Language Switcher

V2025

කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල්වලට යනවලා..!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොරෝනා වසංගතය මෙසේ ව්‍යාප්ත වන්නේ නිසි කළමනාකාරිත්වයක්   නො කළ හෙයිනි.

වසර 70කට පමණ පෙර ඈත දුෂ්කර ගමක රජයේ කුඩා පාසලකි. එකී  පාසල හදිසියේම වසා දරුවන් නිවෙස්වලට යැවීමට සිදුවිය.  මු`ථ  පාසලම පැවතියේ  එකම ගොඩනැගිල්ලක ය. ඒ නිසා පාසලේ  සීනුව එක් වරක් හඬවා රැස්වීම්  අවස්ථාවකට පාසල පත් කෙරෙයි.  එක් වරක් හැඬවූ සීනු නාදයෙන් පාසල් දරුවන් සහ ගුරුවරුන් නිහඬ විය. ලොකු ස්කෝලේ මහත්තයා  උස් හඩින් කතා කළේ ය.

‘‘මේ ළමයි හැකි තරම් ඉක්මනින්  ගෙවල් වලට යන්න  ඕනැ. නැවත දැනුම් දෙන තෙක් ස්කෝලේ උගන්වන්නේ නැහැ.ඊට පෙර පන්තිවල බංකු පුටු අස් කළ යුතුයි. ’’ නිමේෂයකින් පාසලේ එක් දරුවෙක් සිය දකුණත ඉහළට ඔසවා නැගිට්ටේය. ඒ තමන්ට කතා කිරිමට අවකාශයක් ඉල්ලා සිටින සාමාන්‍ය සම්ප‍්‍රදාය විය.
‘‘ඇයි මොකද......? ලොකු මහත්තයා වේවැල දිගු කර අර දරුවාගෙන් නො ඉවසිල්ලෙන් ඇසීය.

‘‘ලොකු මහත්තයා අපේ වාර විභාගේ........

‘‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල්වලට යනවලා.....ලොකු ස්කෝලේ මහත්තයා ඒ උත්තරය දුන්නේ තරමක නුරුස්නා ගතියකිනි. එ් ලොකු ස්කෝලේ මහත්තයා  ජීවතුන් අතර සිටියි නම්,  සිය වසක් ආයු වළඳන ඒ උත්තම පුරුෂයාට  ආයුබෝවන් කියනු  කැමැත්තෙමි.  අර වාර විභාගය සිහිපත් කළ  දරුවාගේ වයසේ පුරවැසියන් තවමත් ජීවත් වෙති. ඉහත කී පාසල් සිද්ධිය වසර 70කට පෙර කතාවකි.  හෙවත් ලංකාවට නිදහස ලැබිලා වසර 2කි. අද  අප කෙරෝනා අවදානම හමුවේ හැසිරෙන්නේ අර දරුවා මෙන් පාසල් වාර විභාග (හෝ මැතිවරණ) මානසිකත්වයෙනි.

වර්තමාන ලංකාවේ පාලකයා ඒ ලොකු ස්කෝලේ මහත්තයා වී නම්,  2020 මාර්තු දෙවෙනිදා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ උපදෙස් පරිදි,  රටම ආපදා අවදානමක කොටු කර ගුවන් තොට වසනවාය. සෞඛ්‍ය ඇමතිවරිය අපේ ජයග‍්‍රහණය සහතික හෙයින් මැතිවරණය කල් තැබීමේ අවශ්‍යතාවයක් නැත යයි කියන්නේ නැත.  ඒ ඇමතිවරිය අර පාසල් දරුවාගේ මානසික මට්ටමේය. 

ජනාධිපති වරයා පරිප්පු සැමන් මිල අඩු කරමින් ජනතාවගේ කොරෝනා බිය දුරු කිරීමට හිතන්නේ නැත.  තුට්ටු දෙකේ වාසියට කෑදරව,  රටේ   මිනිස්සු පරිප්පු සැමන් ගැනීමට පාරට බසින්නේ් නැත.  පාස්කු ප‍්‍රහාරයට කෝපව මුස්ලිම් ගම් වලට ගහන්නේ නැත. ජාතිය අමතමින්තම සහෝදරයා අගමැති කළ යුතු බව කියන්නේ නැත. මේ රටේ කොරෝනා ව්‍යසනය බඩු අඩුවට දෙන ඡුන්ද සැණකෙළියක් කළේ ලොකු ස්කෝලේ මහත්තයා වැන්නෙකු රටේ පාලකයා නොවූ නිසා ය.

1962 රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයේදී මෙන්ම, 71 කැරැල්ලේදී රටේ සියථ දෙනා වගකීමෙන් හැසිරිණ. 

 පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයක් ගෙවුණ තැන තමා ජනාධිපති අපේක්‍ෂකයා බවට ගෝඨාභය ප‍්‍රකාශ කළ තැන් සිට වි පක්‍ෂය මැතිවරණ මානසිකත්වයෙන් හැසිරිණ. අවදානම අබිබවා ම්ලේච්ඡ දේශපාලනය ඉස්මතු විය. ආපදාව යනු  බරපතල හතුරෙකි.  ඒ හතුරා නිවැරදිව හඳුනා ගනු මිස, පක්‍ෂ දේශපාලනයේ පින්සලෙන් රැුවුල් ඇඳ, කන්නාඩි පළඳවා,  පාට කර හැඩ බැලියු යුතු චිත‍්‍රයක්  නොවේ. පාස්කු ප‍්‍රහාරය විකුණා කා රටක් රවටා බලය ඇල්ලූ අඳ බාලයන්ට  කොරෝනා වසංගතයේ  දිග පළල හඳුනා ගත නොහැකි විය.
කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  
ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ. දිනෙන් දින ව්‍යාප්තවන වෛරසයක් හමුවේ කිබුහුමක් තරමට ගණන් ගත්තේ නැත.  බලයට ඉව අල්ලමින් විපක්‍ෂයේ සිටි රාජපක්‍ෂලා පාස්කු ප‍්‍රහාරය  සැණකෙළියක් ලෙස සැලකීය. එදා  මාධ්‍ය හැසිරීම ඊට නිදසුණකි. වාචාල හරින් ප‍්‍රනාන්දු තම පියා කී නිසාවෙන් පල්ලි නො ගිය බවට කළ පකිස් බූරු කතාව සහ පවිත‍්‍රාගේ අපි දිනන කතාව එකම ජාතියේ තප්පු ලෑමකි. එහෙත් රාජපක්‍ෂ වාදි  මාධ්‍ය ගද්‍රභයන්  හරින්ගේ වගකීම් විරහිත  කතාව උඩ දමා සෙල්ලම් කළාට පවිත‍්‍රලාගේ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලෙලාගේ මෙන්ම සැමන් පරිප්පු  කතා  ගැන කතා කළේම නැත. රෝයල් තෝමියන් මැච් එක නතර කිරිමට ජනධිපතිට ඉඩ නොදුන් එකා ගැන ඇසුවේ  නැත. ඒ නිසා, බාප්පා බයකර රෝයල් තෝමියන් මැච් එකට ඉඩ දුන්නේ ගල්කිස්ස තෝමියන් පොරක් වූ නාමල් පුතා බවට රට්ටු අනුමාන කළහ. 
රෝ්යල් මැච් එක නතර කිරිමට අයියාගේ පුත්තු ඉඩ නො දුන්නා කී  බාප්පා ආනන්ද නාලන්ද මැච් එක බැලීමට යාමේ බරපතලකම මාධ්‍ය රටට හෙළි කළේ නැත.

ජාතික ආපදා දේශපාලනයෙන් යට ගැස්වීමට   තවත් උදාහරණ අවශ්‍යද?------

පවිත‍්‍රා වන්නිආරච්චි සුසිල් පේ‍්‍රමජයන්ත් ලක්‍ෂමන් යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ආදිහූ කළ ප‍්‍රකාශ මුහුණු පොතේ මිස, ප‍්‍රමුඛ මාධ්‍ය  ඉස්මතු  කළේ නැත. පාස්කු  ඛේදවාචකය උඩ දමා සෙල්ලම් කළ උදවිය කොරෝනා අවදානමේදී ගොලූ බේත් බී බලා සිටිති. අවදානම අතර, නගරයේ  සයිකල් රේස් සංවිධානය කළ  දඹුල්ල නගරාධිපති  අත් අඩංගුවේය. 

රෝයල් තෝමියන් ආනන්ද නාලන්ද මැච්   ඕර්ගනයිස් කළ එවුන් තවමත් නිදැල්ලේ ය. තෙල් අඩු කළේ නැත. රටේ විනය පවත්වා ගෙන යන්නේ නැත.  බක් පුන් පොහෝය තෙක් පවත්නා සිරිපාද වන්දනාව නතර නො කිරීමත් එල්ලා වෙඩි තැබිය යුතු වරදකි. තුනෙන් දෙක ඉල්ලන අයියලා අපදාවක  අටපහ තේරුම් ගැනීමට අසමත් ය.  ජනවාරි 27 දා පළමු කොරෝනා රෝගි කාන්තාව හමුවූ දින ගුවන් තොට වැසුවා නම් මේ විනාසය සිදුවන්නේ නැත.

පාස්කු  ප‍්‍රහාරය සමග මම ඡුන්දෙට එනවා කී ජනාධිපති වරයා අයියා අගමැති කරන්න කීමෙන්  ආපදා හඳුනා ගැනීමේ මැදමුලන  න්‍යාය අප තේරුම්ගත යුතුවේ. පාස්කු  ප‍්‍රහාරයට  සමගාමීව මුස්ලිම් ගම් වලට පහර දීම සංවිධානය කළෝ පොහොට්ටුව වේදිකාවේ සිටියාහ. අද රට පත්ව ඇති ව්‍යසනය ගැන හාන්කවිසියක් නැති රනිල් සජිත් කා කොටා ගන්නේ ඒ නිසාය. යූඇන්පී කාරයන් බහුතරය මාලිමාවට ඡුන්දය දෙන්න හිත හදා ගෙන ඇත්තේද ඒ නිසාය.

1965-70 නුවරඑළිය මන්තී‍්‍ර ඩොනල්ඞ් රණවිර(එජාප*ගේ  ආදායම් බදු ගැටථව අවශ්‍ය පියවර ගැනීමට අදාල අංශවලට  අගමැති ඩඞ්ලි සේනානායක දුන්නේ එක් සතියක  කාලයකි. ඒ සමග ඩොනල්ඞ් රණවීර කැඳවා ඊළ`ග මැතිවරණයේදී එජාප නාම යෝජනා නො ලැබෙන බව දැන්වීය. 1958 මහ ගංවතුුරට ගලා ආ  ජල කඳ නිසා ගිරිතලේ වැව කැඩෙන්න ආසන්නව තිබිණ. අමාත්‍ය සී.පි.ද සිල්වා වැව කපා වතුර බැස්සවීමට දුන්  උපදෙස කි‍්‍රයාත්මක නොවී ය. ඒ වැව කැපීමේ ප‍්‍රතිපලය තක්සේරු කළ නො හැකි නිසාය.  අවසානයේ අමාත්‍ය සී.පී. ද සිල්වා මින්නේරි දේවාලයට  බාරයක් වී බුල්ඩෝසරයක්  පන ගන්වා තෙමේව  වැව් බැම්ම කපා වැවත්, ප‍්‍රදේශයත් ආරක්‍ෂා කළේය. එදා ඒ හරහා යම් විනාශයක් සිදුවුණා නම් සී.පි.ද සිල්වාගේ දේශපාලනය අවසන් වීමට ඉඩ තිබිණ. නායකයන් කියන්නේ කෑදරයන් නොවේ. බිය ගුල්ලන් නොවේ. වගකීම තේරුම් ගත් යෝධ මිනිසුන්ටය. අර ගමේ ස්කෝලේ ලොකු මහත්තයා වාගේය.

කොරෝනා ව්‍යසනය කළමනාකරණය නො කළ වර්තමාන පාලකයන් තම දේශපාලන සටන් පාඨ කරගත් මද්‍රසා පාසල් තහනම් නො කිරීමෙන්, මුසල්මානු බුර්කා නො කිරීමෙන්, බැංකු හොරු ගාල් නො කිරීමෙන්, දොස්තර සාපි අමතක කිරිමෙන් භික්‍ෂු දේශපාලනය අවසන් කිරීමෙන් කුණු බැනුම් අසති. ඒ ඇයි? මිනිසුන් රවටා බලය ගන්නා කිසිවෙකුට මහ පොළොව සමාව නොදෙන  නිසාය. සාප කරන නිසාය. 56 ජාතීන් අතර වෛරය පැතිරවූ බණ්ඩාරනායක විනාස වුණේ ඒ නිසා ය. බොහෝ දුර ඇවිද යා නො හැකිය.  

යහ පාලනය භාරගත් රනිල් සජිත්ලා කිසිවෙකු රාජපක්‍ෂලාට අත තිබ්බේ නැත. 2019 රට භාරගත් රාජපක්‍ෂලා රනිල් සජිත්ලාට අත තියන්නේද නැත. කොරෝනා පැතිරුණත් බිග් මැච් නතර නො කරති. ඒ අමන දේශපාලනය නිසාය. අර ස්කෝලේ ලොකු මහත්තයාට විභාගයට වඩා දරුවන්ගේ ආරක්‍ෂාව වැදගත් විය.  ඔහු කල්පනා කළේ විභාග ලියන්නත් දරුවන් ආරක්‍ෂා විය යුතු බවය. චමල් රාජපක්‍ෂ කීවේ මිනිසුන් තම ආරක්‍ෂාව සලසා ගෙන ඡුන්දය දාන්න ආ යුතු බවය. චමල් රාජපක්‍ෂට අනුව කුරුණෑගල හත් කෝරළේ  මිනිස්සු මහින්ද රාජපක්‍ෂ පත් කළ යුතුවේ. මහනුවරින් මහින්දානන්ද පත් කළ යුතුවේ. දෙ කෝටියක් ජීවත්වන රට කොරෝනාව ළ`ග මරණාසන්නව සිටිත්. ඒ මිනිස්සු 225ක් පත්  කිරීමට අවදානම අමතක කළ යුතුවේ.  19 ව්‍යවස්ථා සංශෝධනයට පින් සිද්ධ වෙන්න ඡුන්ද කල් දැමීම නිසා ජනතාව යම් තරමකට සුරක්‍ෂිතව සිටි. සඳලංකාවේ සුප‍්‍රකට ටී.බී.සුබසිංහගේ  දූ වරුන් දෙදෙනා ගියේ හෙණ්ඩියගල ගමේ පාසලටය. එක් දවසක පිස්සු බල්ලෙක් පාසල් වත්තට පැන ද`ගලන්නට විය. දරුවන්  බියෙන් කෑ ගැසූහ. ගුරුවරු පළමුව කළේ සුබසිංහ දියණියන් දෙදෙනා ගුරු නිවාසයේ සුරක්‍ෂිතව තැබීමය. මේ කතාව  ඇසූ සුබසිංහලා තිගැස්සිණ. ඒ තම දරුවන් රැුකීමට යද්දී තවත් පාසල්  දරුවෙකුට පිස්සු බල්ලා හැපුවා නම් .... කියා  කල්පනා වූ හෙයිනි. රොයල් තෝමියන් මැච් එකේදී මැදමුලන රාජපක්‍ෂලාත් හෙණ්ඩියගල සිද්ධියේදී සඳ ලංකාවේ සුබසිංහලාත් කල්පනා කළ ආකාරය රටේ යහපත පිණිස තෝරා බේරා ගත යුතුවේ.  

පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිටි විරවංශගේ    දූූූ  දරුවන් ,   ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු ලංකාවට ගෙන්වා දියතලාවේ නිරෝධානයක කඳවුරේ රැුඳවීය. රටට විදේශීය විනිමය ගෙනෙන නොවැම්බර් 16දා පොහොට්ටුවට කතිරය ගැසීමට ස්වේච්ඡුාවෙන් ලංකාවට ආ විදේශීය ශ‍්‍රමිකයන්ට ලංකාවට ගෙන්වා ඔවුන් ආරක්‍ෂා කිරීමට කි‍්‍රයා කළේ නැත. එහෙත් සංචාරකයන් පරීක්‍ෂාවෙන් තොරව ලංකාවට පැමිණී අතර, මාර්තු 2 තෙක් ගුවන් තොටුපල වසා දැමුවේ නැත. 

පළමු ශී‍්‍ර ලාංකික රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වුණේ විදේශීය සංචාරකයන්ට දොර හැර දුන් නිසාය. අන්තිමේ  ඉතාලිය ගිනි ගනිද්දී විදේශීය ශ‍්‍රමික ලාංකික ජනතාව සිය ගණන් ලංකාවට පැමිණ තැන තැන සැගවුණාහ. අද ඔවුන් හොරුන් තක්කඩියන් මට්ටමට වැටී ඇත. අද රටේ මිනිස්සු එකී විදේශීය ශ‍්‍රමික ලාංකිකයන්ගේ හැසිරීම හෙළා දකිති. ඔවුන් ජාති ද්‍රෝහින් ලෙස සලකති. වඩාත් බරපතල ඔවුන්ගේ හැසිරිමද? රෝයල් තෝමියන් ආනන්ද නාලන්ද මැච් සංසිද්ධීන්ද? 

ගුවන් තොටුපල විවෘතව තැබීමද? තවමත් සිරිපාදේ යන්ට අවසර දි තිබීමද? ‘‘කෙහෙම්මල් වාර විභාගේ ඉක්මනට ගෙවල්වලට යනවලා.....ලොකු ස්කෝලේ මහත්තයාට අනුව යමින් අඹගස්්වැවවේ රාහුල  නායක හාමුදුරුවෝ් රන්ගිරි දඹුලූ විහාරය වසා දැමූ හ. සිරිපාදේ නායක හාමුදුරුවෝ සිරිපාදය වන්දවති. මාර්තු 12 වෙනිදා රෝගින් දෙදෙනෙකි. මාර්තු 23 වෙනිදාට ලංකාවේ  කොරෝනා රෝගීන් 80 ඉක්මවා යමින් පවතී. ඉහත කී භික්‍ෂුන් දෙදෙනාගේ කි‍්‍රයා හරහා කොරෝ්නා වසංගතය පාලනය කිරීමට රටේ පාලකයන් අසමත් බවට තවත් සාක්‍ෂි උවමනාද?

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found