ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගැසට් කර ඇති බවත්, දිවි හිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල රාමුවක් තුළ එම සංශෝධනය පරාජය කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරනකරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (10) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මෙය විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් වැඩි කිරීමට සීමා වුණු සංශෝධනයක් නොවන අතර ඊට වඩා ඔබ්බට ගොස්: මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය, අප සියලු දෙනා චිරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතනවලට සෘජුවම පහරක් එල්ල කරන සංශෝධනයක් යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.

මෙම සාකච්ඡාව සදහා: එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, එක්සත් ජන රජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශන ගුරුගේ සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග ද සහභාගි වූහ.
මතු පළ වන්නේ මෙම පිරස එම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් අන්තර්ගත වියමන ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව ද මේ සමග අමුණා ඇත. IMF_Report.pdf










newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
