යෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මේ අදහස් පළ කළේ කොල්ලුපිටිය අමාරි හෝටල් ශ්‍රවණාගාරයේ ඊයේ (9) පැවැති, ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ "අධිකරණයේ ස්වාධිපත්‍යය බිඳ දමන දේශපාලන කූට මෙහෙයුම් පරදවමු" නමැති විද්වත් සමුළුවට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස්...
මෙය ආණ්ඩුවේ පටු අරමුණු ඉටු කර ගැනීමක්
''මේ සංශෝධනය හේතුවෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කරන්නට ආණ්ඩුව සූදානම් වෙනවා. මෙම යෝජිත සංශෝධන කිරීමට රජය සමත් වේ නම් එය අතිශෝක්තියකින් තොරව කිය යුතු වන්නේ චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය හා ආයතන සියල්ලක්ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වෙන බවයි.
නීතීඥ සංගමය මෙම සංශෝධනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන අතර නීතීඥවරුන්, විනිසුරුවන් සහ සිවිල් සමාජය මෙම සංශෝධනය ඉල්ලා සිටියේ නැහැ. මෙය පටු ආත්මාර්ථකාවීම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා වර්තාමාන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ සංශෝධනය කිරීමට සූදානම් වෙනවා.
අධිකරණ සේවා වෘත්තිකයින් දැඩි කලකිරීමක
එක් රටවලට ආවේණිකව විසදුම් ලෙස සමහර රටවල විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස වෙනස් වන අතර එම රටවල සියලුම විනිසුරුවරුන් එක ලෙස සැලකීම සිදුකරනවා. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තිදෙනකු මේ වසරේ විශ්‍රාම ගියා. මේ සංශෝධන ලබන මාසයේ පැමිණියහොත් මේ වසරේ මේ දක්වා විශ්‍රාම ගිය විනිසුරුවන්ට මෙම සංශෝධනය අදාළ වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට සමස්ත අධිකරණ පද්ධතියේ සේවයේ නියුතු අනෙකුත් විනිසුරුවරුන්ගේ උසස්වීම් අවස්ථා සම්පූර්ණයෙන්ම ඇහිරී යාමේ බරපතළ අවදානමක් මතුව පවතිනවා. මේ හේතුවෙන් සමස්ත අධිකරණ සේවා වෘත්තිකයින් දැඩි කලකිරීමකට පත්ව සිටිනවා.
වෘත්තීය අභිලාෂයට මරු පහරක්
මෙම නව තීරණය ක්‍රියාත්මක වුවහොත් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සිය ගණනක් වූ විනිසුරුවරුන්ගේ වෘත්තීය අනාගතයට දැඩි බලපෑම් එල්ල වෙනවා. මෙරට මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ සෑම අධිකරණයකම සේවය කරන විනිසුරුවරුන්ගෙන් බහුතරයක් වසර 26කට අධික කාලයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නීති අධ්‍යාපනය ලබා පැමිණි අය. වසර 25, 30 සහ 35 වැනි දීර්ඝ කාලසීමාවක් අඛණ්ඩව අධිකරණ සේවයේ නියුතු විනිසුරුවරුන් ගේ එකම බලාපොරොත්තුව සහ අපේක්ෂාව වන්නේ තමන් තෝරාගත් වෘත්තිය තුළ ඉහළටම යෑම. මහේස්ත්‍රාත් උසාවියේ සිට දිසා අධිකරණයටත්, එතැනින් මහාධිකරණය, අභියාචනාධිකරණය සහ අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාත් උසස්වීම් ලැබීම මානුෂීය ස්වභාවය මෙන්ම වෘත්තීය අභිලාෂය ද වෙනවා.
සමස්ත අධිකරණ සේවයම අඩපණ වීමේ ලකුණු
අධිකරණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ වෘත්තිකයින්ට වෙනත් විකල්ප ඔස්සේ විශාල මුදලක් ඉපයීමට අවස්ථාව තිබියදීත්, ඔවුන් ස්වේච්ඡාවෙන් ම විනිසුරුවරුන් ලෙස සේවය කිරීමට තීරණය කරන්නේ වෘත්තීය ගරුත්වය සහ සේවා තෘප්තිය වෙනුවෙන්. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් පහළ අධිකරණවල සිටින විනිසුරුවරුන්ට තමන් බලාපොරොත්තු වූ තනතුරුවලට ළඟා වීමට පෙරම, අනපේක්ෂිත ලෙසත් අකාලයේත් විශ්‍රාම යෑමට සිදුවීමත්, එමගින් ඔවුන් සිටි තනතුරුවල ම දිගට ම රැඳී සිටීමට සිදුවනවා. මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් සමස්ත අධිකරණ සේවයම අඩපණ වීමේ සහ විනිසුරුවරුන් වෘත්තීයමය වශයෙන් දැඩි අසාධාරණයකට ලක්වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බැවින්, මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු යි.''
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් පවතිනවා - මෛත්‍රී ගුණරත්න
නිදහස් නීතීඥවරුන්ගේ සංගමයේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ අද මේ ආණ්ඩුවට අවශශ වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරගැනීම වන අතර අද තියෙන තත්ත්වයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටක් පවතින බව ය.
සාමාන්‍යයෙන් මෙම පුරප්පාඩු පුරවන්නේ අභියාචනාධිකරණයෙන් තුනක්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් එකක් හෝ නැතිහොත් නිතීඥවරුන් අතර ඉන්නා අයකු එම ස්ථානයට පත්කරන බව යි. මෑත කාලයේදී සිදුව ඇත්තේ අභියාචානාධිකරණයෙන් පත්කර ගැනීම යැයි ද මෛත්‍රී ගුණරත්න පැවසී ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසීම සඳහා එක් බෙන්ච් එකකට අනිවාර්යෙන් විනිසරුවරුන් තුනක් සිටිය යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට සීමිත උසාවි ප්‍රමාණයක් තබා ගත හැකි අතර මේවන විට විනිශ්චකාරවරුන් හතරදෙනකු අඩුවී ඇති බව ද ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පැවසී ය.''
එහිදී නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් ද අදහස් දැක්වූයේ ය.
එම අවස්ථාවට හිටපු මැති ඇමැතිවරුන් සහ විපක්ෂයේ දේශපාලන සංවිධානවල නායකයින් රැසක් සහභාගි වූහ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
