බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක 16 හැවිරිදි ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 57.42 කට රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එය ශ්‍රී ලංකාව මෙතෙක් එම ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දිනා ගත් පළමු රන් පදක්කම ලෙස අචින්ත පෙරේදා (23) රාත්‍රීයේදී වාර්තා කළ එම ජයග්‍රාහණය සටහන් විය.
මීට පෙර වසර 2009 දී (සිංගප්පූරුවේදී ) හා 2013 ( චීනයේදී) පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දෙකකදී ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇත්තේ රිදී හා ලෝකඩ පදක්කම් නවයක් පමණි.පෙරේදා බහරේනයේදී අචින්ත රන් පදක්කම දිනා ගනිමින් වාර්තා කළ තරග නිමි කාලය ඉසව්වේ ඔහුගේ මෙතෙක් හොදම කාලය ලෙසත් වාර්තා පොතට එක් විය.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ සිසුවෙකු වන අචින්තගේ පෙරේදා බහරේන් ජයග්‍රාහණය මෙතෙක් මෙම ක්‍රීඩා උළෙලේදී මීටර 1500 (බාලක) ඉසව්වේ ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ හොදම කාලය ලෙසත් එය වාර්තා පොතට එක් විය.
යේමනයේ වලීඩ් එලයාහ් වසර 2009 සිංගප්පූරුවේදී පැවැති පළමු යොවුන් ක්‍රීඩා උළෙලේදී විනාඩි 4 තත්පර 00.91 කට මෙතෙක් ඉසව්වේ වාර්තා කර තිබූ හොදම කාලය එහිදී අභිබවා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩක අචින්ත සමත්වීමත් එහිදී කැපී පෙණුනි.
බහරේන් ක්‍රීඩා උළෙලට සහභාගි වන විට ඔහු ඉසව්වෙන් එතෙක් හොදම කාලය ලෙස වාර්තා කර තිබුණේ විනාඩි 3 තත්පර 59.24 ක දක්ෂතාවයකි.ධාවනයේ ආරම්භයේ පටන් පෙරමුණ ගනිමින් දිනුම් කණුවට ළගාවූ අචින්තට තියුණු තරගයක් දීමට උත්සහ ගත් චීනයේ ලියූ ෂා විනාඩි 3 තත්පර 58.73 කට ඉසව්වේ රිදී පදක්කමත් හා හොංකොං ක්‍රීඩක චූන් හෝ ආයූ විනාඩි 4 තත්පර 05.09 කට ලෝකඩ පදක්කමත් එහිදී හිමි කර ගත්හ.
මේ අතර පෙරේදා ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී මීටර1500 (බාලිකා) ඉසව්වෙන්ද තවත් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් විය.එය දිනා ගත්තේ පුත්තලම ශාන්ත ඇන්ඩෲ බාලිකා විදුහලේ 16 හැවිරිදි ශිෂ්‍යාාවක් වන නෙත්මී සන්දීපා ගිම්හානී විනාඩි 4 තත්පර 52.32 ක කාලයකිනි.එහි රන් පදක්කම විනාඩි 4 තත්පර 51.20 කට දිනා ගත්තේ උස්බෙකිස්තාන ක්‍රීඩිකා නස්මීනා රක්හිම් ජොනෝවා විසිනි.

දිනා ගත් රන් පදක්කම හා ලෝකඩ පදක්කමත් සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 11 වැනි ස්ථානයට ඊයේ (24) දිනය නිමාවේ පත්ව තිබුණි.චීනය රන් පදක්කම් 10 ක් දිනා ඊයේ දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය.
ලබන බ්‍රහස්පතින්දා (31) දක්වා පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 13 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව සහභාගි කර සිටියි.
(නාමල් පතිරගේ - kelimandala)

