V2025

පුවත්

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ඉදිකිරීමට මෛත්‍රී ප්‍රසිද්ධියේ විරුද්ධ වෙයි !

පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් සෑදීමට ආණ්ඩුව ගනු ලබන උත්සාහයට හිටපු ජනාධිපති, පොලොන්නරු දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන දැඩි විරෝධයක් දක්වයි.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ සීගිරිය ගල උඩ හෙලිකොප්ටර් අංගනයත් සාදා හෙලිකොප්ටර් බැස්සවිය හැකි වුවත් එසේ නොකරන බවත්, ඒ එම ස්ථානවල ඓතිහාසික වටිනාකමට හානිවන නිසා බවය.

ඒ ආකාරයකම පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ වැව් එකතු කොට බවත් ඒ ඓතිහාසික වටිනාකමට හානි වන කටයුතු අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසීය.

පරණ දෑ අලුත් කරනවා නම් අටමස්ථානය, සොලොස්මස්ථානය පවා නව තාක්ෂණයෙන් දියුණු කළ හැති වුවත් එසේ නොකරන්නේ ඒවායේ ඇති පෞරාණික වටිනාකම් නිසා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මේ අතර පසුගියදා මාධ්‍ය හමුවේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රසිද්ධියේ පවසා සිටියේ රළපනාව ඉදිකිරීමේ විරෝධය පිටුපස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට හිතවත් පාර්ශ්ව සිටින බවය.

තවත් කොරෝනා මරණ 103ක් : 30ට අඩු දෙදෙනෙක් !

තවත් කොරෝනා මරණ 103ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (18) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (19) නිකුත්කර ඇත.

ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 12125 දක්වා ඉහල ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතර අවුරුදු 30ට අඩු දෙදෙනෙකි.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 24 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 77 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

විමල්ලාගේ විරෝධය නොතකයි : මහ රෑ අත්සනින් යුගදනවිය ඇමරිකාවට !

කැබිනට් අනුමැතිය පවා නිසිලෙස නොගෙන, පසුගිය සැප්තැම්බර් 17 වනදා රාත්‍රියේ ගිවිසුම් අත්සන් කරනු ලැබූ, කෙරවලපිටිය යුගදනවි LNG විදුලි බලාගාරයේ, මෙහෙයුම් සහ එහි සැපයුම් හා ගබඩා පහසුකම්, එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට පවරා ඇති බව වාර්තා වෙයි.

ඒ ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලකටය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඇමරිකානු නියෝජිතයන් 17 වනදා රාත්‍රියේ ගිවිසුම අත්සන් කර, 18 වෙනිදා මෙරටින් පිටත්වගොස් ඇත.

, පසුගිය සඳුදා සුම් තාක්ෂනය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් දිර්ගවශයෙන් සාකච්ජා කර ඇති අතර ඒ මෙම ගිවිසුමේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විරෝධතා දක්වා තිබූ නිසයි.

එහිදී විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් විශේෂයි.

ඒ, ඊට පෙර ඔවුන් තිදෙනා කැබිනට් සාමාජිකයින් වෙත වෙන් වෙන් වශයෙන් ලිඛිතව මේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කර තිබු නිසයි.

ඒ අනුව කැබිනට් නිර්දේශය වී ඇත්තේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව තවදුරටත් හැදෑරීමටයි.

එසේම යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ විවේචන පිළිබඳව, ඔවුන්ව වෙනම කැඳවා දැනුවත් කිරීමටද, මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට එකඟත්වය පළකර ඇති බවත්, වාර්තා වෙයි.

සැප්තැම්බර් 17 වනදා , දහවල් විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්, මුදල් අමාත්‍යංශයට කැඳවා යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත්තේ ඒ අනුවයි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා සහ, රජයේ නිලධාරීන් විසින් සිදුකල පැහැදිලි කිරීම් හමුවේ, අමාත්‍යවරුන් තිදෙනාද තමන්ගේ ස්ථාවරය සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් හමුවේ, මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇමතිවරුන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් අදාල ගිවිසුම යලි සංශෝධනය කරන බවයි.

නමුත් ඇමතිවරුන් තිදෙනා ඉදිරිපත් කළ යෝජනාවලට ඇමරිකානු නියෝජිතයින් එකහෙලා විරෝධය පපලකළ බවත් එනිසා කිසිඳු සංශෝධනයකින් තොරව අදාල ගිවිසුම සැප්තැම්බර් 17 වනදා , රාත්‍රී 12.06 ට අත්සන කළ බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කිරිපිටි මිල 200 කින් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය එකඟ වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර එහිදී මිල ඉහළ දැමීමේ එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවේදී කිරිපිටි කිලෝ එකක් සඳහා රුපියල් 350 ක මිල වැඩි කිරීමක් ආනයනකරුවන් විසින් ඉල්ලා තිබෙන අතර, කෙසේ නමුත් අමාත්‍යවරයා පවසා තිබෙන්නේ රුපියල් 200 ක මිල ඉහළ දැමීමක් පමණක් ලබාදිය හැකි බවයි.

ඒ සඳහා ආනයනකරුවන්ගේ එකඟතාවයද හිමිව ඇත.

ඒ අනුව දැනට වෙළඳපොලේ රුපියල් 945 කට අලෙවි වන කිලෝග්‍රෑම් 01 කිරිපිටි පැකට්ටුවක මිල 1145 ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 380 සිට 458 දක්වා ඉහළ යනු ඇත.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 203 ක් ලෙස නියම කර ඇති නමුත් ඩොලරයක් සඳහා රුපියල් 238 ක් ගෙවීමට ආනයකරුවන්ට සිදුව ඇති බවයි.

ඒ අනුව රුපියල් 200 ක මි වැඩිවීමක් ලබාදීමෙන් පසුවද සැලකිය යුතු පාඩුවක් විඳිමින් කිරිපිටි ආනයනය කිරීමට සිදුවන බව වැඩිදුරටත් ඔවුනු පවසා සිටී.

හම්බන්තොට නගරාධිපතිට ඇප

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු  අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි.

මෙම සිද්ධියට අදාළව අද (19) පෙරවරුවේදී බම්බලපිටිය පොලිසියට බාර වූ එරාජ් ප්‍රනාන්දුට සමත මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදා හළ බව බම්බලපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම වරද සමථ මණ්ඩලයක විසදිය විය යුතු එකක් බැවින් සමථමණ්ඩලයේ පෙනී සිටින ලෙසට දෙපාර්ශවය දැනුම් දුන් බවද එම නිලධාරියා පැවැසීය.

බම්බලපිටිය කොතලාවල ඇවනිව් හි පිහිටි ඉඩමකට කඩා වැදුණු හම්බන්තොට නගරාධිපතිවරයා එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබුණේ ඉකුත් 15 වැනිදා ය.

එරාජ් ප්‍රනාන්දු පහර දී තුවාල ලද බව කියන ආරක්ෂක නිලධාරීයකු කොළඹ ජාතික රෝහලටට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගෙන ඉන් පිටව තිබිණ.

මෙම සිද්ධියට අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර මෙම ආරවුල සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මින් ඉහතදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 66 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමක් ද සිදු කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් දෙකම එම ඉඩමට වෙන් වෙන් වශයෙන් ආරක්ෂකයින් යොදවා ආරක්ෂාව ලබා දෙමින් තිබූ බවද පැවසේ .

එරාජ් ප්‍රනාන්දු  මින් ඉහත දී ද මෙම ඉඩමට අයුතු ලෙසින් අයුතු ලෙසින් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරුණු වාර්තා වී තිබූ බවද බම්බලපිටිය පොලීසිය පවසයි.

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු  බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ..

පහරදීමෙන් එක් ආරක්ෂක අංශ සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පහරකෑමට ලක් වූ අදාළ ඉඩමේ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේය.

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තා වසර පහක සිරදඬුවම් නියම කර සිටි පුද්ගලයෙකු ද වේ.

 2014.04.17 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සිරදඩුවම් ලැබීය.

සබැදි පුවත්

පිස්තෝල නගරාධිපතිට : හිර ගෙදර විශේෂ සැළකිලි !

පොහොට්ටු කචල් එළියට : ඇමැතිලා නිසා මන්ත්‍රී ජීවිත අවදානමේ !

ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පිළිබඳ තමා කණගාටුව පළකරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ස්ථාන මාරුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් මත තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ඊයේ (17) ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද සඳහන් කර ඇත.

“ජගත් කුමාර මහතා ගැන බොහෝම කණගාටු වෙනවා. මොකද අපේ සමහර උදවිය ඉන්නවා ඉස්සර කටුස්සන්ට රත්‍රං බැන්ඳහම අං එනවා නේ. අන්න එහෙම අං ආව කෙනෙක් විදියට මං දකින්නේ. එහෙම නැතුව එතුමයි මායි අතර කිසිම ගැටුමක් තිබුණේ නෑ. එතුමායි මායි අතර ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් එතුමාට මාත් එක්ක බොහෝම කේන්ති ගිහින් තියෙනවා. මං එතුමාට කියන්න කැමතියි මම කොළඹ දිස්ත්‍රික්කයේ, මන්ත්‍රීවරයෙක් හැටියට එක දවසක් නෙමෙයි 1983 සිට අද වෙනකල් සෑම මැතිවරණයකින් ම ජයග්‍රහණය කරලා ඇවිල්ලා තියෙන්නේ. එතුමා සරත් වීරසේකර මහතාට දොස් කියලා තිබුණා. එතුමාට පුළුවන් පොලිස් නිලධාරීන්ව මාරු කරන්න කවුද ඉල්ලලා තියෙන්නේ නැත්තේ කියලා ලිපිගොනු එක්ක කතා කරන්න.

පා:මංත්‍රී ජගත් කුමාර ආණ්ඬුවේ මැර ඩීල් හෙළි කරයි….?

කෙසේ වුවත් පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වත්මන් ආන්ඬුවේ දෙබිඩි පක්ෂාග්‍රාහී පිළිවෙත හෙළිකරමින් කියා සිටිනේ වත්මන් පොලිස් අමාත්‍ය සරත් වීරසේකර තමාට හිතැති ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවය.

මේ කුපාඩි වැඩේ කරන්න එපා !

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ, දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණේ මංත්‍රී ජගත් කුමාර ආණ්ඩුවේ කුණු බිත්තර ප්‍රහාර පවා උපේක්ෂාවෙන් දරාගත් බවත්, ඒ වනවිට කෙසේ හෝ පාදුක්ක පොලීසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළහෙයින් පොලිසීය පිලිබඳ බලාපොරොත්තුවක් ඇතිව තිබුබවද මේවන විට එසේ නොමැති බව ප්‍රකාශ කරයි.

ගාමිණී ලොකුගෙ කීමට වියත් සරත් පොලිස් ලොක්කා මාරු කරලා…?

ගාමිණී ලොකුගේගේ බලපැම මත පාදුක්ක කොට්ඨාශ පොලිස් නිලධාරීන් මාරුකළ බවත්, පෙර කාළයේ පොලීසිය ගැන විශ්වාසය තැබීමට හැකි උනත් ගාමිණී ලොකුගේලා හා වියත් සරත්ලාගේ ක්‍රියා කළාපය නිසා තම ජීවිතය පවා අවධානමේ බව පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර පවසයි. මට තවදුරටත් විෂ්වාසයක් නෑ !

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පවසන්නේ, තමා පාදුක්ක සම්බන්ධීකාරක ලෙස පත්කළ බවත්, ගාමිණී ලොකුගේගේ අණ පරිදි කොකොට්ඨාශ පොලිස් නිලධාරියා මාරුකළ බවත්, මින් ඉදිරියට පොලීසිය එසේ ආණ්ඬකරනයට ලක් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී වුවත් තම ජීවිතයට පවා ආරක්ෂාවක් නැති බවයි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

 

කොරෝනා මරණ 12000 පනියි !

තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (16) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ මාධ්‍ය නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (17) නිකුත්කර ඇත.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇති නිවේදනය අනුව මරණ 84න් 51 ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 58 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ද සිටින බව නිකුත්කළ නිවේදනයේ සඳහන් ය.

image 71edec3c30

සහල් පාලන මිල ඉහළට : පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වීමේ සූදානමක් !

ෂාන් ගුණවර්ධන පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඔහුට එහි කටයුතු කරද්දී දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා මෙම තීරණය ගනු ඇතැයිද සදහන් බව පවසමින් ආණ්ඩු හිතවාදී සී නිව්ස් ඇතුළු වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත.

සහල් පාලන මිලත් ඉහළට !

මේ අතර අදාළ ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇති තවත් පුවතක සඳහන් වන්නේ , දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවය.

නමුත් එහිදී කැකුලු සහ නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමටත් සම්බා හා කීරි සම්බා මිල සංශෝධනය කිරීමටත් සලකා බලමින් සිටින බවත් එහි සඳහන් වෙයි.

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී ඇති බවත් අදාළ වෙබ් පුවත් වාර්තා වල සඳහන් වෙයි.

හේතුව නොකියා මනුෂව CID කැඳවලා !

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක වෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා එහි ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශනයකටද යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.

එම සටහන සම්පූර්ණයෙන් මෙසේය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ෂණයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.

විමර්ෂණ අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඔ්නෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි. එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.

රටබීම හල් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ  රට වසා අනිකුත් ව්‍යාපාර වසා තිබියදී මත්පැන් අලෙවි සැල් පමණක් විවෘත කිරීමට ඉඩ දීමට තරම් පදනමක් හෝ තර්කයක් සෞඛ්‍ය අමාත්‍යාංශය නොමැති බවයි.

මෙවැනි ත්ත්වයන් ඉදිරියේදී සිදුවීමට ඉඩ තබන්නට එපා යැයිද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩේ අවුල් : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක් !

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ප්‍රශ්න කර ඇත්තේ , ජනතා ඒකරාශී වීමට ඉඩදීම මගින් කොරෝනා පාලනය සඳහා අප යන්නට සැරසෙන්නේ කොයිබටද? යනුවෙනි .

අදාළ ශීර්ෂයෙන් යුතු නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අති භයානක කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමා දැඩි ලෙස කඩ කරමින් ජනතාව මද්‍යසාර ලබා ගැනීම සඳහා නොඉවසිල්ලෙන් පෝලිම්වල සිටින අයුරු අපි ඊයේ අපූරුවට දැක්කෙමු.

මත්පැන් පරිහරණය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල අප විසින් යලිත් අවධාරණය කරන අතර රජයේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් උපයා ගැනීමට රජයට ඇති අවශ්‍යතාව මෙන්ම බලයලත් මද්‍යසාර වෙළදුන්ගේ හා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා සිටිය යුතු බව අපගේ අදහස නොවේ.

කෙසේ වුවද වෘත්තියමය සංවිධානයක් ලෙස රෝග පාලනයේ යම් ප්‍රගතියක් දක්නට හැකි මෙම අවස්ථාවේදී මෙම ජනයා එක්‍ රැස්වීමේ ක්‍රියාවලිය නිසා රෝග පාලනය සඳහා ඇති විය හැකි අනර්ථය රජයට පෙන්වා දීම අප දැන් සිටින මෙම සංවේදී අවස්ථාවේදී අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

මද්‍යසාර ලබා ගැනීමට පුද්ගලයන් එකිනෙකාට ඉතා ලං ලංව ගැටීම තවත් රෝගීන් පොකූරක් ඇති කිරීමට නැවත ප්‍රධාන හේතුවක් විය හැක. මෙම තත්වය අප විසින් මින් පෙර ද අත්දුටු “පැණි” ලබා ගැනීම සඳහා ජනතාව එකිනෙකා පරයමින් සිටි අයුරු සිහිපත් කරවයි.

අප මෙහිදී රජයට අවධාරණය කරන්නේ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීම ට නිසි වැඩ පිළිවෙලක් දියත් කරන ලෙසයි.

අවසාන වශයෙන් අපගේ ආයාචනය වන්නේ ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත අප දැනට ලබා ඇති රෝග පාලනය අප අතින් ගිලිහී යාමට අප කිසි සේත් ඉඩ නොදිය යුතු බවයි.

රටබීම online විකුණන ක්‍රමවේදයක් ඕන - සුරාබදු

ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ මත්පැන් විකිණීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කරන්නේ මත්පැන් මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වඩාත් සුදුසු වන බවයි.

රට වසා දමා ඇති සමයේ මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීමෙන් රජයට මසකට රුපියල් කෝටි 1500 ක් පමණ ආදායමක් අහිමි වන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් පවසා ඇත.

එමෙන්ම රට වසා දමා ඇති සංවේදී සාමාන්‍ය මත්පැන් බෝතලයක් රුපියල් හාර දහසක් තරම් මිල ඉහළ දමා අලෙවි කරමින් ඇති බවත් ඔහු කියා සිටී.

රටේ ප්‍රධානියා මහින්ද යාපා !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) අලුයම විදෙස් ගතව ඇති බව වාර්තා වන අතර අගමැති මහින්ද රාජපක්ෂ ද මේ වන විට ඉතාලියේ සංචරයක නිරතව සිටියි.

ඒ අනුව මේ වන විට රටේ ප්‍රධානියා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විදෙස් සංචාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇමරිකාවේ දී පැවැත්වෙන 76 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා මෙසේ පිටත්ව ගිය බවයි.

එළඹෙන 21 වෙනිදා මෙම සමුළුව ඇමරිකාවේ නිවුයෝක් නගරයේදී ආරම්භ වෙයි.

මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා තවත් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇති බවත් පැවසෙයි.

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි !

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කල ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාව මෙසේ පත් කෙරෙනු ඇත.

මහින්ද සමරසිංහ මහතා අස්වීම හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමට නියමිතය.

රටබීම හල් විවෘතයි !

රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘත කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇති බවයි.

කෙසේ වුවත් අද සවස රටබීම හල් විවෘත කිරීමත් සමග ඒ ඉදිරිපිට දිගු පෝලිම් ඇති බව වාර්තාකරුවන් පවසයි.

චීනයේ කක්කුස්සි සහ නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හලන්න හදන්නේ - රෝහිණී

කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසිලිවලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

චීනයේ කක්කුස්සිවලවත්, නාගරික අපද්‍රව්‍යවලින් සකස් කළ කාබනික ලේබලය ගැසූ මෙ.ටො. 96,000 ක් රටට ගේන්වන්නට ආණ්ඩුව උත්සහ කරනවා. මෙයට ඩොලර් මිලියන 63.7 ක් වැය වෙනවා. ලංකාවේ පර්යේෂණගාර තුනක් මේ චීන කුණු කන්දල් තොගය පරීක්ෂා කරලා ඒවායේ බැක්ටීරියා තියෙන බව ත්, ගොවි බිම්පලට නොයෙදිය යුතු බවත් පවසනවා. නිරෝධායන නීතිවලට පිටින් ඇපල් ගොඩියක්, මිදි පොකුරක් ගෙනාවොත් ඒක ගුවන් තොටුපලෙන් එළියට දෙන්නේ නෑ. හැබැයි චීන කුණු ගේන්න බලපත්‍ර දෙනවා. කාබනික ලේබල් ගහලා, චීන රසායනාගාර සහතිකයක් හදලා රට පුරා විසුරුවන්ට හදනවා.

මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මුලික පොහොර අවශ්‍යතාවයට වඩා වැඩි වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.

මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ. ගොවියාට වල් නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයින් රැලකගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික උවමනාවන්ටයි. අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි.

ක්ශුද්‍ර ජීවීන් නිසා ආනයනික කාබනික පොහොර CID යයි : ගොවීන් එක්ක සෙල්ලම් එපා - සජිත්

චීනයෙන් ආනයනය කළ කාබනික පොහොර සාම්පල දෙකක ආර්වීනියා නම් ක්ශුද්‍ර ජීවීන් හමුවීමත් සමග ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇත.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ, අදාළ ක්ෂුද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සදහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බවය.

එම ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම සැක කටයුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බවත් ඔහු එහිදී පැවසීය.

කෙසේ වුවත් එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

ගොවියන් සමග සෙල්ලම් එපා - සජිත් !

ම්මේ අතර නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ,ආණ්ඩුව පොහොර තහනමක් ගෙන ආ නමුත්, එය හුදෙක් දේශපාලන අරමුණක් පමණක් වන අතර එය ප්‍රායෝගික නොවන හිතුවක්කාර තීරණයක් බවයි.

පොහොර නොමැතිකමින් වී ගොවියාගේ අස්වැන්න තීරණාත්මක ලෙස පහත බැස ඇති අතර, ගොවීන් විශාල පිරිසක් වගාව අත්හරින තැනට පත්ව ඇතැයිද අදාළ නිවේදනය නිකුත්කරමින් විපක්ෂ නායක පවසයි.

ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

241805818 10158475555050186 8677876552922280302 n

කොරෝනා මරණ 11938 ක් දක්වා ඉහළට !

තවත් කොරෝනා මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (17) නිකුත්කර ඇත.

මෙම මරණ ඊයේ (16) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11938ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව, මියගිය පිරිස අතරින් 62 දෙනෙකු පිරිමි වන අතර ඉතිරි 59 කාන්තාවන් ය.

වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් වෙයි.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 ක් සිටින අතර ඉතිරි ආසාදිතයින් 92, වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

රරජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

covid death 1000px

උගතුන් බුද්ධිමතුන් ඉවත්වෙන හේතුව ඇල්ලේ හිමියෝ පවසති !

උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ ආණ්ඩුවේ මේ පාපකර්මයට දායක නොවුණා යැයි සිතා හිත හදාගැනීමට බවත්, මේ රට රැකගැනීමට නම් එයින් නොනැවතී අපත් සමග එකතු විය යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“වරායෙ අක්කර 13ක් දෙන්න යනවා. ‘සෙලෙන්දිවා’ යටතේ ගෆූර් බිල්ඩින් එක, හිල්ටන් හෝටලය, පොලිස් මූලස්ථානය ඇතුළු ගොඩනැගිලි විසි ගණනක් දෙන්න යනවා.විදේශ කටයුතු අමාත්‍යාංශය තිබෙන ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් එක ඇතුළු අක්කර 200ක් දෙන්න හදනවා. මගේ පන්සල පසුපස ඉඩම, බොරැල්ල මාර්කට් එක, කොල්ලුපිටිය මාර්කට් එක දෙන්න හදනවාදෙනන්න හැදුවට මේවා දෙන්න ලැබෙයි ද කියලා රජය කල්පනා කරනවා නම් හොඳයි. අපි මේ රට භාරදීලා තියෙන්නේ අවුරුදු පහකට පාලනය කරන්න. නැතිව මේ රට වෙන්දේසි කිරීම සඳහා නොවෙයි. අපට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපි බොහො ම වේදනාවෙන් ඉන්න කාලයක් මේක.මේ රටේ බුද්ධිමත් මිනිස්සු තනතුරුවලින් ඉවත් වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ ආත්මගෞරවය ආරක්ෂා කරගන්න. ඒ මිනිස්සු මේ පාපකර්මයට අත තිබ්බේ නෑ කියලා හිත හදාගන්න. උගතුන් බුද්ධිමතුන් පහුවෙන්න පහුවෙන්න තවත් ඉවත් වේවි.ඉවත් වෙලා නිකම් ඉන්න හොඳ නෑ. අපිත් එක්ක එකතු වෙන්න ඕනෑ. මේ රට රැකගන්න. තමන් ඇතුළු ලක්ෂ 69ක් මේ ආණ්ඩුව පත්කිරීමට දායක වීම ගැන පශ්චාත්තාප වෙනවා.”ලෙස ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

(මව්රට )

Page 348 of 385