V2025

පුවත්

ඉස්සරහට පරිප්පුත් නැති වෙයි : විමලේ වේලාසනින් කියයි !

ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන් යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ, කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති ‘දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව ව්‍යවසායකයන් බිහිකිරීම වෙනුවෙන් දියත්කළ ව්‍යාපෘතිය’ යටතේ පුහුණුව ලැබූ කොළඹ දිස්ත්‍රික් පළමු ව්‍යවසායක කණ්ඩායමට සහතික පත්‍ර, උපකරණ හා අමුද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දැන් අපි ඉන්නේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම, විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබුණු ආදායම අහිමි වීම, වාර්ෂිකව ගෙවීමට සිදුව ඇති ණය පොලී වාරිකයේ බර දරාගන්න බැරි මට්ටමකට ඉහළ යෑම යන අර්බුද මැද. මම දන්නා ආකාරයට ලබන වසරේ ජනවාරි වන විට අපි ගෙවිය යුතු විදේශ ණය වාරිකය ඩොලර් බිලියන හතක්. තවම අපි එක විදේශ ණය වාරිකයක් හෝ ගෙවීම පැහැර හැරලා නැහැ. ණය වාරිකය නොගෙවා පැහැර හැරියොත් ඒ රට ලෝකයේ අනෙකුත් රටවල් විසින් හඳුන්වන්නේ ‘බංකොලොත් රටක්’ හැටියට. අපි ඉන්ධන ඇතුළු බොහෝ දේවල් ඩොලර්වලින් ගෙවා රැගෙන විත් පරිභෝජනය කරනවා වැඩියි. නමුත් ලංකාවේ දේවල් නිපදවා පිටරට යවා ඩොලර් හොයනවා අඩුයි. එතකොට කොහොමද මේ ‘ඩොලර් බජට් එක’ හරි යන්නේ.

මේ හැම දේකටම අපට මුහුණ දෙන්න වෙන්නේ දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කිරීම මගින් පමණයි. එමගිනුයි රටින් නිකරුණේ එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අපනයන වෙළෙඳපොළ ජය ගැනීමේ ප්‍රමාණයටයි මේ රටට ඩොලර් රැගෙන ඒමට පුළුවන් වෙන්නේ. රුපියල් නම් ඉතින් අච්චු ගහලා හරි හොයාගන්න පුළුවන්. ඩොලර් අපට අච්චු ගහන්න බැහැනේ. ඒ නිසා අපි තීරණාත්මක තත්ත්වයක් තුළ ඉන්න බව දන්නවා නම්, එය ඇත්තටම පිළිගන්නවා නම් අපට වෙන මාවතක් නැහැ ‘දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත’ හැර. අපට අපේ ආහාර ටික රට තුළ නිපදවා ගැනීමට හැකි විය යුතුයි. අපි පාන් සහ පරිප්පුවලට හුරු වෙලා. නමුත් මේ රටේ එක පරිප්පු ඇටයක් නිපදවෙන්නේ නැහැ. ඩොලර් හිගය තීව්‍ර වුවහොත් සමහරවිට පරිප්පු ගෙන්වීම නතර වෙන්න පුළුවන්. එවිට අපි හුරු වූ ජීවන රටාව අභියෝගයට ලක් වෙනවා.

පනාමුරේ පොලිසිය ගම්මු වටලයි

ඇඹිලිපිටිය පනාමුර වැලිපොතයාය ග්‍රාමයේ පදිංචිව සිටි නිමල් ජයරත්න නම් පුද්ගලයා පොලිස් අත්තඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය තුළම මියයාම පිළිබඳව ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම පොලිසිය වටලා උද්ඝෝෂණයක යෙදී සිටි බව වාර්තා වේ.

අද පෙරවරුවේ මෙම විරෝධතාවය පවත්වා ඇත. පවුල් ආරවුලක් විසඳීම සඳහා නිමල් ජයරත්න නැමැති 36 හැවිරිදි පුද්ගලයා අත්තඩංගුවට ගෙන ඇත. රිමාඩ් බාරයේ සිටියදී ඔහු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

මෙය පිළිගත නොහැකි බව දක්වමින් පොලිසිය තමන් වෙතද මේ ආකාරයේ මර්දනයක් දියත් කළ හැකි බව පොලිසියට එරෙහිව විරෝධය දැක්වූ පිරිස එක හඬින් ප්‍රකාශ කර තිබිණි.

පොලිසිය සඳහන් කළේ , මියගිය පුද්ගලයා මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.

දැනට කර ඇති පරීක්ෂණවලට අනුව සැකකරුට පහරදීමක් කර ඇති බවට අනාවරණ වී නොමැති අතර ඔහු සිර මැදිරිය තුළ සිටියදී පොලිස්ථානයේ රාත්‍රි රාජකාරීවල යෙදී සිටි නිලධාරින්ගෙන් යම් රාජකාරී පැහැර හැරීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂණ කරන බව පොලිසිය පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ සෘජු අධීක්ෂණය යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Video – News 1st

අපේ යෝජනා භාර ගන්නෙත් නෑ, ඇමතිකමත් නෑ - මහාචාර්ය තිස්ස විතාරණ

කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩිලෙස අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා අදාල වන යෝජනා මාලාවක් සමසමාජ පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම යෝජනා කිසිවක් 2022 අයවැය යෝජනාවලට ඇතුළත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ  පවසයි.

ඒ නිසාම අයවැය වෙනුවෙන් පෙනී සිටීමට සමසමාජ පක්ෂයට නොහැකි බවද ඔහු සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ නායකයන් ලබාදුන් පොරොන්දුව මත තමා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවට පැමිණි බවත්, කෙසේ නමුත් පොරොන්දු වූ පරිදි ඇමති ධුරයක් ලබා නොදුන් බවත් පෙන්වා දෙන තිස්ස විතාරණ  පවසන්නේ මේ නිසා තමා දේශපාලන වශයෙන් කළකිරීමට පත්ව සිටින බවයි.

දිගින් දිගටම තම පක්ෂය නොසලකා හැරීම හේතුවෙන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද මහාචාර්යවරයා පවසයි.

මීට පෙර වසූරිය රෝගය ව්‍යාප්ත වූ අවස්ථාවේදී, වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරයෙකු වූ තමා සැළකිය යුතු කාර්යභාරයක් සිදුකළ නමුත්, කොරෝනා වසංගතයේදී ආණ්ඩුව තමාට කිසිදු කාර්යභාරයක් පැවරීමට කටයුතු නොකරන බවද තිස්ස විතාරණ වැඩි දුරටත් පවසා සිටී.

විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමේ පනත අද සිට බලාත්මකයි

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17) සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත් දෙකේ අත්සන අද සහතික කළ අතර ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව පසුගියදා 11 වැනිදා සම්මත විය.

සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර ඇත.

විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා මෙතෙක් පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසී යැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.

mT0X7J8prfwgnhRc0GCJGcIF9A5f6kA5 l

කොරෝනා මරණ සංඛ්‍යාව 14,034 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 18 ක් අද (16) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,034 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස වාර්තාවී ඇත්තේ, අසාදිතයින් 09 දෙනා බැගිනි.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 2 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (16) වාර්තා කරන ලද මෙම මරණ 18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

මෙවර අයවැයේ සමබරතාවයක් නැහැ - රනිල් වික්‍රමසිංහ

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ අඩු කළද ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂ වැඩි කර තිබීම නිසා මෙවර අයවැයේ සමබරතාවයක් නොපවතින බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

ලබන වසරේ සිට කොවිඩ් පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු විය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

අද පැවති පාර්ලිමේන්තු අය වැය විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

2020 දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 255 ක් වෙන්කර තිබුනද 2022 වසරේ රුපියල් බිලියන 234 ක් වෙන්කර තිබීමෙන් කොවිඩ් අර්බුදය ජයගත නොහැකි බවයි ඔහු පැවසුවේය.=

''අයවැය සමබර නැහැ''

මෙවර අය වැයෙන් 89% ක් වියදම් කරන්නේ අමාත්‍යංශ 10 කට පමණක් බවත් ඉතිරි 11 ක ප්‍රමාණය අනෙක් සියලු දෙනාට වියදම් කරන බවත් රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන අතර,  ඒ 89% ප්‍රමාණයෙනුත් 74% ක්ම වියදම් කරන්නේ මුදල් අමාත්‍යංශය,පළාත් පාලන අමාත්‍යංශය,ආරක්ෂක අමාත්‍යංශය, යන අමාත්‍යංශය 3 බවයි ඔහු පැහැදිලි කළේය.

ප්‍රාග්ධන වියදම් සෑම අංශයකටම සමානව බෙදී යා යුතු වුවත් මහාමාර්ග අංශයට 35% වෙන්කර අනෙකුත් ක්ෂේත්‍ර වලට මුදල් වෙන් නොකිරීම ගැටළු සහගත බවත්,මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකම බවත් ඔහු පැවසීය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දක්වා ඇති අන්දමට ලබන වසරේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 1200 ක් බවත්, රේගුව බලාපොරොත්තු වූ මුදල රුපියල් බිලියන 633 ක් වුවද රේගුවට ලැබුණු ආදායම 431 ක් බව රනිල් වික්‍රමසිංහ පෙන්වා  දුන් අතර,  එමෙන්ම බිලියන 202 ක වියදමක් රේගුවෙන් ලැබුණු බවයි ඔහු පැවසුවේය . මෙම කාරණා හේතුවෙන් අනාගතයට මුහුණදීමේ විශාල අභියෝගයක් පවතින බව ඔහු අවධාරණය කළේය.

රට තුළ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2ක් ද ඉන් මිලියන 300 ක් රත්‍රන් බවද,ඉතිරි වී ඇති මුදල බිලියන 1.7 ක්ද වන නිසා රට තුළ විදේශ විනිමය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පවතින බව හිටපු අගමැති පැහැදිලි කළා.මේ මුදලින් රටක් ගෙන යා නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදේශ විනිමය අර්බුදයත් සමගම මිළගට පැමිණෙන්නේ ණය ගෙවීම් පිළිබද ගැටලුවයි.මීට අවශ්‍ය ධනය ශ්‍රි ලංකාවට නොමැති නිසා ණය අර්බුදයට මුහුණ දීමට හැකියාවක් නැති බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවට GSP+ බදු සහන ලැබීම අනිවාර්ය වන අතර මානව හිමිකම් ප්‍රශ්න ඇතිකරගතහොත් රටට ලැබෙන ඇණවුම් වෙන රටවලට ලැබීම ශ්‍රී ලංකාවට අවාසියක් බවයි ඔහු පෙන්වා දුන්නේ. එවිට රට තව දුරටත් කඩා වැටෙන බවයි ඔහු පැවසුවේය.

තවද පොහොර ගැටලුව නිසා දැවැන්ත ආහාර හිගයක් මැයි මාසය වන විට ඇතිවීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුව බලයට පැමිණෙන විට ඩොලරය 185 ට තිබුනද දැන් වන විට ඩොලරය 202 ක් බවට පත්වී තිබෙන බවත්,  එය නිළ වශයෙන් 240 ක් ලෙස සටහන් වන අතර එය ස්ථාවර මිල ලෙස පවත්වාගෙන යා යුතු බවයි ඔහු පැවසුවේය.

ලංකාව තුළ අපනයනය හා සංචාරක ව්‍යාපාරයෙන් ආදායමක් නොලැබීමත් නිසා ඩොලරය 240 දී ස්ථාවර කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.

නැතිනම් රටේ මධ්‍යම පන්තිය විනාශය කර ළගා වීම නැවැත්විය නොහැකි ඛේදවාචකයක් වන බව වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය .තවද ඒ ඔහු  කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඇමරිකාව ,චීනය ,ජපානය ඇතුළු රටවල් සමග සාකච්ඡා කොට මේ ගැටලුව විසදා ගන්නා ලෙසයි.නැතිනම් ශ්‍රී ලංකාව විශාල අර්බුදයකට ඇද වැටෙන බව ඔහු පැවසීය.

රාජපක්ෂ පවුල රටට උහුලන්න බැරි බරක් !

රටකට උහුලන්න බැරි පවුල් බරක් බවට රාජපක්ෂ පවුල පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව හමුවට අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ‘රාජ්‍ය සේවය මහ බරක්’ යැයි සිදුකරනු ලැබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පළකරනු ලැබූවේ අද (16) පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

" බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා ඇත්තටම රටකට උහුලන්න බැරි රාජ්‍ය සේවයක්ලු දැන් තියෙන්නේ. අපට කියන්න තියෙන්නේ ඒක නෙවෙයි. රටකට උහුලන්න බැරි පවුල් බරක් දැන් තියෙනවා. ඒ තමයි රාජපක්ෂ පවුලේ බර. ඒක රාජ්‍ය සේවකයින්ට විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවට දැන් බරක් වෙලා තියෙන්නේ. හැමෝටම දැන් රාජපක්ෂ පවුලයි. ඒ පවුල වටා ඉන්න හොර නඩයයි. හොර නඩය වටේ ඉන්න ව්‍යාපාරික නඩය වගේ ටික දෙනෙක් නිසා කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට, සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගෙවන්න වෙලා තියෙනවා මේ නඩය නඩත්තු කරන්න."

මෛත්‍රීට කැපූ වලේ බැසිල් වැටිලා !

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය කථාව අනුව ධූර කාලය වසර 10ක් සම්පූර්ණ නොවුන ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වන බව සඳහන් කළද එය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා යනුවෙන් දක්වා තිබෙන අනු ව්‍යවස්ථාවේ 36 (II) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධූරය දරණ පුද්ගලයෙකු හට විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හිමිකම තහවුරු කර ඇත. ඒ අනුව මුදල් ඇමතිවරයාගේ කථාව ක්‍රියාත්මක කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව තිබේ.

එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුප තහවුරු කර තිබෙන්නේ ” යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධූරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමටද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය.” යනුවෙන් දැක්වේ. එසේම මෙම වගන්ති සංශෝධනය කළහොත් එය අතීතයට බල නොපාන බවද මේ මගින් තහවුරු කර ඇත.

මෙම අදහස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් එය මහින්ද රාජපක්ෂටද විශ්‍රාම වැටුප අහෝසි කෙරෙන්නක් බවද හෙළිවේ. මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපති ධූර කාල දෙක සම්පූර්ණ කර අවුරුදු 10ක් ආවරණය නොවීම නිසා මෙම තත්වය උදාවී තිබේ.

lanka truth

ඩිලානුත් ආණ්ඩුවට ගහයි : මණ්ඩලේ හොඳටම කචල් !

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 'එක නීතියක් -එක රටක්' කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්. හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ. හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සජබ උද්ඝෝෂණයට බාල්දි දාලා : පොලිසියට නඩු ?

අධිකරණ ගණනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරණ නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයාගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමක් බව සදහන් කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගය අද (16) කොළඹ දි පැවැත්වීමට සංවිධානය කල විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ට යොමු කොට ඇති නියෝග පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමු වි ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ උපදෙස් වලට මුවාවි පොලිස්පතිවරයා නිකුත් කොට ඇති උපදෙස් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කොට ඇති බව පැහැදිලි වේ.

පොලිස්පතිවරයා ගේ නියෝග ජනතාව ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කොට ඇති භාශනයේ සහ රැස්වීම පිළිබඳව වු මුලික අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බව අවධාරණය කරමු .

මේ වන විට අධිකරණ ගනනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරන නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයා ගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමකි.

කොවිඩ් වසංගතය මර්ධනයට නිරෝධයන ඇදිරි නිතිය පනවා තිබියදී පවා පොලිස් කොටිඨාශ මටිටමින් මාර්ග බාධක පැනවිමට උපදෙස් නොදුන් පොලිස්පතිවරයා මෙි මොහොතේ එවනි නියෝගයක් පැනවිම හුදෙක් දේශපාලනික අවශ්‍යතාව මත සිදු කරන්නකි .

එමෙන්ම වාහන වල ගමන් ගන්නා පුද්ගල නාම ලේඛන සැකසිම ජායාරූප ගැනීම ආදි පුද්ගල පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක්කිරිමට පොලිසියට නියෝග දිම මෙන්ම එකි නියෝග අනුව පියවර ගන්නා නිලධාරින් ට එරෙහිව නිතිමය පියවර ගැනිමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව ද අවධාරණය කරමු.

හර්ෂගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවරණයක් !

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය අර්බුදයකට පත් වනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ගුවන් සමාගම ගුවන් යානා වල කෙටි දුර ගමන් වලට ප්‍රමාණවත් ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමේ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවයි.

ගුවන් සමාගමේ කෙටි දුර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති දිගටම අසාර්ථක වී ඇති බවත් විනිමය අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා වඩා හොඳින් සවන් දියයුතුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

‍කොරෝනා මරණ සංඛ්‍යාව 14,016 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 21 ක් අද (15) වාර්තා කරනු ලැබීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,016 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 06 දෙනා කාන්තා ආසාදිතයින් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 17 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (15) වාර්තා කරන ලද මෙම මරණ 21 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

6c497637 257664910 436814918005049 913429373483947232 n

බැසිල්ගේ අයවැයට PCR වාර්තාවක් !

2022 වෙනුවෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ විග්‍රහයක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි .

අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ?

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් වන මහ බැංකුව ඇතුළුව සමස්ථ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අවිනිශ්චිතය. ඉහළ යන ජීවන වියදම හා කිරිපිටි, සීනි, ගෑස් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය ජනතාවට විශාල පීඩනයක් එල්ල කර ඇත. ගොවිබිම්, පොහොර හා රසායනික, බීජ නොමැතිව අරගල බිම් බවට පත්වෙමින් පවතී. සිමෙන්ති හා යකඩ හිඟය විසින් ඉදිකිරීම ක්ෂේත්‍රය අර්බුදයට යවා ඇත. තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අත ළඟය.

මෙවැනි අර්බුද රැසක් හමුවේ ඉදිරිපත් කරන ලද මෙම අයවැය (2022) මෙම ප්‍රශ්න කිසිවක් හඳුනාගත් බවක් නොපෙනේ. එසේ නැතහොත් වෙනත් ග්‍රහලෝකයක සිට වෙනත් රටක් සඳහා පිළියෙළ කළ බව පෙනී යයි.

ජීවන බරෙන් පෙළන ජනතාවට හෝ ණය බරෙන් පෙළෙන රටට කිසිඳු මඟපෙන්වීමක් අය වැයෙන් ලැබී නොමැත. පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හා ණය අර්බුදය විසඳීමට විධිමත් යෝජනාවක් ඉදිරිපත් කර නොමැත. රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති අවිනිශ්චිතභාවය කිසිම ආකාරයකින් සැලකිල්ලට ගෙන නැත.

අය වැයේ ප්‍රධානම වියදම් කේන්ද්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ජාවාරම්කරුවන් අතට මුදල් ලබාදී ඊළඟ මැතිවරණයට ඔවුන් සූදානම් කිරීමේ වෑයමයි. රජයේ නව වියදම් යෝජනාවල අදාල ප්‍රතිපාදන වලින් තුනෙන් එකක් වෙන්කර ඇත්තේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනි.

ආර්ථිකය කළමනාකරණය කරගත නොහැක්කේ රජයේ සේවකයන් නිසාද?

එමෙන්ම ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට රාජ්‍ය සේවකයින්ට අපහාස කරමින් ඇත. මුදල් ඇමතිවරයා රාජ්‍ය වියදම පිළිබඳ සාකච්ඡා කිරීමේදී රජයේ සේවකයින් රජයට දරාගත නොහැකි බරක් බවත්, තව වසරක් පමණ යනතෙක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රජයේ මුදල් සෘජුව වෙන්කළ නොහැකි බවටත් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවයේ නියුතු සියළු දෙනාම කාර්යක්ෂම නොවන, ජනතා මුදල් කාබාසිනියා කරන පිරිසක් බවට චෝදනාවක්ද එල්ල වී ඇත.

2006 හා 2020 කාලසීමාව තුළ සංඛ්‍යා ලේඛන බැලූ විට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 59% කින් වැඩි වී ඇත. එනම් 750,284 සිට 1,195,863 ක් දක්වා වැඩිවී ඇත. මෙම වැඩි වී ඇති සේවක සංඛ්‍යාවෙන් 86% ක් වැඩි වී ඇත්තේ මුදල් ඇමතිවරයා විවිධ තනතුරු දැරූ රාජපක්ෂ ආණ්ඩු සමයේය. 2020 වසරේ පමණක් නව ආණ්ඩුව 55,000 කින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇත. රාජ්‍ය සේවය භාණ්ඩාගාරයට බරක් නම්, එයට මුදල් ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව පැහැදිළිය.

බැංකු පද්ධතිය විනාශ කිරීම

රටේ බැංකු පද්ධතිය අධි අවධානම් තත්ත්වයක පවතී. රජය දේශීය ණය හා විදේශ විනිමය වශයෙන් ගත් ණය නිසා බැංකු පද්ධතිය ණය බරෙන් පිරී ඇත. රජයේ විදේශ ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 02 ක්, ස්වෛරී බැඳුම්කර වලින් ඩොලර් බිලියන 02 ක්, අක්වෙරළ බැඳුම්කර වලින් ඩොලර් බිලියන 1.3 ක් ලෙස) බැංකු පද්ධතිය ඩොලර් ණයබරක හිර කර ඇත. එමෙන්ම භාණ්ඩාගාර සුරැකුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බැංකු පද්ධතියේ ද්‍රවශීල වත්කම් ලෙස අන්තර්ගතවී ඇත. තවද, රාජ්‍ය ව්‍යවසායන්ට බැංකු පද්ධතිය හරහා ඩොලර් බිලියන 04 ක පමණ විදේශ විනිමය ලබාදී ඇත. මින් ප්‍රධාන වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන සෘණ 03 ඉක්මවා ගොස් ඇත. රජයේ ආදායම් වැඩිකර ගැනීමට තවත් බැංකුවලින් බදු අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය බැංකු පද්ධතිය අස්ථාවරත්වයට හේතුවන මරු පහරක් වනු ඇත. යෝජිත අධිභාර බද්ධ (Surcharge Tax), සමාජ සංරක්ෂණ දායක මුදල් හා එකතුකළ අගය මත බදු යන බදු තුනම සියළු ප්‍රධාන බැංකු වලට බරක් වනු ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් බැංකුවල සංචිත වලින් 2% ක් තමන් සතු කරගැනීම නිසාද අයවැයට පෙරම බැකු පද්ධතියට අතිරේක බරක් එක් විය.

2019 ජනාධිපතිවරණයෙන්පසු ලබාදුන් බදු සහන පැකේජය අත්වැරැද්දක් බව පිළිගෙන එය නිවැරදිකිරීමට කටයුතු කරනවා වෙනුවට තවදුරටත් මේ රටේ බැංකු පද්ධතිය විනාශ කිරීමට දරන තැත රාජ්‍ය මූල්‍ය අස්ථායීකරණය වේගවත් කරනු ඇත.

එමෙන්ම, 2022 වර්ෂයේ විදේශ ණය පියවීමට ඩොලර් මිලියන 750 ක් (අය වැයට අනුව) විදේශ වෙළෙඳපොළෙන් ලබාගැනීම පිළිබඳව ඇති බලාපොරොත්තුවද හීනයකි. අන්තර්ජාතික ණය ශ්‍රේණිගතකිරීම් වලින් පහළට වැටී ඇති බුන්බත්වීමට ආසන්නයෙන් සිටින රටකට ණය ලබාදීමට ඉදිරිපත්වන ආයෝජකයන් වෙනත් ග්‍රහලෝකයකින් සොයාගත යුතුව ඇත. ලංකාවේ එතෙර බැඳුම්කරවල ද්විතීයක වෙළෙඳපොළේ ඵලදායී අනුපාතය / පොලී අනුපාතය 40% ඉක්මවා ඇත. මෙවැනි තත්ත්වයකට පාර කැපුවේ රජයේ අදූරදර්ශී ක්‍රියාප්‍රතිපත්තිය නිසා බව පැහැදිළිය. ඒ නිසාම ශ්‍රී ලංකාව අද ණය ආපසු ගෙවීමේ අධි අවදානම් තත්ත්වයට ගොදුරු වී තිබේ.

VAT වෙනුවට පිරිවැටුම් බදු

සමාජ සංරක්ෂණ දායක මුදල් නමින් පනවා ඇති බද්ද ආර්ථිකයේ දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පිරිවැටුම් බද්දක් ලෙස පනවා ඇති මෙම බද්ද ඕනෑම කර්මාන්තයක සෑම මට්ටමකදීම වර්ෂයට මිලියන 120ට වඩා පිරිවැටුම ඇති ව්‍යාපාර වලින් 'පිරිවැටුම' මත අය කරන නිසා භාණ්ඩ වල මිල VAT බද්දට වඩා ඉහළ දමනු ඇත. පිරිවැටුම් බද්දට සාපේක්ෂව VAT බද්දේ ඇති සාධනීය ගුණාංගයක් වන්නේ සෑම මට්ටමකදීම 'එකතු කළ අගය' මත පමණක් බදු අය කර ගැනීමයි. මෙම වාසිය නිසා අප්‍රිකානු රටවල් පවා VAT බදු ක්‍රමයට මාරු වී සෑහෙන කාලයකි. පිරිවැටුම් බදු පනවා අපි නැවත දශක දෙකක් බදු ක්‍රමයේ පසු පසට තල්ලු වෙමින් පවතී. එකක් කඩතොළු වසා ගන්නට ගොස් දෙකක් කඩතොළු ඇති කරගත් ඉඳුරුවේ ආචාරියා සේ VAT මහා ඝෝෂාවක් පවත්වා අඩු කොට නැවත පැනවීමට ඇති ලැජ්ජාව නිසා රජය පිරිවැටුම් බද්දක් අයකොට ජනතාව තවත් අමාරු වේ දමා ඇත. මෙවැනි අමන රාජ්‍ය මුල්‍ය තීරණ වලට උපදෙස් දෙන නිලධාරීන්ද ජනතා අධිකරණයකට පමුණුවා දඬුවම් දිය යුතුව ඇත.

මීට අමතරව, රජයේ ප්‍රධානම බදු උපයා ගැනීමට අදාළ යෝජනාව වන මෙම පිරිවැටුම් බද්දට අදාළ බදු ප්‍රතිශතය වත් නිවැරදිව අය වැයට ඇතුළු කර ගැනීමට හැකි වී නැත. අය වැය කතාවේ 2.5% ලෙසත් ඇමුණුමෙහි 3% ලෙසත් මෙම බදු ප්‍රතිශතය දක්වා ඇත. රජයේ සහ මුදල් අමාත්‍යoශයේ නොහැකියාවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නොවේ.

අය වැය යනු ඉලක්කම් විජ්ජාවකි.

මීට පෙර අප කීපවරක් පෙන්වාදී ඇති ආකාරයට මෙවර අය වැය ද ඉලක්කම් විජ්ජාවකි. මුදල් ඇමතිවරයාට අනුව 2021 ට සාපේක්ෂව රජයේ මුළු ආදායම 46% කින් පමණ, එනම් රුපියල් බිලියන 723 කින් 2022 වර්ෂයේදී වැඩිවීමට නියමිතය. එය ඉතිහාසයේ නොවූ විරූ ආදායම් වර්ධනයක් වන අතර කිසිසේත් ළඟා කරගත හැකි ඉලක්කයක් නොවේ. යෝජිත ආදායම් යෝජනා වලින් සිදුවන්නේ රුපියල් බිලියන 333 ක් වැඩිවීම පමණි. එනිසා සියළුම යථාර්ථවාදී ගණන් කිරීම්වලට අනුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවීම සිදුනොවිය හැක්කකි. මීට අමතරව රුපියල් ට්‍රිලියනයකට ආසන්න යෝජිත රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් බිලියන 600 කට වඩා ආයෝජනය කිරීම රජයට කළ නොහැක.

මේ අනුව ඉලක්කම් විජ්ජා පෙන්වා රට රැවටීමකට ලක්කරන උත්සාහය මුදල් අමාත්‍යාංශය වහා නැවැත්විය යුතුය. රටට අවශ්‍යව ඇත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී නොවන විසඳුම් නොවේ. එමෙන්ම ඉලක්කම් විජ්ජාවලින් සුරංගනා කතා මවන ලෝකයක් ද නොවේ.

අපට අවශ්‍ය වන්නේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි දිගුකාලීන ප්‍රමුඛතා හඳුනාගත්, ඒ සඳහා කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ලබාදෙන, රටේ දැවෙන ප්‍රශ්නවලට සංවේදී, යථාර්ථවාදී අයවැයකි. රටේ නැතිවී ගොස් ඇති ආයෝජන විශ්වාසය දේශීය හා විදේශීය වශයෙන් ගොඩනැංවීමට හැකි වනුයේ එවැනි අයවැයකිනි. රාජපක්ෂවරුන්ට රට ගොඩනැංවීමට දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දැනුමක් නොමැති බවට නැවත නැවතත් තහවුරුකොට අවසන්ය. දැන් අවශ්‍ය වනුයේ, දැනුම, බුද්ධිය සහ ජන දුක ගැන සහකම්පනය පෙරටුකරගත් කුසලතාවාදී පරපුරකට රට භාරදී එය නැවත ගොඩනැගීම පමණි.

FB IMG 1636985161392 

පාඨලී චම්පික රණවක

බඩු මිල ඊළඟ අවුරුද්දේ තවත් ඉහළට : ඇමති අමරවීර කියයි !

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ අගුණුකොල පැලැස්සේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ය.

“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපට අද අපි ගත් ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්න වෙලා තියෙනවා. ඒ තරමට අපේ රට අද ආපස්සට ගිහිල්ලා තියෙනවා.

අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල වැඩිවෙලා, ඒක අපි දන්නවා. මේකට දැන් මුහුණ දෙන්න වෙනවා. මේක හෙට අනිද්දා ඉවර වෙනවා කියලා අපට කියන්න බෑ. මම නම් හොඳටම දකින දේ තමයි ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා.

ආණ්ඩුවට බනින බව අපි දන්නවා. නමුත් කරන්න දේකුත් නෑ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

දැන් ගෙවල් හදන එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩි වෙලා. ආහාරත් ආකාරයෙන්ම මිල වැඩි වෙලා. දිගටම අපිට මේක මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිගයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයක් කියා තිබෙනවා"

සජබ විරෝධය නවත්වන්න පොලිසිය ගත් උත්සාහය වතුරේ !

හෙට (16) දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව කියන උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (15) ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් එම නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම නඩු තීන්දුවේ සහතික පිටපතක් ලබා දෙන ලෙසත් මෙහිදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ උද්ඝෝෂණය ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් හෙට දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

කොරෝනා වසංගත ව්‍යාප්තීය හේතුවෙන් රට වසා දමා විවෘත කොට සංචරණ සීමා ද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේදී සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තමා කිසිදු අවස්ථාවක මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ලා නොසිටින බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් එම උද්ඝෝෂණයට සහභාගිවීමට නියමිත ගුණරත්න වන්නිනායක සහ අතුල එස් රණගල යන නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නයි අයැද සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිත ව කරුණු ඉදිරිපත් වී නොමැති බවය.

එමෙන්ම සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පොලීසිය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

-mawrata-

ජනතා අයිතිවාසිකම් රකින්න පාර්ලිමේන්තු ගිය අයට වුණේ ධනපති ක්‍රමය රකින්න !

"අවුරුදු 73ක් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු හැමෝම හොරකම් කළා වංචා කළා නෙවෙයි. නමුත් ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගිය අයට වුනේ මේ ජරාජීර්ණ ධනපති ක්‍රමය ආරක්ෂා කරන්න, මෙක පිරිපහදු කරන්න වැඩ කරන්න සිදුවීමයි" යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් පවසයි..

එම පක්ෂය බද්දේගම දී සංවිධානය කර තිබූ තිස් දෙවන ඉල් මහ විරු සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු සිදු කළ අදහස් දැක්වීම මෙසේය ..

වසර 32කට පෙර ජීවිත පූජා කළ සහෝදරියන් හා සහෝදරවරුන් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි සිහිපත් කරන්නෙ වාර්ෂික වතාවතක් ලෙස නොවෙයි. අද අප මුහුණ දෙමින් සිටින දේපාලන අභියෝග ජය ගනිමින් සමාජවාදය අරමුනු කරගත් අපේ දේශපාලන ව්‍යාපාරයේ ගමන්මග සකස් කරගැනීමට එදා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලන අරගලය තෝරාගත් ඉල්මහ විරුවන්ගේ ආදර්ශය ලබා ගැනීම අපගේ අරමුණයි.

මේ වනවිට අප මුහුණ දෙමින් තිබෙන සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එදා 87-89 සමයේ ලාංකීය සමාජයේ අර්බුදයට සර්ව සම නොවුණත් යම් යම් සමාන ලක්ෂණ තිබෙනවා.

1977 එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් නවලිබරල් ධනවාදී ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කරන්න පටන් ගැනීමත් සමග අපේ සමාජය ඒ වනවිටත් මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයේ තවත් ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වුණා.

එදයින් පටන් ගත් ජනතා දේපළ විකිණීමේ ක්‍රියාවලිය මේ අදත් පවතින්නෙ. විදේශ වෙළඳාමට තිබුණු සීමා මායිම්, දේශීය ආර්ථිකය ආරක්ෂා කරණ ප්‍රතිපත්ති වෙනස් කළා. රුපියල අවප්‍රමාණ වෙන්න පටන් ගත්තා. මහබැංකුව විසින් සමහර රෙගුලාසි වෙනස් කිරීම පටන් ගත්තා.

ඒ නිසා රටේ ඇති නැති පරතරය වැඩි වුණා. සමාජ ආරක්ෂණය දුර්වල වුණා. ප්‍රවාහන අංශය පෞද්ගලිකකරණය පටන් ගත්තා. මේ වකවානුවේ තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය පෞද්ගලිකකරණය පටන් ගත්තා. විධායක ජනාධිපතිධුරය 1978 ඇති කළා. මේ වනවිට ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ජනතාව දක්වන විරෝධයට මුහුණ දෙන්න, එවා මර්දනය කරන්න එ විධායක බලය ඔහුට අවශ්‍ය වුණා. මේ වන විට ජේ.ආර්.ජයවර්ධන බටහිර රාජ්‍යයන්ට පක්ෂපාති පිළිවෙතක් ගෙන ගියා. එක්සත් ජනපදයට සමීප පාලකයකුව සිටි නිසා ඔහුව නම් කළේ යැංකි ඩිකී කියලා. මේ වනවිට උතුරේ තමිල් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් සංවර්ධන සභා ඡන්දය කොල්ල කෑවා. යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. අත්තනෝමතික පාලනයක් පවත්වා ගෙන ගියා.

ඇයි අපි මේ ඉතිහාසය මතක් කරන්නෙ?

අද වන විට රාජපක්ෂ පාලනය විසින් මේ රටේ අත්තනෝමතික පාලනයක් පවත්වා ගෙන යමින් ආර්ථික අර්බුදය මැද ජනතා විරෝධයන් මර්දනය කරමින් පවතිනවා. ඒක 1977න් පසු ඇති වූ ඇතැම් තත්වයන්ට සමාන නිසා අපි එ තත්වය නැවත මතකයට ගත යුතුයි.

මේ තත්වයට වැඩ කරන ජනතාවට, කම්කරු ජනයාට, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශයට මේ තත්වය දරා ගන්න බැරි වුණා. වෘත්තිය ක්‍රයාමාර්ග ආරම්භ වුණා. 1980 ජූලි වර්ජනයට මොකක්ද දුන්න උත්තරය? ඒක නින්දිත ආකාරයට මර්දනය කළා. නීථ්‍යනුකූල මර්දන ක්‍රියාමර්ග පමණක් නොවෙයි නීති විරෝධි ලෙස දේශපාලන පක්ෂ මර්දනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කරමින් ජයවර්ධන පාලනය කටයුතු කළා. අද ගුරුවරු වැඩ වර්ජනය කරද්දි මර්දනය ක්‍රියාත්මක කරනවා. පසුගියදා යම් ජයග්‍රහණයක් ලබා තිබෙනවා වුණත් රාජ්‍ය මර්දනය අවසන් වෙලා නෑ. මේ තත්වය ජේ ආර්. ජයවර්ධනගෙ අත්තනෝමතිකභාවය සිහිපත් කරනවා.

. 1982 ජනමත විචාරනය ගැන මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කලේ අවසන් පතිඵලය වෙනස් කිරීමට බලපාන තරමේ මැතිවරණ වංචා සිදුව ඇති බව. ඒවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්වයක් පරාජය කරන්න ජනතාව පෙළ ගැසීම සඳහා තමයි 1987 - 89 අරගලයෙදි මේ රටේ දහස් ගණනක් සහෝදර සහෝදරියන් දේශපාලන අරගලයක නිරත වුණේ. ඔවුන් විසින් වෙහෙස නොබලා මර්දනය නොතකා කළ අරගලයක් තුළ එදා පාලකයන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්න ජනතාවගේ සහාය ලැබුණා. පාලකයන්ගෙ නියෝග ජනතාවට තව තවත් පීඩා කාරී තත්වයක් ඇති කළා.

මේ නිසා අවසානයේ ජනතා අරගලය දැවැන්ත මිලිටරි බලයකින්, සන්නද්ධ හමුදා සහාය අරගෙන, ඒ් අතර අතරු හමුදා කණ්ඩායම්වලින් ඝාතන, වද කඳවුරු සිදුකළ තත්වයක් යටතේ අරගලය පරාජයට පත් වුණා. නමුත් ඔවුන් උත්සාහ කළේ මේ රටේ පාලක පන්තිය ජනතාව මත පටවන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය අවසන් කරලා, සූරාකෑමෙන්, මර්දනයෙන් ගෙන යන ධනපති ක්‍රමය අහෝසි කරලා සමාජවාදී ක්‍රමයක් ඇති කරන්න. අපි මේ අතීතය නැවත සිහිපත් කළ යුත්තේ අප අද මුහුණ දෙමින් සිටින සමාජ ආරර්තික අර්බුදයේ ප්‍රතිඵල ඒදා වගේම අදත් ජනතාවට තවදුරටත් දරන්න බැරි මට්ටමකට ඇවිත් තිබෙනවා. ජනතාව විවිධ මට්ටමින් විවිධ ආකාරවලින් පාලකයන්ට අභියෝග කරමින් ඉන්නෙ. මේ අර්බුදය වසංගතය නිසා ඇති වූ බව පාලකයන් කියනවා. නමුත් අපි දන්නවා, 2020 වනවිට ලොකු ආර්ථික අර්බුදයකට ලෑස්ති වෙන්න කියලා ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළා. සමහරු කියනවා වසංගතය නිසා තමයි මේ ආර්ථිකය ඇද වැටෙන්නෙ කියලා. නමුත් අපි කියනවා වසංගතය නිසා අර්බුදය උත්සන්න වුණු බව ඇත්ත. නමුත් මේ ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදයක්. මේ වන විට රටේ ජනතාවනේ 98%ට ආාදායම් මාර්ග බිඳවැටුණු තත්වයකට මුහුණ දෙමින් තිබෙනවා.

අයවැයෙන් සුරංගනා කතා කිව්වට මේ අර්බුදයෙන් ජනතාව මුදවන්න සැලසුම් මේ අයට නෑ. එ නිසා 1977න් පටන් ගෙන ආර්ථික අර්බුදයක් කරා ගිය ගමනේ ප්‍රතිරාවයක් දක්වමින් තිබෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේ චීනයට පක්ෂපාති පාලනයක් ගෙන යමින් සිටියා. අපි අමෙරිකාවට නැමෙන්නෙ නෑ, කියුවත් බලපෑම් හමුවේ සිදුව ඇති දේ අපි දැක්කා. කෙරවලපිටියෙ බලාගාර ගිවිසුම අත්සන් කරන්නෙ ඒ නිසා.

එදා ජේ ආර් ජයවර්ධන එකාධිපති බලයක් නිර්මානය කරගත්තා වගේම මේ අය 2020 මහමැතිවරණයෙන් පස්සෙ 20 වැනි සංශෝධනය සම්මත කරමින් විශාල බලයක් එකරාශි කරගත්තා. මේ වන විට මේ රටේ මිලිටරිකරණ ක්‍රියාදාමයක් සිදු කරමින් තිබෙනවා. අපි මේ කියන්නෙ අණ පිළිපදින සොල්දාදුවන් ගැන නෙවෙයි. රජයේ ඉහළ ස්ථානවල මර්මස්ථානවලට හිතවත් නිලධාරින් පත් කරමින් සිදුකරන ක්‍රියාදාමය ගැනයි. මේ ආකාරයට ධනපති පාලකයන් විසින් දේශපාලන බලය පාවිච්චි කිරීමට අමතරව මිලිටරි බලයෙන් ජනතාව පාලනය කරන්න යන්නෙම ජනතාව ඉල්ලා සිටින අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නොහැකි නිසා. ජනතාව ආර්ථික ගැටලුවලට සහන දෙන්න කියන විට ඒවා ඉටුකරන් පාලකයන්ට බැරි වුණාම පිළිතුරු දෙන්නෙ මර්දනයෙන් බව එචා 1980 දසකයේ අත්දැකීම් අපට පෙන්වා දෙනවා.

අද මේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය සිදුකරමින් සිටින්නේ ඒ ආකාරයේම ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනයක් ක්‍රියාත්මක කිරීමයි. මේ වනවිට අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් දිගින් දිගටම සිරගත කරමින් තිබෙනවා. චමීර කොස්වත්ත සහෝදරයා කෝෂිලා සහෝදරිය කිසිදු සාක්ෂියක් නොමැතිව සිරත කළා. ශිෂ්‍ය නායකයන් සිරගත කර තැබුවා. මේ වන විට අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට විවිධ මාධයවලින් වාර්තා කර තිබෙනවා. ඒ නිසා මේ රටේ දේශපාලන ගමන්මග මර්දනකාරී ලෙස හසුරුවාගන්න වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.

මේ තත්වය පරාජය කරන්න මේ රටේ ජනතාව සමග එක්ව කටයුතු කරන්න අපි සූදානම්. සමහර විට පාලකයන්ගෙ අරමුණ වෙන්න ඇත්තේ අපිව නැවතත් කැලේට තල්ලු කර දමන්න, අපෙ සහෝදර සහෝදරියන් හිතුමතේ අත්අඩංගුවට ගන්න සමහර විට ඝාතනය කරන්න මාර්ගය පාදගන්න වෙන්න ඇති. නමුත් අපි මේ රටේ පාලකයන්ගෙ අරමුණුවලට ජයග්‍රහණය කරන්න අවස්ථාව දෙන්න සූදානම් නෑ. එදා ජේ ආර් ජයවර්දන ඇතුළු පාලක පන්තිය ගෙන ගිය මර්දනකාරි අත්තනෝමතකි පාලනය පරාජය කරන්න සටන් වැදුණු, අපේ රටේ ජනතාව එම පාලනයෙන් නිදහස් කරගන්න, සමාජවාදය වෙනුවෙන් සටන් කළ ආදරණිය සහොදරියන් සහෝදරවරුන් ඝාතන කළ ආකාරයට කටයුතු කරන්න අපි මේ පාලකයන්ට ඉඩ දිය යුතු නෑ.

එවැනි මර්දනයක් ගෙන එන්න, ප්‍රජාතන්ත්‍රවිරෝධී පියවර ගන්න ආණ්ඩුව ගෙන යන පියවර, පරාජය කිරීමේ අරමුණින් මේ රටේ සියලු වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාකාරිකයන් සමග අරගල කරන්න අපි සූදානම්. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයයිතිය රැක ගන්න අපි ඕනෑම ආකාරයේ පරිත්‍යාගයක් කරන්න සූදානම්. අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් හුදකලා කරමින් දඩයමට ලක් කිරීමට ආණ්ඩුව සූදානම් වුවත් අපි ඊට ගොදුර කරගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැති බවත් පාලකයන් ගෙන යන මර්දනකාරී පාලනය පරාජය කර ජනතාවගේ අරමුණු ජයග්‍රහණය කරගන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කරනවා.

මරර්දනය මේ විදියට පාවිච්චි කරන්න හදන්නෙ පාලකයන්ට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව සනාථ වෙමින් මේ පාලකයන්ගෙ පාලනයම අභියෝගයට ලක්වන තත්වයක් තුළයි.

මේ වනවිට ආනයන සීමා කරමින් ජනතාවට ගැටලු ඇතිකර තිබෙනවා. මේ රටේ බහුතරයක් පරිභෝජන භාණ්ඩ ගෙන්වන්නෙ විදේශයන්ගෙන්. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අසමත් වී තිබෙනවා. මේ දක්වා යාන්තම් කාල ඇඳලා ජීවත් වූ ජනතාවකට දැන් පරණ විදියටවත් ජීවත් වෙන්න බෑ. පෞද්ගලික අංශය මුලුමනින්ම අසරණ වෙලා. වෑන්වල, ත්‍රිරෝද වලින් ආර්ථිකය ගෙනයන අයට සහන දෙන්න අයවැයෙන් යෝජනා කරද්දි සිදුව ඇති දේ අපි දන්නවා. සෑම තැනම විරෝධතා සිදුවනවා. මේ වනවිට විවිධ පාර්ශ්වවල විරෝධතා මර්දනය සිදුවනවා. අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. ඒ වගේම විරෝධතා දැක්වූ සහෝදර සහෝදරියන් ඇප නොදී සිරගත කරමින් තිබෙනවා. සිසු ජන ව්‍යාපාරයේ විරෝධතාව නිසා අත්අඩංගුවට ගත් අයට චෝදනා කළේ රාජ්‍ය දේපළ හානිකළ බවටයි. මහාමාර්ග ආඥාපනත යටතේ චෝදනා කරන්න තිබුණ දෙයක් ඇයි රාජ්‍ය දේපළ යටතේ චෝදනා කළේ. ඇප නොදී තබාගන්න අවශ්‍ය කුමන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කෙරුණෙ. එහෙම තත්වයක් යටතේ අපි අද 32 වැනි ඉල් විරු සමරුව පවත්වන්නෙ. එදා පැති දුෂ්ට පාලනයට එරෙහිව, ජනතාව පීඩාවකට පත් කිරීමට එරෙහිව, කලාපීය වශයෙන් රට විදේශ බලයන්ට යටත් කරමින් ඉන්දියානු ආක්‍රමණයකට පාර කපා දුන් අවස්ථාවක තමයි එ සහොදරවරු අරගල කළේ. සමාජවාදය වෙනුවෙන් ඔවුන් ඒ අරගලය තුළ කැපවීම් කළේ. අද වවනවිට මේ පාලක කණ්ඩායම විසින් ඇතිකර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රති‍පත්ති නිසා රට විශාල ආර්ථික අගාදයක් කර යමින් ‍තිබෙනවා. කලාපීය බල අරගලයක සිටින ලෝකයේ බලවත් රටවල නයාය පත්‍රයන් අනුව මේ රටේ අනාගතය තීරණය කරන, ජනතාව බලවතුන්ගේ යුද තර්ජනයකට ගොදුරු කරන අවදානමක ඇද දමා තිබෙනවා. මේ වනවිට රට තුළ ගොඩ නැගෙන සමාජ ආර්තික අර්බුදය දුප්පත් පොහොසත් හෝ වෙනත් කිසිදු වෙනස්කමක් නොමැතිව සමස්ත සමාජයම ගොදුරු කරගන්න තැනකට ඇද දමා තිබෙනවා. මේක මේ පාලකයන් විසින් පමණක් නොවේ වසර දසක ගනනක් පාලක කණ්ඩායම් වරින්වර රටත් සමාජයත් ඇද දමා තිබෙන තත්වය මේක. = වරින්වර විවිධ පොරොන්දු දෙමින් ජනතාව රවටා බලයට පැමිණි විවිධ පාටවලින් ජනතාව මංමුලා කළ දේශපාලන පක්ෂවල පාලනය විසින් මේ සමාජයට ඉතිරි කළ ප්‍රතිපලය මේකයි.

නමුත් මේ තත්වය තුළ මේ ක්‍රමය යටතේම හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා වෙනස්කම් කරන්න පුළුවන් කියලා සමහරු කියන්නෙ. අපි දන්නවා අවුරුදු 73ක් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු මොකද කළේ කියලා. ඒහෙම ගිය හැමෝම හොරකම් කළා වංචා කළා නෙවෙයි. නමුත් ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගිය අයට වුනේ මේ ජරාජීර්ණ ධනපති ක්‍රමය ආරක්ෂා කරන්න, මෙක පිරිපහදු කරන්න වැඩ කරන්න සිදුවීමයි. පාර්ලිමේන්තුවේ බලය ඇතිවම එදා කළ දේවල් නිසා මර්දනකාරී ජනතා විරෝධි තත්වය නිසා සටන් කළ දස දහස් ගණනක් ඝාතනය කළේ පාර්ලිමේන්තුවේ හොඳ මිනිස්සු නැතිව නෙවෙයි. නමුත් තවමත් මේ ධනපති ක්‍රමයෙන් ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න පුළුවන්ය කියලා පාර්ලිමේන්තුවාදයට යට වූ සමහර අපේ පැරනි මිතුරන් ජනතාව රවටනවා. අපි කියන්නෙ මේ පාර්ලිමේන්තුවේ බලයෙන්, මිලිටරි බලයෙන් ජනතාව පෙළන ජනතාව සූරාකන පාලක අරමුණු පරාජය කරන්න, ජනතා බලයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නගමු කියලා. මේ යෝජනාව අපි කරන්නෙ මේ අර්බුදයෙන් ගැලවීමට අපේ සමාජයට ඉතා ඉක්මනින් මාර්ගයක් පාදා ගත යුතුව තිබෙන නිසා. මේ වන විට පාලක පන්තියේ අරමුනු අනුව රට මර්දනකාරීත්වය රජ කරන මිලිටරිමය බලයක් වෙත ගෙන යමින් තිබෙන බව ඇත්ත. ඒවැනි පසුබිමක අපට ඉතා ඉක්මනින් ජනතාවගේ මේ විරෝධය සංවිධානය කරමින් ඔවුන් ඉල්ලා සිටින විසඳුම් සඳහා වන වැඩපිළිවෙළක් කරා යාමට සිදුව තිබෙනවා. අප යෝජනා කරන්නෙ විසඳුම් සහිත වැඩපිලිවෙළක් සහිතවයි. අපට අරමුනක් වගේම වැඩපිලිවෙළක් තිබෙනවා. මේ උද්ගත වෙලා තියෙන දුෂ්කර අවස්ථාවේ අපිට අපේ අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට දුෂ්කර කොන්දේසි පසු කරන්න වෙනවා. හෝ චි මින් සහෝදරයා ප්‍රකාශ කළ අදහස් මෙහිදී අපි සිහිපත් කරන්න ඔ්න. ඔහු කිව්වෙ කුණාටුව විනාශකාරියි තමා නමුත් කුණාටු හමන එක හොඳයි, පයින් ගස්වලට සහ සයිප්‍රස් ගස්වලට තමන්ගෙ ස්ථාවරත්වය මැන ගන්න. නමුත් අපි දැක්කා පයින් ගස් නෙවෙයි, සයිප්‍රස් ගස් නෙවෙයි පහුගිය කාලෙ දැවැන්ත වෘක්ෂයන් නැමෙනවා ඇඹරෙනවා. අපි දැක්කා සෝවියට් දේශය ඇද වැටුණා. අද චීනයේ සමාජවාදය තියෙනවද? එක සමාජවාදයද ධනවාදයද? සමාජවාදය යථාර්ථයක් කරන්න පුළුවන්ද කියලා සමහරු අහනවා. එ් ප්‍රශ්නය ජනතාව අහනවාට වඩා ධනේශ්වර චින්තකයන්, මත සකස් කරන්නන් විසින් ජනතාවට මේ ප්‍රශ්නය දීලා තියෙනවා. ඒ අය අහන්නෙ නෑ ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනකායක් අසරණභාවයට ඇද දමමින් විනාශය කරා ගෙන යන ධනවාදය සාර්ථකද කියලා. මේ වසංගතයට මුහුණ දෙන්න පුළුවන්කමක් නෑ ධනවාදයට. ශක්තිවන්තයාට පමණයි ආරක්ෂා වෙන්න ලැබෙන්නෙ. දුර්වලයන් රැක ගන්න ධනවාදයට හැකි වුණේ නෑ. අමෙරිකාවෙත් ඔක්සිජන් තිබුණෙ නෑ. ඉන්දියාවෙත් නෑ. ලංකාවෙත නෑ. කොවිඩ් වසංගතය නිසා ලොකයේ මිලියන 5ක් පමණ මිය ගියා. මේ තත්වය පවත්වා ගෙන යාමද හොඳ? නැත්නම් මේක වඩා යහපත් තත්වයට පත් කිරීම කළ යුතුද? අප අහමුවේ ඇති ප්‍රශ්නය ඒ්කයි. අපි මේ අභියෝගය භාර ගන්න සූදානම්. අපේ සමාජය මුහුණ දෙන මේ අභියෝගය ජයගන්න, ඒ් වෙනුවෙන් වැඩකරන්න, අවශ්‍ය ඔනැම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම් බව මේ අවස්ථාවේ අවධාරනය කරනවා. ඒ් නිසා මේ තත්වය වෙනස් කරන්න අපට පුළුවන්. සමාජයක් ලෙස, වැඩකරන ජනතා බලයක් ලෙස මමේ රටේ කම්කරුවන්, ගොවි ජනතාව, ධීවර ජනතාව, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණයන් ලෙස ඒක කරන්න අපි එකතු වෙමු.

ඒ් වෙනුවෙන් අප සමග අත්වැල් බැඳගන්න කියාල අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. පහුගිය කාලෙ පොහොට්ටුවට ඡන්දය දුන්, වෙනත් පක්ෂවලට ඡන්දය දුන්න ජනතාවට අපි ආරාධනා කරනවා. අපේ පැරණි මිතුරන්ට, ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුන්ට අපි ආරාධනා කරනවා, අප වටා , අපේ වැඩපිළිවෙළ වටා ඒ්කරාශි වෙන්න කියලා."නමුත් මේ තත්වය තුළ මේ ක්‍රමය යටතේම හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා වෙනස්කම් කරන්න පුළුවන් කියලා සමහරු කියන්නෙ. අපි දන්නවා අවුරුදු 73ක් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු මොකද කළේ කියලා. ඒහෙම ගිය හැමෝම හොරකම් කළා වංචා කළා නෙවෙයි. නමුත් ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගිය අයට වුනේ මේ ජරාජීර්ණ ධනපති ක්‍රමය ආරක්ෂා කරන්න, මෙක පිරිපහදු කරන්න වැඩ කරන්න සිදුවීමයි.

පාර්ලිමේන්තුවේ බලය ඇතිවම එදා කළ දේවල් නිසා මර්දනකාරී ජනතා විරෝධි තත්වය නිසා සටන් කළ දස දහස් ගණනක් ඝාතනය කළේ පාර්ලිමේන්තුවේ හොඳ මිනිස්සු නැතිව නෙවෙයි. නමුත් තවමත් මේ ධනපති ක්‍රමයෙන් ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න පුළුවන්ය කියලා පාර්ලිමේන්තුවාදයට යට වූ සමහර අපේ පැරනි මිතුරන් ජනතාව රවටනවා. අපි කියන්නෙ මේ පාර්ලිමේන්තුවේ බලයෙන්, මිලිටරි බලයෙන් ජනතාව පෙළන ජනතාව සූරාකන පාලක අරමුණු පරාජය කරන්න, ජනතා බලයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නගමු කියලා. මේ යෝජනාව අපි කරන්නෙ මේ අර්බුදයෙන් ගැලවීමට අපේ සමාජයට ඉතා ඉක්මනින් මාර්ගයක් පාදා ගත යුතුව තිබෙන නිසා.

මේ වන විට පාලක පන්තියේ අරමුනු අනුව රට මර්දනකාරීත්වය රජ කරන මිලිටරිමය බලයක් වෙත ගෙන යමින් තිබෙන බව ඇත්ත. ඒවැනි පසුබිමක අපට ඉතා ඉක්මනින් ජනතාවගේ මේ විරෝධය සංවිධානය කරමින් ඔවුන් ඉල්ලා සිටින විස ඳුම් සඳහා වන වැඩපිළිවෙළක් කරා යාමට සිදුව තිබෙනවා. අප යෝජනා කරන්නෙ විසඳුම් සහිත වැඩපිලිවෙළක් සහිතවයි. අපට අරමුනක් වගේම වැඩපිලිවෙළක් තිබෙනවා. මේ උද්ගත වෙලා තියෙන දුෂ්කර අවස්ථාවේ අපිට අපේ අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට දුෂ්කර කොන්දේසි පසු කරන්න වෙනවා. හෝ චි මින් සහෝදරයා ප්‍රකාශ කළ අදහස් මෙහිදී අපි සිහිපත් කරන්න ඔ්න. ඔහු කිව්වෙ කුණාටුව විනාශකාරියි තමා නමුත් කුණාටු හමන එක හොඳයි, පයින් ගස්වලට සහ සයිප්‍රස් ගස්වලට තමන්ගෙ ස්ථාවරත්වය මැන ගන්න. නමුත් අපි දැක්කා පයින් ගස් නෙවෙයි, සයිප්‍රස් ගස් නෙවෙයි පහුගිය කාලෙ දැවැන්ත වෘක්ෂයන් නැමෙනවා ඇඹරෙනවා. අපි දැක්කා සෝවියට් දේශය ඇද වැටුණා. අද චීනයේ සමාජවාදය තියෙනවද? එක සමාජවාදයද ධනවාදයද? සමාජවාදය යථාර්ථයක් කරන්න පුළුවන්ද කියලා සමහරු අහනවා. ඒ ප්‍රශ්නය ජනතාව අහනවාට වඩා ධනේශ්වර චින්තකයන්, මත සකස් කරන්නන් විසින් ජනතාවට මේ ප්‍රශ්නය දීලා තියෙනවා. ඒ අය අහන්නෙ නෑ ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනකායක් අසරණභාවයට ඇද දමමින් විනාශය කරා ගෙන යන ධනවාදය සාර්ථකද කියලා.

මේ වසංගතයට මුහුණ දෙන්න පුළුවන්කමක් නෑ ධනවාදයට. ශක්තිවන්තයාට පමණයි ආරක්ෂා වෙන්න ලැබෙන්නෙ. දුර්වලයන් රැක ගන්න ධනවාදයට හැකි වුණේ නෑ. අමෙරිකාවෙත් ඔක්සිජන් තිබුණෙ නෑ. ඉන්දියාවෙත් නෑ. ලංකාවෙත නෑ. කොවිඩ් වසංගතය නිසා ලොකයේ මිලියන 5ක් පමණ මිය ගියා. මේ තත්වය පවත්වා ගෙන යාමද හොඳ? නැත්නම් මේක වඩා යහපත් තත්වයට පත් කිරීම කළ යුතුද? අප අහමුවේ ඇති ප්‍රශ්නය ඒ්කයි. අපි මේ අභියෝගය භාර ගන්න සූදානම්. අපේ සමාජය මුහුණ දෙන මේ අභියෝගය ජයගන්න, ඒ් වෙනුවෙන් වැඩකරන්න, අවශ්‍ය ඔනැම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම් බව මේ අවස්ථාවේ අවධාරනය කරනවා. ඒ් නිසා මේ තත්වය වෙනස් කරන්න අපට පුළුවන්. සමාජයක් ලෙස, වැඩකරන ජනතා බලයක් ලෙස මමේ රටේ කම්කරුවන්, ගොවි ජනතාව, ධීවර ජනතාව, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණයන් ලෙස ඒක කරන්න අපි එකතු වෙමු.

ඒ් වෙනුවෙන් අප සමග අත්වැල් බැඳගන්න කියාල අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. පහුගිය කාලෙ පොහොට්ටුවට ඡන්දය දුන්, වෙනත් පක්ෂවලට ඡන්දය දුන්න ජනතාවට අපි ආරාධනා කරනවා. අපේ පැරණි මිතුරන්ට, ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුන්ට අපි ආරාධනා කරනවා, අප වටා , අපේ වැඩපිළිවෙළ වටා ඒ්කරාශි වෙන්න කියලා."

flsp 2021 11 13 3

සුසිල් - අනුරයාපා පෙරහර තවත් දිගුවෙයි : රත්නපුරේ ජෝනුත් කසේ අතට ගනියි !

අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සඳහන් කරයි.

ඔහු පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටින දේශපාලනඥයින් අතර ජ්‍යෙෂ්ඨ=යෙකු වන අතර youtube නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ අදහස් දැක්වීම සිදුකර ඇත.

රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඉතා බරපතල ලෙස කලකිරී සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුව හේතුවෙන් නුදුරේදී රට තුළ ආහාර හිගයක් ඇති වන බව වනු ඇතැයිද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

තවද මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයිද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා විසින් ප්‍රසිද්ධියේ දැක්වූ ආණ්ඩුවේ පොදුජන පෙරමුණ ජේෂ්ඨයන්ගේ කළකිරීමේ තවත් දිගුවක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

මෙය බොහෝ දුරට රාජපක්ෂවරුන් අපේක්ෂා කළ තත්ත්වයක් විය නොහැකි බවත් ඔවුන් පවසයි.

එසේම මේ වන විට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේ වන විට නිහඬව සිටින බවත් ආණ්ඩුව දැන් සිටින්නේ සක්‍රීය ගිනි කන්දක් උඩ ගෙයක් හැදූ තත්ත්වයක බවත් දේශපාලන විචාරක අදහස වී ඇත.

ආණ්ඩුව හැර යන්න : ශ්‍රීලනිප පළමු වෙඩිමුරය දුමින්දගෙන් !

ජය පරාජය කුමක්‌ වුවත් ඉදිරි මැතිවරණ සඳහා තනි පක්‍ෂයක්‌ ලෙස තරග කළ යුතු බවට අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ශාඛාවේදී යෝජනාවක්‌ සම්මත විය.

දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, යොවුන් පෙරමුණ, ගොවි සංවිධානය, ගුරු පෙරමුණ, කාන්තා පෙරමුණ සහ අනුබද්ධ සංවිධාන සඳහා නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ රැස්වීම රාජ්‍ය අමාත්‍ය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපළ පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රීලනිප දිස්ත්‍රික් තරුණ පෙරමුණේ ලේකම් සමන් කුමාර මහතා විසින් ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කළ යුතු බවට යෝජනා කළ අතර එය සියලු සංවිධාන නියෝජිතයින් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

රැස්වීම අමතමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් නමුත් අපේක්ෂා කළ පරිදි නිසි පිළිගැනීමක් නොලැබුණු බවයි.

“ශ්‍රීලනිප හිතවාදීන්ගේ මතය නම් ඉදිරි මැතිවරණයට පක්ෂය තනි පක්ෂයක් ලෙස තරග කළ යුතු බව නම් එම තීරණය ආසන සංවිධායකවරුන් දැනුවත් කළ යුතුයි. ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරා ගත යුත්තේ ඔවුන්ගේ සුදුසුකම් සලකා බලායි.”

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය තිස්ස කරලියැද්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක එක්ව සිටියහ.

Page 330 of 390