Language Switcher

V2025

ලංකාවේ ICCPR පනතේ ඇති අඩුපාඩු !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

2007 අංක 56 දරන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ICCPR පනත පිළිබඳ මහජනතා සාකච්ඡුාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක් තුළ එම පනත කි‍්‍රයාත්මක කිරීමක් සිදු වන නිසාය.

එම පනත ක‍්‍රියාත්මක වීමේදී මතුවී ඇති ගැටලූ රාශියක් ඇත. එම ගැටලූ පිළිබඳව දළ විස්තරයක් පහත සඳහන් වේ. එම පනතේ අරමුණ වී ඇත්තේ යම් මානව හිමිකම් කඩකිරීම් අපරාධයක් සේ ප‍්‍රකාශයට පත් කිරීමය. මෙසේ කිරීමේදී සියලූම මානව හිමිකම් එක සමාන බවත්,එම මානව හිමිකම් කඩවීමකට යටත් වන සියලූ දෙනාටම එක සේ සැලකිය යුතු බවත් යන මූලික නෛතික අයිතිවාසිකම මග හැර ඇත. ඇත්තෙන්ම මෙම පනතින් කරනු ලබනු්නේ එහි අංක 3 දරන ෙඡ්දය එනම් මොන යම් කෙනෙක් හෝ යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක් කිරීම ද`ඩුවම් ලැබිය යුතු වරදක් සේ ප‍්‍රකාශ කිරීමය. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10 ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමනක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත. මෙයින් පැන නැගෙන කරුණු රාශියක් ඇත.

ඉහත සඳහන් අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කුමන ආකාරයටද යන්න මුල් ප‍්‍රශ්නයයි. ලංකාවේ සිදුවන ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිළිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙහිදී පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබ`දව පරීක්ෂණයක් පැවැත්වීමය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳව වත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධයට අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ,අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීම ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතුය. එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබ`දව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසි ගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචන්ඩත්වයක් ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබ`දව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් කි‍්‍රයාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

මෙය සලකා බැලීමේදී ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ වගන්ති අනුව ඇති වෙනත් අයිතිවාසිකම් හා පැමිණිල්ලේ කර ඇති ප‍්‍රකාශ අතර ගැටීමක් පවතිනවා ද යන්න පරීක්ෂකවරයා සොයා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ ඉතා කේන්ද්‍රීය අයිතිවාසිකමක් වන්නේ ප‍්‍රකාශනයට ඇති අයිතියයි. ප‍්‍රකාශනයට ඇති අයිතිය සමාජයේ සාධනීය වෙනස් කම් ඇති කර ගැනීමටත් සමාජය තුළ එහි පවතින ගැටලූ පිළිබ`දව වැඩි අවබෝධයක් කරා ඒමටත් මෙන්ම අදාල වෙනස්කම් කර ගැනීමට ඉතා බලවත් සාධකයක් ද වේ. එම නිසා පැමිණිලකරුවන්ගේ පැමිණිල්ලක් තුළින් එම ප‍්‍රකාශන අයිතියට හෝ වෙනත් ජාත්‍යන්තර ව පිළිගෙන ඇති අයිතිවාසිකම් වලට ගැටීමක් පවතිනවා ද යන්න පොලිස් පරීක්ෂකරයා විසින් සලකා බැලිය යුතුය.

මෙහිදී විශේෂයෙන්ම නිර්මාණාත්මක ප‍්‍රකාශනයන් පිළිබ`දව විශේෂ අයිතිවාසිකම් ඇත. කලාවත් ඒ මගින් සමාජය තුළ එහි පවතින ගැඹුරු ප‍්‍රශ්නයන් පිළිබ`දව අවබෝධයක් ඇති කරන්නේ නිර්මාණාත්මක සාහිත්‍යය තුළිනි. එම සාහිත්‍ය තුළ පවතින සාකච්ඡුාව බොහෝ දුරට මන:කල්පිත සාකච්ඡුාවක් මිස හුදු වාර්තාකරණයක් නොවේ.

මන:කල්පනිත ප‍්‍රකාශනයක් තුළින් අපරාධයක් සිදු කළ හැකිද ?

උදාහරණයක් වශයෙන් ලෝකයේ සාහිත්‍ය කෘතීන් අතර විවිධාකර ආකාරයෙන් ඒ ඒ කාල වල පැවතී ඇති ආගමික මතයන් පිළිබ`දව ගැඹුරු සාකච්ඡුා මතු කර ඇත. යුරෝපය පුරා පැතිර තිබූ කි‍්‍රස්තියානි ආගම පිළිබඳව දැඩි විවේඡුනාත්මක ආකාරයෙන් ලියවී ඇති කවි,නවකතා, කෙටිකතා හා වෙනත් විවිධාකාර නිර්මාණාත්මක ප‍්‍රකාශනයන් දැක ගත හැකිය. මේ සියල්ල අපරාධ ලෙස සලකා එම කලාකෘතීන් කළ පුද්ගලයන් සිරගත කිරීම් වලට ලක්වූවා නම් අද ලෝක සාහිත්‍යය යැයි කිමට තරම් දෙයක් ඉතිරි නොවීමට ඉඩ තිබුනි.

අපරාධයක ස්වභාවය නම් එය යම් අයෙකු විසින් තවත් අයෙකුට හෝ වෙනත් කණ්ඩායමකට විරුද්ධව කරන ලද කි‍්‍රයාවක් විය හැකිය. මන:කල්පිත ප‍්‍රකාශනයක් එවැනි කි‍්‍රයාවක් නොවේ. එම වචනයේම අදහස වන්නේ එය ප‍්‍රායෝගිකව සිදුවන කි‍්‍රයාවක් හෝ කිසියම් පුද්ගලයෙකුට හෝ විරැුද්ධව කරන ප‍්‍රකාශයක් නොව යම් ගැඹුරු ප‍්‍රශ්නයක් ගැන නිර්මාණාත්මකව කරන උපකල්පනයක් බවය.

අතීතයේදී බයිබලයේ අති ඕනෑම දෙයක් වැරදි යැයි යමෙකු කීවොත් එය දැඩි ද`ඩුවමකට යටත් විය යුතු අපරාධයක් සේ සලකන ලදි. ගැලීලියෝ පෘතුවිය වටා සූර්යයා භ‍්‍රමනය වන බවට එතෙක් තිබූ මතය ප‍්‍රතික්ෂේප කොට ඇත්තෙන්ම පෘතුවිය සූර්යයා වටේ භ‍්‍රමනය වනවා යන්න ප‍්‍රකාශයට පත් කළ විට එය එදා පැවති ක‍්‍රිස්තියානි සමාජය දෙදරා යන ප‍්‍රකාශනයක් විය. ඔවුන් එතෙක් කල් තබා ගෙන තිබූ විශ්වාසයන්ට ඉතා ප‍්‍රබල පහරක් බවට ගැලීලියෝගේ මතවාදය පත්විය. ඔහුට එම මතයන් ප‍්‍රතික්ෂේප නොකළහොත් වදහිංසාවට පත්කොට ජීවිත කාලය පුරා ද`ඩුවම් කරනු ලබන බවට තර්ජනය කරනු ලැබීය. ඊට යටත් වූ ගැලීලියෝ බොහෝ කාලයක් කිසිම විද්‍යාත්මක ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධීයේ නොකර සිටියේය. ඔහුගේ මතයන් ප‍්‍රකාශයට පත් වූයේ ඔහු ලියා තිබූ ලේඛන වෙනත් රටකට ගෙනගොස් එහි එය ඔහුගේ මිතුරන් විසින් ප‍්‍රකාශයට පත් කිරීම නිසාය. මෙසේ සිදු නොවුනා නම් අද වනතුරුත් මධ්‍යතන යුගයේ අඳුර තුළ අපට ජීවත් වීමට සිදුවනු ඇත. ගැලීලියෝගෙන් පසුකාලයේ සිදුවුණු විශාල විද්‍යාත්මක අවබෝධයට මුල පුරන ලද්දේ එදා ආගමික වශයෙන් පිළිගැනීමට නොහැකි යැයි ප‍්‍රකාශයට පත්ව තිබූ මතයකි.

එංගලන්තයේ මුල් යුගයේ ප‍්‍රධානම ලේඛකයකු හා කවියෙකු වශයෙන් පවසන චෝසර් යන සදාකාලික සුප‍්‍රසිද්ධ ලේඛකයා ක‍්‍රිස්තියානි පූජකවරුන්ට ඉතා තදබල ලෙස පහරදෙන ලේඛන ලිව්වේය. ඒවා ඇත්තෙන්ම ඉතා දරුණු ප‍්‍රකාශයන් විය. එහි එක කවියක එන කතාව සාරාංශ කොට මෙසේ දැක්විය හැකිය.

එක් මිනිසෙක් අපාය යනු කුමක්දැයි දැන ගැනීමට ආසාවක් ඇති වී එය බැලීමට අපායට ගියේය. ඔහු එදා සිටි ක‍්‍රිස්තියානි පූජකවරුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව දැන සිටි අයෙකි. ඔහු අපායේ යන යන තැන බැලූවේ අපායට මෙම පුජකවරුන් එනවාද යන්න ගැනය. එහෙත් ඔහුට එවැනි කිසිවෙක් හඳුනාගත නොහැකි විය. එවිට ඔහු එක් යක්ෂයෙකුට කතා කොට ඔබගේ මෙම අපායට ක‍්‍රිස්තියානි පූජකවරුන් එන්නේ නැද්දැයි ප‍්‍රශ්න කළේය. එවිට යක්ෂයාගේ උත්තරය වූයේ ඔවුන් මහා විශාල වශයෙන් පැමිණෙන බවය. මම නම් එක් අයෙක්වත් දැක්කේ නැත යන්න අමුත්තාගේ උත්තරය විය. එවිට යක්ෂයා කීවේ ඔබ ඔය පාර දිගේම තවත් ඉදිරියට යන්න. එසේ යන ඔබ දකීවි මහා යක්ෂයෙකු බිම දිගා වී සිටිනවා. එවිට ඔබට පෙනෙනු ඇති ඔහුගේ අධෝමුඛයෙන් යම් කුඩා සතුන් එළියට යාමත් ඉන්පසු තවත් කණ්ඩායමක් එයින් ඇතුලූ වී යක්ශයාගේ ශරීරය තුළට යාමත්. මේ අනුව මග බලාගෙන ගිය අමුත්තා එම සිද්ධිය දැක්කේය. යක්ෂයා ඔහුට කීවේ මේ සියලූ දෙනාම ක‍්‍රිස්තියානි පූජකයෝය. ඔවුන්ට හිමි තැන එතැන යැයි යනුවෙනි. මෙවැනි ඉතා දරුණු හා ප‍්‍රබල විවේචනයක් එදා කළ චෝසර් අද සලකනු ලබන්නේ ඉංග‍්‍රීසි භාෂා සාහිත්‍යයේ පීතෘ වරයෙකු වශයෙනි.

එහෙත් තවත් සංස්කෘතින්හිදී ආගමකට විරුද්ධ යැයි උඩින් පෙනෙන කිිසියම් හෝ ප‍්‍රකාශයක් කිරීම ද`ඩුවම් ලැබිය යුතු වරදක් සේ සලකයි. විශේෂයෙන්ම ශරියා නීතිය බලපවත්වන මුස්ලිම් රටවල කුරානයට විරුද්ධව කරනු ලබන ඕනෑම ප‍්‍රකාශනයක් සලකනු ලබන්නේ ආගම් විරෝධී ද්‍රෝහී කි‍්‍රයාවක් ලෙසය. එවැනි වාතාවරණයක ප‍්‍රතිඵලය වන්නේ එයට කෙදිනකවත් නිදහස් සමාජයක් බවට පරිවර්තනය වීමට ඇති බැරිකමය. ජීවිතයේ සකලාංගයන්ම රටේ පූජකවරුන් විසින් පාලනය කරන අතර වචනයකින් හෝ කරනු ලබන කිසියම් විවේචනයක් දකින්නේ ආගම් විරෝධී ක‍්‍රියාවක් ලෙසය. වර්තමාන ලෝකයේ මතවාදයන් ගොඩනැගෙන්නේ මෙවැනි මහා විවාද ඔස්සේය. කලකදී ප්‍රොතෙස්තන්ත ආගම ඇතිවීමෙන් පසු වැඩි වශයෙන් ප්‍රොතෙස්තන්තවරු සිටි ප‍්‍රදේශ වල කතෝලිකයන් ප‍්‍රතික්ෂේප කිරීම් හා ඔවුන්ට මරණය පවා අත්කරදීම සිදු වූ අතර විශාල වශයෙන් කතෝලිකයන් සිටි පළාත් වලදී ප්‍රොතෙස්තන්තවරුන්ට ඒ අයුරින්ම සලකන ලදි. 30 අවුරුදු යුද්ධය යනුවෙන් ප‍්‍රකාශයට පත්වී ඇත්තේ එසේ එකිනෙකා ගහමරාගත් කාලයකි.

එවැනි වාතාවරණයක් ඇති වීම නැති කළ හැක්කේ කෙසේද යන්න ඒ කාලයේ පැවති ප‍්‍රධාන දාර්ශනික ගැටලූවක් විය. එය විසඳා ගැනීමට මාර්ගය පාදන ලද්දේ ජෝන් ලොක් නමැති විශ්ව කීර්තියක් අද දක්වාත් දරන ලේඛකයෙකුගේ ප‍්‍රකාශනයක් මගිනි. ඒ ප‍්‍රකාශනයේ මාතෘකාව වූයේ ඉවසීම ,”Tolerance”, යන්නය. මෙයින් ප‍්‍රකාශ වන්නේ විවිධාකාර මතවාදයන් දැරීමට විවිධාකාර පුද්ගලයන්ට හැකි බවත් ඒවායින් වන සමාජ ව්‍යවසනයක් වේ නම් ඒවා නැති කර හැක්කේ අන්‍යෝන්‍ය අවබෝධය වගා කිරීමට ගන්නා උත්සාහය මත බවය. පසුකාලීන යුරෝපය පුරා මෙයින් ඇති වූ ඉවසීමේ හැකියාව මේ රටවල විද්‍යාත්මක දියුණුවටත් එම විද්‍යාත්මක දියුණුව තුළින් ඇති වූ යාන්ත‍්‍රික දියුණුවටත් එම යාන්ත‍්‍රික දියුණුව නිසා ඇති වූ ආර්ථික වර්ධනයටත් එම ආර්ථික වර්ධනයේ ඵල බෙදා ගැනීම සඳහා ඇති වූ සියලූම මතවාද වලටත් පදනම සේ පවතී.

මේ අනුව පෙනී යන්නේ ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් කරන පොලිස් පරීක්ෂකවරුන් වෙත පැවරෙන්නේ ඉතාම බැ?රුම් කාර්යයක් බවය. ඔවුන් වෛරය පැතිරවීම යන්නෙන් කුමන අදහසක් කියවේද නැද්ද යන්න තෝරා බේරා ගත යුතුය. යමෙක් තවත් කණ්ඩායමකට විරුද්ධව ආයුධ පාව්චියෙන් හෝ වෙනත් ක‍්‍රම වලින් මරණය, හිරිහැර කිරීම හෝ තුවාල කිරීම ආදිය කිරීමට උත්සාහ කරන්නේ නම් එය පැහැදිළිවම අපරාධ ඝනයට වර්ග කළ හැකිය.

අනෙක් අතට සමාජය තුළ නිර්මාණාත්මක කෘතීන් බිහි වීමත් එම කෘතීන් මගින් බුද්ධිය උද්ධීපනය වීමත් එම බුද්ධි උද්ධීපනය මගින් එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුළින් සමාජයේ විිවිධාකාර වෙනස්කම් ඇති කරගැනීමත් යන්න වෙනම කරුණකි. පොලිස් පරීක්ෂකවරුන් මේ පිළිබඳව ස්වාධීන තීරණ ගත යුතු අතර හුදෙක් පෙත්සමක් ඉදිරිපත් කළ පළියට කෙනෙකු අත්අඩංගුවට ගන්නේ නම් එම පොලිස් පරීක්ෂකයන් විසින් කරනු ලබන්නේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම යන බරපතල අපරාධයන්ය. එම අපරාධයන්ගේ හරයද ෂක්‍ක්‍ඡුඍ ජාත්‍යන්තර ප‍්‍රකාශයන් තුළ ඉතා ප‍්‍රබලව ප‍්‍රකාශයට පත් වී ඇත.

එසේ ප‍්‍රකාශයට පත්වීමට පදනම වූයේ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම් විශාල වශයෙන් කෙරුණු එක්තරා කාලයක් තුළ සමාජයේ ඇති වූ විරෝධතා හා මත ප‍්‍රකාශනයන්ය. මෙම මත ප‍්‍රකාශනයන් තුළින් නීතියක් ගොඩනැගේ. එම නීිතියේ අරමුණ වූයේ අත්අඩංගුවට ගැනීම නීතිමය ආකාරයකින් පමණක් සිදු කළ හැකි බව හා එම නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය පරීක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු බවය.

ඉංග‍්‍රීසි නීතිය පිළිබඳව මුල් යුගයේම පොතක් ලියූ ඒ.වී. ඩයිස් නමැති ප‍්‍රධාන නෛතික අංශයේ බුද්ධිමතෙකු 19 වන ශතවර්ෂයේදී මෙසේ ලියා ඇත. එනම්, අපේ රටේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීම වරදකි. එය වරදක් නොවන්නේ අවස්ථා දෙකකදී පමනි. එනම්, යම් අපරාධයක් පිළිබද පරීක්ෂණයක් කරන්නේ නම් හෝ එම පරීක්ෂණයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නේය යන අවස්ථා වලදී පමණි. යම් නිළධාරියෙකු මෙම අවස්ථා දෙකෙන් පිටත අත්අඩංගුවට ගතහොත් ඔහු අපරාධයක් සිදු කරයි. ඒ අනුව ඔහු අපරාධය කිරීම පිළිබඳව ඔහුට ද`ඩුවම් කළ යුතු මෙන්ම එම අත්අඩංගුවට පාත‍්‍ර වූ වින්දිතයාට වන්දි ද ගෙවීම රජයේ යුතුකමක් වේ.

ලංකාවේ ICCPR පනතේ ඇති ප‍්‍රබලම දුර්වලකම නම් එය අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කරන්නේ එහි 3 වන වගන්තිය යටතේ ඇති කරුණු පමණක් මතය. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුනු මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට ඒවායින් සහන ලබා ගත යුතු යැයි කියයි. නමුත් මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට කෙනෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවත්වන්නට බැරිය. ඒ අනුව ඔහු අපරාධයක් කළ අයෙකු සේ ද`ඩුවම් කිරීමටත් බැරිය. වැරදි ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිළධාරීන් හෝ වෙනත් නිළධාරියෙක් අපරාධයක් කළා සේ සලකා ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පරීක්ෂණයක් කොට ඔවුන් අධිකරණ වලට පමුණුවා ද`ඩුවම් කිරීම ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනය කි‍්‍රයාත්මක කරනවා නම් එහි අත්‍යාවශ්‍යම කොන්දේසියක් වේ.

ICCPR පනතේ එක් කොටසක් පමනක් ප‍්‍රකාශයට පත් කොට එහි අඩංගු තවත් විශාල කරුණු ගණනාවක් ඒ ආකාරයේ අපරාධ ලෙස නොසැලකීම මෙම පනතට ICCPR පනත යනුවෙන් කීමේ අයිතිය ප‍්‍රශ්නයට ලක් කරයි. මෙය ICCPR පනතක් නොවේ. ICCPR යන නම එයට දමා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහායි. යම් අයෙකු ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්තා යැයි කී විට එයින් ඇති වන්නේ මෙය ICCPR ජාත්‍යන්තර පනතේ ඇති අයිතීන් ආරක්ෂා කර දීමට ගන්නා උත්සාහයක් ලෙසය. එහෙත් එවැනි උත්සාහයක් මෙම පනත තුළ පෙනෙන්නට නැත.

පනතේ අරමුණ සේ පෙනෙන්නට ඇත්තේ තෝරා ගත් යම් පුද්ගලයන්ට ද`ඩුවම් කිරීමේ අරමුණෙන් කරන ලද්දක් මිස සියලූම දෙනාට ICCPRජාත්‍යන්තර ප‍්‍රකාශනයෙන් දී ඇති සියලූම අයිතිවාසිකම් රැුක දීම සඳහා ගන්නා ලද ප‍්‍රකාශයක් නොවන බවයි.

තවත් අඩුපාඩුවක්නම් 3 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප දීම මහාධිකරණයක් මගින් පමණක් සිදු කළ යුතු යැයි කීම මගින් බොහෝ කාලයක් ඔහු රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට මග පෑදේ. මහේස්ත‍්‍රාත් උසාවියේ සිට මහාධිකරණයක් කරා ගොස් එහිදී ඇප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බව කවුරුත් දනී. මේ පනත නිසා එවැනි කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට චෝදනා ලැබූවෙකුට සිදු වේ. ඉන් පසුව එවැනි වරදක් නොකලා යැයි තීන්දු කළා වූවද ඒ වනවිට ඔහුව සමාජයෙන් ඉවත් කර තැබීමේ කර්තව්‍ය කර ගෙන ඇති අතර ඒ මගින් විවිධාකාර දේශපාලන වාසි ලබා ගත හැකිය.

ඉහත කරන ලද දළ හැදින්වීම මගින් ගත හැකි නිගමනය නම් ලංකාවේ ICCPR පනත විශාල වශයෙන් සංශෝධනය කළ යුතු බවත් එසේ කරන තුරු ඒ පනත යටතේ කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව විධිවිධාන ප‍්‍රකාශයට පත් කළ යුතු බවත්ය. මෙම විධිවිධාන මගින් අපරාධ නඩු පටිපාටිය යටතේ ඇති සියලූම අයිතිවාසිකම් රැුක ගත යුතුවාක් මිස ඒවා අත්හැරදැමීමක් සිදු නොවිය යුතුය. විශේෂයෙන්ම පැමිණිල්ලක් ලද පමණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ නීතිවිරෝධී කි‍්‍රයාමාර්ග නොකරන ලෙස සියලූම පොලිස් ඉහළ නිළධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරැන්ට උපදෙස් නිකුත් කළ යුතුව ඇත.

ආසියානු මානව හිමිකම් කොමිසම