පුවත්

නෙළුම් පොකුණ අපේ වැඩක් : විජිත හේරත් අතීතය හෙළිකරයි !
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජවිපෙ ජනහමුවක් අමතමිනි.
නෙළුම් පොකුණ 2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බව විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.
චීනය විසින් මුලින් යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය මත ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වී තමන්ගේ නමින් නම් කරමින් එය විවෘත කල බවද ඔහු සඳහන් කර තිබේ.

රාගම වෛද්‍ය පීඨ සිද්ධියේ මන්ත්‍රී පුතා ඇතුළු කණ්ඩායමට ඇප
රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.
කෙසේවෙතත් එක් සැකකරුවෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
තවත් සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය අද මහෙස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර නඩුව අද කැදවූ අවස්ථාවේ පොලීසිය දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවය.
නීතිඥයින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
තවද සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

විසඳුම් ප්‍රමාද කරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වෙනවා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත විය.
අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක විය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද්‍ර පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්,ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ.=
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසයි.
බළධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවත්, එම කාලසීමාව තුළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්, කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාද අඩපන වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද දිනයේ කොරෝනා මරණ 26ක් : කොරෝනා ආසාදිතයින් 15,621ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 26ක් අද වාර්තා වී තිබේ.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සිටින අතර කාන්තාවන් 09 දෙනෙකු සිටී.
එසේම මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙකු ද සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,621ක් දක්වා ඉහළගොස් ඇත.

හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
ඒ, නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදීයි.
මේනකා විජේසුන්දර ,නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා 2020 වසරේ අප්‍රේල් 14 වැනිදා අත්අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සම්බන්ධයෙනි.

වාසු ජල බල්පත් නොගෙවන මැති ඇමතිවරුන් ප්‍රසිද්ධ කරන්න
නිල නිවාසවල ජල බිල්පත් නොගෙවන හිටපු මැති ඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු පමණ මේ වන විට හඳුනා ගෙන ඇති බවත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව, ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

අද දිනයේ කොරෝනා මරණ 23ක් : මන්ත්‍රී 48කටත් කොරෝනා
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (05) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (06) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,595 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 18 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනකු සහ අවුරුදු 30ට අඩු අයකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 12 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ලලිත් එල්ලාවලටත් කොරෝනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලවද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
මේ අනුව කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිස් අටක් දක්වා ඉහළ යනු ඇත .

අයි.ඕ.සී. මිල ඉහළ දමයි : උදයට සාගරගෙන් ලියුමක් නැද්ද ?
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.
මේ පාර ගම්මන්පිල ඉල්ලා අස්වෙන්න ඕන නැද්ද ?
මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවූ අවස්ථාවේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රසිද්ධ ලිපියක් යොමුකළ නමුත් මෙවර එවැන්නක් දකින්නට නැත.

මන්ත්‍රී 08ක් අනවසරයෙන් නිල නිවාසවල : දඩ ගෙවන්න නැත්නම් නඩු !
අනවසරයෙන් නිල නිවාසවල රැදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනෙකුට ඊට අදාළ දඩ මුදල් ගෙවීමට පාර්ලිමේන්තු පාලනාධිකාරිය දන්වා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්ව, මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත් නොවූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු නිවාසවලින් ඉවත් වනතුරු ගෙවිය යුතු දඩ මුදල් මෙතෙක් ගෙවා නොමැත.
ඊට අමතරව ජල සහ විදුලිය බිල්පත් ද, කඩිනමින් ගෙවා අවසන් කරන්නැයි, පාර්ලිමේන්තුව දෙවන වරටත් දැනුම් දුන් බවත් වාර්තා වෙයි.
එම සිහිකැඳවීම් පැහැර හරිනු ලබන්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවනු ඇති බවත් දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
නිල නිවාසවල රැඳී සිටීමට ලබාදුන් කාලය ඉක්මවා අනවසරයෙන් නිවාසවල රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 500 ක් බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

අවුරුදු කවන්න : ඕස්ට්‍රේලියාවෙන් සහ ඉන්දියාවෙන් ණය ඉල්ලයි !
එළැඹෙන සිංහල හිංදු අළුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉන්දියාවෙන් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.
ඒ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක පහසුකමක් ලබා ගැනීමට නියමිත ය.
මෙම ණය ප‍්‍රමාණය, මාස හයක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ප‍්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසා තිබේ.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල ?
ඊළඟ ජනාධිපතිවරනයේදී සමගි ජන බල වේගයෙන් තරග කරන්නේ කවුදැයි සොයා ගත නොහැකි තරමට එම පක්ෂය අවුල් වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයකු වීමේ අපේක්ෂාවෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ පොදුජන පෙරමුණේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාව අමතමිනි.
මේ වන විට පොදුජන පෙරමුණ රට පුරා සිය පක්ෂයේ කාන්තා බලමණ්ඩල පිහිටුවීමට කටයුතු කරමින් සිටියි.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා හැටි හිටපු මුදල් ඇමති පහදයි !
ආර්ථිකය ශක්තිමත් කර රට ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමට 2015 දී වගේ නැවත අවස්ථාවක් ලබා දෙන්නේ නම් රට-ජනතාව වෙනුවෙන් ඒ අභියෝගය භාර ගැනීමට තමා සහ එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.
රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය තේරුම් ගෙන ජනතාව ඒ අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩු සහ වැරදි තිබේ නම් ඒ සියල්ල නිවැරදි කර ගෙන සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට ගමන් කරමින් රටත්-ජනතාවත්-පක්ෂයත් විජයග්‍රහණය කරා මෙහෙය වීම සිය අරමුණ බව ද සඳහන් කළේය.
හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මේ බව අවධාරණය කර සිටියේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සෙනසුරාදා (05) පැවැති උත්සවයකට සහභාගී වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
"එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අඩුපාඩු සහ වැරදි තිබේ නම් ඒ සියල්ල නිවැරදි කර ගෙන අප සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙස ඉදිරියට ගමන් කරමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීම අපගේ අරමුණයි. දේශපාලන පක්ෂයක් ලෙස අප රටට-ජනතාවට ඔබින ආකාරයට අලුතින් සහ රැඩිකල් ලෙස සිතා ක්‍රියා කළ යුතුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මුල් කර ගෙන සියලු පාර්ශවයන් සහ බලවේග එකට ඒකරාශී කර ගනිමින් රටට-ජනතාවට වැඩ කළ හැකි සහ ජනතාව විශ්වාස කරන කණ්ඩායම් ඉදිරියේ තබා ගෙන අප මේ ගමන යා යුතුව තිබෙනවා.
2015 ජනවාරි මාසයේ දී අප මේ රට භාර ගන්නා විට මීටත් වඩා රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටී තිබුණා. ඒ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ගෙන ජනතාවට සහන සැලසූ ආකාරය කවුරුත් දැක්කා. ඒ අනුව මේ රට යළි ගොඩ නගා ජනතාව සවි බල ගැන්වීමට නැවත වතාවක් අපට අවස්ථාව උදා වනු ඇති අතර රට-ජනතාව වෙනුවෙන් ඒ අභියෝගය භාර ගැනීමට අප සූදානමින් සිටිනවා.
රටක් ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා මුල්‍ය විනයක් අවශ්‍යයි. ඒ මුල්‍ය විනය යටතේ රට-ජනතාව වෙනුවෙන් කළ දේ සහ නිවැරදි දේ කළ යුතුමයි. මේ මුල්‍ය විනයට අනුව ක්‍රියා කරමින් අපේ ආණ්ඩුව එදා අදායම් වැඩි කළා. වියදම අඩු කළා. ඒ අනුව රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප ද, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල වැටුප ද, මහා පොළ දීමනාව සහ සමෘද්ධි දීමනාව ද වැඩි කිරීමට අපට හැකි වුණා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ගණන් විශාල ලෙස අඩු කළ අතර සුරක්ෂිත රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට ද අපට හැකි වුණා. මේ සියල්ල අප කළේ සුද්දන් ඇවිත් අපට කිව්ව නිසා නොවෙයි. රට-ජනතාව වෙනුවෙන් කළ යුතුව තිබුණු, නිවැරදිම සහ හොඳම දේ එම ක්‍රියා මාර්ග බව අප තේරුම් ගත් නිසයි.
රට අද කඩා වැටිලා. ඒ නිසා අප මුලින්ම කළ යුත්තේ රට ගොඩගැනීමයි. ඒ සඳහා සියලු දෙනා එකට ඒකරාශී විය යුතුයි. මේ ප්‍රශ්නය පාට නොකළ යුතුයි. මේ දෙස පාට කණ්නාඩිවලින් නොබැලිය යුතුයි. රටක් නොමැති වුණොත් කිසිවෙකුට කිසිවක් නොමැති වේවි. එම නිසා මේ බැරෑරුම් තත්ත්වයෙන් රට ගොඩ ගෙන ජනතාව සවි බල ගන්වා ශක්තිමත් ආර්ථිකයක් රටේ ඇති කිරීම සඳහා කළ යුත්තේ සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කර ජාතික සහ ආගමික එකමුතු භාවය ඇති කරන අතර සෑම වැදගත් දේශපාලන පක්ෂයකම වැඩ කළ හැකි පුද්ගලයින් සහ කණ්ඩායම් එකට එකතු වී ජාතික වැඩ පිළිවෙළක් සේම ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමයි.
සෑම භාණ්ඩයක්ම සහ සේවාවක්ම හැම තිස්සේම උච්ඡාවචනය වීමට ඉඩ දිය යුතු නැහැ. ඇත්තටම රටට අවශ්‍ය වන්නේ මිල සූත්‍රයක් නොවෙයි. රටේ ඇති කළ යුත්තේ මිල ස්ථාවරත්වයක් බව කිව යුතුයි. මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වුණාම භාණ්ඩ සහ සේවා මිල ගණන් වැඩි වුණාට එම වෙළඳ පොළේ මිල අඩු වුණාම මේ රටේ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු වන්නේ නැහැ. ඒ අනුව රටට වැදගත් වන්නේ මිල සූත්‍රයක් නොව මිල ස්ථාවරත්වයක් බව කිව යුතුයි.
විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යවරයා ලෙස එදා මම ගෙන ගිය ප්‍රතිපත්තිමය වැඩ සටහන ඉදිරියටම ගෙන ගියා නම් ඇත්ත වශයෙන්ම මේ වන විට රටේ ඇති වී තිබෙන විදුලි බල සහ බල ශක්ති අර්බුදය ඇති වන්නේ නැහැ. එදා මම විදුලිය ගාස්තු අඩු කළ අතර විදුලිය කප්පාදු කළේ නැහැ. ඇත්ත වශයෙන්ම හදිසි විදුලිය මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් හෝ විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් හෝ විදුලිය ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර කළ යුත්තේ සියල්ල නිවැරදිව කළමනාකරණය කිරීමයි.
විදුලිය ක්ෂේත්‍රයේ විශාල මාෆියක් ක්‍රියාත්මක වන අතර එම මාෆියාව පරාජය කළ යුතුයි. ඇත්ත වශයෙන්ම රට මෙසේ එක තැන සිර වී තිබෙන්නේ විදුලිය ක්ෂේත්‍රය වගේම තවත් අතිශය වැදගත් මර්මස්ථාන පහක විතර ක්‍රියාත්මක වන මේ විශාල මාෆියාව නිසයි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇමති ලෙස එදා ක්‍රියා කළේ මම ද..? නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා. වානිජ්‍ය බැංකුවල ඇමති ලෙස ක්‍රියා කළේ මම ද..? නැහැ. කබීර් හෂීම්. ඒ අය කෝ..? මහා බැංකු බැඳුම්කරයක් අල්ලා ගෙන බොරු චෝදනා එල්ල කර මට එරෙහිව නඩු පවරා මගේ චරිතය ඝාතනය කර මගෙන් දේශපාලන වශයෙන් පළි ගත්තා. බොරු නඩු. මේ නඩු ගෙන යන්න බැහැ. උසාවියට ගරු කරන අප උසාවියෙන් සාධාරණය ඉටු වන තුරු නිහඬව බලා සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මගේ චරිතය ඝාතනය කරමින් මගෙන් පළි ගත්තාට මට එතුමාගෙන් පළි ගන්න කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. නමුත් සාක්කි-සාධක ඇතිව මම එතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් එතුමා කළ යුතු දේ මම කියා තිබෙනවා."

අරුන්දික වෙනුවෙන් : කොටුවේ සහ උඩුවේ හිමිවරුන් පැටලෙති !
අරුන්දික ප්‍රනාන්දු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.
දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බවත් එම හිමියන් ගේ අදහසයි.
මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව කොටුවෙ පොඩි හාමුදුරුවො කියා සිටියි.
අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් කොටුවෙ පොඩි හාමුදුරුවන් සදහන් කරයි.
උඩුවේ හිමියන් ගේ ප්‍රහාරය !
කොටුවේ පොඩ් හාමුදුරුවන් මේ ආකාරයට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා සිටියේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්න ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කරමින්, 'රට රකින ජනහඬ' සංවිධානය, පෙබරවාරි 04 වෙනිදා නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ අදහස් සම්බන්ධයෙන් ය.
ඒ මාධ්‍ය හමුවේදී කොළඹ සරසවියේ කුලපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ජනාධිපතිතුමා ගත් පියවර ඉහළින් අගය කළේය.
උඩුවේ ධම්මාලෝක හිමි, මේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ , දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයාට වඩා, අරුන්දික ප්‍රනාන්දු සිය දහස් ගණනින් වැරදි කරන බවකි.
පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදුවෙන, වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැති බවත් පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට, පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත්, නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, අරුන්දික ප්‍රනාන්දු ගේ මැදිහත්වීමෙන් බවත් උඩුවේ හිමියන් පැවසීය.

ජවිපෙ ආණ්ඩුවට ඩොලර් එන්නේ මෙහෙම : පළමු ඩොලර් මිලියනය කැනඩාවෙන් !
ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ පළමු ඩොලර් මිලියනය කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු ලබාදෙන්නට පොරොන්දු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
එම මුදල වසර හතරක් යනතුරු ආපසු ගෙවීමක් අවශ්‍ය නැති බවත් වසර හතරකින් ආපසු ගැනීමේදී පොලියක් බලාපොරොත්තු නොවන බවත් එම පුද්ගලයා පැවසූ බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ ඒ ආකාරයෙන් ඩොලර් ලබාදී උදව් කිරීමට ලොව පුරා විදේශගත ශ්‍රී ලාංකිකයන් රැසක් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පල කරන ලදී.

පාස්කු ප්‍රහාරකයින් රකිනවාද ? රාජ්‍ය අමාත්‍යවරයාටත් සැකයක් !
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමටත් කටයුතු නොකළ පිරිස් ආරක්ෂා කරන බවට තමන්ට ද කතෝලිකයෙක් ලෙස සැක සිතෙන බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
ඔහු මෙසේ කියා සිටියේ පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මාධ්‍ය අමතමිනි.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
‘පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කළා කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, එදා හිටපු පොලිස්පතිතුමා අද ඉන්නේ හිර ගෙදර නම්, එදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුණේ නැත්නම්, සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක් වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂියත් කතා කරනවා.
ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අ පේ නායකයෝ දෙදෙනාත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න උවමනායි’
-Cnews

තෙල් නැතුව කැළණි තිස්ස ඇවිලෙයි : යළිත් කප්පාදුවක් ?
ඉන්ධන නොමැතිව නැවතත් අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව විදුලිබල මණඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනු ලබන්නේ ලබන 07 වෙනිදා යළිත් ඩීසල් නැවක් එනතුරු කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදීමට නොහැකි බවය.
ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 280 ක විදුලි දාරිධාවක් මේ වන විට අහිමිව ඇති බවත් සඳහන් ය.
මේ තත්ත්වයමත නැවතත් විදුලිය විසන්ධි කිරීමකට යාමට සිදුවනු ඇතැයිද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවෙන් සමෘද්ධි බැංකුවට බිලියන 42 ක පොල්ලක් ?
ඉකුත් ලොක්ඩවුන් සමයේ ජනතාවට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජය විසින් සමෘද්ධි බැංකුවෙන් ලබාගත් බිලියන 50න්, බිලියන 42ක් තවමත් ලබා දී නොමැති බව වාර්තා වෙයි.
සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය මේ සම්බන්ධයෙන් චෝදනා කරන අතර එහි ප්‍රධාන ලේකම් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන එස්.ඒ.ඩී. ජගත් කුමාර ය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර පැවසුවේ එම මුදල මෙතෙක් නොලැබිම සමෘද්ධි බැංකුවේ කටයුතුවලට බාධාවක් වී ඇති බවයි.

රාජපක්ෂලාත් ග්‍රීසියේ ජෝර්ජ් වගේ 5%ට වැටෙයිද?
ජෝර්ජ් පැපන්ඩෘ වහාම ඉවත් විය යුතුයි. ඔහුට ආර්ථික අර්බුදය මැනේජ් කරගන්න බැහැ…’
මේ 2011 ග්‍රීෂියේ මතුවූ ආර්ථික අර්බුදයෙන් හෙම්බත්වී සිටි මිනිසුන් පාරට බැහැලා කී සටන් පාඨයය. පැපන්ඩෘ පවුල ග්‍රීසියේ බලවත් දේශපාලන පවුලකි. හරියට ලංකාවේ රාජපක්ෂ පවුල වගේය. ඔහුගේ සීයා කිහිප වරක්ම ග්‍රීසියේ අගමැති ධුරය දරපු අයෙකි. ඔහුගේ පියාත් ග්‍රීසියේ අගමැති ධුරය දැරුවේය. ග්‍රීසියේ පැරැණිතම විශාලතම පක්ෂය වූ පැසො පක්ෂය බිහි කළේත් ඔහුගේ පියාය. 2009 මහ ඡන්දයෙන් ජෝර්ජ් පැපන්ඩෘ අගමැති වූයේ අතිවිශාල බහුතරයකිනි.
‘පැපන්ඩෘ පවුල ග්‍රීසියේ මුල් ඇදලා තියෙන්නේ. ඔවුන්ව විනාශ කරන්න බැහැ…’
මේ, 2009 ජෝර්ජ් අගමැති වූ වෙලාවේ ග්‍රීසියේ පමණක් නොව ලෝකයේම දේශපාලන විචාරකයන් කී කතාවය. දේශප්‍රේමය පැපන්ඩෘ පවුලේ සහ පැසො පක්ෂයේ දේශපාලන න්‍යාය විය. ඒත් කවුරුත් නොසිතූ දෙයක් 2009 ජෝර්ජ්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව සිදුවිය. ග්‍රීසියේ මහා ආර්ථික අර්බුදයක් පැනනැඟිණි. අර්බුදය කට ළඟටම ආවේ ජෝර්ජ් අගමැති වී හරියටම වසර දෙකකින්ය. ග්‍රීසියේ මිනිසුන් කීවේ ජෝර්ජ්ගේ නොහැකියාව මත මෙම අර්බුදය උපත ලද බවය. ඒත් ග්‍රීසියේ ආර්ථික විශේෂඥයන් කීවේ ජෝර්ජ් බලයට පැමිණෙන විට අර්බුදය බීජයක්ව පැවැති බවත්, ඔහු එය නොවිසඳා අර්බුදයක් නැති බව රටට පෙන්වන්න ගොස් අර්බුදය ග්‍රීසිය යටකරන සුනාමියක් බවට පත්වූ බවත්ය.
අර්බුදය මැද ජෝර්ජ් අසරණ විය. සීයාගේ හෝ පියාගේ කයිවාරු අහන්න මිනිසුන් සූදානම් නොවීය. දේශප්‍රේමය තවදුරටත් විකිණිය හැකි සටන් පාඨයක් නොවීය. බැරිම තැන ජෝර්ජ් පාර්ලිමේන්තුවේ තමාට විශ්වාසය පළ කරන යෝජනාවක් සම්මත කරගත්තේය. යෝජනාව දින්නායින් පසු ජෝර්ජ් සහ ඔහුගේ පක්ෂය ගැම්මක් ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ද කීවේ අර්බුදය ගොඩගන්න ජෝර්ජ්ගේ ආණ්ඩුවට දැන් ජනප්‍රිය නොවන තීරණ ගත හැකි බවය. ජෝර්ජ් ආඩම්බරයෙන් කීවේ ග්‍රීසියේ අස්ථාවරත්වය අවසන් වූ බවය. එහෙත් ජෝර්ජ්ට අර්බුදය ජයගන්න හැකියාවක් හෝ එඩිතරකමක් නොවීය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදය ජයගමු යැයි ජෝර්ජ් විපක්ෂ නායක අන්තෝනියෝ සමාරස්ට යෝජනා කළේය. විපක්ෂ නායකයා කෙළින්ම ඒ යෝජනාව ප්‍රතික්ෂෙප කළේය. අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවටත්, නිර්පාක්ෂික අගමැතිවරයෙක් අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා විය යුතු බවටත් විපක්ෂ නායකයා යෝජනාවක් කළේය. ඒත් ජෝර්ජ් එයට අදිමදි කළේය.
ඔබට අර්බුදය විසඳාගන්න බැරිව බලයේ එල්ලී සිටියොත් ඔබගේ පවුලත් පක්ෂයත් විනාශ වෙයි. මේ වෙලාවෙ බලය අතහරින්න…’
ජෝර්ජ්ගේ උපදේශකයෝ කීහ. ජෝර්ජ් අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කැමැති විය. ඔහුගේ ඒ තීරණයට දැඩි ලෙස බලපෑවේ අර්බුදය විසඳන්න සහාය දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසියය.
‘අර්බුදය විසඳන්න මහජන සහාය අවශ්‍යයි. විපක්ෂයේ පක්ෂ සහ ආණ්ඩුව අතර එකඟතාවක් අවශ්‍යයි…’
මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ජෝර්ජ්ට බලපෑම් කළේය.
‘අර්බුදය විසඳන සහන පැකේජයක් දෙන්න පුළුවන් ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් ඇති කළොත් පමණයි…’
මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ලෝකෙටම ඇහෙන්න කීවේය. ජෝර්ජ්ගේ ඉවත් වීමෙන් හිස් වූ අගමැති ධුරයට විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත්වුණේ යුරෝපා සංගමයේ මහ බැංකුවේ උපසභාපතිවරයෙකි. ඔහු නිර්පාක්ෂික ආර්ථික විශාරදයෙක් විය. අන්තර් පාලන ජාතික ඒකාබද්ධතා ආණ්ඩුව පිහිටුවා වහාම මහ ඡන්දයට යා යුතුය යන්න විපක්ෂ නායකයාගේ කොන්දේසිය විය. නිර්පාක්ෂික අගමැති ඒ කොන්දේසිය ඉටු කළේය. එහෙත් මහ ඡන්දයෙන් කිසිවකුට බහුතර ආණ්ඩුවක් පිහිටුවාගත නොහැකි විය. මහ ඡන්ද කිහිපයකට පසු පැවැති මහ ඡන්දයෙන් විපක්ෂ නායකයා බහුතර ආසන දිනා අගමැති විය. 2009 මහ ඡන්දයෙන් 48%ක් ගත් ජෝර්ජ්ගේ පැසො පක්ෂය 2015 මහ ඡන්දයෙන් අන්ත පරාජයකට පත් වී ඡන්ද ප්‍රතිශතය 5%ට වැටිණි. ග්‍රීසියේ පැරැණිතම ප්‍රබල පක්ෂයේ මේ වැටීම ලෝක දේශපාලනය අර්ථ දැක්වූයේ ‘පැසොකිෆිකේෂන්’ ලෙසය.
‘රාජපක්ෂලාටත් පැපන්ඩෘ පවුලට වෙච්ච දෙයම වෙයිද?’
අද රාජපක්ෂලා මුහුණ දෙන ආර්ථික අර්බුදය ග්‍රීසියටත් වඩා අන්ත ආර්ථික අර්බුදයකි. මේ අර්බුදයට රාජපක්ෂලාටත් විසඳුම් නැති බව පෙනේ. රාජපක්ෂලා මූල්‍ය අරමුදලට ඇමෙරිකාවට බි්‍රතාන්‍යයට, යුරෝපා සංගමයට යන්න බය, ග්‍රීසියේ ජෝර්ජ්ලාට දමපු කොන්දේසි රාජපක්ෂලාටත් දමයි කියන බය නිසාය. බලය අතේ තියාගෙන තමන් සහ රට දෙකම එකට නැති වෙනවා බලා සිටිනවාට වඩා බලය අතහැර රට බේරාගැනීම හොඳම විසඳුම යැයි ජෝර්ජ් සිතුවේය. ඒත් රාජපක්ෂලා බලන්නේ අර්බුදයට මකබෑවියන් කියා බලය ආරක්ෂා කරගත හැකි ක්‍රමයක්ය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජපක්ෂවරුන්ගේ ගැළවීමේ හමුදාව වී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවස්ථාවක් හදන මුවාවෙන් මහ ඡන්දයකට ගොස් ජාම බේරාගන්න ආණ්ඩුව උත්සාහ දරනවා යැයි මෛත්‍රිපාල පසුගියදා කීවේ ඒ නිසාය.
ආණ්ඩුව මේ වෙලාවේ කැමැතිම ඡන්දය නම් ජනමත විචාරණයක්ය. ඇතැම් විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් එන්න පුළුවන. නැතිනම් ආණ්ඩුවට තියෙන එකම විකල්පය මහ ඡන්දයය. හේතුව මහ ඡන්දයක් තියල පරාජය වුණත් පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිය. ආණ්ඩුව බයම ඡන්ද තුන පළාත් පාලන, පළාත් සභා සහ ජනාධිපතිවරණයය. පළාත් පාලන ඡන්දයක් තියල පරාජය වුණොත් ආණ්ඩුව ඉබේ කඩාගෙන වැටෙනවා පමණක් නොව පළාත් පාලන ආයතන ටික විපක්ෂයට යන බව ආණ්ඩුව දනී. පළාත් සභා ඡන්දය තිබ්බත් වෙන්නේ ඒකමය. පළාත් සභා විපක්ෂය අතට ගියොත් ආණ්ඩුවට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව ජාතික මැතිවරණයකට යෑමට සිදුවෙයි.
එදා 2011 ග්‍රීසියේ ජෝර්ජ් උත්සාහ ගත්තේත් අද රාජපක්ෂලා උත්සාහ ගන්නවා වගේ තම ශක්තිය පෙන්වලා අර්බුදය යටගහ ගන්න ක්‍රමයක්ය. ජෝර්ජ් නම් ඡන්දයකට ගියේ නැත. ඔහු ගියේ පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකර ගන්නා යෝජනාවකටය. ඒත් තම ශක්තිය පෙන්වා අර්බුදය ජයගන්න හෝ යට ගහන්න බැරි බව ඔහුට පසුව තේරිණි. ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සිදුවූයේ ඒ නිසාය.
‘ජෝර්ජ්ට වගේ රාජපක්ෂලාටත් ජනාධිපති ධුරය අගමැති ධුරය අත්හරින්න වෙයිද…?’
එතැනට නොයා ගොඩ එන ක්‍රමයක් ගැන මේ මොහොත වන විටත් රාජපක්ෂලාට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජපක්ෂවරුන්ගේ ගැළවීමේ හමුදාව වී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවස්ථාවක් හදන මුවාවෙන් මහ ඡන්දයකට ගොස් ජාම බේරාගන්න ආණ්ඩුව උත්සාහ දරනවා යැයි මෛත්‍රිපාල පසුගියදා කීවේ ඒ නිසාය.
ආණ්ඩුව මේ වෙලාවේ කැමැතිම ඡන්දය නම් ජනමත විචාරණයක්ය. ඇතැම් විට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් එන්න පුළුවන. නැතිනම් ආණ්ඩුවට තියෙන එකම විකල්පය මහ ඡන්දයය. හේතුව මහ ඡන්දයක් තියල පරාජය වුණත් පොදුජන පෙරමුණට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිය. ආණ්ඩුව බයම ඡන්ද තුන පළාත් පාලන, පළාත් සභා සහ ජනාධිපතිවරණයය. පළාත් පාලන ඡන්දයක් තියල පරාජය වුණොත් ආණ්ඩුව ඉබේ කඩාගෙන වැටෙනවා පමණක් නොව පළාත් පාලන ආයතන ටික විපක්ෂයට යන බව ආණ්ඩුව දනී. පළාත් සභා ඡන්දය තිබ්බත් වෙන්නේ ඒකමය. පළාත් සභා විපක්ෂය අතට ගියොත් ආණ්ඩුවට පළාත් පාලන ආයතන සහ පළාත් සභා නැතිව ජාතික මැතිවරණයකට යෑමට සිදුවෙයි.
එදා 2011 ග්‍රීසියේ ජෝර්ජ් උත්සාහ ගත්තේත් අද රාජපක්ෂලා උත්සාහ ගන්නවා වගේ තම ශක්තිය පෙන්වලා අර්බුදය යටගහ ගන්න ක්‍රමයක්ය. ජෝර්ජ් නම් ඡන්දයකට ගියේ නැත. ඔහු ගියේ පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකර ගන්නා යෝජනාවකටය. ඒත් තම ශක්තිය පෙන්වා අර්බුදය ජයගන්න හෝ යට ගහන්න බැරි බව ඔහුට පසුව තේරිණි. ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සිදුවූයේ ඒ නිසාය.
‘ජෝර්ජ්ට වගේ රාජපක්ෂලාටත් ජනාධිපති ධුරය අගමැති ධුරය අත්හරින්න වෙයිද…?’
එතැනට නොයා ගොඩ එන ක්‍රමයක් ගැන මේ මොහොත වන විටත් රාජපක්ෂලාට චිත්‍රයක් නැත. මේ නිසා අද රාජපක්ෂලා කරන්නේත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නා දේශපාලනයක් බව නම් සහතිකය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු නැත. මේ නිසා අද රාජපක්ෂලා කරන්නේත් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නා දේශපාලනයක් බව නම් සහතිකය.
මව්රට - උපුල් ජෝශප් ප්‍රනාන්දු
Page 382 of 474