Language Switcher

V2025

සජිත්ගේ ජයග‍්‍රහණය ස්ථිරයි

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive

තවත් දින තුනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථිර වශයෙන්ම ජයගන්නා බව මේ වන විටත් බුද්ධි අංශ වාර්තා මෙන්ම වෙනත් විවිධ ස්වාධීන සමීක්ෂණ වාර්තා තුළින් තහවුරු කොට ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහිවන්නේ 1994ට පසුවය.

එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයක් තුළින් ජනාධිපතිවරයා බවට පත්වූ අවසන් අපේක්ෂකයා බවට පත් වූයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන ආර්.පේ‍්‍රමදාස මැතිතුමන් වීමද දෛවෝපගත සිදුවීමක් ලෙස සදහන් කළ හැකිය.

මේ වන වටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනප‍්‍රියත්වය නාගරිකව මෙන්ම ග‍්‍රාමීයවද ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර බොහෝ දෙනා පවසා සිටින්නේ මේ ජනප‍්‍රියත්වය හේතුවෙන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂට ප‍්‍රථිපලයක් ලබා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හැකි වන බවයි.

කෙසේ වුවද වේලාසනින්ම ජනාධිපති සටන ඇරඹූ ගෝටාභය රාජපක්ෂ ආරම්භයේදී යම් ජයග‍්‍රාහී පසුබිමක සිටියද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු එම තත්වය කෙමෙන් හීන වෙමින් පැවති බව රහසක් නොවේ.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක්ය යන සැකය සහ ඔහු විසින් ඒ සදහා නිවැරදි ලියකියවිලි ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම වැනි කරුණු නිසා ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි වූ ජනතා විශ්වාසය ගිලිහී ගිය අතර ප‍්‍රසිද්ධ විවාදයන් වෙත නොපැමිණේමින් තමන්ගේ දුර්වලතාව ප‍්‍රදර්ශනය කිරීම හේතුවෙන්ද ජනතා අප‍්‍රසාදයට ලක් විය.

මේ සියලූ සාධකයන්හිදී ඉදිරියෙන්ම සිටිමින් ජනතාව ආමන්ත‍්‍රණය කළ සජිත් පේ‍්‍රමදාස මහතා ජනතා සේවය වෙනුවෙන්ම වන ජනතා විප්ලවය ප‍්‍රතිඵලත්ති ප‍්‍රකාශයද ඉදිරිපත් කරමින් තව තවත් ජනතාවට සමීප විය.

වතුකරය තුළ ජනතාවට ඡන්ද අයිතිය හිමි කර දුන් ආර්. පේ‍්‍රමදාස මැතිතුමාට කෘතගුණ සැළකීමක් ලෙස මෙවර වතුකරයේ ජනතාවගේන 85%ක පමණ පිරිසක් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවද මෙවර අන්තවාදයෙන් තොර අපේකෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා තෝරාගෙන ඇත්තේ ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සහ අනාගත වැඩපිළිවෙල පිළිබ`දව විශ්වාසය තබමිනි.

උතුරේ ජනතාව මෙන්ම දකුණේ ජනතාවද බුද්ධිමත්ව පෙළ ගැසෙමින් ඒකාධිපති පවුල්වාදය මෙරටින් අතුගා දමන්නට සූදානමින් සිටින බව පැහැදිලිය.

උනෙක් පැත්තෙන් ලංකාවේ ජෝතිශ්‍යවේදීන්ගෙන් 95%ක්ම ප‍්‍රකාශ කර සිටිනුයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය ස්ථිර බවයි. විශේෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට ප‍්‍රභල රාජ යෝග හිමිව තිබීමද ගෝඨාභය රාජපක්ෂට එකදු රාජයෝගයක්වත් නොමැති වීමද මේ ජයග‍්‍රහණයට හේතුවක් බන ඔවුන් පවසා සිටියි.

මේ සියලූ සාධකයන් තූලින් නොවැම්බර් 17 වනදා පහන් වන විට මේ රටේ රාජ්‍ය නායකයා හෙවත් 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරනු නියතය.