V2025

පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවට 67 යි: අභිමානයෙන් සමරයි !

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය දෙසැම්බර් 9 වනදාට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් නාවික හමුදාධිපති, වයිස්අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කර තිබිණ.

පසුගිය ‍නොවැම්බර් මස 21 වන දින අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා‍ දෙව් මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොටහේන, පොන්නම්බලවානේශ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්විණ.

එසේම දෙසැම්බර් 8,9 යන දෙදින පැවැත්වුණු සමරු වැඩසටහන් මෙම අවස්ථාවන් සඳහා ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍ය රණසිංහ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රෝසයිරෝ, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=10350#sigProIdd75e562f44

 

Comment (0) Hits: 997

ප්‍රශ්න අවසන් : දෙමළ ජාතික සන්ධානය නිවස ලකුණින් මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානයේ පැවති ගැටළු සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසන්දාගත් බවත් ඒ අනුව ඉදිරි පළාත් පාලන ජන්දයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ “නිවස”ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම. කේ. සිවාජිලිංගම් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පළාත් පාලන ජන්දයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි, ප්ලොට් හා ටෙලෝ පක්ෂ සියල්ල ඒකාබද්ධව උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට නියමිතව ඇත.

විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ(09) පැවැත්වු මෙම සාකච්ඡාව සඳහා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

දෙමළ ජාතික සන්ධානය තුළ තිබු ගැටළු විසඳාගෙන ඇති බැවින් තම පාර්ශවයට ශක්තිමත්ව මැතිවරණයට මුහුණදීමේ හැකියාව නැවත ලැබී ඇති බවත් ඒ හමුවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කුමන සන්ධාන බිහිවුවද තම ජයග‍්‍රාහණය වළක්වාලීමට ඒ කිසිඳු පාර්ශවයකට හැකියාවක් නොමැති බව සාකච්ඡාවේ සාර්ථකත්වය සඳහන් කරමින් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

Comment (0) Hits: 765

'ප්‍රේමදාස හොදයි- රනිල් ඉන්නකන් එජාපයට යන්නේ නැහැ' - ජානිපෙ මන්ත්‍රී

තමන් එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බවට පසුගිය දින කිහිපයේම පලවී තිබු වාර්තා අසත්‍ය බවත්, තමන් කිසිසේත්ම වත්මන් එක්සත් ජාතික පක්‍ෂය නායකත්වය යටතේ දක්නට නොලැබෙනු ඇති බව විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේම්රත්න මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂ පාලන ඉතිහාසයේ දුප්පත් මිනිසුන්ට සෙතක් සිදුවුයේ ප්‍රේමදාස පාලන සමයේදී පමණක් බවද ඔහු කියා සිටියේය.

මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු නිරෝෂන් ප්‍රේම්රත්න මහතා එබව කියා සිටියේ, ජාතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 විමල් දාල යන්නේ නැහැ :

 එහිදී අදහස් පල කල ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පක්‍ෂයෙන් ඉවත්ව යන බවටත්, ඉන් පසු තම පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඉතිරි වන්නේ විමල් වීරවංශ මහතා පමණක් බවටත් මාධ්‍ය වාර්තා පලව තිබීම තම පක්‍ෂයට එරෙහි අවලාද මෙහෙයුමකට කොටසක් බව සඳහන් කළේය.

ප්‍රතිපත්තිමය කරුණු මත තම පක්ෂය ඕනෑම පක්ෂයක් සමග එක්වීමට සුදානම් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

වීඩියෝ

Comment (0) Hits: 941

නාවික හමුදාවේ නැවක් හා ගිණි අවි තොගයක් වසර ගණනක් තිස්සේ දිරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මිලදී ගෙන පාවිච්චි නොකළ රුපියල් මිලියන 239 පමණ වටිනා මැෂින් තුවක්කු හා මිලියන 50ක් පමණ වටිනා ගුවන් යානා නාශක තුවක්කුවක් ඇති බව විගණනයේ දී හෙළිව තිබේ.

1995-1997 කාල පරිච්ජේදයේ දී මිලට ගෙන ඇති මැෂින් තුවක්කු (Machine gun) 10ක් හා ගුවන් යානා නාශක අවියක් (Anti-aircraft) මෙසේ භාවිතා නොකළ හැකි තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ.

එම ගිනි අවි පරීක්ෂණ මණ්ඩලයක නිර්දේශ ලබා ගෙන පරිහරණය කිරීමට කටයුතු නොකර ගබඩා කර තිබී ඇත.

ඊට අමතරව 1999 දී ස්ටලින් පවුම් මිලියන 2.03ක් ගෙවා මිලට ගත් නෞකාවක් වර්ෂ තුනක සිට වයඹ නාවික විධානයේ නැංගුරම් ලා ඇති බව ද හෙළිව තිබේ.

(සත්හඬ)

Comment (0) Hits: 905

2018 අයවැය 2/3න් සම්මතයි

2018 අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (09) සම්මත විය.

අයවැයට පක්ෂව ජන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 56ක් පමණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මහින්ද පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශකර තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශකොට තිබිණ.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අයවැය ජන්ද විමසන අවස්තාවේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සිට නැත.

 

Comment (0) Hits: 739

ඉන්ධන හිඟවීම නිසා තැරැව්කරුවන්ගේ කල්ල මරේ !

නියමිත වෙලාවට ගුවන් යානා ඉන්ධන ආනයනය නොකිරීම නිසා, රුපියල් 480 ක වැඩිපුර මිලකට ඉන්ධන ලීටරයක් ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදු වී තිබේ.

පසුගිය 8 වන සිකුරාදා ඉන්ධන නැවක් පැමිණීමට නියමිතව තිබුණ ද එය ප්‍රමාදවීම නිසා ඉන්දියාවේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙට්‍රික් ටොන් 14000 ක් හදිසි මිලට ගැනීමට කටයුතු යොදා ඇත.

සාමාන්‍යයෙන් ගුවන්යානා ඉන්ධන ලීටරයක් ඩොලර් 1.70ක මිලකට ගන්නා අතර හදිසි මිලදී ගැනීමේ දී ඩොලර් 4.70ක මිලකට ගැනීමට සිදුව තිබේ.

අදාළ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාව ලබන 13 වන දින මෙරටට ළඟා වීමට නියමිතය.

එහෙත් එම කාලය තුළ දී ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන සංස්ථාව තුළ පවතීද යන්න ගැටලූසහගතය.

Comment (0) Hits: 800

පාසල් නිලඇඳුම් වවුචර්වලින් හොද්ද බොර වෙයි

පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීම සඳහා හඳුන්වාදුන් වව්චර් පත් ක්‍රමය නිසා 2015 වසරට වඩා 2016 වර්ෂයේදී එක් ශිෂ්යයකු වෙනුවෙන් රුපියල් 74.98ක් වැඩිපුර වැය කිරීමට සිදු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

2016 වර්ෂයේ දී අමාත්‍යංශය විසින් සිසුන් 4,342,381ක් දෙනෙක් සඳහා එක් අයකුට රුපියල් 529.22ක් බැගින් රුපියල් මිලියන 2,298.06ක පිරිවැයක් දරා ඇත.

2014 වර්ෂය වෙනුවෙන් වැය කර තිබූ මුළු මුදල 2013 වර්ෂයට සාපේක්ෂව සියට 38.77කින් වැඩි වී ඇති අතර 2015 වර්ෂයේ දී 2014 වර්ෂයට සාපේක්ෂව සියට 14.46කින් අඩු වී ඇත.

එහෙත් 2016 වර්ෂයේ දී වව්චර් පත් බෙදා දීම වෙනුවෙන් වැයකර තිබූ මුදල 2015 වර්ෂයේ වැය කර තිබුණු මුදලට වඩා සියට 11.91කින් වැඩිවීමක් බව වාර්තා වේ.

Comment (0) Hits: 853

එක් වෙයිද නැද්ද ? - මහින්දගේ ස්ථාවර හෙළිවේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා ඉතා රහසිගතව තවදුරටත් පැවැත්වෙන අතර එක් කොන්දේසියක් හැරෙන්නට අනෙක් සියලුම කොන්දේසිවලට එකඟ වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත්වීම හැර අනෙකුත් කොන්දේසිවලට එකඟවන බවත් පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් එකඟතාව ලැබී තිබෙන බවත් එම ආරංචිමාර්ග පවසයි.

එසේ එකඟතාවකට පැමිණියහොත් "පුටුව" ලාංඡනය යටතේ පොදුජන එක්සත් පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට හැකි බවත් අපේක්ෂකයන්ගෙන් 50%කට වඩා බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇති බවත් වාර්තා වේ.

මීට අමතරව පොදුජන එක්සත් පෙරමුණේ සභාපති ධුරය සම්බන්ධයෙන්ද යම් නම්‍යශීලීත්වයක් ඇති කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙන බවද දැනගන්නට ඇත.

 යහපත් ප්‍රතිචාරයක් නැහැ :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන මේ කරුණුවලට ඒකාබද්ධ විපක්ෂයෙන් තාමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. එහෙත් එම සාකච්ඡා තවදුරටත් සිදුකරන බව වාර්තා වෙයි.

මීට අමතරව පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ පසුගිය දිනවල ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් අතරද රහසිගත සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

මේ අතර නාමයෝජනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැනනැඟී ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමටද ස්ථාන කිහිපයකම සාකච්ඡා පැවැත්වමින් පවතී.

මහින්දගේ ස්ථාවරය මෙන්න :

basil 1

බැසිල් : ඒකාබද්ධය හසුරුවන් සුක්කානම

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් පවත්වාගෙන යනු ලබන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පලාන මැතිවණය සදහා දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ ‘පොදුජන පෙරමුණ’ ලෙස තරග කිරීමට ඉඩ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බවයි.

එක්සත් ජාතික පක්ෂය සමගින් එක්ව මේ වන විට හවුල් ආණ්ඩුවක් කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධාන ගතවීමට අදහසක් නැති බවද ඒ මහතා සදහන් කල බව ද එම වෙබ් පුවතේ සඳහන් වේ.

ආන්ඩුවේ සිටින පක්‍ෂයක් සමග ‘පොදුජන පෙරමුණ’ සන්ධාන ගත වුවහොත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පොදුජන පෙරමුණද පිලිගත්තේ යයි ඇගවෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

මෙම හේතුන් නිසා ශ්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විරුද්ද වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

Comment (0) Hits: 1061

ඊ-මේල් ඔස්සේ ව්‍යාපාරිකයින් කොල්ලකන තැතක්

මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් පණිවිඩ වල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRI LANKA CERT) පවසයි.

ව්‍යාපාරික කටයුතුවලදී තමන්ගේ ව්‍යාපාරික සගයාගේ මුදල් ගෙවීම් සදහා භාවිතා කලයුතු සුපුරුදු බැංකු ගිණුම වෙනස් කර ඇති බවට දැනුම් දීමක් හෝ එය වෙනස් කර ඇති බවට ඊ -මේල් පණිවිඩයක් ලැබුණහොත් දුරකථන ඇමතුමක් දී තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීම වඩා වැදගත් බව සංසදය සදහන් කරයි.

මෙහිදි අදාළ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් හුවමාරු කර ගන්නා ඉ-මේල් පණිවිඩ ‍වල තොරතුරු යොදා ගනිමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදු කරන බවත් පසුගිය මාස දෙකක කාලය තුලදි මේ සම්බන්ධව පැමිණිලි දහයක් පමණ ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

 මිලියන 15ක වංචාවක් :

විශේෂයෙන්ම මෙහිදී මුදල් බැරකල යුතු බැංකු සහ ගිණුම් අංක පිලිබද ව්‍යාජ තොරතුරු එම ව්‍යාපාරිකයින් වෙත යොමු කර ‍ඔවුන් නොමග යවමින් මෙම වංචාව සිදු කරන බවත් මේ වන විට රුපියල් මිලියන 15ක පමණ මුදලක් වංචා කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අන්දමින් සිදු කරන වංචනික ක්‍රියාවන්ට ගොදුරුවීමෙන් වැලැක්විම සදහා නිරන්තරයෙන් දැනුවත් කිරීම් සහ තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරන බවත් 0112691692 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිලිබද වැඩිදුර විස්තර දැනගත හැකි බවත් සංසදය පවසයි.

Comment (0) Hits: 850

'බැදුම්කර හොරා මා නොවේ' - රවි කියයි (වීඩියෝ)

තමන් මුදල් ඇමති ලෙස කටයුතු කලත් මහ බැංකුව රාජ්‍ය බැංකු කිසිවක් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය නොවූ බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

එවන් තත්වයකදී එම ආයතනවල තීන්දු තීරණ සම්බන්දයෙන් තමන් වගකිව යුතු නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.

lankanewsweek.com වෙබ් අඩවියේ කර්තෘ සුජිත් මංගල ද සිල්වා සමග කල සාකච්ජාවක දී ඔහු එබව පවසා සිටියේය.

සත්‍ය කුමක්දැයි ඉදිරියේදී ජනතාව තේරුම් ගනු ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

 ජනතාව දවසක ඇත්ත තේරුම් ගනීවි:

 ''මං වරදක් කරලා නෑ. ජනතාව දවසක ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව යලිත් මා සමඟ එක් වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්නට බෑ.

මම කුඩා කල සිට සමාජසේවා කටයුතුවල නිරත වෙනවා. බලය තිබුණත් නැතත් මම ඒ කටයුතු නතර කරන්නේ නෑ. ජනතා මෙහෙවර මම නතර කරන්නේ නෑ.

සමාජ සේවා කටයුතු සිදු කරන කොට පක්ෂ විපක්ෂ සතුරන් තියෙනවා. ඒ සතුරුකම්වලට මුහුණ දෙන්න අපට ශක්තිය තිබෙනවා'' යැයි ද හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු කිසිවක් තමන් යටතේ නොතිබූ නිසා බැදුම්කර නිකුතුවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව රවී කරුණානායක මහතා මීට පෙර වතාවකද සදහන් කර තිබිණ.

වීඩියෝ

Comment (0) Hits: 1170

චන්දික හතුරුසිංහ : නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු සංචාරයය.

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරු ලෙස සැළකෙන ඔහු පසුගිය නොවැම්බර් මාසයේ එම තනතුරින් ඉල්ලා අස් විය.


hahurusighe

ශ්‍රී ලංකාව විසින් වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වනු ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් භාරගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා, ඔහු එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා," පසුගියදා මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

"රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ. එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි."

චන්දික හතුරුසිංහ සමග බංගලාදේශයේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තනතුරේ කටයුතු කරමින් සිටියි.

dayasiri චන්දික හතුරුසිංහ මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර 2010 දී එවකට කණ්ඩායමේ නායකය වූ කුමාර් සංගක්කාරගේ විරෝධය ද නොතකා ඔහු එම තනතුරින් ඉවත්කිරීමට එවකට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි.

(බීබීසී සිංහල සේවය)

Comment (0) Hits: 897

ආණ්ඩුවේ තවත් නෑමක් අත ළඟ: ඊ පාස්පෝට් ටෙන්ඩරය ලංසු නොතැබූ සමාගමකට

නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය කිසිඳු ලංසු කැඳවීමකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වෙයි.

ටෙන්ඩරය රුපියල් බිලියන 1.3 යි

රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුතු මෙම ටෙන්ඩරය ලංසු කැඳවීමකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම පිටුපස බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සැකසංකා මතුකරන්නක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ලංසු තියලත් නෑ

යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු කැඳවීමේදී M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 600ක් වැයකිරීම හරහා නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට හැකියාවක් ඇති බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවය. එවැනි යෝජනාවක් නොතකා M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට මෙම ටෙන්ඩරය නිකුත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය පළවීම ගැටළු සහගත බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ජනාධිපති නිරීක්ෂණ ඉවතට

මීට ඉහතදීද විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමුවූ අතර එහිදී ජනාධිපතිවරයා ඊට සිය නිරීක්ෂණ සපයමින් පෙන්වාදී තිබුණේ තනි සමාගමකට ලබාදීම වෙනුවට තරගකාරී ලංසු ක්‍රමයක් හරහා අදාළ ටෙන්ඩරය නිකුත් කළ යුතු බවය.

කෙසේ වුවත් දිගින් දිගටම අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා වන ක්‍රියාවලියක් ආණ්ඩුවේම පාර්ශව කිහිපයක් වෙතින් දියත්වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස 2017 ජුනි 13 වනදා ICTA සහ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ තාක්ෂණික අවශ්‍යතා අධ්‍යයනය කිරීමට අවබෝධතා ගිවිසුමක්ද අත්සන්කොට තිබේ.

කැබිනට් මණ්ඩලයේ තීරණය සහ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ නොතකා ඇතිකරගත් මෙම ගිවිසුමෙන් පසුව 2017 අගෝස්තු 09 වනදා අංක CP/17/1576/722/017 දරණ හවුල් කැබිනට් සන්දේශයක් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු විෂය අයත් එස්. බී. නාවින්න විසින් කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කර ඇත. එහෙත් එම අවස්ථාවේද කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වී තිබුණේ එක් සමාගමක් වෙනුවට “ස්විස් චැලේන්ජ්” ක්‍රමය යටතේ විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය දියත්කළ යුතු බවය.

De La Rue සමාගමට ස්විස් චැලේන්ජ් ඇලජික්

වාර්තා වන ආකාරයට කැබිනට් මණ්ඩලයේ මෙම නිර්දේශයට M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම එකඟත්වය පළකර නොමැත. එසේම මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාද අදාළ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට පැවරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකුට දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය නොවැම්බර් 02 වනදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් අංක 17/2522/749/022 දරණ කැබිනට් සංදේශය ඉදිරිපත්කර ඇත්තේ ඒ අනුව බවත් එහිදී කිසිඳු ලංසු කැඳවීමකින් තොරව සහ 2017 අගෝස්තු 09 වනදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අදාළ නිර්දේශ සංශෝධනය කරන ලෙස ඉල්ලා තිබු බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ආගමන විගමන නිලධාරීන්ට වැඩ නැතිවෙයි

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම බ්‍රිතාන්‍ය කොටස් හිමිකාරෙත්වයක් සහිත සමාගමක් බවත් එවැනි සමාගමකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම පැවරීම තුළ එම ක්‍රියාවලිය මුළුමනින්ම පෞද්ගලික සමාගමකට නිරාවරණයවීමේ අවධානමක් ඇති බවය. එසේම මෙම කටයුත්ත හේතුවෙන් පසුගියදා රුපියල් බිලියන 1ක් වියදම් කොට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ ‘නව විදෙස් ගමන් බලපත් කාර්යාලයයට අනුබද්ධ 400 කට අධික සේවකයන් හට රාජකාරියක් නොමැතිව යන අවධානමක්ද මතුව ඇති බවද එහි වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

වැඩ වර්ජනයක් අත ළඟ

එසේම තම දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීමේ ටෙන්ඩරය සැපයීම සම්බන්ධව විරෝධය පළකරන බවත් සේවක විරෝධය නොතකා අදාළ සමාගමට එම ටෙන්ඩරය ලබාදුනහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සුදානම්ව සිටින බවද ඔවුන් සඳහන් කර සිටියි.

Comment (0) Hits: 1029

ඉමෝලා ජයගත් ශ්‍රීලාංකික රේස් ශූරයා

අපි රටට ආදරය කලාට රට අපිට ආදරේ නැහැ. රේස් වලින් ගිනස් වාර්තාවක් තියල ක‍්‍රීඩාවෙන් සමුගන්නවා. ඩිලන්ත මාලගමුව පැරීසියේදි පවසයි.

උතුරු දිග ඉතාලියේ ඉමෝලා ප‍්‍රදේශයේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ෆෙරාරි වාහන නිශ්පාදන සමාගමේ හිමිකරුවන් වන නැසි ගිය එන්සෝ ෆෙරාරි හා ඔහුගේ පුත් ඩිනෝ ෆෙරාරි නමින් ප‍්‍රසිද්ධ ජාත්‍යයන්තර මෝටර් රථ ධාවන පථය නොහොත් ලෝක මෝටර් රථ ශූරතා ඉතිහාසයේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ වසරකට වරක් පවත්වන ඉසව් පහකින් සමන්විත ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රප්‍රෝ 2017 ජාත්‍යයන්තර ශූරතා තරඟාවලියේදී ශ්‍රීලංකාවේ ප‍්‍රසිද්ධ මෝටර් රථ ශූරයෙක්වූ ඩිලන්ත මාලගමුව එක් ඉසව්වකින් තෙවන ස්ථානය දිනා ගනිමින් මෙම ධාවන පථය ජයගත් ප‍්‍රථම ශ්‍රීලාංකිකයා වීමේ භාග්‍ය හිමිකර ගත්තේය. මෙම තරඟය නැරඹීමට හා ඩිලන්ත වෙනුවෙන් ජය ඝෝෂා නැගීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රීලාංකිකයෝ සහභාගි වුවෝය. 

ඉහත සඳහන් ඉමෝලා ධාවන පථය වසරකදී ලෝකයේ ජාත්‍යයන්තර පලමු පෙලේ මෝටර් රථ ධාවන ශූරතාවයන් කිහිපයක් පවත්වනු ලැබේ. ඒ අතරින් පෝර්මියුලා වන් ශූරතාවය විශේෂිතවේ. ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙකුවූ බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා වර්ෂ 1994 මැයි මස 01 වෙනිදාා මෙම ධාවන පථයේ සිදුවූ අනතුරකින් මිය ගියේය. එම අනතුර හේතු කොට ධාවන පථය නවීකරනය කිරීමට සිදු වූයේය. කි:මී: 4.909ක් දිග වංගු 15 කින් සමන්විත මෙම ධාවන පථයේ අවම ධාවන කාල වාර්තාව ලෙස සනිටුහන් වන්නේ මිනිත්තුවයි තත්පර 20 දශම 411කි. හිටපු ලෝක ශූර ජර්මන් ජාතික මයිකල් ෂූර්මාකර් විසින් වසර 2003දී පෝර්මියුලා එක ශූරතාවයේදී ෆෙරාරි කාරයක් පදවමින් ඉහත වාර්තාව තැබුවේය.

බ‍්‍රසීල ජාතික ඇරිටන් සේනා, නෙල්සන් පිකේ, ප‍්‍රංශ ජාතික ඇලන් ප්‍රොස්ට්, බි‍්‍රතාන්‍ය ජාතික නයිජෙල් මෙන්සෙල්, මයිකල් ෂූර්මාර්කර්, ස්පාඤ්ඤ ජාතික ප‍්‍රනැන්ඩු අලොන්සෝ වැනි පැරනි ලෝක ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෝ මෙම ධාවන පථයේ ජය ලැබූ අය අතරින් කිහිප දෙනෙකි.

එවැනි ඉතිහාසයක් ඇති ඉමෝලා ශූරතාවයක් ජයගත් ප‍්‍රථම ශ්‍රීලාංකිික ඩිලන්ත මාලගමුව එම ශූරතාවය ලබා ගැනීම සඳහා පැරිස් අගනුවර කොන්කෝඞ් චතුරශ‍්‍රය අසල පිහිටි ජාත්‍යයන්තර මෝටර් රථ සම්මේලන මූලස්ථානයට පැමිනි අවස්ථාවේදී ඔහු සමඟ මෙසේ සංවාද වූයේය.

ප‍්‍රශ්නය:

ඩිලන්ත ඔබ වර්තමාන ශ්‍රීලංකාවේ ප‍්‍රථම ස්ථානයේ සිටින කාර් රේස් ධාවන ශූරයෙක්. ඉමෝලා ජයග‍්‍රහානය දක්වා ඔබගේ රේස් ඉතිහාසය විස්තර කරන්නේ කෙසේද?

පිලිතුර:
මම මින් පෙර ආසියාවේ තමයි ගොඩක් රේස් පැද්දේ. සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව, ජපානය, ඩුබායි ආදි රටවල පැවැත්වූ ශූරතාවයන් විශාල ප‍්‍රමානයක් ජය ගැනීමට මට හැකි වුනා පමනක් නොවෙයි ආසියාවේ වැඩිම ලැම්බොර්ගනී කාරයෙන් රේස් ගනනාවක් ජයගත් පුද්ගලයා වීමේ භාග්‍යයත් ලැබුනා. ඒ අතර තමයි මේ වසරේ සිට යුරෝපයේ ලැම්බෝර්ගනී ශූරතාවයන්ට සහභාගි වීමේ අවස්ථාව ලැබුනේ. එහිදී ප‍්‍රථමයෙන් ප‍්‍රංශයේ පැවැත්වූ පෝල් රිකාර්ඞ් ධාවන ශූරතාවයට සහභාගි වීමට අවස්ථාව ලැබුනා. ඉන් පසු ස්පාඤ්ඤය හා ඉතාලියේ ශූරතාවයන් කිහිපයකට සහභාගි වුනා. ඉන් පසුවයි ඉතාලියේ ශූරතාවයන් කිහිපයකට සහභාගි වුනේ. ඉන් පසුවයි ඉතාලියේ සුප‍්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රපෝ ශූරතාවයට සහභාගි වුනේ. එහි රේස් 5ක් තිබුනා. එකකදී මගේ වාහනය අනතුරකට භාජනය වුනා. නමුත් එක් ප‍්‍රධාන ඉසව්වක් ජය ගැනීමට හැකි වුනා. එම තරඟයේදි මම ආරම්භ කළේ 15 වෙනියට. නමුත් අවසන් කළේ දෙවෙනියට. එසේ වුවද එම ඉසව්වේදි වෙනත් වාහන අනතුරක් හේතු කොට අවසාන වටයට පෙර ඉසව්ව අවසන් කිරීමට බලධාරීන් තීරනය කිරීම හේතුවෙන් ඒ වනවිට මම සිටි තෙවන ස්ථානය මට ලබා ගැනීමට මට හැකි වුනා. ඒ ගැන මම සතුටු වෙනවා. මන්ද ? මින් පෙර ආසියාතික ධාවන ශූරයෙක් ඉමෝලා වල ජය අර ගෙන නැහැ. ඒවගේම එම අවස්ථාව හිමි කරගත් ප‍්‍රථම ශ්‍රීලාංකිකයා වීමේ භාග්‍යයත් මට ලැබුනා. මෙම සියලූ කරුනු හේතු කොට ඉමෝලා වල පැවැත්වූ ලැම්බෝර්ගනී සුපර් ටි‍්‍රපෝ ලෝක ශූරතාවය ගැනත් එහිදී මම ලබා ගත් ජයග‍්‍රහාන ගැනත් සතුටු වීමට පුළුවන්.

ප‍්‍රශ්නය:
ඔබ යුරෝපයේ ශූරතාවයන්ට එක් වන්නේ බෝහෝ මෑතක. ඉන් පෙර ආසියාව, මැද පෙරදිග ශූරතාවයන් රැුසකට සහභාගිවී ජයග‍්‍රහාන රැුසක් හිමි කර ගන්නවා ආසියාවේ හා යුරෝපයේ ශූරතාවයන් අතර සමාන අසමානකම් තිබේද? එසේ නම් ඒ මොනවාද?

පිලිතුර:
ආසියාවේ හා යුරෝපයේ කියල විශාල වෙනසක් නැහැ. නමුත් යුරෝපයේ මෙන් ආසියාවේදී අපේ වාහනය හරි හැටි නඩත්තු වෙන්නේ නැහැ. යුරෝපයේදි එක රේස් එකක් අවසන් වුනාම ඊලඟ රේස් එකට ප‍්‍රථමයෙන් වාහනය අළුතෙන්ම අළුත් වැඩියා කරනවා. නමුත් ආසියාවේදී එහෙම තත්වයක් නැහැ. අනෙක් කරුන නම්; යුරෝපයේ තමයි ලෝකයේ හොඳම කාර් රේස් ධාවකයෝ ඉන්නේ. එම නිසා යුරෝපා ශූරතාවයන් ඉතා උසස් හා තරඟකාරි මට්ටමකින් පැවැත් වෙනවා. අනෙක් කරුන තමයි යුරෝපයේ බොහෝ ධාවකයෝ මෙම ධාවන පථයන්හී කිහිප විටක් තරඟ වලට සහභාගි වෙලා ධාවන පථය ගැන හොඳ අත් දැකීම් තිබෙනවා. මට ඉමෝලා වල පුහුනු වෙන්න ලැබුනේ එක දවසයි. ඉතින් එවැනි ධාවකයෝ සමග ශූරතාවයක් ජය ගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. කෙසේ නමුත් එවැනි ශූරයන් සමග තරඟ කොට එක් ඉසව්වක් මට ජය ගැනීමට හැකි වීමත් විශේෂයෙන් ශ්‍රීලංකාව වැනි කුඩා රටක කොල්ලෙක් යුරෝපයේ දැවැන්තයන් සමඟ තරඟ කොට ජයග‍්‍රහාන හිමි කර ගැනීමත් ඉතිහාසගත සිදුවීමක්. එම නිසාම යුරෝපයේ ක‍්‍රිඩා පුවත්, මා ගැන විශේෂ ලෙස හදුන්වා දීමට පෙළඹුනා..

ප‍්‍රශ්නය:
ඉහත පැවැත්වූ ශූරතාවයේ දෙවන ස්ථානය හිමි කරගත් ඔබට තෙවන ස්ථානයට යෑමට සිදුවුනා. එසේ වුනේ ඇයි?

පිලිතුර:
අවසාන වටයට පෙර වටයේදී මට පසුපසින් පැමිනි වාහන දෙකක් අනතුරකට භාජනය වුනා. එබැවින් ධාවන පථය අවහිර වුනා. එමනිසා තරගය අවසන් කිරීමට බලධාරී විනිසුරු මඩුල්ල තීරනය කලා. එබැවින් ශූරතාවයේ නීතිරීති වලට අනුව අනතුරට පෙර වටයේ ස්ථාන ලබා දීමට ඔවුන්ට සිදුවුනා. ඒක තමයි නීතියානුකූල ක‍්‍රමවේදය. එම නිසා මට තෙවන ස්ථානය හිමිවුනා. නමුත් අනතුර සිදුනොවී තරගය අවසන් කලා නම් මට ප‍්‍රථමයා වෙන්නත් ඉඩ තිබුනා.

ප‍්‍රශ්නය:
ඉතාලියේ ඔබ සහභාගිවූ ශූරතාවය නැරඹීමට හා ඔබව ධෛ ර්‍්‍යයමත් කිරීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රීලාංකිකයෝ පැමින සිටියේය. ඒ ගැන ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?

පිලිතුර:
ලෝකයේ ඉන්න වාසනාවන්තම කාර් රේස් කී‍්‍රඩකයා මම වෙන්න ඇතැයි මම සිතනවා. හේතුව මම තරඟ කල හැම අවස්ථාවකම අපේ සහෝදර ශ්‍රීලාංකිකයෝ විශාල ප‍්‍රමානයක් ශ්‍රීලංකා ජාතික ධජයන් අතැතිව මට ධෛ ර්‍්‍යය ලබා දීමට පැමින සිටියා. නමුත් වෙනත් ක‍්‍රීඩකයන් වෙනුවෙන් ජාතික ධජ රැුගත් එහෙම පිරිසක් නියෝජනය වුනෙත් නැහැ. වෙලත් නැහැ. බොහෝමයක් නරඹන්නෝ රේස් එක බලන්න පැමිනියාට ධාවකයෝ දිරිමත් කිරීමට පැමිනි පිරිස් නොවෙයි. නමුත් අපේ ශ්‍රීලාංකිකයෝ සිය ගනනක් එක පොදියට නැරඹුම් ශාලාවේ ජය ඝෝෂා නගමින් කොඩි වනමින් මාව දිරිමත් කිරීමට පැමිනීම යුරෝපා මාධ්‍යයට පවා විශේෂ දෙයක් වුනා. එහෙම වෙන්නේ කලාතුරකින්. ඔවුන් ශ්‍රීලාංකික පේ‍්‍රක්ෂකයෝ ගැන විශේෂයෙන් සඳහන් කලා. එය යුරෝපයට අමුතු දෙයක්. ඔවුන්ගේ ජය ඝේෂාව තරඟය සඳහා මට නව පනක් ලබා දුන්නා. එම නිසා මා ඉපැදුන රටෙන් මට කිසිම අනුග‍්‍රහායක් නොලැබුනත් රටට හා ක‍්‍රීඩාවට ආදරය කරන පිරිසක් මාව දිරිමත් කිරීමට පැමිනීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ ගැන ඉතාලියේ ශ්‍රීලාංකික සහෝදර සහෝදරියන්ට මම විශේෂයෙන් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

ප‍්‍රශ්නය:
ඉපැදුන රටෙන් ඔබට කිසිම අනුග‍්‍රහායක් නොලැබුන බව පැවසුවා. වර්තමාන ක‍්‍රීඩා ඇමති ඔබ උපන් ප‍්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පැමිනි මන්ත‍්‍රී වරයෙක්. ඔබ ඔවුන්ව දැනුවත් කලාද ? එසේ නම් එහෙම වුනේ ඇයි?

පිලිතුර:
ඔයා දැක්ක නේද මගේ රේස් පදින වාහනය. ඉදිරියෙන්ම ගහලා තියෙන්නේ ශ්‍රීලංකා ධජය. අනෙක් කිසිම වාහනයක ඔවුන්ගේ ජාතික කොඩි ගහල නැහැ.ඇයි ඒ ? මම සැම විටම තරග කළේ රට වෙනුවෙන්. ජයග‍්‍රහාන ලබා ගත්තේ රට වෙනුවෙන්. නමුත් එහි ප‍්‍රතිඋපකාර ගැන සඳහන් කලෝත් ලැබුන දෙයක් නැහැ. අවශ්‍යය සියලූ දෙනා දැනුවත් කරලා තියෙන්නේ නමුත් වැඩක් නැහැ. අපි බලමු මොනවා හරි කරන්න යැයි වර්තමාන ඇමති තුමා වරක් මට පැවසුවා. නමුත් සිදුවූ දෙයක් නැහැ. ඔයා දකින්න ඇතිනේ පසුගිය කාලේ කෝටි ප‍්‍රකෝටි ගනන් වියදම් කරල දලදාා මාලිගාව ලඟ කාර් රේස් පැද්දෙ. අවශ්‍යයම නම් ඹ්න තරම් අත්දැකීම් කියන්න පුළුවන්. නමුත් නීරස දේවල් වලට කාලය වැය කරන්නේ ඇයි ? වැඩිපුරම තියෙන්නේ කලකිරීම්.අපි රටට ආදරේ කලාට රට අපිට ආදරේ නැහැ. කොටින්ම කියනව නම් මම පිටරට වල ජාත්‍යයන්තර රේස් ශූරතාවයන් දිනලා තියෙනවා. නමුත් එම රටවල තියෙන අපේ එම්බසියවත් මට කතා කරලා ස්තුතියක්වත් කරලා නැහැ. ඉතින් රට ගැන මොන කතාද නේද? නමුත් ප‍්‍ර‍්‍රථම වතාවට මම මෙවර පැරීසිියට පැමිනි වෙලාවේ ප‍්‍රංශයේ ඉන්න අපේ ලංකාවේ තානාපති තුමා මා වෙනුවෙන් පිලිගැනීමේ උත්සවයක් පැවැත්වුවා.ඒ වෙලාවේ මගේ ඇස් දෙක කඳුළු වලින් පිරුනා. ඒ මන්ද? මගේ අවුරුදු 37ක රේස් ඉතිහාසයේ එය තමයි මට රාජ්‍ය අනුග‍්‍රහායක් ලැබුනු ප‍්‍රථම අවස්ථාව. එවැනි අය තමයි අපේ තානාපති සේවයට පත් කල යුුත්තේ. එබැවින් ප‍්‍රංශ තානාපති බුද්ධි ආතාවුද මැතිතුමා ඇතුළු කාර්ය මන්ඩලයට මම විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා.

ප‍්‍රශ්නය:
තව කොපමන කලක් මෙම ශූරතාවයන්ට සහභාගි වන්නේද?

පිලිතුර:

අඩුම තරමින් තව අවුරුදු 10ක් වත් තරඟ වලට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. දැනට මම තරඟ කරන්නේ මට වඩා වයස අවුරුදු 10ක 15කට පමණ වයසින් අඩු තරඟ කරුවන් සමග. රටට තියෙන ආදරයත් ක‍්‍රීඩාවට ඇති ආදරයත් හිතේ තියෙන හයියත් සමඟ තව කලක් තරඟ වලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා.කාර් රේස් වලින් ගිනස් වාර්තාවක් තියලම මම රේස් වලින් සමුගන්නවා.

ප‍්‍රශ්නය:
මොකක්ද ඒ ගිනස් වාර්තාව?

පිලිතුර:
දැනට මම අවුරුදු 37ක් රේස් පැදල තියෙනවා. වැඩිම කාලයක් ජාත්‍යයන්තර තලයේ රේස් පැදපු කෙනා ලෙස ගිනස් වාර්තාවක් තියනවා.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=10350#sigProId9026c05812

 

 

Comment (0) Hits: 1165

රාජපක්ෂ ස්මාරකයට කැබිනට් අනුමැතිය නෑ

වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බවට කරුණු අනාවරණය වන්නේයැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මඟින් පෙරේදා (7) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ලබා දුන් උපදෙස් අනුව විමර්ශන පැවැත්වූ බව පවසන මුල්‍ය කොට්ඨාසය නාවික හමුදාව විසින් ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ගොනු සිය භාරයට ගත් බවත් එහිදී අනාවරණය වුයේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර ඇති බවය.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පරිබාහිර ආයතනයක ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී දෙපාර්ශ්වය අතර මුලික සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුමක් සකස් කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සමාන්‍යාධිකාරිවරයා ද, සේවා ලාභියා වෙනුවෙන් එම ආයතනයේ වගකිව යුතු නිලධාරියකු අත්සන් කළ යුතු බවත් අනතරුව මුලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතිරි මුදල් කොටස් වශයෙන් අයකර ගන්නා බවට එම සංස්ථාවෙන් කරුණු අනාවරණය වුවත් මෙම ව්‍යාපෘතියේ දී එවැනි සාකච්ඡාවක් ලිපි හුවමාරුවක් හෝ ගිවිසුමකට එළබීමක් සිදු කර නොමැති බවට කරුණු අනාවරණය වන්නේයැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

 විධිමත් ගිවිසුමක් නැතිව ඉදිකිරීම්:

මෙම ව්‍යාපෘතයේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගෙන නොමැති බවට එම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරි අන්තෝනිගේ ගුණතිලක නමැත්තාගේ ප්‍රකාශ අනුව අනාවරණය වන බවට වාර්තාවේ සඳහන්ය.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථ‍ාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියක් ද ලබාගෙන නොමැති බවත් එසේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේ දී මුල්‍ය රේගුලාසි උල්ලංඝනය කරමින් ගෙවීම් කටයුතු සිදු කර ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

 මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරලා:

 ‍තවද මෙම ව්‍යාපෘතිය ආරම්භ අවස්ථාවේ දී කිසිදු සේවාලාභියකු පැහැදිලිව ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ නීති අංශයෙන් නිසි අධීක්ෂණයකට ලක්කර නොමැති බවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ ජලාපවහන හා ගොඩකිරීම් අංශය මගින් නීති අංශයෙන් කිසිදු ඉල්ලීමක් නොකළ බැවින් අධික්ෂණයක් නොකළ බවට එම ආයතනයේ නීති නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවට වාර්තාවේ.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථවේ එවකට සභාපති හර්ෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව (2013/9/13 ) එම ව්‍යපෘතියට අදාළ ප්‍රමාණ පත්‍රය සකස් කළ බවත් එසේ සකස් කිරීමේ දී භුමියේ පරික්ෂාවක් සිදු නොකළ බවත් එමෙන්ම ශ්‍රම දායකත්වය නාවික හමුදාව ලබාදෙන බවට සභාපතිවරයා පැවසීම හේතුවෙන් එම ප්‍රමාණ පත්‍රයට ශ්‍රම දායකත්වය ද ඇතුළත් කර නොමැති බව සඳහන්ය.

මෙම ගෙඩනැගිලි සැලැස්ම වර්ග අඩි 1000ක් පමණ වන බවත් මෙම ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම් ව්‍යාපෘතිය වැඩබිම පරික්ෂා කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා හා ඉංජිනේරු ඒෂණ රනවක මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

වර්ෂ 2015/8/4 දින රාජපක්ෂ අනුස්මරණ අධ්‍යපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ ලේකම් විසින් මෙම ව්‍යාපෘතියට වැය වූ මුදල් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ලබා‍දන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.

 ජනවාරි 25 නඩුව යළි කැඳවීමට නියෝග:

 6e0276851e78f5b89c8a52e43d37e026 Lගෝඨාභය මෙතෙක් සැකකරුවකු ලෙස නම් කර නොමැත

මෙම විමර්ශනයට අදාළ නඩුවේ නීතිමය කරුණු අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ 391/17 යටතේ නඩුවක් පවරා ඇති බවත් එහි අතුරු තහනම් නියෝගයක් මේ මස 15 දක්වා නිකුත් කර ඇති බව දැන්වූ මුල්‍ය අපරාධ කොට්ඨාසය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා‍වේ 2013, 2014 හා 2015 වර්ෂවලට අදාළ වාර්ෂික අවසන් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ඇති බවත් විමර්ශන සිදු කර වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සි‍ටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ජනවාරි 25 වන දිනට නඩුව යළි කැඳවීමට නියම කළේය.

(දිනමිණ)

Comment (0) Hits: 920

රහස් කතා අතරේ විමල් ගෙන් මෛත්‍රීටත් 'දේශප්‍රේමී' ලණුවක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදී මාවතක ගෙනගොස් ඔහුව සුළු ජාතීන්ගෙන් සදහටම ඇත්කර දැමු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒ මාර්ගයේ යවා දේශපාලනිකව අනාත කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව දේශපාලන විචාරකයින් පවසයි.

දේශපාලන විචාරකයින් එබව පවසන්නේ, මන්ත්‍රීවරයා Colombo Tv හි පැවති 'රතු කට්ට' දේශපාලන සංවාදය සමග එක්වෙමින් සිදුකල ප්‍රකාශය පිළිබඳව අවධානය යොමුකරමිනි.

2002 වසරේදී පිහිටවනු ලැබූ එජාප රජය හමුවේ දේශපාලනිකව තනිවූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජාතික න්‍යාය පත්‍රයකට කැමති කර ගත් ආකාරයටම අදද හැකිනම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ යුතු යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එම වැඩසටහනේදී පැවසිය.

එසේ කර එතුලින් රටට ජයග්‍රහණ අත් කර දයි හැකි දැයි උත්සාහයක් දැරිය යුතු බවද ඔහු සදහන් කළේය.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග මෙන්ම ඔහුගේ ම පක්ෂයේ ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිකර ගෙන සිටින විමල් විරවංශ මහතා පසුගියදා හොර රහසේ ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

වීඩියෝව මෙතනින්

http://lankacnews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%90/

Comment (0) Hits: 1007

ඒකාබද්ධයේ පක්ෂ වෙනවෙනම තරග බිමට ! සම සමාජය බලපිටියට වෙනම !!

ඒකාබද්ධ විපක්ෂය තුල මේවනවිට හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් ඊට එක්ව සිටින දේශපාලන පක්ෂ කිහිපයක් කොට්ඨාශ කිහිපයකට තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාවය යටතේ වෙනම තරඟ කිරීමට මේවනවිට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ලංකා සමසමාජ පක්ෂය බලපිටිය නගර සභා කොට්ඨාශයට ද දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ අම්පාර, සීතාවක, මහරගම ආදී ප්‍රදේශවල පළාත් පාලන කොට්ඨාශ කිහිපයක් සඳහා ද සිය පක්ෂවල මැතිවරණ ලකුණු යටතේ නාමයෝජනා බාරදීමට තීරණය කර ඇතිබව එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 විමල් ගියත් කමක් නැති ලු !

wimal weerawansaසිය පක්ෂයට නිසි අපේක්ෂකයින් ප්‍රමාණයක් නොලැබුණහොත් පළාත් පාලන ආයතන කිහිපයකට තනිව තරඟ කිරීම සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ද මේවනවිට සාකච්ජා ආරම්භ කර තිබේ.

සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාවෙන් සියයට 10ක් තම පක්ෂයට ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත් බැසිල් රාජපක්ෂ මහතා ඊට විරෝධය පලකර තිබේ.

විමල්ගේ පක්ෂය වෙනම තරඟ කලද සමස්ත ප්‍රතිපලයට අවාසියක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

 ශ්‍රීලනිපය අතින් හා බුලත් කොලයෙන් !

 ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දකුණේ හා උතුරේ පළාත් පාලන කොට්ඨාශ සඳහා ' අත' ලකුනුන් ද කඳුකර ප්‍රදේශ සඳහා බුලත් කොලය යටතේ ද තරඟ කිරීමට සාකච්ජා පවත්වමින් සිටියි.

අත ලකුණින් තරඟ කරන්නැයි උතුරෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ශ්‍රීලනිප ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

 ශ්‍රීලනිප අයිතිකරුවන් ?

මේ අතර අද(07) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පැවසුයේ, ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකරුවන් කවුද යන්න මෙම මැතිවරණය තුළින් නිවැරදිව දැනගත හැකි බවයි.

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ කරුණු රැසක් මෙම පළාත් පාලන මැතිවරණය තුළින් නිගමනය කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

Comment (0) Hits: 914

''ඒකාබද්දේ අය ගැන සහතික දෙන්න මට බැහැ'' - ගම්මන්පිල

ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධයේ කව්රු ජනාධිපතිවරයාට එක්වේදැයි සහතිකයක් දිය නොහැකි බවත්, කෙසේවුවද තමා ශ්‍රීලනිපයට එක් නොවන බව පමණක් පැහැදිලිව කිව හැකි බවත් ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති ඊයේ (06) රාත්‍රීයේ පැවති සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණදී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී නොවූ අතර එම පක්ෂය නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුයේ පක්ෂයේ ඇතැම් පුද්ගලයින් නොමග ගොස් ඇති බවයි.

ඔහු එම ප්‍රකාශය කලේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉලක්ක කර ගනිමිනි.

 වාසු කියන අමුතු කතාව ?

 මෙම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුයේ, එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

වීඩියෝ  

Comment (0) Hits: 1202

භුමි හරේන්ද්‍රන් හොඳම නළුවාට හිමි සම්මානය ගැනීම අවුලක් ද ?

ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයට අමතරව සංක්‍රන්ති ලිංගිකය ද, ලිංගික අනන්යතාවයක් ලෙස පිළිගැනිම පිළිබඳ නැවත තැවතත් ලාංකීය සමාජය තුළ කතිකාවට ලක්විය යුතු බව භුමි හරේන්ද්‍රන් පවසයි.

සංක්‍රන්තිකය ලිංගික අනන්‍යතායක් හිමි භුමි හරේන්ද්‍රන් විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය වෙනුවෙන් 2017 සාර්ක් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි ජුරියේ විශේෂ සම්මානය හිමි කරගැනීම පිළිබඳ සමාජඡාලා ඔස්සේ සිදුවු විවිද අදහස් දැක්වීම් වලට පිළිතුරු ලෙස ඇය මේ බව පවසා සිටියේය.

එමෙන්ම ෆ්‍රැන්ජිපානි (සයපෙති කුසුම) චිත්‍රපටය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් අභියෝගයට ලක් කරමින් ඇති කළ සමාජ කතිකාවක් බවත් සම්ප්‍රධායික සමාජක්‍රමය තුළ නිර්භීත රඟපෑමක් සඳහා සම්මානය තමට හිමිවු බවද කිසිඳු අයුරකින් මෙම සම්මානය ( Best Actor ) භාර ගැනීම තුළ තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ සිදු කළ අරගලය නැවත ආපස්සට හැරවීමක් නෙවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ඇය වැඩිදුරටක් දැක්වූ අදහස් පහතින්

Comment (0) Hits: 960

Page 576 of 579