අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලිණ්ඩරයක් රුපියල් 175කින් මිල අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3940කි.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 70/= කින් අඩුකර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1582කි.
කිලෝ ග්‍රෑම් 2.5 ප්‍රමාණයේ ගෑස් සිලිණ්ඩරයේ මිල රුපියල් 32කින් අඩු කර ඇති අතර , ඒ අනුව එහි නව මිල රුපියල් 740 කි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් සඳහන් කර ඇත්තේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා මෙම මිල අඩු කිරීම සිදුකරන ලද බවයි.
මේ අතර අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.
ඒ අනුව 12.5kg ක ලාෆ් ගෑස් සිලිණ්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3,840කි. එසේම ලාෆ් ගෑස් 5kg සිලිණ්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,542කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
