V2025

පුවත්

බැඳුම්කර ණය ගෙවීමට : සියලු ණයවර ලිපි නිකුත්කිරීම නවතන නියෝගයක් !

එළඹෙන ජනවාරි 18 වන දින ආපසු ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ජාත්‍යයන්තර බැඳුම්කර වගකීම් හෙවත් ණය සඳහා ඩොලර් ඉතිරි කර ගැනීම ඉලක්ක කර ගෙන බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම අත් හිටුවන ලෙස මහ බැංකුව විසින් රජයට අයත් වානිජ බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් පවසයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

ඒ අනුව අත්‍යයවශ්‍යය ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරීම නවතා දමන බව එම බැංකුවල අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.මහ බැංකුව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ රන් සංචිත විකුණා දැමීම මගින් උපාය ගත් ඩොලර් මිලියන 206ක මුදලට අමතරව ඉතිරි මුදල සොයා ගැනීමට බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි යනුවෙන් ද අදාළ පුවත පවසයි.

ජනමතවිචාරණවලට ලෑස්ති වෙන්න එපා : ඒවා වානා - මෛත්‍රී ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි !

ජනමත විචාරණයක් මගින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැතිවූ වසර 2 ක කාලය නැවත ලබාගන්නට තමන්ට තරුණයකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවසූ අතර ඊට හැරෙන තැපෑලෙන් විරෝධය දැක්වීමට හිටපු ජනාධිපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර ඇත.

ඒ ඊයේ (09) මාතර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව ට එක්වෙමිනි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ , ජනමතවිචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය,

“රටම අවුල්. මේ ලෝකෙ දෙයක් දන්නේ නැති අය කියනවා.. මැතිනියගේ කාලේ වගේලු දැනුත් කන්න නෑ. පෝලිම් කියලා. මම මැතිනියගේ කාලේ සතොසෙන් බඩු බෙදාහැරිය සැපයීම් නිලධාරියෙක්. මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම පෝලිම්වල කවුරුත් කුණුහරුප කිව්වේ නෑ. තනියෙන් රටක් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ. අවුරුදු 5ක් මම තනියම ආණ්ඩු කරපු කෙනෙක්. මං වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හිටියේ නෑ. ආණ්ඩුවෙත් නෑ. විපක්ෂයෙත් නෑ. එහෙම අගමැති, ඇමති මණ්ඩලයක් නැතුවත් මම අද තියෙන අර්බුදයට රට දැම්මේ නෑ. 2015ටත් වඩා අඩුවෙන් බඩු මිල තිබුණේ අපේ කාලේ. අමාරුවෙන් රුපියල් 2කින් තෙල් මිල වැඩි කළාම, පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. ඒ අතර දන්නවානේ…පොල් බෑය, ලූනු ගෙඩිය පෙන්නලා අහපුවා. දැන් සනීපද.. සැපද.. ඇහුවා. දැන් රටම අසනීපයි. ජනාධිපති ඡන්දයට කලින් ශ්‍රීලනිපය ගැන පුදුම වටිනාකමක් තිබ්බේ. පොදු ජන පෙරමුණේ ඉහළම නායකයෝ මාව කීසැරයක් හමුවුණා ද?. වන් ටූ ත්‍රී තුන්දෙනා වෙනවෙනම මාව හමුවුණා. ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකල් ඉටු කරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. ජනාධිපති ඡන්දයක් ළඟදි එන්නේ නෑ. ජාතික මැතිවරණයකට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. සමහරු කියනවා ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා කල් දිග් කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්.”

චීන විදෙස් ඇමතිගෙන් ජනාධිපති ගෝඨාභය ඉල්ලපු දේවල් මෙන්න !

චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ජනාධිපති මන්දිරයේ දී සිදුවූ හමුවේදී ඉල්ලීම් කිහිපයක් සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබෙන ආකාරයට , චීන සංචාරකයන් මෙරටට එවීමට අදාලවත්, චීනයෙන් ගෙන තිබෙන ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කර දෙන ලෙසත්, චීනයෙන් භාණ්ඩ ආනයනයේ දී වෙළද ණය ක‍්‍රමයක් සකස් කර දෙන ලෙසත්,ජනාධිපතිවරයා චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීම් සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය කුමක් වී දැයි සදහන් කර නොතිබුණද, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නුදුරු දිනයක දීම චීනයේ සංචාරයකට පැමිණෙන ලෙස ආරාධන කර තිබෙන බවද එම ෆේස් බුක් සටහනේ සදහන්ව තිබේ.

බැසිල්ගේ ගෝලයන් IMF යාමේ සටනට බහියි !

මේ වන විට ආණ්ඩුව IMF ප්‍රතිකේෂ්ප කිරීමේ මතය වෙනස් කරමින් සිටින බවක් පෙන්නුම් කරයි.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ සමීපතම මැති ඇමතිවරුන් යොදවා මූල්‍ය අර්බුදයට සහනයක් ගන්න IMF යාමේ වැදගත්කම මතුකරවන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ඒ සමග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාද පසුගියදා ජනහමුවක් අමතමින් IMF යාම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇත.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව පවසන අමාත්‍යවරයා ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු ව ඇති බවය.

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.

ජනතාව පෝලිම්වල රස්තියාදු වීම සිදු නොවිය යුතු දෙයක් බව ද පවසන ඔහු එවන් දේ දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බවද කියා සිටී.

රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

බස්නාහිර හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය  අභාවප්ප්‍රාප්ත වී තිබේ.

අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 60 කි.

කොවිඩ් ආසාදිතව ඔහු දින 20 ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පවසා සිටී.

කිත්සිරි කහටපිටිය = සමගි ජන බලවේගය පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.

ඖෂධ හිඟයක් නෑලු : ගබඩා කරගන්න එපාලු !

රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි .

රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

විවිධ පුද්ගලයන් ගෙන යන කටකතා නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වේ යැයි ජනතාව තුළ බියක් හටගෙන ඇති බවත් අවශ්‍ය තරම් ඖෂධ පවතින හෙයින් ජනතාව ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ප්‍රකාශ කළේය.

අවශ්‍ය තරම් ඖෂධ ලබා දෙන බවට ඉන්දියාව සහ චීන රජයන් සහතික වී ඇති බවද ඔහු පැවසුවේය.

ඖෂධ හිඟයක් ඇති වේ යැයි යන බියෙන් සමහරුන් මාස හය හතකට කාලයකට ඖෂධ නිවෙස්වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ඖෂධ කෘතිමව හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් චන්න ජයසුමන  කීවේය.

මෙයට අමතරව විවිධ උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කළ යුතු ඖෂධ නිවෙස්වල දීර්ඝ කාලයක් හිතුමතේ ගබඩා කිරීමෙන් ඒවායේ ගුණාත්මක තත්වය හීනවී විවිධ ගැටලු මතුවිය හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

lankadeepa

ලයිට් කැපිල්ලේ හේතුව මේකද ?

විදේශ විනිමය අර්බුදය මත ගල් අඟුරු විදුලි බලාගාර පවත්වාගෙන යාමද ගැටළුකාරී වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු සඳහන් කරන්නේ ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවුවද ඒ සඳහා කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් නොවන බව ද ඔහු පැවසීය.

මේ තත්ත්වය මත නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදනයට යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙමින් ඇත.

ආනයනය කළ ගල් අඟුරු තොග දැනට ඇතත් නුදුරේදීම එම බලාගරයේද විදුලි උත්පාදනය අර්බුදයකට ලක්විය හැක.

මෙරට විදුලි ඉල්ලුමෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිපදවීමේ හැකියාම නොරොච්චෝල බලාගාරයට ඇත.

ගෝඨාභය ණය ගත්තේ නෑ කියන්නේ බොරුවක් : පාඨලීගෙන් අනාවරණයක් !

මගේ කාලය තුළ මේ රට එක ඩොලරයක්වත් ණය වී නෑ යනුවෙන් ජනපති ගෝඨාභය පැවසුවත් එය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රතිකේෂ්ප කරයි.

ඒක බොරුවක්….!

ගෝඨාභය ජනාධිපති ඩොලර් බිලියන 5.18 ක් ණය අරන් තිබෙනවා යැයි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි.

තමාගේ ධූර කාලය තුළ මේ දක්වා සතයක් හෝ විදේශ ණය රැුගෙන නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පසුගිය දා ප‍්‍රකාශ කළේ ය.

වාර්ෂිකව ඩොලර් බිලියන 6.3 ක විදේශ රට අප ගෙවිය යුතුව ඇති බවත්, ඒ සියල්ල පසුගිය රජයන් ලබාගත් විදේශ ණය සදහා ගෙවිය යුතුණ ණය වාරික සහ පොලිය බවත් ජනාධිපතිවරයා පවසා තිබුණි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට අභියෝග කරමින්, සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසන්නේ, වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඇමරිකානු ඩොලර් බිලියන 5.18 ක ණය ප‍්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.

ආණ්ඩුව විවේචනය කරන ඇමතිලා දොට්ට !

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වන බව දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත එම ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා සිදුකළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීම බවයි.

ආණ්ඩුවේ විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීමට මැති ඇමතිවරුන්ට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

එවන් තත්ත්වයක් මත ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ හොත් ඔවුන්ගේ තනතුරු ද ඉදිරියේ දී අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

මුදල් අච්චු ගැසීම අත්හිටුවයි - මහ බැංකුව

මුදල් නෝට්ටු අච්චු ගැසීම තවදුරටත් සිදු නොකිරීමට මහ බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මුදල් අච්චු ගැසීම වෙනුවට වෙළඳපොලෙන් අවශ්‍ය මුදල් රැස් කර ගැනීමටයි තීරණය කර තිබෙන බවද සදහන් වෙයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව රුපියල් ට්‍රිලියන 1.3 ක් අලුතින් මුද්‍රණය කර ඇති අතර, බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නේ උද්ධමනය මෙතරම් ඉහළ යාමට හේතුව පාලනයකින් තොරව දිගින් දිගටම මුදල් අච්චු ගැසීම බවයි.

ඉදිරි මාසය තුළදී බැංකු පොළී අනුපාත ඉහළ යාමට නියමිත බවද මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

රජය පසුගියදා ප්‍රකාශයට පත්කළ සහන පැකේජය සඳහා රුපියල් බිලියන 230 ක් අවශ්‍ය වන අතර ඉන් කොටසක් දේශීය මුදල් වෙළඳපොලෙන් සපයා ගැනීමට ද  තීරණය කර ඇත.

කොවිඩ් මරණ 15,119ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,119කි.

ඉදිරියේදී පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් - ලංවිම

දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා  එම තීරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා එය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත.

පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් ඒසේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා තිබූ බවද වාර්තාවේ දැක්වෙයි.

පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමයි.

‘අපිට ඒක නවත්වන්න බැහැ.දැන් රටේ වෙන්නේ ඒකයි.ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා.ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ” යයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.

ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති අතර, ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණි.

ජනවාරි (10) සිට , එනම් හෙට සිට දෛනික විදුලි කප්පාදුවක් අනුමැතිය ලබාදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසයි.

ඒ අනුව දිනකට පැයක් හෝ පැය දෙකක කාලසීමාවක් සඳහා විදුලිය කප්පාදුවකට අනුමැතිය හිමිව තිබේ.

මෙම තත්ත්වය කොහෙත්ම ආණ්ඩුවට පාලනය කළ නොහැකි අතර විදෙස් සංචිත හිඟයේ සෘජු බලපෑම මීට හේතුව බව විචාරකයන් පවසයි.

ආර්ථිකය අර්බුදයට පත්වූයේ ගෝලීය වසංගතය හේතුවෙන් බව ආණ්ඩුව සඳහන් කළත් වෙනත් කිසිදු රටක් කොරෝනා හේතුවෙන් විදුලිය කප්පාදුවකට යොමුව ඇති බව වාර්තා නොවන බවත් දේශපාලන විචාරකයන් පවසයි.

කොරෝනා නිසා ජනාධිපතිට නැතිවූ වසර දෙක වෙනුවෙන් ජනමතවිචාරණයක් ?

කොරෝනා වෛරසය පැතිර යාම නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ වසර දෙකක කාලය යළි ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි තමනට මහනුවර ප්‍රදේශයේ දී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

තමන් දළදා මාලිගාව වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයා එසේ පැවසූ බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ලොකුම ජොගින් ට්‍රැක් එක අද විවෘත කරයි!

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී  සමග අද (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව අද දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.

දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.

අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බව ව්‍යාපෘති භාර සංවර්ධකයින් සඳහන් කර සිටී.

පෝට් සිටි හි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් දැනටමත් යෝට් යාත්‍රාවන්, ATV (All-Terrain Vehicle) වැලි කඳු ත්‍රාසජනක සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය සහ තවත් බොහෝ පහසුකම් සහිත ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය මහජනතාව ගේ විනෝදාස්වාදය සඳහා එක් කර ඇත.

24c8d241a5342cd8b9977f9c44bcc3e4

mawrata

ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ චන්ද්‍රිකා ළඟ : දෙදරීම අත ළඟද ?

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවට එක්ව සිට ඇත.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , රාජ්‍ය අමාත්‍යවරයකු වන විදුර වික්‍රමනායක මෙන්ම පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපාද මෙම අවස්ථාවට එක්ව සිටීමය.

එසේම චන්දිම වීරක්කොඩි , කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ අලුත් සන්ධානයක් සම්බන්ධයෙන් පෙරමග ලකුණක් විය හැකි බවයි.

එසේම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දීප ව්‍යාප්ත ලෙස පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු දියත්කර ඇති බවත් ඊට පෙර පැවතියාට වඩා පාක්ෂික සහභාගීත්වයක් පෙන්නුම් කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වැඩිවූ පාක්ෂිකයින් පොදුජන පෙරමුණ ආණ්ඩුව සම්බන්ධයෙන් කළකිරුණු පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් විය හැකි බවයි.

271659820 486636386158023 7752628806910116221 n

බැසිල්ගේ සහන මල්ලට ගම්මන්පිල විදියි !

මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඒ සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් ය.

රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු එහිදී පවසා ඇත.

එසේම අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනය මුහුණ දෙමින් සිටින බවත් එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

ගෝඨාභයගේ කාබනික පොහොර විශ්වාසයත් හමුදාවට !

කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.

සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

  • lankadeepa

ශ්‍රීලනිප -පොහොට්ටු දීගය අවසන් : මෛත්‍රීගෙන් ආණ්ඩුවට අඛණ්ඩව ප්‍රහාර !

මෙරට දේශපාලනයේ සතුටින්ම සිටින දේශපාලඥයා තමන් බවත් තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.

එහිදී වර්තමාන දේශපාලනය ගැන කළකිරීමකින් සිටින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා… ” මම කවදාවත් කළකිරෙන මිනිහෙක් නෙවෙයි. අවුරුදු 54ක් වෙනවා මගේ දේශපානය. මේ රටේ දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා තමයි මම. නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක් නේ මම.” යැයි පැවසීය.

ඔටුන්නේ කතාව !

මේ අතර නාරම්මල පැවති පක්ෂයේ වැඩමුළුවක් අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ , ඔටුන්න වටින්නේ රටවැසියෝ ඔටුන්න පිළිගත්තොත් පමණක් බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහා සිරකරුවන් ඝාතනය වීමට පටන් ගත් බවත්, නඩු එකින් එක විසිවී බොහෝ පිරිසක් නිදහස් වූ බවත් සඳහන් කරමින් ඔහු වත්මන් ආණ්ඩුවට තවත් බරපතළ චෝදනාවක් එල්ල කළේය.

මේ කටයුතු නිසා රටට ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බවද ඔහු එහිදී පැවසීය.

පොහොට්ටු ශ්‍රීලනිප දීගය ඉවරයි !

මේ අතර ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් එළඹෙන කැබිනට් සංශෝධනයේදී ශ්‍රිලනිප ඇමතිවරුන් ඉවත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයින් සාකච්ඡා කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

මෙම කැබිනට් සංශෝධනය එළඹෙන 10 වනදා සිදුවෙතැයි ආරංචි පැතිර ඇති අතර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දැනට ආණ්ඩුව සමග හවුල්කාර ශ්‍රීලනිපට අයත් ඇමතිවරුන් සියල්ල නෙරපනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර දෙකක් හා රාජ්‍ය ඇමති ධූර දෙකක් ශ්‍රීලනිපයට අයත්වන අතර ශ්‍රිලනිපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 14 කි.

ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර කැබිනට් ඇමතිවරු ලෙසත් ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමතිවරු ලෙසත් ආණ්ඩුව නියෝජනය කරති.

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව කලෙක සිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන්ද දැඩිලෙස විවේචනය කිරීමට පටන්ගත් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අවස්ථා කිහිපයදී ආණ්ඩුව විවේචනය කිරීම සිදු කරනු ලැබීය. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රිලනිප සියලු දෙනා මේ වනවිටත් රජය දැඩි ලෙස විවේචනය කරමින් සිටින පසුබිමක ඔවුන් ඇමතිධූර වලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා පළවේ.

Page 384 of 464