පුවත්

ජාතික එකඟතා ආණ්ඩුවට ජනාධිපති එකඟයි : ජයන්ත කියයි !
ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.
ජනාධිපති සමග අද (29) පැවති සාකච්ඡාව අවස්ථාවේ මේ එකඟතා ඇතිව තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසා ඇත්තේ ජාතික එකඟතා ආණ්ඩුවට එක්වන පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නම් කිරීම එම ජාතික සභාව තුළින් සිදු කිරීමට යෝජනා වූ බවයි.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවේදි අවධානය ලක් වු කරුණු පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවට සම්බන්ධ වන සියලු පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් නිර්මාණය කිරීමට තීරණය වූ බවත් ජාතික එකඟතා ආණ්ඩුවේ ආග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න එම ජාතික සභාව තීරණය කරන බවයි.

නි. කතානායක ඉල්ලා අස්වෙයි : පෙරළියක් සඳහා මැයි 4 අවස්ථාවක් !
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් හෙට (30) ඉවත්වීමට තීරණය කර ඇත.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමේ තීන්දුව අනුවය .
මේ අනුව පාර්ලිමේන්තුව රැස්වෙන මුල් දිනයේදී ( මැයි 4 ) එහි පළමු කටයුත්ත ලෙස නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නියමිතය.
නව නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුවේ මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් රංජිත් සියඹලාපිටියගේ නමද ආණ්ඩු පක්ෂය විසින් මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ නමද යෝජනා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහානම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.
මෙහිදී රහස් ජන්දයක් පැවැත්වීම සඳහා අවස්ථාව හිමිවේ. විපක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් මේ අවස්ථාව නිසි ලෙස යොදාගතහොත් ආණ්ඩුවේ නියෝජිතයා පරාජය කර ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් නොමැති බව තහවුරු කිරීමට හැකියාව ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඩොලර් මිලියන 1.6 ක ඖෂධ : ඉන්දුනීසියාවෙන් ලැබෙයි !
ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යා්’ග කරන ලද රුපියල් මිලියන 550 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) විසින් ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය චන්න ජයසුමන වෙත භාර දෙන ලදී.
එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝ ග්‍රෑම් 3100 ක පමණ බරින් යුක්ත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.
මෙම ඖෂධ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ප්‍රමුඛ වේ.
ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලදී.

පවුලේ තරගයක් : විපක්ෂ නායක ධූරය නාමල්ටද? බැසිල්ටද ?
අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පවසා ඇතැයි වාර්තා වෙයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී බවත් දැනගන්නට ඇත.
එහිදී තම පියා වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇති බවත් සඳහන් ය.
යම් විදිහකට අගමැති ධූරය අහිමි වුවහොත් අගමැති මහින්ද රාජපක්ෂ ගේ අපේක්ෂාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ව විපක්ෂ නායක කිරීම බවටත් තොරතුරු වාර්තා වෙයි.
බැසිල්ගේ නමුත් විපක්ෂ නායක ධූරයට !
අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන විට විපක්ෂ නායක ධූරයත් රාජපක්ෂ පවුල අතටම පත්වීමේ තත්ත්වය ප්‍රතිකේෂ්ප කළ නොහැකි බව දේශපාලන විචාරකයන් පවසයි.

අගමැති ධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙලා - රතන හිමි
අන්තර්වාර පාලනයක් සදහා තමන් ඇතුළු පිරිසට ආරාධනා කරන ලද ලිපියෙන්ම නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවත් දැනටමත් අගමැති ධුරය සදහා දැනට නම් කිහිපයක් යෝජනා වී ඇති බව අතුරලියේ රතන හිමි පවසති.
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ බලතල සීමාකර සමූහයක් විසින් වගකීම ගන්නා වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.

රඹුක්කන ඝාතනය : SSP අත්අඩංගුවේ : ඒත් ඉන්නේ රෝහලේ !
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තව දුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.
බොහෝ විට ආණ්ඩුව හිතවාදී චූදිතයන් , විශේෂයෙන් මිනී මැරුම් චෝදනා ලැබුවන් වුවත් , අත්අඩංගුවට පත්වීමේදී පමණක් නොව බන්ධනාගාර ගතවූවාද එහි රෝහලටයොමුවන ලෙස කටයුතු සම්පාදනය , මෙරට ජාතික පුරුද්දක් බව දේශපාලන විචාරකයන් පවසයි.
මේ සමග තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැල්වෙන අරගලයට : පෙරටුගාමීන්ගෙන් තෙලක් !
1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම, අද සිදුවූ බවත්, ගෝල්ෆේස් පිටියේ ඇතිවූ මහජන නැගිටීම සහ , කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදාය මේ මොහොතේ ඒකාබද්ධ වියයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කර සිටියේ ය.
ඒ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ය.
1971 සහ 88 -89 දී දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුවත් , වර්තමානයේ දියත්ව ඇති මේ ජනතා නැගිටීම , 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.
පුබුදු ගේ අදහස මෙන්න !
අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වුණේ විශේෂ හේතුවක් මතයි. අද දවසේ කම්කරු ව්‍යාපාරයක් විදිහට වැඩ වර්ජනයක් කැඳවලා තියෙනවා. ඒ වැඩ වර්ජනය ඇතුලෙම අද දවල් 11ට වෘත්තීය සමිති දහසක පමණ සහභාගීත්වයක් සහිතව දැවැන්ත පෙළපාලියක් යනවා ගාලුමුවදොර පිටිය දක්වා.
එතකොට අද ගෝල්ෆේස් අරගලයයි අනික් පැත්තෙන් කම්කරු ව්‍යාපාරයයි ඒකාබද්ද වීමක් සිද්ධ වෙනවා. පහුගිය කාලේ මේ සම්බන්ධව විවිධ මාධ්‍යවලින් සහ සමාජ මාධ්‍ය වලින් විවිධ කාරණා හුවමාරු වුණා. ඒ හුවමාරු වෙද්දී ඒ සම්බන්ධ විවිධ අදහස් සහ විවිධ විවේචන ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හැම එකකටම ලිඛිතව දේවල් කියනවාට වඩා එයට මූලික අදහසක් කියන්නම් කියලා හිතුවේ.
ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ පවා නොතිබූ තත්ත්වයක් !
එකක් තමයි රටේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි මේ මහජනතාවගේ නැගිටීම අපි සමරන්න ඕන. 1953 න් පස්සේ ඇති වෙච්ච විශාලම මහජන නැගිටීම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 1971 සහ 88 -89 පවා දේශපාලන පක්ෂවල මූලිකත්වයෙන් අරගල සිදුවුණාට මෙවැනි ජනතා නැගිටීමක්, අඩුම ගානේ 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනාව අවස්ථාවේදී පවා නොදැකපු විදිහේ එකක් තමයි දැන් මේ දියත් වෙමින් තියෙන්නේ.
අනික් පැත්තෙන් අද වැඩ වර්ජනය සහ පෙළපාලිය ගත්තට පස්සේ ඒක 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ වැඩිම වෘත්තී සමිති එකඟතාවයකින් දියත් වෙන අරගලය කියලා කියන්න පුළුවන්. එතකොට මේක එක්තරා විදිහක ස්වර්ණමය යුගයක් සහ ස්වර්ණමය අවස්ථාවක් මේ ඉතිහාසයෙන් ඇවිල්ලා තියෙන්නේ. 1953 පස්සේ අවුරුදු 70 කට විතර පස්සේ දැවැන්ත මහජන නැගීටීමක් සිද්ධ වෙලා තියෙනවා. 1980 පස්සේ අවුරුදු 40 කට විතර පස්සේ කම්කරු පංතියේ දැවැන්ත ඒක මිතියක්, ඒකාග්‍රතාවයක්, එකඟතාවයක් ඇතිවෙලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙක , ඒ කියන්නේ එක පැත්තකින් ගෝල්ෆේස් පිටියේ ඇති වෙච්ච මහජන නැගිටීමයි, කම්කරු ව්‍යාපාරයේ සටන්කාමී සම්ප්‍රදායයි මේ දෙක ඒකාබද්ධ වෙන්න ඕන කියලා අපි කියන්නේ ඇයි.
මහජන අරගලයයි කම්කරු ව්‍යාපාරයේ එකතු වීමයි කියන එක සංකේතාත්මකයි.
යූටියුබ් ෆේස්බුක් ඇඩ්මින්ලාගේ අරගලය !
මේ අරගලයේ මතය නියෝජනය වෙන්න, ඒකට අදාල කෝපය හදාගන්න විරෝධය හදාගන්න සමාජ මාධ්‍ය භාවිතා වුණා. එකෙන් කියැවෙන්නේ නැහැ මේක සමාජ මාධ්‍යයේ යූටියුබර්ස්ලා නිර්මාණය කරපු අරගලයක් කියලා. ඒ ඒ යුගයන්වල තියෙන තාක්ෂණය ඒ ඒ කාලයට යොදා ගැනීමක් තමයි වුණේ.
උදහරණයක් විදිහට කිව්වොත් 1971 දී ගල් අච්චුවේ මුද්‍රණය කරලා තමයි ලීෆ්රට් ආවේ. ඒ කාලයේ තිබුණ තාක්ෂණය තමයි ගල් අච්චුව. ඒක අරගලයට පාවිච්චි වුණා.
1987- 89 වකවානුව වෙනකොට රණ හඬ ගුවන්විදුලිය තිබුණා. ගවන්විදුලි තාක්ෂණය අරගලයට පාවිච්චි වුණා. ඒ වගේ තමයි දැන් සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය මේ සඳහා භාවිතා වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ සමාජ මාධ්‍යවල ඉන්න ඇඩ්මින්ලා තමයි මේක නිර්මාණය කළේ කියලා. මේක මේ රටේ මිනිස්සුන්ට එන්න එන්නම වැඩි වෙන පීඩාව දරා ගැනීමට බැරි වීම තුළ පුපුරා යාමක් සිදුවුණේ.
අරගලය පන්නරය ලැබූ හැටි !
මේකට විවිධ අය දායක වුණා. මම උදාහරණයකට කියන්නම් හිතන්න මේකට ගුරු අරගලය වෙච්ච දායකත්වය. ගුරුවරු මේ ඔක්කොම ෆ්‍රීස්වෙලා මේ ඔක්කොම කැටිගැහිලා තියෙන වෙලාවක කොවිඩ් අවධානම මැද දසදහස් ගණනින් වීදිවලට බැහැලා ඒ කරපු අරගලය සහ ඒකෙන් ආපු උත්තේජනය. ඊට පස්සේ මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ගොවියෝ රට පුරා කරපු උද්ඝෝෂණය. ඊගාවට කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතත් එක්ක ආපු ප්‍රශ්නෙදි ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයෝ කරපු උද්ඝෝෂණය. අර ජෝජ් ෆ්ලොයින් ඝාතනයේ උද්ඝෝෂණයේ ඉඳලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපි කරපු මැදිහත් වීම.
ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් මේ රාජපක්ෂ පාලනයේ තියෙන අගතීන් හොරකම් හෙළිදරව් කරමින් පාර්ලිමේන්තුව තුළ ඒගොල්ලො කරපු අරගල. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වගේ කෙනෙක් මිරිහානට ගිහිල්ලා මිරිහානට තමයි යන්න ඕන කියලා ගිය එක බලපෑව මම හිතන්නේ මිනිස්සුන්ට 31 වෙනිදා රෑ මිරිහානට ගිහින් වටලන්න. ඒ නිසා ක්‍රියාකාරීත්වයක් තිබුණා. විවිධ බලවේග, විවිධ දේශපාලන පක්ෂ මේ හැම දේම එකතුවෙලා හදපු දේශපාලන ස්ට්‍රක්චර් එකක් ඇතුළේ තමයි මේක වුනේ. එහෙම නැතුව මේක මේ යූටියුබර්ස්ලයි ෆේස්බුක් ඇඩ්මින්ල දෙතුන්දෙනෙකුයි එකතුවෙලා හැදුව එකක් නෙවෙයි.
අරගලයේ අවස්ථාවාදීන් !
ඇත්තටම ඒගොල්ලො බැලුවේ මේ අවස්ථාවෙන් මේ මහජන අරගලය පාවිච්චි කරලා ගසා කන්න පුළුවන්ද කියලා එක කොටසක් බැලුවා. තව කට්ටියක් මේ ඇවිලිලා තියෙන මහජන අසහනයට උමතු ස්වරූපයක් දෙන්න හැදුවා. හැබැයි දැන් දැන් ඒවා නැහැ. කෝ අර "මේක තරුණ අරගලයක් නාකි ගෙදර හිටපියව්" කියපු යූටියුබ් කාරයෝ ටික දැන් හොයාගන්නවත් නෑ.
එදා 31 වෙනිදා රෑ මිරිහානේ ජනාධිපතිගේ නිවස වැටලුවේ නැත්නම් මේක මේ විදිහට සිද්ධ නොවෙන්නත් ඉඩ තිබුනා.

දරවලට මාරු වෙන්න : ලිට්‍රෝ ගෑස් සභාපති දන්වයි !
ලිත්‍රො ගෑස් සමාගම ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබෙන අතර දර ඇතුළු සෙසු වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත ඒවා වෙත යොමු වීම රට වෙනුවෙන් කළයුතු දෙයක් බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසයි .
ජනතාව මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි .
සභාපතිවරයා පවසන්නේ රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවයි.
ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000-80,000 ත් අතර සිදු කල ගෑස් සැපයුම පැවැති ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරයි.
මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් අවශ්‍ය බවත් පවතින තත්වය මත එවන් වියදමක් කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.

වෙල්ගම වෙනම ලයින් එකක !
විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන් ගෙනෙන කිසිම යෝජනාවකට අත්සන් නොතබන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් කතානායක වෙත දැනුම්දී ඇත.
වාර්තා වන ආකාරයට අද (28) ලිපියක් යොමුකරමින් මේ දැනුම්දීම සිදුකර තිබේ.
රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ග හතක්ද ඔහු සිය ලිපියෙන් දැනුම්දී ඇති බවත් දැනගන්නට ඇත.
එසේම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇති බවත් වාර්තා වෙයි.
හතක්ද කුමාර කුමාර වෙල්ගම එම ලිපියෙන් යෝජනා කර ඇත.

වෘත්තීය සමිති හයිය පෙන්වයි : රට පුරා විරෝධතා !
දශක හතරකට පමණ පසුව ලංකා ඉතිහාසයේ දියත්වූ සාර්ථකම වැඩ වර්ජනය අද (28) දියත්වූ බව වෘත්තීය සමිති නායකයන් පවසයි.
ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් හැරුණු විට අනෙක් සියලු වෘත්තීය සමිති ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ඉවත් වන ලෙස ඉල්ලා අද ආරම්භ කළ වැඩ වර්ජනයට සහභාගි වීම ඊට හේතුවූ බවත් ඔවුන් සඳහන් කරයි.
රට පුරා විවිධ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විරෝධතා 1000කට අධික ප්‍රමාණයක් පැවති බවත් වාර්තාකරුවන් පවසයි.
රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක පිරිස් සම්බන්ධ වී සිටීම හේතුවෙන් අද බොහෝ රැකියා ස්ථාන පාලු ස්වාභාවයක් ගෙන තිබිණ.
මීට අමතරව ආයෝජන කලාප සේවකයන්ද, ගුරු වෘත්තීය සමිතිද, වතු කම්කරුවන්ද වර්ජනයට සහාය පා අරගලයට එක්ව සිටිති.
එමෙන්ම අද බස් සේවා සහ දුම්රිය සේවාද ක්‍රියාත්මක වූයේ ද අවම වශයෙනි.
මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා පැවැත්විණ.
රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බවටත් මාධ්‍ය වාර්තා පළවෙයි.

පොහොට්ටු පොඩ්ඩන්ගෙන් ජනාධිපතිට තගක් !
අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩුව හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි මේ සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇත.
ඊට අනුව අරලියගහ මන්දිරයේදී ඊයේ (27) අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේ දී පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මේ බව සඳහන් කර ඇත.
අගමැතිවරයා ඉවත් කිරීමට එකඟ නොවන බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා සිටිය යුතු වුවත් ඔවුන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.
මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හය දෙනෙකු පමණ මේ බව ප්‍රකාශ කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා පවසයි.
අගමැතිවරයා ඉවත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමටද කටයුතු සූදානම් කර ඇති අතර ඊට පළාත් පාලන නියෝජිතයන් තුන් සියයක් පමණ අත්සන් කර ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.
ජනාධිපති තීන්දුව !
කෙසේ වෙතත් අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා, එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා අවසන්ය.
ඊට අනුව ලබන 29 වැනිදා පෙරවරු 10 .30 ට ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇත .
වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ලබන 29 වැනිදා සාකච්ඡාවේදි , සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පක්ෂ නායකයින් වෙත වෙත යැවු ලිපියේ සඳහන් කර ඇත.
එසේම අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙතද දැනුම් දී තිබේ.

මහින්දගෙන් සජිත්ට පණිවිඩයක් !
අගමැති මහින්දගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, ලැබුණු පණිවිඩයක් සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.
වාර්තා වන ආකාරයට මෙම පණිවිඩය එවා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ ගේ බාල පුතු ගේ සමීපතම මිතුරෙකු හරහා ය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට '' විස්වාස භංගයක් ගෙනත් මහින්ද අගමැතිතුමාව එලෙව්වොත් , විපක්ෂ නායකකම මහින්ද ගන්නවා..'' යන්න එම පණිවිඩය වී තිබේ.
විපක්ෂ නායක නාමල් ?
මේ අතර වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර ඇති බවයි.
අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් නොකරන්නැයි එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
යම් හෙයකින් අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග විපක්ෂයට ගොස් නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ගෝඨා - මහින්ද යන්නේ නැත්නම් : යවන හැටි හිටපු අගවිනිසුරු කියයි !
ජනතාව පාරට බැස ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් තනතුරුවලින් ඉවත් වන ලෙස දැඩි ලෙස බලපෑම් එල්ල කරද්දීත් ඔවුන් තවදුරටත් තනතුරුවල රැදී සිටින්නේ නම් පාර්ලිමේන්තුව හරහා ඔවුන් ඉවත් කළ හැකි බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පැවසීය.
‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත් කොට මාසයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අයකු රහස් ජන්දයක් මාර්ගයෙන් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත යුතු බවකි.
එහිදීද ජනාධිපතිවරයා සතුව විධායක බලතල පවතින බැවින් යෝජනාවක් හරහා එම බලතල පාර්ලිමේන්තුවට පවරා ගෙන එම බලතල පාර්ලිමේන්තුව හරහා මෙහෙයවිය යුතු බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව පවතින අර්බූදය විසදීම සදහා නව අගමැතිවරයකු යටතේ 25 දෙනකුගෙන් යුත් සර්ව පාක්ෂික අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතු බව කී හිටපු අගවිනිසුරුවරයා එම අමාත්‍යංශ සදහා අවශ්‍ය නම් නව ලේකම්වරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව තුළින් පත් කළ හැකි බවද කියා සිටියේය.
මේ බව විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් අප්‍රේල් 04 වැනිදා කතානායකවරයා වෙත ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මගින් බාර දුන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
නමුත් ඉතිහාසයේ කිසිදු කතානායකවරයකු නොකළ පරිද්දෙන් වත්මන් කතානායකවරයා ඒ පිළිබද නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කොට ඇති බව ද කීය.
සාමාන්‍යයෙන් මීට පෙර කිසිදු කතානායකවරයකු පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නොමැති අතර නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා නොදෙන බවද හිටපු අගවිනිසුරුවරයා සදහන් කළේය.
ඒ සදහා අතීත උදාහරණ පවතින බව කී හිටපු අගවිනිසුරුවරයා තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ආ දෝශාභියෝගයේදී පාර්ලිමේන්තුවේ උත්තරීතර බව තමන්ද පිළිගත් බවත්, ඒ හේතුවෙන් දෝශාභියෝගයට මුහුණ දීමට තමන් තීන්දු කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
- මව්රට

රඹුක්කන සිදුවුණේ ඝාතනයක් : වෙඩි තැබුවන්ට බඩු !
රඹුක්කන ප්‍රදේශයේ දී අප්‍රේල් 19 වනදා සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එහිදී පුද්ගල ඝාතනයක් සිදුවූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.
අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවටය.
ඒ අනුව නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ .

විශ්වාසභංගයෙන් ජනතාව ඉල්ලන දේ හම්බෙයිද ? අකිල
ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ කිසිම ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන නමුත් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ගෝල්ෆේස් පිටියේ විරෝධතා දක්වන පිරිස ඇතුළු රටේ බහුතරය අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවා දැයි සිතා බැලිය යුතුබව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
එජාප උප නායකයා මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27)පැවති මාධ්‍ය හමුවකදී ය.
ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම කල් යන වැඩක් වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන තිබෙන බව කී එජාප උප නායකයා මේ කාරණය සම්බන්ධ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

තත්ත්වය උණුසුම් : විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවෙයි !
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) කැඳවා තිබේ.
වාර්තා වන ආකාරයට හෙට පස්වරු 2.00ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවෙන බවය.
පාර්ලිමේන්තුවේ යම් යම් පක්ෂ සහ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ගණනාවක් කතානායකවරයාට දැනටමත් බාරදී ඇත.
සමගි ජන බලවේගය සහ පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ පිරිසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතානායකවරයාට බාරදී ඇති කණ්ඩායම අතර වෙයි.
මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ ඒවායේ න්‍යාය පත්‍ර පිළිබඳවද මෙම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.

මහින්ද ගෙදර යවන්න ජනාධිපති සූදානම් !
අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමට සූදානමක් දැක්වෙන ආකාරයේ නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත්කර ඇත.
ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර තිබීම හමුවේය.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයනට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.
සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇති බවත් වාර්තා වේ.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත .

චෝදනා මත : වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රාණී ගෙදර යවයි !
අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතු ලෙස දක්වමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කොට ඇත.
පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය කිරීමට හෝ කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමට නොහැකි වීම තුළ ජනතාවගේ අප්‍රසාදය මෙන්ම කාර්ය මණ්ඩලයේ හා ආයතන වල අප්‍රසාදයට ලක් වීම තුළ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
භද්‍රාණි ජයවර්ධන විසින් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිට ඇත.
මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතන වල සභාපති ධූරයන් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද මෙම ලේකම්වරිය විසින් දරා ඇත.
ඒ අනුව, මෙරට වැදගත්ම අමාත්‍යාංශයක් වන වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇති රාජකාරී පැහැර හැරීම තුළ, අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නොහැකිව දිගින් දිගටම මහජනතාව පත් වූ අපහසුතා සඳහා මෙම ලේකම්වරිය ඍජුවම වගකිව යුතු බව එම ආයතන වල කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි.
හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරියගේ ක්‍රියාකලාපය පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, කාර්යක්ෂ්ම ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇතත්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් මෙම ලේකම්වරිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වී ඇති බව ද වාර්තා වී ඇත.
අමාත්‍යාංශ ලේකම් ධූරයට හිමි වාහනයට අමතරව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත්වීමෙන් පසුව සභාපතිවරයාට නිල බලයෙන් හිමි වන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයද භද්‍රාණි ජයවර්ධන විසින් භාවිතා කර ඇත. එම ජීප් රථය සඳහා පසුගිය මාසය තුළදී පමණක් ඉන්ධන ලීටර් 435ක් ලබා ගෙන ඇති බවට මෙම ඇය විසින් බිල්පත් ඉදිරිපත් කොට ඇති බවත් , සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම බිල්පත් සඳහා මුදල් ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කර, ගෙවීම් අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි. එසේම මෙම ඉන්ධන භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇත.
Page 326 of 452