V2025

පුවත්

ජාතික රෝහලේ : වෛද්‍ය 27ක්, හෙද 105ක් සහ සුලු සේවක 133කට කොරෝනා !

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සේවකයන් 265කට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව අද (18) පෙරවරුවේ නිකුත් කළ වාර්තාවන්ට අනුව තහවුරු වී ඇති බව මව්රට වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව වෛද්‍යවරුන් 27ක්, හෙදහෙදියන් 105ක් සහ සුලු සේවකයන් 133ක් රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත.

මීට අමරතව රෝගීන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දැනගන්නට තිබෙන බවත් එහි සඳහන් කර ඇත.

හෝමාගම වෛද්‍ය 07 යි හෙද 24 යි !

homagama h 1000pxතවද දෙරණ වෙබ් අඩවිය හෝමාගම රෝහලේ තත්ත්වය වාර්තා කර ඇති අතර ඒ පුවත අනුව හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කර ඇත.

එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පවසා ඇති අතර ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෛත්‍රී සියලු පක්ෂ නායක රැස්වීමක් ඉල්ලයි !

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ හා සාකච්ඡාවක් කැඳවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ  කොව්ඩ් පනත පිළිබඳ පාර්ලිමේන්තු  විවාදයේදි අදහස් දක්වමිනි.

කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන එන්නත්කරණය සහ සංචරණ සීමා යෙදීම මෙන්ම සෑම දෙනාටම සවන් දීම, නම්‍යශීලි වීම වැදගත් බව ද හිටපු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ ය.

වසංගතය පාලනයේදී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ කච්ඡාවක් කැඳවීම වැදගත් බවයි.

සිකුරාදා තෙක් කල් දෙයි : නැත්නම් රජයේ වැඩේ වෘත්තීය සමිති කරයි !

රජය විසින් රට ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දින 14ක ලොක් ඩවුන් කිරීමේ වැඩ වර්ජනයකට වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තා වෙයි.
 
ඊයේ  (17) සවස පුංචි බොරැල්ල රජයේ හෙද නිළධාරීන්ගෙන් සංගම් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත්කෙරින.
 
එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුයේ, බාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක් කර ඇති බවයි.
 
"ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය" නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව ඔහු එහිදී සඳහන් කළේය.
 
සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව අවදාරණය කර සිටි වෘත්තීය සමිති නියෝජිතයින්, විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් යටතේ කලයුතු වැඩ පිළිවලක් සදහාද බල කෙරිණ.
 
ඊට අදාළ  යෝජනා මෙසේය.
 
1. දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කරන්න
 
2. අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කරන්න
 
3.ආසාදිතයින් වෙන් කරන්න.
සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කරන්න
 
 4. රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කරන්න
 
 5. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තබන්න
 
 6.විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම්.කරන්න
 
 7. එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වලක්වන්න.
 
 8.සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් වන්න
 
 9. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්න
 

තවත් මරණ 171ක් !

කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (16) දින තහවුරු කර ඇති අතර ඊට අදාළ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.

මෙම මරණ 171ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,434ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඒ අතර කාන්තාවන් 69 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 102 දෙනෙකුද සිටින අතර වයස අවුරුදු 30 ට අඩු පිරිමි දෙදෙකුද මරණ අතර වෙයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 134 දෙනෙකු සිටියි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

111ලංකාවේ අවධානම - විදෙස්ගත උගතුන් පෙන්වයි !

මේ අතර පසුගිය සතියක් තුළ කොරෝනා ආසාදනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ගෝලීය තත්වය මෙන් පස් ගුණයකටත් අධික බව දත්ත සහිතව පෙන්වා දී තිබේ.

කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ විසින් මෙරටින් නිකුත් කරන නිල දත්ත උපයෝගී කරගෙන සකස් කර තිබෙන වගුවකින් මෙරට තුළ පවතින බියකරු තත්වය හෙළිකර ඇත.

පසුගිය සතියේ මෙරට ජනගහනයෙන් මිලියනයකට 43 දෙනෙකු මිය ගොස් ඇති අතර දෙවෙනි ස්ථානයට පත්ව තිබෙන තායිලන්තයේ ජනගහනයෙන් මිලියනයකට මිය ගොස් ඇත්තේ 18 දෙනෙකි.

222

නව මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න !

පසුගිය ජූලි 09 වෙනි දින ආණ්ඩුව ඉදිරිපත් කරන ලද මුදල් පනතේ 17 වෙනි වගන්තිය මුලුමනින්ම සහ තවත් වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස ජූලි 08 වෙනි දින පත්කරන ලද අතර “මුදල්” යනුවෙන් පමණක් සඳහන් කරමින් නව වෙනි දින මෙම සංශෝධන පනත් කෙටුම් පත ඉදිරිපත් කර තිබිණි.

එයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත සම්මත කර ගත හොත් කලු සල්ලි සුදු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස ලංකාව පත්වන බව මූල්‍ය විශේෂඥයින් විසින් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මෙම කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් මූලික පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාග කර පනතේ වගන්ති අංක 4(1), 5(1), 5(2), 5(3), 5(4), 5(5), 6(1), 7(1), 12(B), 13(1), 14, 20 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ 17 වෙනි වගන්තිය මුලුමනින්ම පටහැනි බව දක්වා තිබේ.

(lanka truth )

ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන්න : ඇමති දැනුම්දෙයි !

ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙසට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන්කර ඇත.

ඒ සිය ට්විටර් පණිවුඩයක් තබමින්ය.

අදාළ ට්වීටර් පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි.

‘තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.’

ude

අමාත්‍යවරයා මේ කියන්නේ, මතුව ඇති ගෑස් , කිරිපිටි පෝළිමට ඉන්ධන පෝලිමකත් එකතුවක් විය හැකිය. එසේ නොවනවා කියා පතනවා හැර වෙන කරන්න දෙයක් ඉතිරිව නැත.

කේසර් වීදියත් : දින 10 කට වහයි !

ආණ්ඩුව රට වැසීමට තීන්දු නොකළත්, කොවිඩ් දැඩි ලෙස පැතිර යාම හේතුවෙන් විවිධ නගර කිහිපයක කඩ සාප්පු එම නගරවල වෙළෙඳ සංගම් තීරණ අනුව වසා දැමීමට තීන්දු කිරීම මේ වන විට විශේෂයෙන් කැපීපෙනෙන සිදුවීමක් බවට පත්ව ඇත.

මෙලෙස කඩ සාප්පු වසා දමා ඇති නගර වන්නේ තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, ගම්පහ සහ මාතලේ යටලවත්ත හැඳින්විය හැකි අතර මේ වන විට කොළඹ පිටකොටුවේ ප්‍රධාන වෙළඳ මාවත්ද වැසීමට වෙළඳ සංගම් සිය නැණ පමණින් තීන්දු කර ඇත.

ඒ අනුව වාර්තා වන්නේ, කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු අද (17) සිට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන ඇති බවය.

කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.

රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා යළිත් රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ, සැකකරුවන් අද(17) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වසන්ත මුදිලිගේ ඇතුළු පිරිස පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේය.

ඩෙල්ටාවේ විකෘතීන් 03ක් මෙරටින් හඳුනාගනී

මේ වනවිට ප්‍රධාන වශයෙන් පැතිර යන ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

පාර්ලිමේන්තුවේ දී අද (17) කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ‘ SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතීන් තුන හඳුනා ගෙන ඇති බවත්, පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා පැතිරයාමේ වේගය 60% ත් 70% ත් මට්ටමක පවතින, ඉහළ රෝග ලක්ෂණ ප්‍රමාණයක් මතු කරන,  ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන ප්‍රභේදයක් බවත් පැවසීය.

ගුරු – විදුහල්පති සංගම් හා අනු කමිටුවේ හමුව අවලංගු කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවට අද(17) පැමිණෙන ලෙස කර තිබූ කැදවීම අවලංගු වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ, අද(17) පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් මීට පෙර දැනුම් දී තිබූ බවය.

කෙසේ වෙතත් අද නොපැමිණෙන ලෙසත්, කමිටුව හමුවට පැමිණීමට හෙට(18 ) දිනයේ අවස්ථාව ලබා දෙන බවත් ඊයේ(16) පස්වරුවේ අමාත්‍ය අනුකමිටුව දැනුම් දුන් බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා පසුගිය 09 වැනිදා අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කෙරිණි .

එහි සමාජිකයින් වන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ය.

මේ අතර, ගුරු – විදුහල්පති විරෝධතාවයට සමගාමීව අද(17) සයිබර් විරෝධතාවක් ආරම්භ කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ  ප්‍රකාශ කළේය .

නව ජනමාධ්‍ය ඇමති ලෙස ඩලස් වැඩ භාර ගනී

නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද(16) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය.

අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර  ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ.

එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මීට පෙර ඩලස් අලහප්පෙරුම  විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

02

05

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස තල්දූව පත් කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව  පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද හොඹවනු ලබයි.

නිහාල් තල්දූව මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළේ ය.

මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසිනි.

P 001

රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා - වෛද්‍ය පද්මා ගුණරත්න 

‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න  ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.

කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න  එසේ පැවසුවාය.

ලංකාදීප

ඇමති ධුර කිහිපයක් සංශෝධනය වෙයි

කැබිනට් අමාත්‍යවරු හත් දෙනකු නව අමාත්‍යාංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව,

01- ජී.එල්. පීරිස් මහතා- විදේශ අමාත්‍ය

02-දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන අමාත්‍ය

03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය- ප්‍රවාහන අමාත්‍ය

04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා- සෞඛ්‍ය අමාත්‍ය

05-ගාමිණි ලොකුගේ මහතා- විදුලිබල අමාත්‍ය

06-ඩලස් අලහප්පෙරුම මහතා-ජනමාධ්‍ය අමාත්‍ය

07-නාමල් රාජපක්ෂ මහතා- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය යන අයුරින් දිවුරුම් දුන්හ.

236831334 3040545896164866 4741127918973952351 n

මරණ 161 ක් : සංචරණ සීමා මෙහෙම නම් දෛනික ආසාදිතයන් 6000 පනියි !

කොරෝනා මරණ 161ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් නිවේදනය කර ඇත.

මෙම මරණ 161 අද (15) නිවේදනය කර ඇත්තේ, ඊයේ (14) දිනට අදාළව වන අතර එකී තහවුරු කිරීමත් සමග සමස්ත මරණ 6000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 6096 දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 83 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 78 දෙනා කාන්තාවන් ය.

මෙම මියගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු කාන්තාවක්ද සිටියි.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 38 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 122 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

d34ecb5e ප් රවෘත්ති නිවේදනය 823 page 001

සංචරණ සීමා මෙහෙම නම් දෛනික ආසාදිතයන් 6000ක් වෙයි !

මේ අතර news 1st වාර්තාවක දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක මට්ටමේ සංචරණ ක්‍රියා පැවැතිය හොත් ලබන මාසය වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 ඉක්මවිය හැකි බව ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් පුරෝකථනය කර ඇති බවයි.

ඔවුන්ට අනුව ඔක්තෝබර් මුල වන විට දෛනිකව වාර්තාවිය හැකි මරණ සංඛ්‍යාව 220 ක් පමණ වනු ඇති.

මේ සම්බන්ධ වැඩිදුර වාර්තාව පහත දැක්වෙයි.

ලබන වසරේ ජනවාරි වන විට කොරෝනා හේතුවෙන් වාර්තාවන මරණ සඛ්‍යාව තිස් දහසක් පමණ විය හැකි බව ද එම විශේෂඥවරු පෙන්වා දෙති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කැඳවන ලද එම විශේෂඥ කමිටු සාකච්ඡාව සඳහා ජාතික මට්ටමේ විශේෂඥයින් 16 දෙනෙකු සහභාගිවී ඇත.

ඒ අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහජන සෞඛ්‍ය විශේෂඥ වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මින් අයත් වෙති.

ඊට අමතරව මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නිලිකා මලවිගේ, මහාචාර්ය කාමනි මෙණ්ඩිස් මහාචාර්ය මනූජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරු ද එම සාකච්ඡාවට එක්ව සිට තිබේ.

දැනට පවතින තත්ත්වය අනුව මෙරට වර්ධනය වන කොවිඩ් 19 තත්ත්වය පවතින්නේ, මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ආසන්න වෙමිනි.

සියලු රෝහල්වල ඇඳන් ධාරිතාව 85 % ඉක්වා ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව 90 % ඉක්මවා තිබේ.

බොහෝ ප්‍රදේශවල PCR පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය පවතින්නේ, 20% ඉක්මවමිනි.

ජුලි 31 වැනිදා වන විට පරීක්ෂණයට ලක්කරන ලද සාම්පලවලින් 60 %ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ.

විශේෂඥයින්ට අනුව මරණ හා දැඩි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකත් තුනත් අතර කාලයක් ගතවනු ඇති.

අගෝස්තු 9 වැනිදා වන විට මෙරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 15 %ට අඩු පිරිසකි.

පවතින වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥයින් කණ්ඩායම නිර්දේශ 6 ක් ඉදිරිපත් කර තිබේ.

මෙහි පළමුවැන්න වන්නේ, අත්‍යවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික්ක අතර ද ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.

එම සංචරණ සීම, කාර්යක්ෂමව ක්‍රියාත්මකට කෙටි කාලසීමාවක් උදෙසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ද විශේෂඥවරුන් නිර්දේශ කර තිබේ.

ඔවුන්ගේ දෙවන නිර්දේශය වන්නේ සති තුනක කාලයක් සඳහා සියලුම මහජන උත්සව සීමා කිරිම හෝ අවලංගු කිරීමයි.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩපණවීමකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සැපයීම තවත් නිර්දේශයකි.

කාර්යක්ෂම සංනිවේදන සැලැස්මක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ද එම නිර්දේශ අතරට අයත් වේ.

භුමියේ සැබෑ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මරණ පිළිබඳ හා ආසාදිතයින් පිළිබඳව නිවැරදිව වාර්තා කිරිමත් නිර්දේශවලට අයත් ය.

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීම හා ඔවුන්ට ෆයිසර්, මොඩානා හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීම සුදුසු බවට ස්වාධීන විශේෂඥයින්ගේ නිර්දේශයයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, දෙවන මාත්‍රාව ලබාදෙන තෙක් යම් පමණකට හෝ ආරක්ෂාවක් එම එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් ලබාගත හැකි බවයි.

නිසි තීන්දු ගැනීම අත්හැරීමෙන් සිය ගණනක් මිය යමින් තිබෙනවා !

"මේ නිශ්චිත මොහොතේ විශේෂඥ කණ්ඩායම් ලබාදෙන නිර්දේශ අනුව ක්‍රියාමාර්ග අද ගත්තත් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ තව දින 10කට පමණ පසුව මරණ අඩුවීමෙනුයි. මෙතෙක් නිසි තීන්දු ගැනීම අත්හැරීමෙන් සිය ගණනක් මිය යමින් තිබෙනවා." යැයි ජනතා විමුති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

"කොවිඞ් වසංගතය ඇතිවූ පසුව එහි දරුණුතම ව්‍යසන අවදියට අපේ රට මුහුණ දී තිබෙනවා. මේ තත්වය පිළිබඳව පාලකයන් විසින් නිසි තක්සේරුවකින් යුතුව තීන්දු-තීරණ සහ ක්‍රියාමාර්ග නොගන්නා බව තහවුරු වී තිබෙනවා. මේ නිසා පවතින තත්වය සමාජයට හෙළිදරව් කරමින් ජනතාව මේ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්දීමට අදාළ මාධ්‍ය හමුව පවත්වන බවත් ඔහු පැවසීය.

මේ එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්ය.

මේ ව්‍යසනය දරුණු වී තිබෙන තරම සිකුරාදා (13) දිනයේ දත්තවලට අනුව සෑම මිනිත්තු 09කටම වරක් අපේ ආදරණීයයන් මියයමින් තිබෙනවා. දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවමින් වාර්තා වෙනවා. මෙය දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් 05% ඉක්මවන තත්වයක්. භයානක ලෙස මෙම වෛසරය පැතිරුණු රටවල් හා සංසන්දනය කරන විට ඉතාමත්ම භයානක තත්වයක්. ආසාදිතයින් දෛනිකව 3,000 ඉක්මවූ ප්‍රමාණක් වාර්තා වෙනවා. අපේ රෝහල් පද්ධතියෙන් හරි අඩක් කොවිඞ් මර්දනය සඳහා යොදා ගන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තත් රෝගීන්ට ප්‍රමාණවත් නොවන රෝහල් පද්ධතියක් තියෙන්නේ. 50%ක් කොවිඞ් සඳහා පමණක්ම යෙදවීමෙන් නොනැවතී මුළු රෝහල් පද්ධතියම කොවිඞ් සඳහා යොදා ගැනීමට සිදුවීමේ අනතුරක් තියෙනවා. විශේෂයෙන්ම නිව්මෝනියා තත්වයේදී පාවිච්චි කරන ‘ටොෆිලිසුමැබ්’ කියන ඖෂධය කොළඹ ජාතික රෝහල තුළ හිඟ වී තිබෙනවා. සමස්තයක් හැටියට ඖෂධ හිඟයක් පවතිනවා.

උපරිම වශයෙන් 30,000 දක්වා මරණ සිදුවිය හැකි බව වාර්තා කර තිබෙනවා : වෛද්‍ය විශේෂඥයන් රට වහන්න කියනවා !

ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් ආසාදනයට ගොදුරු වී තිබෙනවා. එක පැත්තකින් රෝහල් ධාරිතාව 50%ක් කොවිඞ්වලට වෙන් කිරීම, ඖෂධ හිඟය සහ කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම කඩා වැටීමේ අනතුරකට අපේ රට මුහුණ දී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විශාල ප්‍රමාණයක් රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ නිසා සෑම පැත්තකින්ම වාර්තා වී තිබෙන්නේ අපේ රටේ ජනතාව අනතුරට පත්වී තිබෙන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි පුරෝකථන අනුව සැප්තැම්බර් මාසයේ සිට දෛනික මරණ සංඛ්‍යාව 220 ඉක්මවන බවත් දෙසැම්බර් මස අවසන් වන විට අවම වශයෙන් 15,000 සිට උපරිම වශයෙන් 30,000 දක්වා මරණ සිදුවිය හැකි බව වාර්තා කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම පුරෝකථනයන් සකස් කළේ අපේ රටේ පබා පලිහවඩන ඇතුළු ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම් එකතුවකින්. මෙයින් පෙන්වන දිශාවන් වඩාත් බිහිසුණු බවට අනතුරු අඟවා තිබෙනවා. වගකීම් දරන සියලු ආයතන ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පද්මා ගුණරත්න මැතිතුමිය මෙහි තිබෙන මාරාන්තික ස්වභාවය අනුව අවම වශයෙන් ඇඳිරි නීති ක්‍රියාමාර්ගයකට යා යුතු බව දැක්වූවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්රුවන් ප්‍රනාන්දු රට වැසිය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කළා නම් විශාල මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකිව තිබූ බව ප්‍රකාශ කළා.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහත්මයා ප්‍රකාශ කර තිබුණේ දැන් රට වැහුවත් තව දින 10-12ක් යන තෙක් මේ සිදුවන මරණ වළක්වා ගත නොහැකි බවයි. නමුත් ඊට පසුව සිදුවන මරණ වළක්වා ගැනීම සඳහා රට වැසීමට සූදානම් නැත්නම් සති දෙකකට ආහාර සූදානම් කරගෙන තමන් විසින්ම නිරෝධායනයට ලක්වන ලෙස ඔහු ඉල්ලා සිටියා. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් මහත්මයා ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව රජය දැනුවත් කර ඇති බව සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දී ඇති බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට හෙළි කළේ රජය අදාළ තීන්දු-තීරණ ගත යුතු බවයි. වෙනත් අය තීන්දු ගන්නා බැවින් ජනතාවගේ ආරක්‍ෂාවට වගකියන්න කිසිවෙක් නැති බව ඇය ඇඟවීම් කර තිබෙනවා. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන්න සූදානම් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එය වැළැක්වූ බව සඳහන් වෙනවා. අවශ්‍ය නම් වෛද්‍යවරුන්ට ජනාධිපතිවරයාව මුණ ගැසෙන ලෙසටත් දන්වා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා හාමුදුරුවන් වහන්සේ නමක් හමුවූ අවස්ථාවේ සංචරණ සීමාවලින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය වී තිබෙන බව ප්‍රකාශ කර තිබුණා. කොවිඞ් මර්දනය පිළිබඳ අමාත්‍යතුමිය, සෞඛ්‍ය අමාත්‍යතුමිය, වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ සියලු සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය යන සියලු දෙනා අනතුරුදායක තත්වයේ බරපතළකම දක්වමින් රට වසා දැමිය යුතු බවට ප්‍රකාශ කර තිබුණා. මේ ක්‍ෂේත්‍රය පිළිබඳ අවබෝධය තිබෙන අයගේ මතය වෙනුවට ජනාධිපතිවරයා විශ්වාසය තබන්නේ රාජ්‍ය බුද්ධි සේවාව ලබාදෙන තොරතුරු මත පමණයි.

රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙන වසංගතයට පළාත් අතර සංචරණ සීමා පනවනවා !

පසුගියදා කොවිඞ් මර්දන කාර්යසාධක බලකාය රැස්වුණු අවස්ථාවේ දැඩි සංචරණ සීමා පනවන්න තීරණ ගනියි කියලා මාධ්‍ය ඇතුළු සියලු දෙනා බලාපොරොත්තු වුණා. නමුත් ඔහු ගත්තේ පවතින තත්වය මර්දනය කිරීමට කිසි සේත් ප්‍රමාණවත් තීරණ නෙවෙයි. ජනාධිපතිවරයාගේ කාර්යසාධක බලකාය එක් අවස්ථාවක මංගල උත්සව සඳහා 150ක උපරිම සීමාවක් පනවනවා. ඊළඟ තීරණයක් බවට 50 දක්වා අඩු කරනවා. අනෙක් පැත්තෙන් පළාත් අතර සීමා පනවනවා. රට පුරා ව්‍යාප්ත වෙමින් තියෙන වසංගතයට පළාත් අතර සංචරණ සීමා පනවනවා. ඊළඟට එන්නත්කරණය නොකරන අය සැප්තැම්බර් 15න් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට නොයා යුතු බවට සීමා පනවනවා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතුයි. ජනතාව එන්නත්කරණය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ආණ්ඩු විසින් නිර්දේශ කරන ඖෂධ පොරකමින් ලබාගන්න සූදානමින් සිටිනවා. දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි ධම්මික පැණිය හඳුන්වා දෙන විට ජනතාව රැස් කකා ඒ පසුපස ගියා. රාජ්‍ය අනුග්‍රහය සහිතව ප්‍රචාරය කළ නිසා ජනතාව මෙලෙස හැසිරුණා. අයි.ටී.එන් නාලිකාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් රාවණා පැණිය හඳුන්වා දුන් විට ඒ පිටුපස ගියා. චන්න ජයසුමන ඇමතිවරයා සුදර්ශන පැණිය නිර්දේශ කළාම ජනතාව ඒ පිටුපස ගියා. ඉතාමත්ම ප්‍රමාද වෙලා එන්නත් ගෙනාවාම ජනතාව ඒ පිටුපස රැස්කමින් ගියා. හැබැයි ආණ්ඩුව නිසි වේලාවට එන්නත් ලබාදුන්නේ නැහැ.

මේ වනවිට එන්නත් ලබාදෙන තැන්වල ජනතාව පැය 6-7 පෝලිමේ ඉන්නවා. ඒ නිසා ජනතාව එන්නත් ලබාගැනීම ප්‍රතික්‍ෂේප නොකරන බව ජනාධිපතිවරයාත් හමුදාපතිවරයාත් දැනගත යුතුයි. මේ වනවිට ලැබෙන වාර්තා අනුව මියයන 75%කට වඩා වයස අවුරුදු 60කට වැඩි අය. මේ තත්වය සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය එක් එක් රටවල එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළක් සකස් කර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට මාර්ගෝපදේශනයන් ලබාදුන්නා. ඒ අනුව අපේ රටේ විශේෂඥවරුන් එකතුවී අපේ රටේ ජාතික වැඩපිළිවෙළ සකස් කර ලෝක සෞඛ්‍ය සංවිධානයට බාරදුන්නා.

අනාගතය පුරෝකථනය කළ හැකි නිවැරදි දත්ත සහ තොරතුරු විකෘති කරමින් සිටිනවා !

ඒ අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රමුඛ කරගත යුතුයි. ඊළඟට විවිධ සංකූලතාවලින් පෙළෙන අය සහ අවුරුදු 60ට වැඩි පුරවැසියන්. නමුත් මේ වැඩපිළිවෙළ සහ විශේෂඥයන්ගේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කර ආණ්ඩුව අවුරුදු 30-60 අතර අයට මුලින් එන්නත් ලබාදෙන්න ක්‍රියා කළා. මේ සඳහා නිර්දේශ ලබාදුන්නේ කවුද කියලා අපි දැනගන්න කැමතියි. මේ වෙනස් කිරීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියවත් දැනගෙන හිටියේ නැහැ. අද එන්නත්කරණයේ පවා විකෘතිභාවයන් ඇතිකරන ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අතර ජනාධිපතිවරයා තමන්ගේ ලේකම් කාර්යාලයේ සේවකයන් කැඳවීම සීමා කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් විශේෂඥයන්ගේ නිර්දේශ පැත්තකට දමා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉතාමත්ම මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා. අනාගතය පුරෝකථනය කළ හැකි නිවැරදි දත්ත සහ තොරතුරු විකෘති කරමින් සිටිනවා. මරණ පිළිබඳව, ආසාදිතයන් පිළිබඳව ඉදිරිපත් කරන දත්ත මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නේ නැහැ. බරපතළම දේ මේ දත්ත මත ඉදිරිපත් කරන පුරෝකථන වැරදි වීමයි. අද දිනකට 150කට වැඩිය මියයන්නේ මේ නිසයි.

කොවිඞ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා දෛනික මරණ සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට වාර්තා කොට තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතාමත් භයානක තොරතුරක් හෙළිවුණා. අගෝසතු 01 සිට 09වැනිදා දක්වා ආසාධිතයන් 12,555 වාර්තා වූ බව සෞඛ්‍ය අංශ දන්වා තිබුණා. නමුත් රජයේ නිල ලේඛනවල හෙළිකර තිබෙන්නේ ආසාධිතයින් 3529ක් පමණයි. රෝගීන් 8,326ක් අවසන් වාර්තාවලට අරගෙන නැහැ. මෙය නිල වාර්තාව මෙන් තුන් ගුණයක පිරිසක්. මේ තත්වය බදුල්ල දිස්ත්‍රික්කයෙන් සහ නැගෙනහිර ප්‍රදේශවලින්ද වාර්තා වුණා. දත්ත තොරතුරු සඟවලා ව්‍යසනයෙන් ගැලවෙන්න ජනාධිතිවරයා හිතනවාද කියලා අපි දැනගන්න කැමතියි. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්ම ප්‍රකාශ කර තිබුණා, මාරාන්තික දත්ත විකෘති කිරීමක් තිබෙන බව. මේ නිසා අවදානම පිළිබඳව ජනතාවගේ අවධානය ගිලිහෙනවා.

මේ රටේ පුරවැසියන්, සෞඛ්‍ය සංවිධාන, විශේෂඥ සංවිධාන යන කිසිවෙක් ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගවලට එකඟ නොවන බව පැහැදිලියි. සමහර විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පවා එකඟ නොවන බව පැහැදිලියි. හමුදාපතිවරයා සමඟ තනි පුද්ගලයෙක් අපේ රටේ මුළු පුරවැසියන්ගේ ජීවිත අවදානමකට හෙළමින් මාරාන්තික ක්‍රීඩාවක යෙදී සිටිනවා. මේ රටේ පුරවැසියන් ඡන්දය දී පාලකයා බවට ජනාධිපතිවරයා පත්කගෙන තිබෙනවා. ඒකෙන් ජනතාවගේ ජීවිතය කඩදාසියක අත්සන් කොට තමන්ට ලබාදී ඇති බවක් ජනාධිපතිවරයා නොසිතිය යුතුයි.

වසංගතයෙන් එක මරණයක් හෝ සිදුවීමෙන් ඔවුන්ගේ පවුල්වලට, ඥාතීන්ට, සමීපතමයන්ට කෙතරම් බලපෑමක් ඇති කරනවාද? සාමාන්‍ය මරණයකදී පවා දැඩි කම්පාවකට පත්වෙනවා. එයින් මිදීම සඳහා ක්‍රමානුකූලව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාමාර්ගවලින් ආධාරයක් ලබාගන්නවා. නමුත් අවුරුදු 30-40ක් තමන්ව බලාගත් මව මිය ගියත් ආදාහනය කළ තැනවත් දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්, බිරිඳ ඇතුළු අනෙක් පිරිස ගැනත් ඒ ආකාරයෙන්මයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළා නම් මේ අයගෙන් 80%ක් බේරා ගත හැකිව තිබූ බව ඔවුන් කියනවා. එහෙම නම් මේ 80%ක් මරණ සිදුවන්නේ ඝාතනවලින්. ඒ ඝාතනවලට ජනාධිපතිවරයා වගකිව යුතුයි. මේ ව්‍යසනය හමුවේ ජනාධිපතිවරයා ක්‍රියාකළ ආකාර කිහිපයක් තිබෙනවා. නිවැරදි තීන්දුව නිසි වෙලාවේදී ගත්තේ නැහැ. 20වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් රට විවෘතව තැබීම, පෝට් සිටි පනත සම්මත කර ගැනීම දක්වා රට විවෘතව තැබීම, මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය අප්‍රේල් මාසය වනවිට රටට ඇතුළත් වීමේ අනතුර පෙන්වා දී තිබියෙදී නිසි තීන්දු නොගැනීම වගේ ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා. මේ නිශ්චිත මොහොතේ විශේෂඥ කණ්ඩායම් ලබාදෙන නිර්දේශ අනුව ක්‍රියාමාර්ග අද ගත්තත් එයින් ප්‍රතිඵල ලැබෙන්නේ තව දින 10කට පමණ පසුව මරණ අඩුවීමෙනුයි. මෙතෙක් නිසි තීන්දු ගැනීම අත්හැරීමෙන් සිය ගණනක් මිය යමින් තිබෙනවා. මෙම මරණ ඝාතනයන් නොවන්නේද? ඒ පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට නොපැවරෙන්නේද? මේ සමූහ මිනිස් ඝාතනයන් පිළිබඳ වගකීම ජනාධිපතිවරයාට මිදෙන්න බැහැ.

නොදන්නා බවේ නොදන්නාකම !

මෙය ආණ්ඩුවේ සාමූහික තීන්දු ගැනීමක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ උද්දච්ච තීන්දුවල ප්‍රතිඵලයක්. ඔබ නිහතමානී නැහැ. අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. හිට්ලර්ගේ අවසාන පරාජයේදී සේනාංක භාරව සිටි නිලධාරීන් සේනාංක බිඳ වැටෙන බව වාර්තා කරනකොට ඒ කිසිවකට ඇහුම්කන් දෙන්න හිට්ලර්ගේ මනස සූදානම් වුණේ නැහැ. හිට්ලර් කැමති වුණේ ඔහුට කැමති ප්‍රකාශවලට සවන් දෙන්න විතරයි. අකමැති ප්‍රකාශ කරන අය එළවා දමනවා. කැබිනට් මණ්ඩලයේදී පවිත්‍රාව නිහඬ කළෙත් ඒ විදිහට. අද ජනාධිපතිවරයා ඉදිරියේ කිසිම නිලධාරියෙක් තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තමයි නොදන්නා බවේ නොදන්නාකම. ජනාධිපතිවරයාට මේ ව්‍යසනයේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ නිශ්චිත මොහොතේ රටේ පාලකයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා. 20වැනි සංශෝධනය සම්මත කරගැනීම මගින් ඒකාධිකාරී බල ව්‍යුහයක් අත්පත් කරගත්තා. අද ඒවා උපයෝගී කරගෙන තිබෙන්නේ ජනතාව මරණයෙන් බේරා ගන්න නෙවෙයි. ජනතාව මරණයේ දිශාවට තල්ලු කිරීමට ඒ බලතල සියල්ල උපයෝගී කරගෙන තිබෙනවා. මේ රටේ පුරවැසින්ගේ ජීවිත පිළිබඳව ජනාධිපතිවරයා තවදුරටත් වගකීමක් දරන කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුටම ආවේණික කෙනෙක් වී සිහින ලෝකයක ජීවත් වෙනවා. රටේ සිදුවන මහා ව්‍යසනය ඔහුට ඇහෙන්නේ නැහැ.

මේ නිසා එහි ප්‍රතිවිපාක මේ රටේ පුරවැසියන් අත්විඳිමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගෙන් අප පක්‍ෂයක් විදිහට ඉල්ලන්නේ, ඔබගේ ආරක්‍ෂාව මේ පාලකයාගෙන් හෝ මේ පාලනයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දෛනිකව සිය ගණනක් මිය යමින් තිබියදී පාලකයෙකුට මේ ලෙස ඉන්න පුළුවන් නම් ඔහු කොතරම් මුග්ධ, තෙතමනයක් නැති පාලකයෙක්ද? දැන් පුරවැසියන් තමන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පසුගිය දවස්වල අම්බලන්තොට ඇතුළු නගර ගණනාවක් ස්වේච්ඡාවෙන් වසා දැමුවා. මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමය මේ ලෙසම ජනතාවගේ ආරක්‍ෂාව ඔවුන්ම සලසා ගන්නා ලෙස ඉල්ලා සිටියා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමියත් මේ ඉල්ලීම කළා. තමන් වෙනුවෙන්, තමන්ගේ පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්, ඥාතීන් සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ආරක්‍ෂා වීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටිනවා. රජයේ සේවකයන් සේවයට කැඳවූවත් නොයන ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ ජීවිකාවට රස්සාව කළ යුතු බව ඇත්ත. නමුත් ඔබේ ජීවිතය කියන්නෙ රස්සාව නෙවෙයි. සෑම පුරවැසියෙක්ම ස්වේච්චාවෙන් අගුළු දමා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ව්‍යසනයේ ගොදුරු බවට කිසිවෙකුත් පත් වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඉල්ලා සිටිනවා. සුනාමි ව්‍යසනයේදී 45,000ක් පමණ අහිමි වුණු ජාතියක් අපි. මේ රටේ පාලකයාගේ අමනෝඥ ක්‍රියාමාර්ග නිසා පුරවැසියන් මිය යා යුතුද කියන ප්‍රශ්නය අහනවා.

අපි තව දුරටත් අවධාරණය කරන්නේ ඔබ ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ ඔබගේ ආරක්‍ෂාව ප්‍රමුඛ කොට ගන්න. එහිදී යම් අපහසුතාවයකට පත් වෙනවා නම් දේශපාලන පක්‍ෂයක් හැටියට යම් සහනයක් වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න තිබෙනවා නම් අපි ඒ වෙනුවෙන් සූදානම්. මේ රටේ මිනිස්සුන් ඇති තරම් කඳුළු හලා තිබෙනවා. මේ මහ පොළොව ඇති තරම් ලේවලින් තෙත් වී තිබෙනවා. අපේ පරම්පරාවේ මිනිස්සු මෙම ජනාධිපතිවරයාගේ තකතීරු තීන්දුවල ගොදුරු බවට පත් නොවිය යුතුයි. ඒ නිසා ඔබගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔබට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. අනෙක් අයටත් මේ පණිවුඩය කියන්න. ජනතාවක් හැටියට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට සාමූහික තීරණයකට එළඹෙමු. තනි තනිව ආරක්‍ෂා වීමේ විධිවිධාන උපරිමයෙන් යොදා ගනිමු.

සෑම දිනකම රාත්‍රී 10 සිට 4 තෙක් ඇඳිරි නීතිය පැනවේ

හෙට සිට රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා සෑම දිනකදීම දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි.

අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය .

දෛනික මරණ ඉහළට : විවාහ උත්සව තහනම් !

පනවා ඇති සංචරණ සීමා නැවත වතාවක් සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙන බව නිවේදනය කර ඇත.

අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවාස වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙන බවත් එහි සඳහන් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වෙයි.

11

මරණ 160 යි !

මේ වන විට දිනපතා මෙරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. පසුගිය 13 වනදාට අදාළව ඊයේ (14) තහවුරු කල කොවිඩ් මරණ 160කි.

මෙය දිනක් තුල වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

එම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ (14) තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 73 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු ද සිටින බවද වාර්තා වේ.

Page 359 of 384