Image

දීපචෙල්වන් ගේ පොත් තහනම් කිරීම පැහැදිලිව ම ජාතිවාදී ක්‍රියාවකි - පුබුදු ජයගොඩ

දීපචෙල්වන් ගේ පොත් තහනම් කිරීම පැහැදිලිව ම ජාතිවාදී ක්‍රියාවකි - පුබුදු ජයගොඩ

දීපචෙල්වන්ගේ කෘති හතරක් රේගුව විසින් රඳවා ගැනීමේ ප්‍රශ්නය අවසන් වී නැත. පොත් දෙකක් නිදහස් කර ඇතිමුත් තවදුරටත් පොත් දෙකක් අත්අඩංගුවේ ඇත.
මේ සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යංශය කරන පැහැදිලි කිරීම් කිහිපයක් ඇත.



පළමුවැන්න මෙහි කිසිම ජාතිවාදයක් නැති අතර අහඹු ලෙස ඇතැම් භාණ්ඩ රඳවා ගැනීම රේගුවේ සාමාන්‍ය පිළිවෙතක් බවය. නමුත් මේ වනවිට රඳවාගෙන ඇති පොත් මේවාය.


1. දීපවෙල්වන් ලියූ ‘எழுத்தால் நான் யுத்தம் செய்கிறேன்’ අකුරු වලින් මම යුද්ධ කරමි.

2. දීපවෙල්වන් ලියූ 'இப்போதும் இங்கே இரண்டு தேசங்கள்தான்’ දැනුත්, මෙහි දේශයන් දෙකකි.

3. ශෝබා ශක්ති විසින් ලියන ලද ‘1990 லைடன் தீவு மண்டைதீவு படுகொலைகளும் புதைகுழிகளும்’ 1990 ලෛඩන් තීවු මණ්ඩෛතීවු සමුහ ඝාතන සහ මිනීවලවල්

4.ඩිලුක්ෂන් මෝගන්ගේ ‘படுபட்சி’ පඩුපට්චි

5.රයාකරන්ගේ‘அரசியல் அநாதைகள்’ දේශපාලන අනාථයෝ

6.මදිවන්නන්ගේ ‘நெரிந்து’ නෙරින්දු

මේ සියල්ලම තමිල් පොත් වන අතර අහඹු ලෙස නතර කිරීමේ දී සිංහල සහ ඉංග්‍රීසි පොත් එකක්වත් නැතිව තමිල් පොත් පමණක් නතර කිරීම ජාතිවාදී නොවේද? මේ පොත් රඳවාගෙන ඇත්තේ ඒවා සම්බන්ධව පැමිණිලි ලැබී තිබීම නිසා ද නොවන අතර ඒවා රේගුවේ තීරණ වේ.

අනෙක් තර්කය වනුයේ මෙම පොත්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවය. එම චෝදනාව තහවුරු කිරීමට මේ පොත් වල නිශ්චිත කොටස් උපුටා දැක්වීමක් ද සිදුකර නැත. ඒවා යම් වගකීමක් සහිතව කියවා නැති බව ද පෙනේ. මේ මොහොතේ අවධානයට ලක්ව ඇති දීපචෙල්වන් ගේ පොත් දෙකෙහි ඇත්තේ ඔහු විසින් ලියන ලද තීරු ලිපි එකතුවක් සහ ඔහු මාධ්‍යවලට ලබාදුන් සම්මුඛ සාකච්ඡා එකතුවකි. ඒවා කාලයක සිට පුවත්පත්වල පළවූ ඒවාය. ඒවා පුවත්පත් සඟරාවල පළවීමේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවීමත්, පොත් ලෙස පළවීමේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමත් තේරුම් ගන්නේ කෙසේද?

තුන්වන තර්කය වන්නේ එම එක පොතක පිටකවරයේ ඊලාම් සිතියමක් තිබීම නීතිවිරෝධී බවයි. මීට පෙරද එම සිතියම පිටකවරයට යෙදූ සිංහල, තමිල් සහ ඉංග්‍රීසි පොත් පිටවී ඇති අතර ඒවාට නීතියෙන් ප්‍රශ්නයක් ඇතිවූයේ නැත. පහත ඇත්තේ එවැනි එක නිදසුනකි.

රට බෙදන.jpg


දීපචෙල්වන් ගේ සහ අනෙකුත් කතුවරුන්ගේ පොත් මෙලෙස තහනම් කිරීම පැහැදිලිවම ජාතිවාදී ක්‍රියාවකි. එය පරාජය කළ යුතුය.

පුබුදු ජයගොඩ

 

Pubudu Jayagoda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න