V2025

පුවත්

විරෝධතාවයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස්= අද(01) අලුයම 5.00ට ඉවත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජනාධිපතිගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැගිරිවත්ත පාර අසල ඊයේ රෑ දැඩි විරෝධතාවක් පැවැත්විය.
=
ඒ, රට තුළ පවතින විදුලිය, ගෑස් , ඩීසල් ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලමින් ය.

හෙටත් පැය 12ක විදුලි කප්පාදුවක් !

හෙට (01) පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, A,B,C,D,E,F කාණ්ඩවලට පෙ.ව 4.00 සිට පෙ.ව 6.00 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර, G,H,I,J,K,L කාණ්ඩයට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 4 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

P,Q,R,S කාණ්ඩවලට පෙ.ව 4 සිට පෙ.ව 6 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.හෙට (01) පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, A,B,C,D,E,F කාණ්ඩවලට පෙ.ව 4.00 සිට පෙ.ව 6.00 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර, G,H,I,J,K,L කාණ්ඩයට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 4 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

P,Q,R,S කාණ්ඩවලට පෙ.ව 4 සිට පෙ.ව 6 අතර පැය 2ක්, පෙ.ව 8 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරේ.

ඉන්දීය තෙල් නැව ආවහම : කප්පාදුවේ අඩුවක් !

අනිද්දා 02 දිනයේදී ඉන්දීය ණය ගිවිසුම හරහා ලැබෙන තවත් ඩීසල් නෞකාව පැමිණි පසු විදුලිය කප්පාදු කිරීමේ පැය ප්‍රමාණය අඩු කළ හැකි බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත.

අද (31) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ බව සඳහන් කර ඇත.

මේ වන විට මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇති බවත් අමාත්‍යවරිය පවසා ඇත.

එසේම සොබාදනවී LNG විදුලි බලාගාරයෙන් 2023 වසරේදී මෙගා වොට් 200 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ප්‍රදේශවල විදුලිය ලැබෙන රැහැන්වලට සම්බන්ධව ඇති නිවාස ඇතුළු අනෙකුත් ස්ථානවල විදුලිය, භූමියට ගොස් විසන්ධි කිරීමේ නව වැඩපිළිවෙළක්ද ආරම්භ කරන ලෙස අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් දී ඇති බවත් එහිදී සඳහන් විය.

ෂර්මිලා රාජපක්ෂ යයි : තිලක් ප්‍රේමකාන්ත එයි !

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ ෂර්මිල් රාජපක්ෂ එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඇයගෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා තිලක් ප්‍රේමකාන්ත පත් කර තිබේ.

තිලක් ප්‍රේමකාන්ත , අතිරේක වනසංරක්ෂණ ජනරාල් වරයා ලෙස කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

අප්‍රේල් 03 වැඩේ ගැන ජවිපෙන් නිවේදනයක් !

අප්‍රේල් 03 වනදා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ස්වාධීන ලෙස සූදානම් කර ඇති අසංවිධානාත්මක විරෝධතාවය ප්‍රවේසම් සහිතව සිදුකළ යුක්තක් බව අවධාරණය කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එය පහත දැක්වෙයි.

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31

මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්න යෝජනාවක් !

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

 ඊයේ (30) කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අළුතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.

 "මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගනිපු සියළු තීරණ වැරදියි. මේ විනාශයට ඔවුන්ද වගකිව යුතුයි. විශ්වාස බිඳවැටුණු විට වෙළෙඳපොළවල් හිරවෙනවා. නවතිනවා. මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ නිසා, මේ ආණ්ඩුවට තවදුරටත් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. මේක විශ්වාසයේ අර්බුදයක්."

 මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ සැබෑ වුවමනාවක් නොපෙ⁣නෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස්කළ ලිපිය පෙන්වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කළේය.

 එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලු වලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවෙකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවයි.

ප්‍රේමලාල් නිදහස් !

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද (31) අභියාචනාධිකරණය මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කර ඇත.

2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්‍රචාරක රැලියක් අතරතුර වෙඩිතබා ඝාතනය කලේ යයි මෙම පිරිසට මරණීය දණ්ඩනය නියම කර තිබිණ.

පැය 13ක විදුලි කප්පාදුවක් !

මාර්තු 31 එනම් හෙට දිනයේ පැය 13ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ සඳහා අවසර ලබා දී තිබේ.

රට පුරා මෙම කප්පාදුව සිදු කරන්නේ අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදීය.

ABCDEF කලාප -

 අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක්
මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක්
පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක්

GHIJKL කලාප -

 මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්
උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්
පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

 PQRS කලාප -

 අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක්
මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක්
පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක්

TUVW කලාප -

මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්
උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්
පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක්

MNOXYZ යන කලාප -

 අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා පැය 3යි මිනිත්තු 30ක්
පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක්

යල කන්නයට රසායනික පොහොර ඉල්ලා : බැසිල්ගේ ගෝලයා ගෝඨාගේ ඇමතිට ලියයි !

යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත .

අදාළ ලිපියේ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ , සක්‍රීය ගොවි ජනතාවක් වෙසෙන දඹුල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් තමා මෙම ඉල්ලීම වගකීමෙන් කරන බවය.

තමා පොහොර ගැටලුව කෘෂිකර්ම කාරක සභාවේ දී මෙන්ම අවස්ථා ගණනාවකදීම ද ඉදිරිපත් කර ඇතැයි ද , මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එහි සඳහන් කර ඇත.

බැසිල්ගේ ගෝලයාගෙන් ගෝඨාභය ගේ ගෝලයාට !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අදාළ ලිපිය බැසිල් රාජපක්ෂ ගේ ගෝලයන් වෙතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගේ ගෝල අමාත්‍යවරයා වෙත යවනු ලැබුවක් බවයි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා විසින් මහින්දානන්ද අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

image 360a171e01

පැය 10යේ විදුලි කප්පාදුව සාමාන්‍ය ජනතාවට විතරයි : ස්ථාන 191කට කප්පාදුවක් නෑ !

පැය 10ක විදුලි කප්පාදුවක් අද (30) සිට ක්‍රියාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන නමුත් , ඊට ආවරණය නොවන ස්ථාන අතරට ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය ද ඇතුළත් වී තිබේ.

එම ස්ථාන ඇතුළුව දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විදුලි කප්පාදුව නිදහස් කරන ප්‍රදේශ ලැයිස්තුවේ මේ බව සඳහන් වෙයි.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ අද සිට විදුලි බිල්පත් නොගෙවන ජනජනතාවට විදුලි විසන්ධිය ආරම්භ කර ඇති බවය.

කෙසේවෙතත් රුපියල් කෝටියකට අධික විදුලි බිල් පවා ගෙවීම් පැහැර හැර ඇති ඇමතිවරු, ලක්ෂ ගණනින් විදුලි බිල් නොගෙවූ මන්ත්‍රීවරු පිළිබඳ පසුගිය දිනවල විටින් විට වාර්තා විය.

හෙට දිනයේදී විදුලි කප්පාදුව නොකරන ස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

 

තෙල් බෙදීමේ අවුලක් ඇත්නම් ලොකුගේට කියන්න : දු:ක අංකය මෙන්න !

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කර ඇත.

ලබන සතිය වන විට තෙල් ප්‍රශ්නයට විසදුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ඒ අනුව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ දුරකථන අංකය පහත දැක්වෙයි.

මෙම අංකය ඇතුළත් පුවත මෙරට ප්‍රධාන ධාරාවේ පුවත්පතක් මෙන්ම දැඩි ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ හී උදෑසන පත්තර වැඩසටහන හරහා ද ප්‍රසිද්ධ කර ඇත.

☎️077-7414241

ඉන්ධන පිපාසය නාමල්ගේ මග හරස් කරලා !

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද 30 බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ, බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමට පැමිණීමට බාධාවක් සිදුව ඇත.

වාර්තා වන ආකාරයට ජනතා විරෝධය මධ්‍යයේ ඇමතිවරයා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ නැත.

මෙම විරෝධය විසුරුවා හැරීමට පොලිසිය මැදිහත්වීමක් සිදුකළ බවත් වාර්තා වෙයි.

ඇමති රෝහිතගෙන් රත්තරන් අනාවරණයක් !

අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කිසිවකු පවසන්නේ නම් එය අමූලික බොරුවක් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

මේ වන විටත් රටට අවශ්‍ය ඉන්ධන මෙරටට නෞකා පැමිණ තෙල් ගොඩ බා අවසන් කර ඇති බවත් තවත් ඇනවුම් කරන ලද නෞකා එමින් සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

ඩීසල් ඉවරයි : පෝලිමේ නොයිඳ ගෙදර යන්න - සිපෙට්කෝ

කෙසේ වුවත් සැලසුම් කර තිබූ පරිදි ඩීසල් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වී ඇති බවත් එනිසා 30-31 එනම් අද හා හෙට ඩීසල් ගැනිම සදහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දන්වා ඇත.

එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා උවමනා කරන ඩීසල් අඛණ්ඩව සපයන බවද සංස්ථාව පවසයි.

නමුත් පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවද සංස්ථාව තව දුරටත් පැවසීය.

 

ගම්මන්පිලට අමාත්‍ය ධූරය අහිමිවූ හේතුව එළියට !

"ඇමරිකාවේ නිව්පෝට්‍රස් එනජි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර එල් එන් ජී සැපයුම සම්බන්ධයෙන් වන ගිවිසුමේ දී එම සමාගමට ඒ සඳහා බලපත්‍රයක් බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතු බවත් තමන් බලශක්ති අමාත්‍ය ධූරයේ සිටින තාක් එම බලපත්‍රයට අත්සන් නොතබන බැවින් තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එය ප්‍රබලව බලපෑ බව හිටපු බලශක්ති අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමග සජීවී සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමාව අඅමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට හේතුව වූයේ “ මුළු රටම හරි මගට” වැඩසටහන නොවන බවත්ය.

1955 පටන්ගෙන 1977 වසරේ සිට තීව්‍ර කළ ණයට කෑමේ සංස්කෘතිය රට අද මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව බවත් ඔහු පැවසීය.

එසේම වත්මන් පාලනය මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබියදී ඒ සඳහා ගත යුතු පියවර නොගෙන අර්බුදය තවදුරටත් තීවුර වීමට ඉඩ හැරිය බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ඇමරිකාවේ එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා ගැනත් අදහස් දැක්වීය.

ඇමති කතා බයිලා විතරයි : විදුලි කප්පාදුව ඉස්මුරුත්තාවට !

මාර්තු 30 වනදා සමස්තයක් ලෙස ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.

ඊට අනුව "A’ සිට ‘Z’ දක්වා කලාප 26 ටම පළමු වරට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ.

‘ඒ’ සිට ‘එස්’ කලාප 20 ට පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී දක්වා කාලය තුළ පැය 10 ක් ද, එම්, එන්, ඕ, එක්ස්, වයි සහ ඉසෙඩ් යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව පැය 10 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද 30 වනදා විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

 

රනිල්ගේ සටන ඵල දරයි : IMF වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 25වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙයි .

එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බවත් දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ 04වන වගන්තිය යටතේ 2021 වර්ෂය සදහා ඉදිරිපත් කරනු ලැබූ එම වාර්තාව පිටු 95කින් සමන්විතය. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති අභියෝග, ඊට හේතු වූ කරුණු සහ ආර්ථිකය යළි ගොඩනැගීම සදහා යෝජනා එම වාර්තවේ ඇතුළත් වෙයි.

රනිල්ගේ ඉල්ලීම ඵල දරයි !

IMF වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම විපක්ෂය වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාරයක් නොදක්වා මඟහැර සිටින ප්‍රතිපත්තියක සිටි බව දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.

එහෙත් පසුගිය 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් සිදුකළ අතර එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග වචන හුවමාරුවක් ද සිදුවිය.

දේශපාලන විචාරකයන් පවසන්නේ ඊට ලැබුණු මාධ්‍ය අවධානය හේතුවෙන් මෙන්ම අදාළ වාර්තාව ප්‍රසිද්ධ නොකර බැරි තැනකට පත්වූ බවයි.

එසේම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එම වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබූ බවත් , කෙසේ වුවත් සර්ව පාක්ෂික සමුළුවේ අවස්ථාව මේ ආකාරයට පාර්ලිමේන්තුව වෙනුවෙන් තහවුරු කර ගැනීමට හැකිවීම වැදගත් සිදුවීමක් බවත් විචාරක මතය වී තිබේ.

 

රට ගොඩනගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ 05 මෙන්න !

මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා නිර්දේශ පහක් ඉන් ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට අදාල මෙම වාර්තාව උපදේශන වාර්තාවක් ලෙස සැලකේ. සෑම වර්ෂයකම නිකුත්කෙරෙන මෙම වාර්තාව රටේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැක්මකි.

තාක්ෂණික සහායක් ලෙස ලබා දෙන මෙම වාර්තාව පිළිගන්නේ ද නැද්ද යන්න රටට ඇති අයිතියකි. එය ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න ද ශ්‍රී ලංකාව විසින් ගත යුතු තීරණයකි.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මෙම වාර්තාව පදනම්කරගෙන දැඩි තීරණ ගතයුතු බව යි.

IMF හතරවන වගන්තියේ ක්‍රියාවලිය:

2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ, ආයතන සහ පුද්ගලයින් සමග සාකච්ඡා පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිලිකිරීම් ඉල්ලා සිටීම

හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළකිරීම

විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම

හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව ජනාධිපති දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම

ශ්‍රී ලංකා බලධාරීන් එම වාර්තාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර එකඟ වීමෙන් අනතුරුව අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම

අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම

මූලික ගැටලු

පූර්ව වසංගත සමයේ රාජ්‍ය බදු කප්පාදුව සහ COVID-19 බලපෑම 2020 සහ 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා විශාල මූල්‍ය හිඟයක් ඇති කිරීමට හේතු වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

2021 දී රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවීම ද කැපී පෙනෙන කරුණක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත.

2020 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් සඳහා ප්‍රවේශය අහිමි වූ අතර එය ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත වැටීමට හේතු වූ බව ද එම අරමුදල පෙන්වා දෙන කාරණයකි.

IMF නිර්දේශ

සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය

උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම - ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය

ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම - විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)

IMF අධ්‍යක්ෂ මණ්ඩල තක්සේරුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය තක්සේරුකර ඇති ආකාරයට, දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය, පහළ බැස ඇති ජාත්‍යන්තර සංචිත, සහ ඉදිරි වසරවල අඛණ්ඩව ඉහළ යන විශාල මූල්‍ය අවශ්‍යතා ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ලෙස දක්වා ඇත.

මේ පසුබිම තුළ සාර්ව ආර්ථිකය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය මෙන්ම ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ධරිද්‍රතාවය අඩු කිරීම පිළිබඳව දජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව බදු අනුපාත වැඩිකිරීම් සහ බදු පදනම් පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා වැට් සහ ආදායම් බදු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුබව නිර්දේශ කර ඇත.

මෙය සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, අවශ්‍යවන ආසන්න හා මධ්‍ය කාලීන යන දෙකම ආවරණය වන පරිදි විශ්වසනීය සහ සුසංයෝගී උපායමාර්ගයක් ක්‍රියාවට නැංවීම අදහස් කරයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගේ මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සමග මූල්‍ය ගැලපුම් සිදුකළ යුතු බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශකර ඇත.

ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF අධ්‍යක්ෂවරුන් එකඟ වී තිබේ.

අයවැය හිඟය සඳහා මහ බැංකුවේ සෘජු මූල්‍යකරණය ක්‍රමානුකූලව ඉවත් කිරීම ද නිර්දේශ අතර වෙයි.

බාහිර ගැලපීම් සහ ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීම උදෙසා වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයකට ක්‍රමානුකූලව නැවත පැමිණීම නිර්දේශ කර ඇත.

කොන්දේසිවලට අනුව ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ පියවර ක්‍රමයෙන් ලිහිල් කරන ලෙස ද IMF අධ්‍යක්ෂවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

"දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක යි" - මහ බැංකුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට අදාල වාර්තාව සම්බන්ධයෙන් ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව යි.

එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම, සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩහැරීම යනාදිය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වාදීමත් සමග, එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමග අඛණ්ඩව සමීප සංවාදයක නිරතවීමට අමතරව, සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත්කර ඇතැ යි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

IMF වාර්තාව පදනම් කර ගෙන දැඩි තීරණය ගත යුතු යි

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටින්නේ IMF වාර්තාව පදනම් කර ගෙන දැඩි තීරණය ගත යුතු බව යි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැ යි ද ඔහු ප්‍රකාශ කළේ ය.

මහචාර්යවරයා පැවසුවේ සාධාරණ පදනමක් මත එම කරුණු ඉදිරිපත් කර ඇති බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යෑම, ආදයම වියදම අතර පරතරය ඉහළ යෑම, මුදල් මුද්‍රණය, බදු කප්පාදුව වැනි දෑ අලුත් කරුණු නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ අනියත බියක් ඇති කළානේ පසුගිය කාලේ. හැබැයි මේ වාර්තාව බලපු කෙනෙක්ට තේරෙන්න ඕනේ කිසිම එහෙම නරක පැත්තක් නෙමේ, රට නිවැරදි මාර්ගයට ගන්න ඉතා හොඳ නිගමන ගොඩක් යෝජනා කරලා තියෙනවා," මහාචාර්ය පෙරේරා පවසා සිටියේ ය.

"IMF එක අපිට මේ වාර්තාව දීල තියෙන්නේ, අපි ඉල්ලන ලෝන් එකට සම්බන්ධව නොවේ. මේක සාමාන්‍ය වාර්තාව. මේකට කැමති වුණත්, අකැමති වුණත් රජයට මේ වාර්තාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට අප්‍රේල් මාසයේ IMF එකට යන්න බැහැ," මහාචාර්යවරයා සඳහන් කළේය .

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ මේ වාර්තාවේ සියලු කරුණු මේ රටේ සාමාන්‍ය ජනතාවට හානිකර නොවන දේවල් බව යි.

"හැබැයි අපි ඔළුවෙන් තීරණ ගන්නවා නම් හානිකර වෙන්නැහැ. හැබැයි පපුවෙන් තීරණ ගන්නවා නම් හානිකර වෙයි. මොකද සමහර තැන්වල කතා කරනවා රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන."

"හැඟීම්වලට යට වුණොත් අපිට දැනෙයි මේවා හොඳ නැහැ කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ පාඩු ලබන ආයතනවල හැම පාඩුවක්ම අවසානයේ අපි ගන්න සීනි ග්‍රෑම්100න් ගෙවනවා කියලා," ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒ හින්දා පාඩු ලබන ආයතන, එක්කෝ අකාර්යක්ෂම ආයතන පෞද්ගලීකරණ කරන්න ඕනේ, ප්‍රතිව්‍යුගතකරණය කරන්න ඕනේ හෝ නිලධාරීන්ට ටාර්ගට් දීලා ඒවා දුවන්න යම් ක්‍රමයක් හදන්න ඕනේ. එයාර් ලංකා එක පාඩුයි කියලා සදාකාලිකව ඒ පාඩුව දරන්න බැහැ."

"රටේ සියලු අර්බුදවලට ප්‍රධාන හේතුව විදේශ සංචිත බංකොලොත් වීම යි"

මේ රජය බලයට පත් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ විදේශ සංචිතය අද වන විට 80%කින් බංකොලොත් වී ඇතැ යි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.

රටේ උද්ගතව ඇති සියලු අර්බුදවලට ප්‍රධාන හේතුව විදේශ සංචිත බංකොලොත් වී ඩොලර් හිඟය ඇතිවීම බවත්, කෝවිඩ් නිසා ආර්ථිකය කඩා වැටුනායැ යි ආණ්ඩුවේ පාලකයන් හුවාදැක්වීමට උත්සාහ කළ ද රටට ගලා එන ප්‍රේෂණය අඩුවී විදේශ සංචිතය 80%කින් පහත බැස ඇති ලොව එකම රට ශ්‍රී ලංකාව බවත් ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ය.

ලංකාවේ දැනට පවත්නා අර්බුදවලට මුල වත්මන් ජනාධිපති බලයට පත්වූ වහාම බදු කපාහැර රාජ්‍ය ආදායම අඩු කිරිම බව මෙම වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇතැ යි මන්ත්‍රී වික්‍රමරත්න පෙන්වා දුන්නේ ය.

"රටේ ආදායම තුනෙන් එකක ප්‍රමාණයකින් අඩුවීමට තරම් මෙසේ බදු කපා හැරීමට කිසිදු විද්‍යාත්මක පදනමක් තිබී නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා," ඔහු කියා සිටියේ ය.

"රුපියලේ අගය කෘතිමව පවත්වාගෙන යෑම පිළිබඳව විපක්ෂය සඳහන් කළ ආකාරයට මජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවේ ද සඳහන් කර තිබෙනවා. විපක්ෂයේ අවවාදය පිළිනොගෙන රුපියලේ අගය එසේ කෘතිමව පවත්වාගෙන යෑම හා එහි ප්‍රතිඵලයක් ලෙස නව කලු කඩයක් බිහිවූ අතර, ඒ හරහා රුපියල 250 දක්වා බාල්දු වුණා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශීය ප්‍රේෂණ මෙන්ම අපනයන ආදායම ද නොලැබී ගියා. අද රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන ප්‍රධාන අර්බුදය රුපියල කෘතිමව පාලනය කිරීම හරහා රටට ඩොලර් නැතිවී අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක් ආනයනය කරවීමට නොහැකිවීම යි. රටේ ඩොලර් නැති අඩුපාඩුව රුපියල වැඩිපුර මුද්‍රණය කරමින් විසඳිය හැකියැ යි වැරදි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. රුපියල මුද්‍රණය කිරීමෙන් ඩොලර් නැති හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය විසඳන්නට හැකි වේයැ යි සිතෙන ආර්ථික විශේෂඥයනුයි මේ රජයේ ඉන්නේත්, රජයට උපදෙස් දෙන්නේත්," ඔහු පැවසීය.

ලංකාව උද්ධමනයෙන් කප් ගසයි?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ දැන් ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බව යි. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මිල ගණන් සැසඳීමක් සිදු කළේ ය.

• 2019 වසරේ දී රුපියල් පනහක්ව තිබූ පාන් රාත්තලක මිල වසර 2කින් පසුව අද වන විට රුපියල් 110 යි. රුපියල් 90ක තිරිඟු පිටි කිලෝව දැන් රුපියල් 196 යි. රුපියල් 85ක සීනි කිලෝව දැන් 195 යි.

• සාමාන්‍ය ආර්ථික පිළිවෙත අනුව භාණ්ඩ මිල පොදුවේ වාර්ෂිකව 5%කින් හෝ 10%කින් වැඩිවන්නට ඉඩ ඇතත්, එයට සාපේක්ෂක සේවක වැටුප් වැඩිවීම පොදු ප්‍රවණතාවකි. රුපියල් 140 පරිප්පු කිලෝවක් 420ට දැන් අලෙවි කෙරේ. "පරිප්පු නැති හෝටලයක් නැතැ" යි යන කියමන අනුව දැන් බත් පැකට් එකේ මිල ද 2019ට වඩා 2022 වන විට රුපියල් 100ත් 120ත් අතර මුදලකින් වැඩි වී ඇත.

• රුපියල් 200ට පැවති කොත්තු එකක් අද රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇත.

• රු. 380ට පැවති ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක් මේ සතියේ රුපියල් 800කි. එහෙත් වෙළඳපොලේ සොයාගන්නට නැත.

• යකඩ හා සිමෙන්ති විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රධාන බාධකයක් ඇතිවී තිබේ. රුපියල් 90ක සිමෙන්ති කොට්ටයක් රු. 1950ට වැඩි වී ඇති අතර, යකඩ ටොන් එකක මිල 120,000 සිට 240,000 ඉක්මවා ඇත.

• ඉන්ධන මිල 100%කින් පමණ වැඩි වි ඇති අතර, ඒ හරහා සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල ද ජනතාවට දරාගත නොහැකි මට්ටමින් වැඩි වී ඇති නිසා සේවා සපයන්නන්ගේ ආදායම් මාර්ගය ද අඩුවී ඇත.

• 2014 වසරේ දී රු. 165ක්ව තිබූ පෙට්‍රල් ලීටරය 2019 වන විට 137 දක්වා යහපාලනය විසින් අඩු කළ නමුදු දැන් එහි මිල රු 254කි. එහෙත් ඉන්දියානු තෙල් සමාගම අලෙවි කරන්නේ රු. 303ට ය.

• රු. 130 ඔටෝ ඩීසල් 2019 දී 104ට අඩු කළා. දැන් 2022 දී එය රු. 176 කි. ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිවීමේ විපාකය සමස්ත සමාජයටම අහිතකර බලපෑම් ඇති කරන බව නොරහසකි.

• 2019 වන විට රු. 1375ක් වූ ගෑස් මිල දැන් එහි සහතික මිල අභිබවා රු. 4000 දක්වා මිලකට අලෙවි කෙරේ.

-BBC සිංහල

ඉන්දීය විදේශ ඇමතිගෙන් ආචාර්ය හර්ෂට මල් මිටක් !

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ 1990 සුවසැරිය පිහිටුවීමට කැපවූ ආචාර්ය හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී සිදුව ඇත.

මෙම අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් පැවසුවේ ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා 1990 සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ට විශේෂ ස්තුතියක්ද පිරිනැමීය. මෙම අවස්ථාවට අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගීවී ඇත.

Page 351 of 464