ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර ඇත.
එමගින් ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇත.
තව ද, සියලු ම ක්‍රීඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී රටේ ක්‍රීඩාවේ යහපත උදෙසා ඔවුන්ට මග පෙන්වන ඔම්බුඩ්ස්මන්වරයෙකු ද අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
