''සාහිත්‍ය කන්ඩ ද...?'' කියූ පසු...

''සාහිත්‍ය කන්ඩ ද...?'' කියූ පසු...

මේ ටියුෂන් ගුරුවරයාට අවශ්‍ය වන්නේ මාර්ටින් වික්‍රමසිංහ කිසිම කමකට නැති මහා ගත්කරුවෙක් කියන්න සහ නොවටිනා වූ වැඩක් කරපු මනුස්සයෙක් කියලා තම ශිෂ්‍යයින්ට කියලා දෙන්න නම් එසේ කියලා දීමට ඔහුට අයිතියක් තියෙනවා.

මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කරුවෙක් නෙමෙයි හෝ ඔහුගේ සාහිත්‍ය අතිශයෝක්තියට නැගීමක් කියන තීසීසය තහවුරු කිරීමට ශිෂ්‍යයින්ට ඉගැන්වීම කියන්නේ ඉතා වැදගත් අධ්‍යාපනයක්. නමුත් මේ ගුරුවරයාගේ ප්‍රශ්නය ඒක නෙමෙයි.ඉගැන්වීමේ ප්‍රධානම ඉලක්කයක් ශිෂ්‍යයා බුද්ධිමත් කිරීමනම් මේ ගුරුවරයා කරන්නේ ශිෂ්‍යයින් මෝඩයින් බවට පත් කිරීමයි.

''අර ගම්පෙරලිය ලියපු මෝඩයා... මොකාද උගේ නම...? මාර්ටින් වික්‍රමසිංහ. උඹල ආස ද උගේ පොත් කියවන්න, ආසා නෑ, මම ආසත් නෑ. අච්චු පොතේ හරි ඉස්කෝලේ ගුරා හරි කියනවා මහා ගත්කරු කියලා ...එතකොට උඹලා ඒක විශ්වාස කරලා විභාගෙට ලියනවා හෙළේ මහා ගත්කරු කියලා.''martin wickramasinghe

විවේචනය කළ යුත්තේ කවුද, කුමක් ද...?

මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කරුවෙකු වන්නේ හෝ නොවන්නේ මේ කිසිම විදිහකින් නෙමෙයි. මේ විදිහට මාර්ටින් වික්‍රමසිංහ ගත්කරුවකු වෙනවනම් මේ පුද්ගලයා විවේචනය කළ යුත්තේ වික්‍රමසිංහව නෙමෙයි ඒ මෝඩ ක්‍රමවේදය යි. නමුත් ඊට වඩා ඔහු කියලා දෙන්නේ මේක ගත්කරුවා ගේ ප්‍රශ්නයක් විදිහට යි. සැළලිහිණිය සහ වික්‍රමසිංහ යන දෙදෙනාම ගැන කිසිම අදහසක් නැති මොහු සහ ඔහු ගේ ශිෂ්‍යයින් යන දෙගොල්ලට ම වික්‍රමසිංහ ගේ පොත් කියවන්න හිතෙන්නේ නැතිවීම මාර්ටින් වික්‍රමසිංහගේ ප්‍රශ්නයක්වත් ඒ ගත්කරුවාව මැනීමට ගත හැකියි කෝදුවක්වත් නෙමෙයි. මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කරුවෙකු වන්නේ ඔහුගේ කෘති සාහිත්‍යයටත් අපේ ජීවිතයටත් කර ඇති අධික බලපෑම නිසයි. වික්‍රමසිංහ ගේ සීමාවන් ද හඳුනා ගනිමින්, එය තහවුරු කරන සාර්ථක අධ්‍යයන පර්යේෂණ ඕනෑ තරම් කෙරිලා තියෙනවා.

භයානක ම අධ්‍යාපනය

ටියුෂන් ගුරුවරයාගේ කතාවේ අනිත් පරස්පරය තමයි එහෙම කවුරු හෝ පාසල් ගුරුවරයෙක් කියන නිසා විශ්වාස කරන්න එපා නම් මේ පුද්ගලයා කියන එකත් ඒ විදියටම විශ්වාස නොකළ යුතුයි. ඔහු විසින් විවේචනය කරන පාසල් ගුරුවරයාට වඩා මොහුට ඇති සාහිත්‍ය පිළිබඳව විශේෂ සුදුසුකමක් හෝ අයිතියක් අපට පෙනෙන්න නැහැ. මොහුට තම ශිෂ්‍යයින්ට කියා දීමට අසමත් දේ නම් යමක් විශ්වාස කරන්නේ හෝ නොකරන්නේ කවර තාර්කයක සහ බුද්ධිමය පදනමක ඉඳලද කියන එකයි. ඔහු විසින් අපහාසයට උපහාසයට කොන් කිරීමට ලක් කිරීම නිසාත්, අසාර්ථක පාසල් අධ්‍යාපනය නිසාත් සාහිත්‍යය පිළිබඳ ඔවුන්ගේ රසඥතා මට්ටම නිසාත් වික්‍රමසිංහගේ සාහිත්‍යය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු උගන්වනවා. මෙතන තියෙන භයානකම අධ්‍යාපනය ඒකයි.

615818155 10163316533504279 8566413363417952201 n

ශිෂ්‍යයින්ට කියා දිය යුතුව තිබුණේ මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍යය කිසිම විශේෂත්වයක් නැති බව හොයා ගැනීම සඳහා පරීක්ෂාවට ලක් කළ යුතු බුද්ධිමත් තාර්කික ක්‍රමවේදය යි. සාමාන්‍යයෙන් කෙනෙකුට යමක් බැහැර කිරීමට හෝ විවේචනය කිරීමට අපහාස කොන් කිරීම් සහ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වන්නේ එම බුද්ධිමත් ශිෂ්ට සම්පන්න ක්‍රමවේදය හරියට දන්නේ නැති නිසයි.

මේ කාලයේ මයික් එකක් වේදිකාවක් හෝ මොකක් හෝ මාධ්‍යයක් අතට ලැබුනට පසු ලැබෙන බලයෙන් පොර ගතියක් එක්කල එන උද්ධච්චකම ප්‍රචණ්ඩත්වය සහ අපහාසයෙන් අදහස් ප්‍රකාශ කරන්න ඇඟට එන මොකක්ද එක එක්රා විදියක පෞර්ෂ ප්‍රශ්නයක්. මේ ඒකේ නරකම අන්තයකට ගිය අවස්ථාවක්. ඒ වගේම ටියුෂන් දේශනවල විනාශයට හොඳම සංකේතයක්.

 

Dhananjaya Karunarathne

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න