මෛත්‍රිය, කරුණාව, අධ්‍යාත්මිකත්වය යනාදි සියලු අංගවලින් ලංකාවේ බුද්ධාගම කෙළවරකට ම ගොස් තිබිය දී පවා මෙරට ව්‍යාපාරිකයෝ රටේ පවතින දුප්පත්කම මෙතරම් ඉවසන්නේ කෙසේ දැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විමසයි.
ඔහු මෙලෙස විමසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රටක් ලෙස අපි හැකි ඉක්මනින් ම මිනිසකුට ශීලාචාර ලෙස මනුෂ්‍යයකු විය හැකි ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත යුතු බව ද දීප්ති මෙහි දී සිහිපත් කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ ව්‍යාපාරිකයෝ යනු ලෝකයේ වැඩිම මිල සහිත වාහනය මිලදී ගෙන එය ජනතාවට ප්‍රදර්ශනය කරන අය බවයි.
රටේ ජනතාවට මග පෙන්වන්නේ ඒබඳු පුද්ගලයන් දැයි විපුල එම සාකච්ඡාවේ දී විමසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

