Language Switcher

V2025

රට කරවන්න නම් "ගම්පෙරළිය" යුතුව ඇතේ ! 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කොග්ගල මහා ප්‍රාඥයා හෙවත් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් එදා ගම්පෙරළිය ලිව්වේ ලෝක ආර්ථික සමාජයීය වෙනස්වීම්වලට ලංකාවේ ගම වෙනස්වුණේ කෙසේද කියාය. ‘බමුණු කුලයේ බිඳවැටීම’ ගැන උදම් ඇනූ වික්‍රමසිංහ ශූරීන් කිසිවිටක ගම්පෙරළිය තුලින් එදා සමාජ විපර්යාසය හෑල්ලුකලේ හෝ ප්‍රතික්ෂේප කලේ නැත.

ඔහු හැමවිටම එහි ධනාත්මක ලක්ෂණ ඉස්මතු කිරීමට උත්සහගත් අයුරු අප කියවා ඇත.

විවෘත මනසින් බලන්න 

වත්මන් ආණ්ඩුවද ගම්පෙරළිය නමින් වැඩසටහනක් ආරම්භකර ඇති අතර රටතුල ඕනෑම හොඳ වැඩක් හෝ නරක වැඩක් එකම කණ්ණාඩියෙන් දකිනවාට වඩා ඕනෑම සාධකයක ධනාත්මක සහ සෘණාත්මක ලක්ෂණ පමණක් නොව, ඒවායේ වර්තමාන, අනාගත මෙන්ම තිරසාර ඉලක්කයන් දිහා සංවේදී මෙන්ම විවෘත මනසකින් බැලිය යුතු කාලය එළඹ ඇත. එහෙත් අපි සමාජයක් ලෙස, රටක් ලෙස එවැනි විවෘත මනසකින් බැලිය හැකි මිනිසුන් පිරිසක් දක්වා දියුණුවි නැත. යටත් විජත සමයේ පවා අත නොහැරුනු වැඩවසම් මානසිකත්වය යටතේ ඕනෑම කොරහක කිඹුල්ලු දකින ජනතාව විවෘත මනසකින් බැලීම යන කෙම්බිම දක්වා දක්කාගෙන යන්නේ කෙසේද යන්න අපි දීර්ඝකාලීනව සිතාබැලිය යුතු යමකි.

ගම පෙරළිය යුත්තේ ඇයි ?

මුලින්ම සිතා බැලිය යුත්තේ ඇත්තටම ලංකාවේ ගම පෙරළිය යුතුය යන්නය.  ශ්‍රී ලංකාව නැමති සශ්‍රීක දූපත් රාජ්‍යයේ ජනගහනයෙන් 77%ක් ම ජීවත් වන්නේ ගම්බදවය. 18% ක් නගරබද දිවිගෙවන අතර වතුආශ්‍රිතව 5%ක් ජීවත්වේ. සැබෑ ලෙසම මේ වතු ආශ්‍රිත ජනතාවගේ ජීවන රටාවද වඩාත් ලඟ ගම්බද ලක්ෂණවලටය. එබැවින් ලංකාවේ ජනගහනයෙන් 82% නැතිනම් 5න් 4ක් ම ජීවත්වෙන්නේ ගම්බදවය. එසේනම් නගර ඉලක්ක කරගෙන සිදුකල, සිදුකරන හෝ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට සමස්ත බලපෑමක් සිදු නොවන බව තේරුම් ගන්නට ඕනෑම පොඩි එකෙකුට හැකියාව ඇත.

එසේම ගම අමතක කර සිදුකරන සංවර්ධනයෙන් පලක් නැතිවාක් සේම එයින් සිදුවන්නේ නගරය සහ ගම අතර ආර්ථික,සමාජයීය මෙන්ම සංස්කෘතික වශයෙන් බරපතල විෂමතාවයන් නිර්මාණය වීමය. මේ විෂමතාවයන් හේතුවෙන් ග්‍රාමීය ජනතාව තුල කෙමෙන් වර්ධනය වන අසහනකාරී වාතාවරණය යම්කිසි දිනක උඩුදුවා පුපුරා යන බව මෙරට මෙතෙක් පාලනය කල පාලකයන්ගෙන් අවබෝධ කරගත්තේ කීයෙන් කී දෙනෙක්ද යන්න ගැටළුවකි.

ග්‍රාමීය සංවර්ධනයේ උපායමාර්ගික වැදගත්කම 

එදා ගල්ඔය ව්‍යාපාරයේ පටන් මොරගහකන්ද දක්වාද. ඒ අතර දීර්ඝකාලීනව ක්‍රියාත්මකවුණු මහවැලි ව්‍යාපාරය වැන සංවර්ධන ව්‍යාපෘතිවලද ප්‍රධාන ඉලක්කය වූයේ ග්‍රාමීය සංවර්ධනයයි. ග්‍රාමීයව සිදුවන සංවර්ධනය තුලින් රටක් ලෙස සංවර්ධනය වීමේ ලක්ෂණ පැහැදිලිය. ලෝකයේ සංවර්ධිත ඕනෑම රටක පසුගිය දශක කීපයේ සංවර්ධන සැලැස්ම අධ්‍යයනය කලහොත් පොදු ලක්ෂණය වන්නේ ගම හදා රට හැදීම මිස නගරය හදා රට හැදීම නොවේය. ඒ මන්දයත් ගම සංවර්ධනය වනවිට ඒ හරහා ඉබේම නගරය සංවර්ධනය වන අතර ජනතාවගේ ජීවන තත්වය උසස්වීම හරහා සමස්ත සංවර්ධනයකට මගපෑදීමය.

පසුගිය ආණ්ඩු කීපයම මේ කාරණය තේරුම්ගෙන තිබුණත් අවාසනාවකට දේශපාලන වාසි, මහා පරිමාණ මූල්‍ය වංචා, නුසුදුසු උපදේශකයන්ගේ වහසිබස්, ජනතාවගේ අවබෝධයේ මදිකම නිසා සංවර්ධනය සිදුවූයේ තැනින් තැන, විටින් විට, කඩින් කඩය. එවැනි සංවර්ධන යෝජනා තුලින් කිසිඳුකලෙක තිරසාර සංවර්ධනයක් අපේක්ෂාකල නොහැකිය. තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) වෙත යන අපි එවැනි අමන සංවර්ධන යෝජනා ක්‍රමවලින් ණය උගුල්වලට හිරවීම, ආර්ථික අගාධයන්ට වැටීම, ස්වදේශීය නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීම වනි තත්වයන්ට මුහුණදුන්නා මිස ධනාත්මක යමක් සිදුවී නැත. එහෙත් අපේ ඇස් ඉදිරිපිටින් නගරයේ ඉහළට නැගුණු බහුජාතික සමාගම්වල කොන්ක්‍රීට් බිල්ඩින් වලින් සහ අවබෝධයක් නැති ජනතාවගේ විසින් ඉලක්ක කරගෙන තැනින් තැන ඉදිවුණු සංවර්ධන සැකිලි වලින් පෙරකී අගාධයන් වැසීගිය බව අපි අදවත් අවබෝධ කරගත යුතුය.

මීට දශකයකට පෙර කාලයේ ලෝකයේ බොහෝ මැදි ආදායම් රටවල් සංවර්ධිත රටක හීනය දකින්නට පටන්ගත්තේ එකම එක සංකල්පයක් හරහාය. එනම් ‘ප්‍රාදේශීය සංවර්ධනයයි’ (Regional Development) මේ සංකල්පය ලෙහෙසි පහසු එකක් නොවෙනවා සේම එහි ප්‍රතිඵලද සර්වකාලීන සහ රටේ සියලුම ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන සිදුවන දැවැන්ත වැඩපිළිවෙලකි. එසේම එය දීර්ඝකාලීනය. ලංකාවේ එවැන්නකට ඉඩක් නොතිබුණා සේම දේශපාලන වාසිවලින් අන්ධව සිටි පාලකයන්ට එවැනි එක් සැලැස්මක් මත රටේ ආර්ථිකය ගොඩනැගීමේ වුවමනාවක් තිබූ බවද නොපෙනුනි.

ප්‍රාදේශීය සංවර්ධනය නැමති සංකල්පය හරහා ව්‍යවසායකත්වය, නව්‍යකරණය, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික යෝජනාක්‍රම, අධ්‍යාපනය, සමාජ සංවර්ධනය, ආකල්ප වර්ධනය වැනි පුළුල් ක්ෂේත්‍රයන් ගණනාවක් හරහා ඒකාබද්ධ සැලැස්මක් යටතේ රටක ගම්බද ප්‍රදේශ නගාසිටුවීම සිදුවන අතර ඒ හරහා සිදුවන ආර්ථික,සමාජයීය සහ සංස්කෘතික පිබිදීම හරහා සමස්ත ආර්ථික ඉලක්ක වෙත ගමන් කිරීම සිදුවුණි.

ගම්පෙරලිය සහ Enterprise Sri Lanka 

සැබෑ ලෙසටම වත්මන් ආන්ඩුවේ ගම්පෙරලිය සහ Enterprise Sri Lanka වැඩපිළිවෙල හරහා ආරම්භවෙන්නේ පෙරකී ප්‍රාදේශීය සංවර්ධනය නැමති මහා සංකල්පය ඉලක්ක කරගත් දැවැන්ත වැඩපිළිවෙලේ මූලික පියවර බව අවබෝධකරගත යුතුය. ජනාධිපතිවරණයක් ආසන්නයේ තබාගෙන ආන්ඩුවක් මෙවැනි වැඩපිළිවෙලකට කිසිසේත්ම අතගසා අවදානමක් ගන්නට නොසිතන මොහොතක දේශපාලනික ජයග්‍රහණයකට එහා ගිය තිරසාර සංවර්ධන හීනයක් පිළිබඳ සැබෑ ලෙසම කැක්කුමක් ඇතිව මේ යෝජනා ක්‍රමයන් ආරම්භවූවානම් එය ඉතා ඉහළින් අගයකල යුතුය. 

එසේම මේ ලිපියේ මුලම කිවාක් මෙන්ම එවැනි සංවර්ධනයක මුල් පියවරයන් යහපත් ලෙස අවබෝධ කරගැනීමට තරම් ඥානයක් ජනතාව තුල නැතිවීම එක්පැත්තකින් දුකට කරුණකි. ඥානයක් නැතිවාට වඩා අදූරදර්ශී සහ පසුගාමී දේශපාලන චරිත සිය බලය සහ ධනය රැකගැනීමට ජනතාවගේ ඥානය වේගයෙන් මොටකරමින් සිටින වකවානුවක රට රටවලින් ලැබුණු සල්ලි මිටිවලට කටඅරින මාධ්‍ය ආයතන සිදුකරන්නේද ජනතාවගේ බුද්ධියට කොකා පෙන්නා ඥානය මොට කිරීමය.

කොන්ක්‍රීට් සංවර්ධනයේ ප්‍රතිවිපාක 

පැහැදිලිවම අවබෝධකරගත යුතු කරුණනම් ලංකාවේ ගම්බද 82%ක් වන ජනතාවට ඇති පොදු ගැටළුවලට විසඳුම් සෙවීමකින් තොරව කොන්ක්‍රීට් සංවර්ධනයක් සිදුකර ප්‍රතිඵලයක් නැත යන්නය. ගමේ කාන්තාවට, පිරිමියාට ප්‍රමාණවත් ආදායම් මාර්ග තිබිය යුතුය, ගම්බදව ඇති සශ්‍රීක සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කරගෙන ආදායම් ඉපයීමට ගැමි ජනතාවට මාර්ගය පෙන්වීම මෙන්ම උපකාර කිරීමද කල යුතුය. එවිට තමන්ගේ ආර්ථික ප්‍රශ්න අඩුවූ විට ගම්බද ජනතාව ඊළගට උත්සහ කරන්නේ තමන්ගේ ජීවන තත්වය වර්ධනය කරගැනීමටයි. නිවාස, ඉඩම් සංවර්ධය කරගැනීමට ඔවුන්ට හැකිවන්නේ ඔවුන්ගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳුනු පසුවය. එතනදී ගැමි ජනතාව තමන්ගේ ජීවන තත්වය පොදුවේ ඉහළ නංවා ගනිද්දි රජයක් ලෙස ග්‍රාමීය යටිතලපහසුකම් ඇතුලු දායකත්වයන් ලබාදීමට ඉදිරිපත්වනවානම් සැලකිය යුතු කාලයකදී ගම සංවර්ධනය කිරිම මහලොකු ගැටළුවක් නොවේය.

ගම සංවර්ධනය වනවිට, ග්‍රාමීය ආර්ථිකය තුල ආදායම් උත්පාදනය සහ පහසුකම් පවතින විට ගම අතහැර නගරයට ගොස් නානාවිධ දුක්විඳින ගැමියාට එසේකිරීමට සිදුනොවේ. විශේෂයෙන්ම ගම්බද කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනයවීම හරහා පවුලේ ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට ලැබෙන්නේද මහත් ශක්තියකි. එමෙන්ම ගෘහමූලිකයා සහ පිරිමි ප්‍රජාව නගරය තුල නොව ගම තුල රැඳෙද්දි පවුලට මෙන්ම ගම්පළාතටම ශ්‍රම සම්පතේ සිට තවත් බොහෝ ප්‍රතිලාභ ගමතුලම රඳවාගෙන ප්‍රාදේශිය සංවර්ධනයට අවශ්‍ය මූලිකම ශක්තිය ලබාගත හැකිය.

රටවල් තුනක අත්දැකීම 

ගම හැදෙන විට, ගමේ ජනතාවගේ ආර්ථික ශක්තිය,ජීවන තත්වය නැගීඑන විට නගරය තුල සීමිත සම්පත ප්‍රමාණයකට පොරබදින ජනතා යුද්ධයට අස්වැසිල්ලක් ඉබේම ලැබේ. එවිට නගරය තුල ආර්ථික වටපිටාව මීට වඩා ලිහිල් සහ පුරෝගාමී තත්වයකට ගෙනයාමකට අවශ්‍ය ආර්ථික යෝජනා ක්‍රියාත්මකවිය යුතුය. ගම සහ නගරය දෙකම නැගෙන විට රටක් ලෙස ඉබේම ඉදිරියට යාම සිදුවේ. සිංගප්පූරුව, මැලේසියාව හැදුනේ මෙසේය. අද තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය හැදෙන්නේත් මෙසේය. මේ යථාර්ථය තේරුම්ගත යුතුය. හැමදේටම විරුද්ධවනවාට වඩා යහපත් දේට දෑතම ඔසවා සහය දිය යුතුය. ගම හැදුනොත් රට හැදේ, රට හැදුනොත් හොඳ වෙන්නේ දේශපාලනඥයන්ට පමණක් නොවේය, පොදු මහජනතාවටද එහි මහර්ඝ ප්‍රතිඵල ලැබේ.

ගම යන අතින් කියවෙන රට යන අත 

රට ණය උගුලක හිරවී සිටයදී රජයට වෙනත් ආදායම් මාර්ගද නොමැතිනම් බදු වැඩිකරනවා ඇරෙන්නට ආණ්ඩුවකට කරන්නට පුළුවන් කෙහෙල් මලක් නැත. ගෙදර සල්ලි නැතිවූ විට මොකක්හරි කරලා කීයක් හරි හොයාගෙන එන්නම් කියා ගෙදරින් එළියට බහින ගෘහ මූලිකයාගේ භූමිකාවට රජයකට යා නොහැකිය. නමුත් රටක නිෂ්පාදන ආර්ථිකය සහ ග්‍රාමීය ආර්ථිිකය සවිමත් වනවිට රටේ අයවැය හිඟය අඩුවිය යුතුමය. එයට හේතුව රටතුල සම්පත් පරිභෝජනයෙන් ආදායම් ඉපයීම නිස දළ දේශීය නිෂ්පාදනය සහ රාජ්‍ය ආදායම වර්ධනය වේ. අනිත් පැත්තෙන් රටට අවශ්‍ය දේ රට තුල නිපදවෙනවිට, නැතිනම් ප්‍රජාවගේ අවශ්‍යතා ප්‍රජාව තුලින්ම තෘප්තවනවිට ආනයනයන් සීමාවීම හරහා රටතුලින් පිටව යන මුදල් ප්‍රමාණය අඩුවීම මත රටේ වියදම් අඩුවේ. වියදම් අඩුවී ආදායම් වැඩිවෙන විට අයවැය හිඟය අඩුවේ. අයවැය හිඟය අඩුවන විට ජනතාව සූරාකන බදු ඉවත්කිරීමට රජයකට හැකියාව ඇත. එය හිතනා තරම් ලේසි නොවුනත් සිදුවිය යුත්තේ එයයි. ඒ නිසා මේ රජය උත්සහකරන පළමු පියවරට පයින් ගසනවාට වඩා එයින් ප්‍රතිලාභ ලාබාගෙන දියුණුවන ජනතාවක් බවට පත්වීමට අපේ රටේ මිනිසුන් දේශපාලන පක්ෂ භේදයකින් තොරව හුරුවිය යුතු කාලය එළඹ ඇත.

ගම්පෙරළියෙන්  චින්තන පෙරළියට 

ප්‍රධාන වශයෙන්ම ගමේ පෙරළිය යුතුම දෙයක් ඇත. එනම් පසුගාමී,වැඩවසම්,අන්තගාමී සහ ජාතිවාදය පෙරටුගරගත් සෘණාත්මක ආකල්පයයි. ඒ සෘණාත්මක ආකල්පයන් ඔස්සේ උඩුදුවා ඇති ගැටළු කාලයක් තිස්සේ මේ භුමියේ පැලවී සාපයන් සේ වැඩී ඇත. ඒවා මුලින් උපුටා දමා මේ භූමියේ නැවුම් පස තුල ධනාත්මක සිතිවිලි වලින් පුරෝගාමීව, නව චින්තනයකින්, විවෘතව සහ සමානාත්මකව මෙන්ම සහෝදරත්වයෙන් පෙරට යන ජනතාවක් බිහිකරන්නට ගම පෙරළිය යුතුමය.

ඒ වෙනුවෙන් පළමු පියවර පසුගියදා කුරුණෑගලින් තැබීමට හැකිවූ රජයට සහ මුදල් ඇමතිවරයාට ඇත්තටම ගෞරවයක් දිය යුතුය. ගමපෙරළා හෝ රට හදන තැනකට අප යායුත්තේ එවැනි ශක්තීන් මැදින්ය. ඒ නිසා අපි ඒ සුබ සිතිවිලි දෙස යහපත්ව බලන්නට හුරුවෙන ජනතාවක් හැදීමේ පොරොන්දුවෙන් පෙරට යා යුතුය.

her.lk