සිංගප්පූරුව බඳු රටක කිසියම් විෂයයක් සඳහා උපදේශකවරයෙක් පත් කළ විට අදාළ ක්‍රියාවලිය සාර්ථක වන්නේ බඳවා ගන්නා උපදේශකවරයාට නිශ්චිත ව්‍යාපාතියක් පවතින බැවින් වුව ද ලංකාවේ කිසියම් ක්ෂේත්‍රයක් සඳහා උපදේශකවරයෙක් පත්කරන විට එම පුද්ගලයාට ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘතියක් නොමැති බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
හර්ෂ ද සිල්වා මේ වන විට ගමන් කරමින් සිටින්නේ විශ්‍රාම ගන්නා මාවතට නොව රජකම ලබාගත හැකි මාවතට යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මැතිවරණයක් ආසන්න වන විට පාලක පක්ෂය, විරුද්ධ පක්ෂය මෙන් ම තුන්වන බලවේගය යැයි හඳුන්වන පක්ෂය හෝ කණ්ඩායම: විවිධ රටවල වෙසෙන විවිධ පුද්ගලයේ ද කැඳවාගෙන විවිධාකාරයේ සමුළු සම්මන්ත්‍රණාදිය පවත්වන්නේ යැයි පුද්ගලයෝ එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
