V2025

පුවත්

ගිලෙන නැවෙන් පැණීම ඇරඹේ : රොෂාන් රාජ්‍ය ඇමති පිටු 5ක් ලියා ඉල්ලා අස්වෙයි !

ගොවි විප්ලවයක් හෝ අරගලයක් ඇතිවන දිනය වැඩි ඈතක නොවන බව අවධාරණය කරමින් පොලොන්නරුවේ පොදුජන පෙරමුණේ නායක , රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පිටු 5 ක ලිපියක් සමග සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත.

වැඩකරන ජනතාවගේ ඓතිහාසික දිනය වන මැයි 01 වැනිදා සිට තමා දරන පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර ඇත.

වැඩ කරන ජනතාවගේ ප්‍රධානතම බලවේගයක් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සාධාරණයක් ඉටු කිරීමට හැකිනම් එය ඉතා අගය කරන බවත් එසේත් නොමැතිනම් අවම වශයෙන් අප්‍රේල් මාසය තුලදීවත් එම තීන්දුව ගත යුතු බව සිහිපත් කර සිටින බවත් එහිදී සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය මේ වන විට මාධ්‍ය වෙත ලැබී ඇති අතර එය පහත දැක්වෙයි.

roshan 1

rosha 2

හදිසි නීතිය පැනවීම පරාජයේ ප්‍රකාශනයයි - හිටපු ආණ්ඩුකාර

නිදහසින් පසුව, 2015 වසර දක්වා ලංකා රාජ්‍ය පාලනයේ ආසන්න වශයෙන් සෑම දින දෙකකින් එකක්ම පාලනය වී තිබුණේ ‘හදිසි නීතිය‘ යටතේ ය. හදිසි නීතිය අසාර්ථක රාජ්‍යකරණයේ නිල ප්‍රකාශනයක් වන අතර, තමන්ට රටේ සාමාන්‍ය පාලනයන පවත්වා ගත නොහැකි බවට වන නිල පිළිගැනීම අච්චු ගැසූ ප්‍රකාශනය වන්නේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර යේ විධායක අධ්‍යක්ෂ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව පැවසූවේ හිටපු ආණ්ඩුකාරවරුන්වන මෛත්‍රී ගුණරත්න, අසාත් සාලි සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සමඟ එක්ව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ය.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

සුද්දාගේ යුධ නීතිය යටතේ පාලනය වූ රට 1953 හර්තාලය, 1958 දෙමළ කෝලාහලය, 1962 සත්‍යග්‍රහය සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, 1966 කුමන්ත්‍රණය, 1971 මාර්තු සිට 1977 සභාග ආණ්ඩුව බිඳවැටී ඉබේ අහෝසි වන තෙක් ද, 80 වැඩ වර්ජනයේ දී ද, උතුරේ යුධ තත්වයත් සමඟ උතුරට ද, 1983 කළු ජූලිය සමයේ සිට 1994 චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය බලය ලබා ගන්නා තෙක් ද, එතැන් පටන් කෙටි අවස්ථා කිහිපයක දී හැර 2015 ජනවාරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වන තෙක් ද රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වී ඇත.

හදිසි නීතිය පැනවීම ඩඩ්ලි සේනානායක අගමැතිකම නැති කළා. 1958 හදිසි නීතිය බණ්ඩාරනායක ඝාතනය, මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පරාජය කලා. 1971 – 1977 සිරිමා - ෆීලික්ස් ඩයස් හදිසි නීතිය ඔවුන් දේශපාලනයේ කුණු බක්කියට වැටුණා. ජේ.ආර්. 1983 දාපු හදිසි නීතිය ලේ විලකින් අඅවසන් වුණා. චන්ද්‍රිකා ආණ්ඩුවේ පිරිහීම ඇරඹුනේ, සෘණ ආර්ථිකයට පාර කැපුවේ හදිසි නීතිය යි. මහින්ද රාජපක්ෂ හදිසි නීතිය යොදාගත්තේ ඝාතන, ජනමාධ්‍ය, විරුද්ධවාදීන් මර්ධනය කරන්නයි. දෙකොන ගිණිගත් විලක්කුවක් වන් රටක් නිවා දමන්නට හදිසි නීතිය යොදාගත් ජනපති ඩි.බී.විජේතුංග හැර අන් සියලුම පාලකයින් ජනතා වෛරයට, කෝපයට, පරිභාවයට පත් වුණා.

හදිසි නීතිය යටතේ ‘ඇඳිරි නීතිය‘ පනවන්නට හැකිය. නියෝගය තුළ සඳහන් කර ඇති කාල පරාසය තුළ, අදාල ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට “පොදු” ස්ථානයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි ස්ථානයක රැඳී සිටීය නොහැකිය. ආඥා පනතේ 18වන වගන්තිය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුව ගැනීමට එමගින් අවස්ථාව ඇත.

හදිසි නීතිය යටතේ චෝදනාවට ලක්ව වරදකරු වූවහොත් හය මසක උපරිමයකට හිරේ දැමිය හැකිය. පැනවිය හැකි උපරිම දඩය රු. 100 කි. නමුත්, මෙය ඇප ලබාගත හැකි වරදක් බව (4 වන උප වගන්තිය) දක්වයි. ඊයේ ගංගොඩවිල අධිකරණයේ දී පෙන්වූවේ ගරු අධිකණයට විරෝධය හා මර්ධනය පැහැදිලි හදුණා ගැනීමට අධිකරණයට ඇති හැකියාව යි.

හදිසි නීතිය පිළිබඳ වි.කො.ස. (මාෂල් පෙරේරා නඩු තීන්දුව), චන්න පීරිස් එරෙහි නීතිපති නඩුව (1994 SLR 01) මගින් අර්ථකථන ලබා දී ඇත. ජනතාව මර්ධනයට හදිසි නීතිය භාවිත කළ නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2021 අගෝස්තු 30 අංක 2243/1 දරණ නිවේදනයෙන් හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් ප්‍රකාශයට පත් කළේය. හදිසි නීතියට හාල් මෝලක් පාලනයක කළ නොහැකි බව ජනතාව දැනගත්තේ එදාය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ හදිසි නීති ගැසට් විහිළුවක් වූවේ එදාය.

ආණ්ඩුවේ මර්ධනය යුරෝපා සංගමය මගින් ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කර දැමීමට හේතු විය හැකිය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවරන්නට හැදුවා. හැබැයි පොදු දේපල පනත යටතේ නඩු පැවරුවා. ලංකාව ආයෙත් අශිෂ්ඨ, අධම, නරුම රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය හදුනා ගන්නවා ඇත. මේ මර්ධනය රටේ කාබාසිනියා කර ඇති ආර්ථිකය තවදුරටත් දුර්වල කිරීමට හේතුවක් වනු ඇත.

 රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

භාරකාර ආණ්ඩුවක් හදනු : ශ්‍රීලනිප අවසන් තීන්දුව දන්වයි !

=ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමට නොහැකි නම් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ විසඳුම් ගෙන එන ලෙස ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මාධ්‍ය වෙත පවසා ඇත.

එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (1) පස්වරුවේ රැස්වි මෙම තීන්දුව ගෙන තිබේ.

ශ්‍රීලනිප ඉල්ලීම ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයාට යොමු කරන අවසන් ලිපිය වනුඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බවත් ජනතා ප්‍රශ්න කඩිනමින් නොවිසඳුව හොත් ජනතාවගේ පැත්තේ සිටගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නැති බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

ඉදිරි සති කීපය තුළ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

යහපාලන චෝදනාවකට ජාලිය ඇමරිකාවේදී වරද පිළිගෙන !

ඇමරිකාවේ සිටි හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය එරට අධිකරණයක් විසින් වරදකරු කරමින් නඩු තීන්දුවක් ලබාදී ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වූ සීනිව්ස් වාර්තා කර ඇත.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ මේ සම්බන්ධයෙන් වන චෝදනාව පසුගිය යහපාලන සමයේ ඉදිරිපත් වූවක් වීමයි.

එහිදී යහපාලන සමයේ දී මේ චෝදනාව දේශපාලන පළිගැනීමක් ලෙස ඇතමුන් සැලකූ බවත් සිහිපත් කළ යුතුව ඇත.

එසේම ජාලිය වික්‍රමසූරිය රටින් පිටව ගොස් අධිකරණ ක්‍රියාවලිය මඟහැර සිටි බව ප්‍රසිද්ධ කරුණක් විය.

කෙසේ වුවත් අදාළ පුවත අනූව අමෙරිකාවේ වොෂින්ටන් වගරයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට අදාළව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී ගොනු කර තිබු මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇත.

අමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව මෙම වරද සදහා වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඩයක් පැනවිය හැකි අතර මෙම තීන්දුවට දඬුවම් නියම කිරීම ජුලි මස 20 වෙනිදා සිදුකිරිමට නියමිතය.

2008 සිට 2014 දක්වා ඔහු ශ‍්‍රී ලංකාවේ ඇමරිකා හා මෙක්සිකෝ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධයක් ඇත්තෙකු ලෙසත් සැළකෙයි.

මේ සම්බන්ධයෙන් පළකර ඇති සීනිව්ස් පුවත පහත දැක්වෙයි.

jali

පාර්ලිමේන්තුව කල් තැබීමේ සූදානමක් !

බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවේ වැඩ කටයුතු නොමැති බව දැනුම්දී ( අණපනත් සම්මත කිරීම )අවුරුදු නිවාඩුව මූලික කරගෙන එසේ කල් තැබීමක් කළ හැකි බව ආණ්ඩුවේ ඉහළපෙළේ කිහිපදෙනෙකුම දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ වෙනම මන්ත්‍රී බහුතරයක්(113ක්) නිර්මාණය කිරීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන අතර පසුගිය සතියේත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොළඹ ස්ථාන තුනකදී පැවැත්වී ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.

එම පෙරළිකාර කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් සමගමද සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

සිය බහුතරය කතානායකවරයාට ලිඛිතව පෙන්වා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙරළිකාර කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පෙරළිකාර කණ්ඩායමේ සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා බුද්ධි අංශ කණ්ඩායම් රැසක් යොදවා සිටින අතර එම නිලධාරීන් දිවා රෑ නොබලා ඒ කටයුතුවල නියැලී සිටින බව වාර්තා වේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ බස්නාහිර පළාත් ( බුද්ධි ) මේ සඳහා ක්‍රියාත්මක වී සිටින බුද්ධි කණ්ඩායම් වේ.

-lankadeepa

නීතිඥවරුන් සටනට එක්වෙයි : අප්‍රේල් 5 අලුත්කඩේ !

පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන යන හිතුවක්කාරී පාලනයට එරෙහිව විරෝධතාවක් නීතීඥවරුන් විසින් සංවිධාන කොට ඇත.

වාර්තා වන ආකාරයට අප්‍රේල් 05 වැනිදා අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වන විට නීතිඥ ප්‍රජාව සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් සමාජ මාධ්‍ය තුළ දැක්වෙයි.

ඒ මිරිහානේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් ව ඔවුන් නිදහස් කරගන්නට සිදුකළ මැදිහත්වීම නිසාවෙනි.

එහිදී 300 කට අධික නීතිඥවරුන් පිරිසක් ගංගොඩවිල අධිකරණයට එක්වූ බව පැවසෙයි.

අදාළ විරෝධය සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

1db1f3d6 d612 43f2 819b 69e60fa0913f 1024x1024

පාර්ලිමේන්‍තුවට බලය පවරා ඉවත් වෙන්න : ජනාධිපතිට යෝජනාවක් !

පාර්ලිමේන්තුවට බලය පවරා ජනාධිපතිවරයා වහාම තම මව් රටට යා යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ඊයේ මේ රටේ ජනාධිපතිවරයෙකුගේ නිවස වටලලා දැවැන්ත මහජන උද්ඝෝෂණයක් සිද්ධ වුණා. ඒ මහජන උද්ඝෝෂණය එක්කම රටපුරා හැමතැනකම දැන් උද්ඝෝෂණ රැල්ලක් ඇති වෙමින් තිබෙනවා. මේකට සමස්තයක් ලෙස වගකිව යුත්තේ ඉතාම අදූරදර්ශීව, බලලෝභීව, ධන ලෝභීව, තම පවුලේ පැවැත්ම ගැන පමණක් කල්පනා කරලා පවුල් පනස් පන් ලක්ෂයක ඉරණම, ලක්ෂ 220 ක ජනතාවගේ ඉරණම පරදුවට තබලා කටයුතු කරන රාජපක්ෂ පවුලේ හා මේ ජනාධිපති, මේ අගමැති හා මේ මුදල් ඇමතිගේ ක්‍රියාකලාපය. අද මේ රටේ සෑම ක්ෂේත්රයකම අත දරුවන් සිටින මව්වරුන්ගේ දෙමාපියන්ගේ සි, වැඩිහිටියන් දක්වා සියලු දෙනාටම අතිශය භයානක වන්දියක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ බුර බුරා නැගෙන, බඩගින්න, කණගාටුව, කෝපය අද ජනතාවගේ පුපුරා යන උද්ඝෝෂණයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ආණ්ඩුව යන්නේ කුමන මාර්ගයටද? අද වෙනකොට අපිට පේනවා පිරිස් අත්අඩංගුවට අරගෙන, ඔවුන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කළා යැයි කියන ඒ ලේබලය අලවලා, අධිකරණය ඉදිරියේ ඔවුන්ව සිර දඩුවම් ලබා දීම සඳහා ආණ්ඩුව මර්ධනයේ හස්තය දියත් කොට තිබෙනවා.

මේ සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද රණවක මහතා පෙන්වා දෙයි. සිරස, දෙරණ සහ ඩේලි මිරර් ආයතනවල මාධ්‍යවේදීන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

“ඉදිරි කාලයේ දී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමටත් මාධ්‍ය ප්‍රචාරණය අවහිර කිරීමටත් කටයුතු කරන බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය හා මහජන නිදහස තවදුරටත් උල්ලංඝනය කිරීමට කිසිම ආකාරයකට රාජපක්ෂවරුන්ට අයිතියක් නැහැ. යුක්තියක් නැහැ. ඇතැම් මාධ්‍ය ඉතාමත්ම පහත් ආකාරයට තමයි කටයුතු කළේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට. නමුත් මර්දනයට එරෙහිව සියලුම මාධ්‍ය හා සියලුම පොදු ජනතාව පිබිදීමෙන්, අවදි වීමෙන් කටයුතු කල යුතුයි. මර්දනය අස්සේ මෙවැනි ආකාරයට දියත් කරපු පාලනයන්, ලංකාවෙත්, ලෝක ඉතිහාසයේත් තියෙනවා. ඒවා කෙලවර වෙන්නෙත්, ඉතාම භයානක අන්තයන්ගෙන්, භයානක ලේ ගංගාවක් බවට මේ රට පත් වෙන එකෙන් කියන එක මේ රාජපක්ෂ පවුල මතක තබා ගත යුතුයි. ඔවුන්ට තව විකල්පයක් තියෙනවා. සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ට මේ රට තවත් පාලනය කරන්න බැරි බව තේරුම් අරගෙන, රට ලේ විලක් නොකොට පාර්ලිමේන්තුවට බලය පවරලා, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා, තමන්ගේ මව් රට වන ඇමරිකා එක්සත් ජනපදයට යාම තමයි අද මේ රටේ සාතිශය බහුතරයක් එතුමාට ඡන්දය දුන් හැට නම ලක්ෂයේත් බලාපොරොත්තුව වෙලා තියෙන්නේ. පොලීසියට, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අයට බොහොම වැදගත් පණිවිඩ දෙන්න ඕනේ ආරක්ෂක අංශවලට. ඔබත් අද මේ රාජපක්ෂ පාලනයේ වින්දිතයන් පිරිසක්, ඔබටත් ගෑස් නැහැ. ඔබටත් ලයිට් නැහැ. ඔබටත් කිරිපිටි නැහැ. ඔබේ දරුවොත් වැළපෙනවා. ඔබේ දෙමාපියොත් පෝලිම් වලට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ දුකට පත්වෙච්ච ජනතාව නීතියේ බලය පාවිච්චි කරලා බලලෝභීව ක්‍රියා කරන උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අණ ක්‍රියාත්මක කරලා සමස්ත ජනතාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන්න එපා කියන ආයාචනය අපි ඉදිරිපත් කරනවා.”

විවිධ කණ්ඩායම් ඇතැම් විට මේවා තම පටු දේශපාලන අරමුණු සඳහා යොදාගත හැකිය. රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි නොකොට ඉතා විධිමත්ව, අවිහිංසාවාදීව, ඉවසීමෙන් යුතුව මේ විරෝධතාවල නියැලීම අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“ගිනි තැබීම් ආදී සිදුවීම් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි. හැමතැනින්ම වාර්තා වෙලා තියෙනවා ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කල්ලි කණ්ඩායම් මේ ක්‍රියාදාමයන්ට සම්බන්ධ වුණාදැයි කියන සැකය දැන් මේ සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියල්ලේම පළවෙලා තිබෙනවා.”

අයහපතට පත්ව සිටින ජනතාවට තවත් ගිණිගෙඩි දීමට ඉදිරිපත් වෙන ආණ්ඩුවේ මේ මර්දනය නොතකා සහය ලබාදීමට රට පුරාම ඇතිවෙන ක්‍රියාදාමයට ඉදිරිපත් වෙන ලෙස වැදගත් වෘත්තීය නීතිඥයන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

“අපි ආණ්ඩුවට ප්‍රකාශ කරන්නේ ඔබ දැන් ගිනි තබා තියෙන්නේ මේ රටේ පනස් පන් ලක්ෂයක් පවුල්වල ඉරණමට. ඔබ විසින් නිර්මාණය කරමින් තිබෙන්නේ ලක්ෂ 220 ක් මරාගෙන මැරෙන තත්ත්වයකට පත්වෙන ජනතාවක් බවට‍යි. බුද්ධිමය හා ප්‍රායෝගික වශයෙන් ඔබ වැඩ කරන්නෙත් නෑ. ජාවාරම්කාර පන්තියකට අවශ්‍ය විදිහටයි ඔබගේ හැසිරීම තිබෙන්නේ. ඇතැම් අවස්ථාවල අපිට වාර්තා වෙනවා නැවත වතාවක් මේ සිංහල බෞද්ධකම අවුස්සන්න යන්න, මේ රට කාලි සාපයෙන් මුදා ගැනීමට දැන් සිංහල බෞද්ධ ජනතාවත් සූදානම් විය යුතුයි. ක්‍රිස්තියානි, ඉස්ලාමීය සියලුම ජනතාව රාජපක්ෂ සාපයෙන් ගැලවිය යුතුයි. තවත් මේ රට රැවටීමට කිසිම ආකාරයක පූජ්‍ය පූජක කිසිම පුද්ගලයෙකුට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා නියම ආකාරයට තමන්ගේ ධර්මය මත පිහිටා කටයුතු කරන ලෙස සියලුම දෙනාගෙන් ආයාචනා කරනවා.”

රාජපක්ෂ පවුල ගලවාගැනීම සඳහා ඉදිරිපත් වන සියළුදෙනාට ඉතිහාසයේ ලැබිය යුතු ඉරණම දිට්ඨධම්මවේදනීය කර්ම ඵල විපාක ලැබෙනු ඇත. රටේ ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින්නේ තම ඉරණම තනි පවුලක් විසින් කොල්ලකෑමට එරෙහිව නැගී සිටින ලෙස බව රණවක මහතා පවසයි.

“ඔබට ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතිය තියෙනවා. ඒ අයිතිය සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, සෑම මොහොතකම පාවිච්චි කරන ලෙස අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ අරගලයත් සමඟ අපි එකට සිටින බව ප්‍රකාශ කරන්න කැමතියි.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

"දැන් ඇති" කියමින් රොෂානුත් පිටියට ආවා !

ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙස මෙරට හිටපු කීර්තිමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ඉල්ලා සිටියි.

සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ සියලු ක්දෙනා එක්ව එක හඬින් ‘දැන් ඇති!’ කියා කිය යුතු මොහොත පැමිණ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රොෂාන් මහානාම තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

r

බුද්ධි අංශ ’’ෆේල්’’ : ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි

ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවට බුද්ධි අංශ මගින් පූර්ව දැනුම් දීමක් සිදුකර නැතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ පැවසීය.

එසේම, ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පමණක් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණද, ඔවුන් පොලු මුගුරු රැගෙන ප්‍රචන්ඩකාරීව හැසිරෙන බවට දැනුම්දීමක් කර නැතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අනුව මිරිහාන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී බුද්ධි අංශ අසමත්ව (ෆේල්) ඇති හෙයින් එම අංශයන්හි ප්‍රතිසංස්කරණයක් ද සිදුවිය යුතු බව ද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී සිදුවූයේ මෙහි අනෙක් පැත්ත බවත්, බුද්ධී අංශ තොරතුරු ලබාදී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම එහිදී සිදුවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ලංකාදීප

මහජන හදිසි අවස්ථාවක් : ගැසට් එක මෙන්න !

අප්‍රේල් මාසයේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සේවා පවත්වා ගෙන යාම සඳහා මෙසේ කිරීමට තමන් අදහස් කරන බවයි.

“ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයන් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සේවා පවත්වා ගෙන යාම සඳහා මෙසේ කිරීමට මා අදහස් කරන හෙයින්,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 1959 අංක 8 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පණතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (හතලිස්වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥා පනතේ 11 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක විය යුතු යැයි මෙසේ ප්‍රකාශ කරමි” එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

4 1

බස්නාහිරට ඇඳිරි නීතිය !

මේ අතර මීට පෙර වාර්තා වූයේ අප්‍රේල් 01 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවය.

එය අප්‍රේල් 02 වනදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නුවරඑළිය වසන්ත සැනකෙළි : ජනතා විරෝධය හමුවේ නවතියි !

ජනතාව මුහුණදී සිටින අසිමීත පීඩාකාරී තත්වය තුළත් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් විසින් සංවිධානය කර තිබුණු නුවරඑළියේ සැනකෙලි දෙකක් මහජනතාවගේ දැඩි විරෝධය මත නවතා ඇත.

වාර්තා වන ආකාරයට මෙසේ නවතා දමා ඇත්තේ කාල්ටන් පෙර පාසල් අවුරුදු උත්සවය සහ නුවරඑලිය නගර සභාව ඇතුලු ආයතන මූලිකවී සංවිධානය කරන ලද නුවරඑළිය අවුරුදු උදානය වසන්ත සැනකෙලිය යන උත්සව දෙක ය.

image 911ed2c60c

image 45896beab2

image acc270847e

 

(මූලාශ්‍රය lanka truth )

 

අත දරුවන් වඩාගෙන බස් ගිනි තියන්න එන්නේ නෑ - අනුර

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස ඉදිරිපිට (31) පැවති ජනතා උද්ඝෝෂණයේදී පොදු දේපලවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින්ම එයට ඇතුල් කරන ලද කණ්ඩායම් විසින්දැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ පක්‍ෂ මූලස්ථානයේ දී  (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අත දරුවන් වඩාගත් මව්වරු, නිවෙසේ සිට පැමිණි වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමඟ පැමිණි ස්වාමිපුරුෂයන් උද්ඝෝෂණවලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක එහිදී අවධාරණය කර සිටියේ ය.

උද්ඝෝෂණවලදී මෙවන් තත්වයන් ඇතිවීම ආණ්ඩුවට හිතකර බැවින් ඔවුන් එවැනි තත්වයක් ඇතිකරගැනීමට බලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසූ අතර ආණ්ඩුව හිතා මතා සැලසුම් කර මේ සඳහා කණ්ඩායමක් යෙදවූයේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පැන නගින බවත් පැවසීය.

පොදු ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයකට පහරදීමට හෝ බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බැවින් අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියාකරන අය පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහාද යනුවෙන් ද ඔහු විමසීය.

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන විට ආණ්ඩුවට වාසිසහගත හා ආණ්ඩුව විසින් ඇතිකරන ප්‍රචණ්ඩකාරී තත්වයන් වළක්වාගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවත් පැවසීය.

උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී තත්වයකට වර්ධනය කරගැනීම තුළ ආණ්ඩුවට තමන්ගේ කෝකටත් තෛලය වන හමුදා යාන්ත්‍රණය යොදාගැනීමට හැකියාව ලැබෙන බව ද අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය .

මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අයට අත පය ඉදිරමන තරමට පහරදී ඇති බවත්, එක් තරුණයෙන් උණ්ඩ වැදී රෝහල්ගත කර තිබෙන බවත් කී අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙවැනි සාමාන්‍ය ජනතා උද්ඝෝෂණයකට පහරදීමකට අණ දුන්නේ ආරක්‍ෂක ඇමති ගෝඨාභය රාජපක්‍ෂද නැතිනම් පොලීසිය භාර ඇමති සරත් වීරසේකර , ද එසේත් නැතිනම් කවුද යන්න රටට කිව යුතු බව ද පැවසීය.

ඔවුන්ට තනතුරු ලැබී ඇත්තේ දුන්නේ පොදු පුරවැසියන් දකින දකින තැන පහරදෙන්නට නොවේ යැයි ද ජ.වි.පෙ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

 

 

මිරිහානේ විරෝධයට : ත්‍රස්ත හෝ අන්තවාදී ලේබල් එපා - හිටපු අග්‍රාමාත්‍ය

මිරිහාන පැඟිරිවත්තේ වූ සිද්ධිය ජාතිවාදී හෝ ත්‍රස්තවාදී සිද්ධියක් නොවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ (01) මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ අදහස් දැක්වීම පහත දැක්වෙයි.

පීඩාවට පත් ජනතාවගේ ගැටලු වලට විසඳුම් නොතිබුණු නිසා මිරිහාන පැඟිරි වත්තේ දී (31)රාත්‍රී සමාජ පිපිරුමක් ඇති වුණා.එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වුණා.මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමයේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකියි.පීඩාවට පත් ජනතාවගේ ගැටළු විසඳීමට ආණ්ඩුව අසමත් වුණා.එලෙසම විපක්ෂයත් අසාර්ථක වී තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් චෝදනා කරන අතර එසේනම් ඒ සම්බන්ධව සාක්කි සහ තොරතුරු ඉදිරිපත් කර මීට සම්බන්ධ කවුදැයි හෙළි කළ යුතුයි.

මේ සිද්ධියේදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුව තිබෙනවා.මෙි ජාතිවාදී සිද්ධියක් නොවේ.එමෙන්ම මෙය ත්‍රස්තවාදී සිද්ධියක් ද නොවේ.එවැනි ප්‍රකාශ කිරීමෙන් පවතින තත්ත්වය තවත් උග්‍රවිය හැකියි.

ජුබිලි කණුවෙි පැවති උද්ඝෝෂණය සාමකාමී ලෙස පැවැත්වුණා.නමුත් පැඟිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුණා.එය අවාසනාවන්ත සිද්ධියක්.

මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙමින් තිබෙනවා.අප එක කාරණයක් මතක තබා ගත යුතුයි.සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙකුට හානියක් සිදු නොවිය යුතුයි.එමෙන්ම ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි.ජනතාවට සාමකාමීව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා.ජනතාවගේ එම උද්ඝෝෂණ වලට දේශපාලන පක්ෂ සහභාගී නොවිය යුතුයි.එමෙන්ම දේශපාලන පක්ෂ වලට තමන්ගේ රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ද තිබෙනවා.

ප්‍රමාද වුවත් පාර්ලිමේන්තුවටත් දැන් වගකීමක් තිබෙනවා.පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතුයි.එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට අප මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙනවා.අපේ ප්‍රශ්න ප්‍රචණ්ඩ ප්‍රචණ්ඩකාරී නොවන ලෙස සාමකාමීව විසඳා ගන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

දැඩි ජනතා විරෝධය නිසා : ශෂීන්ද්‍ර රාජපක්ෂ උත්සවයට ඇවිත් නෑ !

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද (01) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක් සඳහා අමාත්‍යවරයාගේ සහභාගීත්වය අවලංගු කිරීමේ සිදුවීමක් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අද තිබී ඇත්තේ ඔප්පු බෙදා දීමේ උත්සවයක් වන අතර එය ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව දැනගත් ජනතාව ඊට විරෝධය එල්ළකර ඇත.

ආර්ථික අර්බුධය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබු බවත් වාර්තා වන අතර ඒ අනුව අමාත්‍යවරයා අදාළ උත්සවය සඳහා සහභාගි නොවී සිටීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

බැසිල් පොහොට්ටුව පමණක් කැඳවයි : තීන්දුවක් ගන්නද ?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (01) සවස 6.00 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වූ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මෙම රැස්වීමේදී දැනට රට තුළ මතුව ඇති විරෝධතා රැල්ල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇති බවත් එහි දැක්වෙයි.

බැසිල් ඉවතට !

මේ අතර අද පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් මාධ්‍ය මෙසේද වාර්තා කර ඇත.

මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (31) රජයට හිතවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ද ජනාධිපතිවරයාට දැඩි ඉල්ලීමක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂව සිය ධූරයෙන් ඉවත් කරන ලෙස බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ මෙන්ම ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් යලිත් වතාවක් මුදල් ඇමතිවරයාව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන්.

 

විරෝධය ගැන රැඩිකල් සෙන්ටර් නිවේදනයක් !

විරෝධය ප්‍රබල වන්නේ එය සාමකාමී වුවහොත් පමණක් බව රැඩිකල් මැද සාමූහිකය (රැඩිකල් සෙන්ටර්) අවධාරණය කර සිටියි.

 හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ 'රැඩිකල් මැද සාමූහිකය' එබව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අප්‍රේල් 03 රට පුරා සංවිධානය කිරීමට නියමිත විරෝධතාවයට එක්වන මිනිසුන් වෙත ආයාචනයක් කර මින් එම සාමුහිකය පවසන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකොට පුරවැසි විරෝධය කෙලසන කූට සැලසුම් පරදමු කියාය.

'රැඩිකල් සෙන්ටර්' වෙනුවෙන්, ජයනි අබේසේකර - හරේන්ද්‍රන් ක්‍රිෂ්ණසාමි - කෙෂාල් ජයසිංහ - සී. එස්. කොඩිතුවක්කු - ෆිරෝ ෆාරුක් යන අයගේ අත්සනින් යුතුව අද (අප්‍රේල් 01) නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

 සාමයත් එක්ක විරෝධය සැරයි!

 අප්‍රේල් 03 රට පුරා විරෝධයට එක්වන ඔබේ අවධානයටයි.

කිසිසේත්ම මේ විරෝධතාවය ප්‍රචණ්ඩත්වය කරා රැගෙන නොයාම අපේ වගකීමයි. එවැන්නක් සිදුවුවහොත් ඉන් වාසි ලබන්නේද ජන පීඩක ආණ්ඩුවයි. එමනිසා පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

1. විරෝධතාවයට පැමිණි පසු තමන් අවට සිටින අය සමග කතාබහ කොට ඔවුන් හඳුනාගන්න.

2. පිරිස අතරින් නායකත්වයට කීපදෙනෙක් පත්කරගන්න.

3. කිසිවිටෙකත් ආවේගශීලී නොවන්න. තමන් අසල කෙනෙක් ආවේගශීලීව ක්‍රියාකරන්නට පෙළඹේ නම් ඔහු/ඇය ඉන් වළක්වන්න.

4. කිසිවෙකුගේ දේපොලවලට හානි නොකරන්න. මෙවන් විරෝධතාවයක එවන් ක්‍රියාවන් කරන අය සැබවින්ම විරෝධතා ව්‍යාපාරය පාවාදෙන්නන්‍ ය.

5. ගැටුම් ඇති කරනොගන්න. තමන් ශිෂ්ට පුරවැසියෙක් බවත් ආණ්ඩුව අශිෂ්ටව හැසිරෙන බවත් ආදර්ශයෙන් පෙන්වන්න.

6. සෑම විටම තමන්ගේ අසල්වැසියා ගැන අවධානයෙන් පසුවන්න. සැක කටයුතු බවක් දැනුනොත් නායකත්ව පිරිසට දන්වන්න.

විරෝධය ප්‍රබල වන්නේ එය සාමකාමී වුවහොත් පමණි.

මෙය විරෝධයට සහභාගි වන ඔබේ මිතුරන් අතර ෂෙයාර් කරන්න.

පුරවැසි විරෝධයට ජය!

(රැඩිකල් මැද සාමූහිකය)
2022 අප්‍රේල් 01

ලංකාව : ආහාර උද්ධමනයෙන් දකුණු ආසියාවේ 1 ට !

මාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස වාර්තා වෙයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.

මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.

පෙබරවාරි මාසයේදී මෙරට ආහාර උද්ධමනය 25.7%ක් හා ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 10.1%ක් ලෙස පැවතිණි.

ආහාර උද්දමනය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැන පසුවන අතර ආසියාවේ සිවුවන තැනත් දකුණු ආසියාවේ පලමු තැනත් පසුවෙයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන රට වහන්න - පාඨලී

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසන්නේ විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවය.

"රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට දැන් අඳුරු යුගයක් උදාවෙලා තියෙනවා. දවසේ පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැති රටක අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා.

ඉර මුදුන් වෙලා දැන් ලංකාවට උඩින්. ඒ නිසා අධික උෂ්ණත්වයකට මුහුණ දෙන්න තියෙන වෙලා තියෙනවා විතරක් පමණක් නෙමෙයි. ජල භාවිතාවත් ඒ අනුව වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොටම ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ විදුලිය. නිවාසවල විදුලිය නොමැති වීම නිසා විදුලි පංකා කරකැවෙන්නේ නැහැ. රස්නෙයි, කුඩා දරුවෝ ඉන්න තැන් වල රාත්‍රියට නිදාගන්න විදිහක් නැහැ. මැසි මදුරු උවදුරු වලට ගොදුරු වෙනවා. ගේ එක ම අපායක් වෙලා. කාර්යාල, රජයේ කාර්යාල, පුද්ගලික කාර්යාල කිසිම වැඩක් කෙරෙන්නේ නැති තැන් බවට පත් වෙලා. සේවකයෝ එනවා. ප්‍රධානීන් එනවා. අමාත්‍යාංශ නිලධාරීන් එනවා. වැඩක් කරන් නැතුව හැරිලා යනවා. කර්මාන්තශාලා වැහිලා ගිහිල්ලා. කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳ ස්ථාන සම්පූර්ණයෙන්ම අනාථ භාවයට පත්වෙලා.

විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍රවලට අමතරව ශීතකරණ භාවිතාවෙන් ආහාර හා ඖෂධ කල් තබා ගත්ත ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වෙලා. ආහාරවල ප්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බලගතු ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මේ නිසා ඉහළ ගණයේ සුපිරි වෙළඳසැල් හැරෙන්න, කුඩා පරිමාණයේ වෙළඳසැල් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් අද මේ භයානක ව්‍යසනයට ගොදුරු වෙලා. ඒ වගේම රටේ තිබුණු දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්වයකට පත්වෙලා. විදුලිබල පද්ධතියේ අභියෝගය නිසා.

අප ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් අරගෙන නැහැ. අපි ඉතාම කණගාටුයි කියන්න මවිසින් මාස ගණනකට පෙර මේ අනතුරු ඇඟවීම කළා. සමස්ත විදුලිබල පද්ධතිය ඇද වැටීමේ අනතුර. අද විදුලිබල පද්ධතියේ මේ අර්බුදය පැන නැගිලා තියෙන්නේ තෙල් ලබා නොදීම නිසා ඉන්ධන වලින් දුවන බලාගාර අක්‍රිය වීම නිසා. ඒක ඇතැම් තෙල් ලබාදීමෙන් පස්සේ විසඳාගන්න පුළුවන් කියන හැඟීම මේ ආණ්ඩුවේ ඇතැම් නායකයින්ට තියෙනවා. නමුත් දැන් මේ ආණ්ඩුවේම ක්‍රියාකාරීත්වය හා නියෝග නිසා ලංකා විදුලිබල මණ්ඩලය බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා.

Page 350 of 464