ කටයුතු කරන රාජ්‍ය තාන්ත‍්‍රිකයන් අපට නොසිටීමයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයා යනු, තියුණු දැක්මක් සහ ඒ මත පදනම් වූ කැපවීමක් සහිත පුද්ගලයෙකි. ඒ දැක්ම සහ කැපවීම තුළ, ඔහු/ඇය පෙනී සිටින්නේ පක්ෂයක් වෙනුවෙන් නොව, රටක් වෙනුවෙනි. ඔහු/ඇය සූදානම් වන්නේ ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් නොව, ඉදිරි පරම්පරාවක් වෙනුවෙනි. ඔහු/ඇය අපේක්ෂා කරන්නේ තමා සහ තම පවුලේ උන්නතිය නොව, රටේ සමස්ත වර්ගයාගේ උන්නතියයි.
මේ කියන ‘දැක්ම’ නොතිබීම සිදුවන්නේ, එක්කෝ බුද්ධිමය පරිචයක් එම පුද්ගලයාට නැති කම නිසා ය. නැත්නම්, එවැනි දැක්මක පිහිටා කටයුතු කිරීමට, පවතින දේශපාලනික තත්වයන් විසින් ඉඩක් ලබා නොදෙන නිසා ය. එසේත් නැත්නම්, ඒ දෙකම නිසා ය. නිදහසෙන් පසුව, බොහෝ කොට, බුද්ධිමය පරිචයක් නැති කමට වඩා තීරණාත්මක වී ඇත්තේ, පවතින දේශපාලනික තත්වයන්ට දේශපාලඥයා යට වීම හෝ බිළි වීමයි. එක් උදාහරණයක් වන්නේ, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ය. තවත් උදාහරණයක් වන්නේ, සම්භාව්‍ය සම්ප‍්‍රදායික වාම දේශපාලනයයි. බණ්ඩාරනායක ‘පැය විසි හතරෙන්’ සිංහලය රාජ්‍ය භාෂාව කෙළේය. කොල්වින් ආර්. ද සිල්වා 1972 ජනරජ ව්‍යවස්ථාවට පළමු වරට ආගමක් ඇතුල් කෙළේය. මහ ජාතියේ භාෂාව සහ මහ ජාතියේ ආගම, රටේ ඉදිරි මග නිශ්චය කිරීමේ ප‍්‍රධාන සාධක දෙක බවට පත්කරන ඒ දෙන්නාගෙන් කෙනෙක්, ලිබරල් ජාතිකවාදියෙකි. අනෙකා, ට්‍රොට්ස්කිවාදී මාක්ස්වාදියෙකි. දෙන්නාම දේශපාලනික පරිචයෙන් අනූන වූවන් බවට සැක නැත.

දේශපාලඥයෙකුට රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වීමට ඉඩ නොදෙන තත්වයන් කවරේ ද? ඊට හේතු වන විවිධ කාරණා ඇතත්, අපේ විෂය කාරණයට අදාළව ප‍්‍රධාන වන්නේ, තමා බලයට පත්වන පක්ෂයේ නායකයා තමාම වීම තුළ, එම පක්ෂයේ න්‍යාය පත‍්‍රයට යට වීමේ වගකීමක් බලයට පත්වීමෙන් පසුව එම පුද්ගලයාට පැවරීමයි. සමහර විට ඞී. ඇස්. සේනානායක හැරුණු කොට, මහින්ද රාජපක්ෂ දක්වා බලයට පත්වූවන් සම්බන්ධයෙන් එය අපට දැක ගත හැකි විය. එවැනි නායකයෙකුට තම පක්ෂය සහ පාක්ෂිකයා වෙනුවෙන් පැවරෙන වගකීමක් තිබේ. බලයට පත්වූ නායකයා වශයෙන් ඔහු දරණ එම පාක්ෂික වගකීම සහ රට වෙනුවෙන් ඔහුට ඇති ජාතික වගකීම එකිනෙක හා ගැටීමට වැඩි කල් නොයයි.
එහෙත් ලංකාවේ පළමු වරට, මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු බලයට පත්වන්නේ එවැනි පක්ෂයක නායකයෙකු වශයෙන් නොවේ. ඔහු ඇත්තෙන්ම, පක්ෂයෙන් ‘අබිනික්මන්’ කළ කෙනෙකි. පක්ෂය නැමැති ගිහිගෙය අතහැර පැමිණි කෙනෙකි. ඒ නිසාම, පෘථග්ජන කුටුම්බ බැඳීම්වලින් මිදී, ‘බවුන් වැඞීමේ’ හැකියාවක් ඔහුට තිබුණි. ඒ නිසාම දෝ, තමා බලයට පත්වූ පසුව තමන් ‘නිර්පාක්ෂික’ වන බවත්, බලයට පත්වීමට පෙර ඔහු නොයෙක් වර කියා තිබේ. ඇත්තෙන්ම, අර කියන පක්ෂ කදමල්ල ඔහුගේ කරේ නොතිබීම, ඉතා පහසුවෙන්ම, රාජ්‍ය තාන්ත‍්‍රිකයා බවට පත්වීමට අවශ්‍ය කරන එක් වැදගත් මූලික සුදුසුකමක් ඔහුට ඉබේම පවරා දුනි. මහා ජිම්කානා දිනා ගත් සමහරු අගුපිල්වල හිඟන්නන් සේ මියගිය කතා මා අසා තිබේ. අපේ මැන්ඬේලා එතරම් අවාසනාවන්ත නැතත්, රටක් වශයෙන් අප ඊට කිට්ටු අවාසනාවකට අද පත්ව ඇද්දෝ යන කුකුස මට තිබේ. (ඉතිරිය ඊළඟට)

ගාමිණී වියන්ගොඩ