Language Switcher

V2025

රන්ජන්ට නැති වෙන්න දෙයක් නැත : ඒත් ජනතාවට !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
රංජන් දෙබරයට ගල් ගැසුවේ දෙබරුන් පිළිබ`දව නොදැන විය නොහැකිය. කෙසේ වුව ගල් වැදුණු සැණින් දෙබරය ඇවිස්සිණ. දෙබරය ඇවිස්සෙද්දී එහෙන් මෙහෙන් ඇගිලි ගසා පැණි කන්නට උත්සාහ කළ පිරිසද තවමත් ඒ උත්සාහය අත් හැර නැත. දෙබරය සීරුවෙන් යළි සකස් වෙමින් තිබෙද්දී රංජන්ගේ නඩුව ඉදිරියට ඇදෙමින් ඇත. එහි අවසානය දෙබරයට තවත් ගල් පාරක් වදින්නට දැයි අප දන්නේ නැත.
 
රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මාදිවෙල සිය නිළ නිවසේදී මීට සති කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ නීතී විරෝධී හඩපට ළ`ග තබා ගත්තා යැයි කියමිනි. මේ වන විට ඔහු වැලි කඩ බන්ධනාගාරයේ සිරකරුවකුව සිටින්නේ මෙතෙක් සිරගත කළ දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් මෙන් බන්ධනාගාර රෝහගේ ඇදක් මත නොවීමද විශේෂත්වයකි.
 
රංජන්ගේ හඩපට බොහොමයක් මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අතර තවත් හඩපට බොහොමයක් අපැහැදිලි බවට සදහන් කර ඇත. සමහර හඩපටයන්හි සුජාතභාවය පිළිබදව රංජන් මන්ත‍්‍රීවරයා සැක පළ කර ඇත්තේ ඒවායෙහි කට හඩ තමන්ගේ නොවන බවට ස`දහන් කරමිනි.
 
කෙසේ වුව මේ හඩපට නිසා බොහෝ දෙනාගේ කසී සළු ගැලවුණු බව නම් සත්‍යයකි. නීතියේ පමණක් නොව දේශපාලකයන්ගේද රෙද්දේ තුත්තිරි පෙනුනේ මේ හඩ පට ඇසූ විටය. පාර්ලිමේන්තුවේ රංජන්ගේ කතාවට බාධා කන්නට දැන් කිසිවකු එන්නේ නැත්තේද තමන්ගේ කැරැට්ටුවත්  රංජන්ගේ හඩපට වල ඇත්දැයි ඇති සැකය නිසාමය. මහ රාජාගේ පටන් යුව රජවරු දක්වාත්, ඉන් එහා ගිය අත වැසියන් සහ සට්ටාඹියන් දක්වාත්, ඇමති බිරින්දැවරුන් දක්වාත් මේ සංවාද ප‍්‍රසාරණය වී ඇත. ඉන් ඞීල් දේශපාලනයේ සැබෑ නිරුවත නොමිලේම ජනතාවට ඒත්තු ගන්වන්නට රංජන්ට හැකි විය. තවමත් ඉවරයක් නැත. හෙට තව කාගෙ හඩපටයක් එළියට එන්නේදැයි කිව නොහැකිය.
 
රංජන්ගේ හඩපට නිසා ගොකුම කැළල වූයේ මෙරට නීතියේ ස්වාධිපත්්‍යටය. දේශපාලකයන් මෙන්ම රංජන් විරෝධීන් නිරන්තරයෙන් කිව්වේ රංජන් අධිකරණයට බලපෑම් එල්ල කරන බවයි. එහෙක් අදාළ හඩපට වල රංජන් එල්ල කරන බලපෑමක් නැත. ඔහු සිදු කරන්නේ ඉල්ලීමකි. බලපෑමක් නම් එය තමන්ගේ දේශපාලන බලය මතින් සිදුවන්නක් විය යුතුය. එහෙත් මේවායේ එවන් බලපෑම්ක් ඇත්දැයි නැවත නැවත බැලිය යුතු කරුණකි.
 
හොඳම  කරුණ නම් විනිසුරුවරුන් සමඟ  මේ ආකාරයේ පමණක් නොව මීට එහා ගිය සංවාද සිදු කළ එකම දේශපාලකයා රංජන් පමණක් නොවීමයි. මෙවන් දේ නොව දැවැන්ත ආකාරයේ බලපෑම් යැයි කිව හැකි දේ පමණක් නොව තමන්ගේ අපරාධයන් වසා ගැනීමට චූදිතයාම කතා කළ අවස්ථාවන් තිබෙන්නට ඇත. ලාංකේය දේශපාලනයේ එය එතරම් විරල කරුණක් නොවේ. නමුත් ඒ කිසිවක් සමාජයට විවර නොවුණේ ඔවුන්ගේ හඩපට නොමැති නිසාය. නැත්නම් ඒ කාට කාටත් වෙන්නේ වරිගෙ නහ ගැනීමටය. ඒ අතර එළියට ආ රංජන්ගේ හඩපටය විහිළුවකි. එය විස්කි බ‍්‍රැන්ඩි ඇති තැන තෙලිජ්ජ වීදුරුවක් මෙනි.
 
හඩපට නිසා රංජන්ට පක්ෂයද නැති විය. දේශපාලනයේ සමීප මිතුරන්ද නැති විය. එහෙත් රංජන් දිනෙන් දින එකක් ඇති කර ගනිමින් සිටින බව පැහැදිලිය. ඒ මිනිසුන්ගේ විශ්වාසයයි. අපරාධ, දූෂණ ඇස් පණා පිට සිදුවෙමින් තිබෙද්දීත් ඒවාට විරුද්ධව පියවර නොගන්නා දේශපාලකයන් රංජන්ට ඇණ ගසන්නට හදන්නේ ඔහු මොන පාඩුවක් කළාටදැයි ජනතාව විමසති. රංජන් හරි සමහරු කියති. එත් දුෂණ විරෝධීන් බොහොමයක් රංජන් මඟහැර ඇති බවක් පෙන්නුම් කරයි. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මේ මොහොතේ රංජන් තනිකළහොත් අනාගතයේ කිසිවකු දූෂණය , අල්ලස, තබා අනෙකෙකුගේ අයිතීන් වෙනුවෙන්වත් නැගී නොසිටිනු ඇත.
 
ඩීල් දේශපාලනයට අවශ්‍ය එයයි. එහෙත් ජනතාවට ?
ඒ. නවරත්න 